BLIND LOVE ❤️ [ Completed ]

By JinNu97

20.3K 4.8K 1.5K

- වේදනාවක් නැතුව ආදරේ හැගීම ලබන්න ඕනේනම් ආදරේ කරන්න ,.... ඒ තමන්ටත් ආදරේ කරන කෙනෙක්ට ... 🥀- ------Alpha Tae... More

1st Chapter 🐺
2nd Chapter 🐺
3rd Chapter 🐺
4th Chapter 🐺
5th Chapter 🐺
6th Chapter 🐺
7th Chapter 🐺
8th Chapter 🐺
9th Chapter 🐺
10th Chapter 🐺
11th Chapter 🐺
12th Chapter 🐺
13th Chapter 🐺
Author Note ⚠️️
15th Chapter 🐺
Final Chapter 🐺

14th Chapter 🐺

1K 267 114
By JinNu97


Tae Pov...

" ජිමින් මට ටිකක් කතා කරන්න ඕනේ.. "

ඔලුවේ හිර වෙලා තියෙන ප්‍රශ්න ගණනාවක් එක්ක දවස් ගානක් හැලහැප්පිලා බැරිම තැන මං ජිමින් එක්ක මේ ගැන ටිකක් කතා කරන්න හිතා ගත්තා.. ගෙදර මේ ගැන නිදහසේ කතා කරන්න අමාරු නිසා මං ජිමින් එක්ක හොටෙල් එකට ගිය වෙලාවේ ජිමින්ව ටිකක් අල්ල ගත්තේ මේ වගේ තැනක මේ යකා පිස්සෙක් වගේ හැසිරෙන් නෑ කියලා දන්න හින්දා.... ජීහූ ගැන වගේම යුන්හී ගැනත් මට තිබ්බේ ලොකු කුතුහලයක් .. ජීහූගේ වෙනස් වීම ගැන නොහිතුවත් යුන්හීගේ හැසිරීම ජිමින් ආවට පස්සේ හුගක් වෙනස් වුන එක මගේ හිතට ලොකු බරක්.. ඒ වගේම මං ශියා එක්ක ඉද්දී වුනත් එයා හැසිරුනේ අමුතු විදිහට.. ඒ ඇයි කියලා මට දැනගන්න පුලුවන් එකම කෙනා ජිමින් විතරයි.... ඒ හින්දා මේ ගැන අද කොහොම හරි විසද ගන්නවා කියලා හිතන් දෙන්නත් එක්කම හොටෙල් එකේ VIP waiting Area එකේ කොනකට ගිහින් ඉද ගත්තා...

" කියපන් මොකෝ සීන් එක.. උඹ ටික දවසක ඉදන් බඩ වේලලා වගේ දගලනවා මට තේරුණා.."

" 😑 උබේ ඔය කුණු කට පොඩ්ඩක් වහන් මේක අහපන්.. ජීහූට මොකද අපි කරන්නේ ?.. ඒ දරුවා හැම වෙලේම මෙහෙම හැසිරුනොත් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් ජිමිනා... "

" උඹට නොකීවට මාත් ඕක හිතුවා.. මගේ බෙහෙත් එයාට දරා ගන්න අමාරුයි... ඔම්මා ඒකේ ඩොස් එක අඩු කරලා බෙහෙත හදන්න උත්සහා කරනවා.. ඒත් එහෙම වුනොත් ඒකෙන් වැඩක් වෙයිද කියන එක තවම ශුවර් කරන්න බැහෑ...එහෙම වුනොත් අපිට එයාට බ්ලඩ් දෙන්න වෙනවා.."

" human blood ? "

" නැහෑ සත්තුන්ගේ..."

" ඒත් අපි කොහොමද ඒක කරන්නේ ?"

" ටිකක් අමාරුයි තමයි.. මොකද අපි හැම සතෙක්ගෙම blood ගන්නෙත් නෑ.. අපිට ඕනේ පිරිසිදු ලේ... ඒක ගොඩක් අමාරුයි.. "

" හරක් ? ඌරෝ ?. කුකුල්ලූ හරියන් නැත්ද ? "

" නැහෑ.. මොකද ඒ සත්තු අපිරිසිදුයි.. මස් නම් ඉතින් කන්න පුලුවන් 🙂 ..ඒක වෙනම කතාවක්.. ඒත් එයාලගේ ලේ පිරිසිදු නැහෑ... ඒවා නරින්ට අවුලක් නැති වුනාට අපිට එහෙම බැහෑ... 😌 "

" අරා.. අරා... මෙලෝ වැඩක් නැති වුනාට උබලගේ හෙන ඔලුව කියලා... "

" ඔය ඉරිසියාවනේ.. තියෙන්නේ. 🙂 "

" හරි හරි දැන් අපි මොන ලේද මේකට ගන්නේ ?"

