part 5

4K 650 44
                                    

උදේ නැගිට්ට ජන්කුක් තමන්ගේ වැඩ සේරම කරගෙන පහලට ඇවිත් කෑමත් කාලා අයේ උඩ තට්ටුවට ආවේ අර කාමරේට යන්න...

එදා පීටර් එක්ක ඒ කාමරේට ගියායින් පස්සෙ මේ යන පලවෙනි පාර...

හිමිට දොර ඇරපු ජන්කුක් මේ පාර ඒ දොර වැහුවේ ගිය පාර වගේ ඒ දොර නිකන්ම හුලගට වැහෙයි කියලා හිතලායි...

තමන් එක්ක ගෙනාපු කොස්සත් සුද්ද කරන බඩු ටිකත් පැත්තකින් තියපු ජන්කුක් මුලින්ම කරේ ජනේල් ඇරලා කලුවර කාමරේ එලිය කරපු එක....

ඊට පස්සේ එයා කාමරෙ සුද්ද කරන වැඩේ පටන් ගත්තා....

හැමදේම ලස්සනට සුද්ද කරපු ජන්කුක්

" අහ් දැන් මේ තියෙන්නෙ අලුතින් ගත්තා වගේ...හරි අපි දැන් අර පෙට්ටගම පැත්තට යමුකො"

ජන්කුක් ට ඒ පෙට්ටගම ඇතුලේ තිබ්බ පින්තූරේ ගැන තිබ්බෙ ලොකු කුතුහලයක් .....

හීමිට ඒ පෙට්ටගම ලගට ගිය ජන්කුක් ඒක ඇරලා පින්තූරේ හොයන්න ගත්තා...එත් එයා පුදුම උනේ ඒක එතන තිබ්බෙ නැති හින්දා...

" ඒක කොහිද ? එදා මං මේකටම නේ දැම්මෙ.. පීටර් වත් කොහි හරි දැම්මාද...එත් එයා මේ කාමරෙට ආවෙ නැහැ නේ..."

තවත් එකෙ ඇතුලටම හොයපු ජන්කුක් ට මුකුත්ම හම්බුනේ නැහැ...

තවත් කාමරේ ඉදලා වැඩක් නැහැ කියලා හිතපු ජන්කුක් ලැස්තී උනේ එලියට යන්න....

එත් එයාගෙ ඇහැ ඉබේම ගියේ කණ්ණාඩි මෙසේ තිබ්බ ලාච්චුවට....

ලගට ගියපු ජන්කුක් ඒ ලාච්චුව ඇරියාම මුනේ ඉබේම හිනාවක් ආවෙ එයා හොයපු ඒ පින්තූරේ එකේ ඇතුලේ තිබුන නිසා...

එදා වගේම දුවිලි තිබ්බ ඒ පින්තූරේන් පෙන්න තිබ්බෙ ඇස් දෙක විතරයි...

පින්තූරේ අතට ගන්න ගමන් නිකමට ඉස්සරහ කන්නාඩිය දිහා බලපු ජන්කුක් ගේ හුස්ම හිර උනේ ඒකෙ පෙන්න තිබ්බ දේ දැකලා...

පින්තූරේ අතට ගන්න ගමන් නිකමට ඉස්සරහ කන්නාඩිය දිහා බලපු ජන්කුක් ගේ හුස්ම හිර උනේ ඒකෙ පෙන්න තිබ්බ දේ දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Ghost lover (Completed ✅....)Where stories live. Discover now