" අපිට ඕනේ කැලේ ඉන්න සත්තුන්ගේ ලේ... "

" ම්ම්. එහෙනම් අපිට දඩයම් කාරන්ගෙන් තමයි ගන්න වෙන්නේ..."

" 🙂🙂🙂🙂 "

" මොකද උබ ඔහොම බලන්නේ ? 🤨...."

" 🙂🙂🙂🙂🙂 "

" නෑ ඒක කීයටවත් කරන්න බැහෑ...😑 මං කොහොමද යකෝ පැක් එකෙන් උදව් ගන්නේ ?.. උබේ නම කිව්වත් අපේ අප්පාගේ ඇගේ මාලු නටනවා.. "

" වහ් චින්චා ?.. ඒකනම් බලන්න වටිනවා.. වෘකයෝ මාලුත් අල්ලනවද බන් දැන් ? "

" ජිමින් 😑😑😑 "

" අරස්සෝ අරස්සෝ 😂.... එහෙනම් එක විදිහයි තියෙන්නේ.. "

" මොකද්ද ? "

" ඔම්මාගෙන් උදව් ගන්න එක..."

" ඔම්මට පුලුවන් වෙයිද ?.. එයා ලගත් blood pack නැහෑ.. එයා එදාත් ජීහූට ඒවා දුන්නේ හදිස්සියක් වෙයි කියලා කලින්ම තියා ගත්ත ඒවා වගයක්... "

" අපි ඔම්මා එක්ක කතා කරලා බලමු.. එයාට කරන්න බැරි දෙයක් නෑ.. අනික ඔම්මා පැක් එකේ හිටිය ලූනා කියන එක උබට අමතකද ටේ ?.. අප්පාට එයා කියන එක අහන්න වෙනවා.. "

" බලමූ...ශින් රා අපිට දාලා ගියාට පස්සේ ඉදන් ඔම්මා කැමති නෑ මේ ප්‍රශ්න වලට පැක් එකෙන් උදව් ගන්න.. "

මං ජිමින් එක්ක ජීහූගේ ප්‍රශ්නෙට කරන්න පුලුවන් හොදම දේ කොහොම හරි කතා කරලා විසද ගත්තා... හරියට මගේ හිතේ බර භාගයක් අඩු වුනා වගේ ... ඒ වගේම හිතට පුදුම නිදහසක් දැනුනා.. මොකද ජීහූ කියන්නේ මගෙත් වගකීම.. එයාව ජිමින්ට භාර දෙනකම් මං මේ හැමදේම බලා ගන්න ඕනේ... ඒත් ජිමින්ට ජීහූ ගැන අදහසක් නැති තරම්.. එක්කෝ එයා ඒක පෙන්වන් නෑ... ඒ ජිමින්ගේ හැටි... එයා එයාගේ හිතේ තියෙන හැගීම් පිටට පෙන්වන් නෑ.... ඒක වැම්පයර්ලගේ විදිහ...මට ඒ දේවල් පුරුදුයි.. ඒත් යුන්හී ඒක තේරුම් ගනීද ?

" ජිමිනා.. යුන්හී මේ ගැන මොකද හිතන්නේ ? "

" ම්ම් එයානම් තරහෙන් ඉන්නේ.. එයා හිතන්නේ අපි දෙන්නටම ජීහූ ගැන ගානක් නෑ කියලා... ඒත් ඒක එහෙම නෙවේ.. මං ඊයේ රෑත් හිටියේ ජීහූ ලග.... උබ මාත් එක්ක කතා කරලා ගියාට පස්සේ මං ජීහූ ලගට ගියා .... මොකද මං වැම්පයර් කෙනෙක් වුනාට පස්සේ මට නින්ද කියන එක අවශ්‍ය නැති තරම්.. ඉතින් රෑට මං ඉන්නෙම ජීහු ලග.. උබට දැන් මගුල් විසේ නිසා කෙල්ල ලග නෑනේ..."

" 😑 මට ජිහූව පහුගිය ටිකේ වැඩත් එක්ක මග ඇරුණා තමයි.. යුන්හී ඒක වෙන්න ඇති මාත් එක්ක තරහා..."

ඇත්ත .මට ශියාත් එක්ක ජිහුව ටිකක් මගෙන් ඈත් වුනා.. ඒක මං හිතලා නොකලත් මගේ අතින් ඒ දේ අතපසු වුන නිසා මගේ හිතට ටිකක් හරි මදි... ඒත් යුන්හී ඒ නිසානම් මාත් එක්ක තරහින් ඉන්නේ ඇයි එයා මං ශියා එක්ක ඉද්දී අමුතු විදිහට හැසිරෙන්නේ ...

" අනී.. එයා ඉන්නේ මං එක්ක තරහෙන්..."

" ඇයි උබ එක්ක ? "

" එයාට ඕනේ මට punished  කරන්න... 😄 මං එයාගෙන් ඈත් වෙලා හිටියට..."

" සොල්මා... උබ යුන්හීගේ හිත කියෙව්වද ? "

" දේ... මට එයාගේ හිත කියවන්නම ඕනේ නැහෑ .. මට එයාව දැනෙනවා.. යුන්හී මාව එක පාරක් ඈත් කලත් එයාට ඊට වඩා සියදහස් වතාවක් මාව ඕනේ.. ඒත් එයා ඒක පෙන්වන් නැහෑ... ගෑනුනේ... පුදුම ලොකු කමක් තියෙන්නේ 🙂 "

" එහෙමද.. එහෙනම් ඇයි යුන්හී..."

මට කියන්න ඕනේ වුනේ යුන්හී මට කැමති කිව්ව එක.. ඒත් ඒක කියන එක හරිද කියලා හිතුන නිසා මං මගේ කටට ආව වචන ගිල ගත්තා...

" මං දන්නවා උබ අහන ගිය එක. මේ අහපන් ටේ... මං දන් නෑ මං නැති කාලේ උබලා දෙන්නා අතර මොනවගේ සම්බන්ධයක් තිබ්බද කියලා.... මං නැහැයි කියලා හිතුන නිසා යුන්හීගේ හිතේ උබට කැමැත්තක් ඇති වෙන්න ඇති.. ඒත් මං ආව නිසා දැන් එයා එයාටම හිතෙන් බැන ගන්නවා උබ ගැන එහෙම හිතුවට...දැන් ඕවගෙන වැඩක් නැහෑ.. ඔය දේවල් අමතක කරපන්.. අලුතෙන් ජීවිතේ පටන් ගනින්.. ශියා අහිංසක කෙල්ලෙක්.. අනික උබලා දෙන්න හොදට මැචින් ....😌 "

" ඒක උබ කිව්වත් නැතත් මං දන්නවා..🤨 "

" ඔම්මෝ මේ කුක්කොන්ට හොස්ස ලගින් කෝදුරුවෙක්ටවත් යන්න බෑනේ තදේ 🙂.. ඒ උබට අර්ශස්ද ? කෝ පෙන්නපන්.."

" ජිමින් 😑 මිනිස්සු බලනවා මිනිහෝ..."

ජිමින් පුටුවෙන් නැගිටලා ඇවිත් මගේ පස්ස අත ගගා විකාරයක් කරන්න ගත්ත නිසා වටේ පිටේ හිටිය මිනිස්සු හිනා වෙවී අපේ දිහා බලන්න ගත්තා...ඇත්තටම මුගේ ලැජ්ජ නහරෙත් පුස් බැදිලද කොහෙද .....බැරිම තැන ජිමින්ව මං අතින් තල්ලු කරලා එතනින් එන්න නැගිට්ටා...

" මං යනවා.. උබ යුන්හීගේ ඔෆිස් එකට යනවා නේද ? "

" දේ..🙂 "

" ම්ම්... අහ් තව දෙයක්.. "

මං යන්න ගිහින් ආයෙත් පස්ස හැරිලා ජිමින් දිහා බැලුවේ බැරෑරූම් මූණක් හදන්...

" ජේකේ උබ ගැන ඇහැ ගහන් ඇත්තේ.. ඒ නිසා පරිස්සම් වෙයන්..."

" බය වෙන්න එපා කොම්ල්ලෝ... දන්නෝනේ.. 😌 "

" විහිලු නෙවෙයි ජිමින්.. ජේකේ කියන්නේ Black Wolf කෙනෙක් . එයාලගේ ශක්තිය එක්ක මටවත් හැප්පෙන්න අමාරුයි.."

"හරි ඌ තනි.. අපි දෙන්නෙක් 💪🙂 "

" මං යනවා... "

ජිමින් එක්ක තව කතා කලොත් මට බොරුවට කේන්ති ගන්න වෙන නිසා කතාව එතනි නතර කරලා මං ආවා...
.
.
.
.
.
.
.
.
.
.
.

කාලය ගෙවිලා ගියේ හරි හිමින්.. මගේ හිත මගෙන්ම නිතරම ප්‍රශ්න කරන්න ගත්තා.. ඒ ශිය ගැන.. අවුරුදු ගානක් මං පිස්සුවෙන් වගේ ආදරේ කරලා හරියට ගගට ඉණි කැපුවා වගේ ඒ ආදරේ මගේ ඇස් ඉස්සරහාම මට අහිමි වෙද්දී මට ආයෙත් ආදරේ කරන්න බය හිතුනා....ශියාව දකින වාරයක් ගානේ මගේ හැගීම මට පාලනේ කර ගන්න බැරි නිසා පුලුවන් හැම වෙලේම මං ශියාගෙන් ඈත් වෙන්න උත්සහා කලා... ඒත් කවදා වෙනකම් එහෙම ඉන්නද... ශියා කියන්නේ මට අයිති දෙයක්.. හරියට පොඩි දරුවෙක් එයා පාවිච්චි නොකර සෙල්ලම් බඩුවක් වුනත් වෙන කෙනෙක්ට දෙන්න අකමැති වගේ..

මොන දේ වුනත් මේ දේ ඉවර වෙන්න ඕනේ එකම තැන්කින්.. ඒ ශියා මගේ වෙලා.. ඒ නිසාම පුලුවන් තරම් හිත හයිය කරන් මේ ගැන ශියා එක්ක කෙලින්ම කතා කරන්න මං හිතා ගත්තා....

" ( මේ කෙල්ල බෑ කියයිද ? 😑 බෑ කිව්වත් මොකද මං කරන්නේ මට ඕනේ දේ.. ).. "

Pov End...

ටේ හිතේ දෙගිඩියාවෙන්ම හිමින් හිමින් ශියාගේ රුම් එක පැත්තට ගියේ කට්ටියම නිදා ගන්න යනකම් බලන් ඉදලා. ශියාත් නිදිද කියලා හිත යටින් සැකයක් තිබ්බත් ඇහැරවලා හරි කතාකරනවා කියලයි ටේ ශියාගේ රුම් එකට ගියේ...

" ශියා.... ඔයා නිදිද ? "

ටේ කිව්වේ දෙපාරක් විතර ශියාගේ රූම් එකට දොඅරට knock කරලා...

" අනී ස...අම් ටේශී.. එන්න..."

ශියා යන්තමින් වගේ මුමුණද්දී ටේ ඒ ලද අවසෙන් රූම් එකට ගියා.. කෙල්ල හිටියේ නිදා ගන්න යන්න ලෑස්ති වෙලා.ටේ රූම් එක වටේම ඇස් යවලා වටයක් කැරකිලා ශේප් එකේ ගිහින් ශියා ලගින් හිට ගත්තා...

" නිදා ගන්නද ලෑස්ති වුනේ? "

" ම්ම්ම්.."

" ( අහ්හ් 😩 කට ඇරලා වචනයක් කතා කරන්නැති මේ කෙල්ල එක්ක මං කොහොමද මේක කතා කරන්නේ ? )"

ටේ හිතින් හිතුවේ ටේ ලගට ආව ගමන් ලැජ්ජාවෙන් බිම බලන් බිම ටයිල් එක පහුරු ගහන ශියා දිහා බලන්..

" මට දෙයක් කතා කරන්න ඕනේ..."

" කියන්න..."

ශියා බිම බලගෙනම කියද්දී ටේට කේන්ති යන්න ආවත් කොල්ලා යටි තොලත් හපන් කේන්තිය පාලනේ කරන්ම ගිහින් ශියාගේ බෙඩ් එකෙන් වාඩි වුනා...

ටේ බෙඩ් එකෙන් වාඩි වුන ගමන් මෙච්චර වෙලා ලැජ්ජාවෙන් බිම බලන් හිටිය කෙල්ල ඇස් දෙකත් ටීක් බෝල කරන් එක පාරට ටේ දිහ බෑලුවේ මේ මොකද කියලා අහන්න වගේ...ශියා බය වෙලා බැලුව පාර ටේට හිනා ගියත් ආයේ යන්තමින් බොරු කැස්සක් අරන් උගුරත් පාදලා තමන් ලගින් වාඩි වෙන්න කියලා ටේ බෙඩ් එකට අතින් තට්ටුවක් දාලා කිව්වා...

" වාඩි වෙනවා මෙතනින් මං කන්නෑ තමුසෙව..."

ටේ කතා කලත් ශියා ආවේ නැති නිසා කොල්ලා බැරිම තැන ටිකක් සැරෙන් කිව්වා.. ටේගේ කටට බයටම ඊට පස්සේ ශියා ටිකක් එහාට වෙන්න ටේ ලගින් වාඩි වෙලා බිම බලාගෙන අතේ ඇගිලි අඹරන්න ගත්තා....

" මං මේ ආවේ දෙයක් අහන්න.."

" කි...යන්..න ...."

" ඔක්කොටම කලින් කියනවා තමුසේ ඇයි මට ඔච්චර බය ? 🤨 දැන් කී දවසක් කිව්වද ? අහ්..."

" අනී.."

" අනී අනී තමා... මේ බලනවා... "

ටේ කිව්වේ කෙල්ල පටල පටල ඉන්න එයාගේ අතකින් ඇදලා තමන්ගේ පැත්තට හරව ගන්න ගමන්...

" 😳 "

" අද මට හරි උත්තරයක් දෙනවා.. තමුසේ මට කැමතිද ? නැත්ද ?...අකමැතිනම් ඇයි අකමැති ?.. කැමතිනම් ඇයි කැමති කියලත් කියනවා...."

" 😳😳😳 "

" 😑 ඔය ...ආයෙත් මොකද්ද හිර වෙලා වගේ මගේ දිහා බලන් ඉන් නැතුව කියනවා... "

ටේ කොච්චර ඇහුවත් ශියා කලේ ටේ දිහා බලන් හිටිය එක විතරයි.. බැරිම තැන ටේ ශියාගේ අත ගසලා දාලා අහක බලාගන්න හැදුව ගමන් දැක්ක දේ එක්ක ටේගේ හිතට පොඩි වෙදානාවක් දැනුනා...

" ඇයි දැන් අඩන්නේ ?"

ටේ ඇහුවේ හුගක් නිවුන කටහඩකින්...ටේගේ සැරකිරිල්ලට ශියාගේ ඇස් වලට  කදුලු පිරුණේ ඉබේටමයි.. ඒ කදුලු ශියාට ටේට පෙන්වන්න ඕනේ නැති වුනත් ටේ ඒ වෙනකොටත් ඒක දැකලා ඉවරයි... ටේ ඒ ගැන අහනවත් එක්කම ශියා අහක බලන් හිමීට කදුලු පිහදැම්මා.. ඒත් ඒ එක්කම ටේ ශියාව ඇදලා අරන් එයාගේ පපුවට තුරුල් කර ගත්තේ කෙල්ලට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකරයි....

" මං දන්නවා ඔයාට මගෙන් ඈත් වෙන්න බැහෑ කියලා ශියා..."

ටේ ශියාගේ කෙස් අතර තමන්ගේ දිගු ඇගිලි තාලෙකට අරගෙන යන ගමන් කියද්දී ශියා එයාගේ මූණම ටේගේ පපුව අස්සේ හන්ග ගත්තා....

" ඇයි හැම වෙලේම සැරෙන් කතා කරන්නේ...අඩුම ගානේ ආදරෙයි කියන එකවත් ආදරෙන් අහන්න බැරිද ?"

ශියා ටේගේ පපුව අස්සෙම මූණ හන්ගන් කියද්දී ටේගේ කට කොණකට පොඩි හිනාවක් ආවා....

" එහෙම තමයි මං ... ආදරේම තමයි මාව නපුරු කලේ.. මේ විදිහ හොදයි.. එතකොට දුකක් නැහෑ..."

" ඉතින් මං ඔයාට දුකක් දුන්නද ?"

" ඔම්මෝ ඔම්මෝ.මෙන්න මෙයාගේ කටට පණ ඇවිත්... "

ටේ ඇහුවේ එයාගේ පපුවේ ඔලුව තියන් ඇගිල්ලකින් තමන්ගේ පපුවේ රටා අදින කෙල්ලව තමන්ගේ ඉස්සරහට ගන්න ගමන්...ඒත් ඒ එක්කම දැක්කා ටේ ශියාගේ ඇස් වල පාට වෙනස් වෙනවා... ඒ කියන්නේ ශියාගේ වෘකයා ටේ ලගදි ශියාව පාලනේ කරනවා කියන එක ටේට තේරුණා..

" මං දන්නවා දැන් ඔය කතා කරන්නේ ඔයා නෙවේ කියලා.. ඒත් ශියා ඔයා ඔයාමයි.. ඔයා මගේ ලගදි මට බය වෙන්නේ මේ හේතුව නිසානම් අද ඉදන් ඒ බය නැති කර ගන්න... මං ඔයාට ආදරෙයි... ඔව්.. මං ආදරෙයි ශියා... "

ටේ කිව්වේ ශියාගේ ඇස් දෙක දිහා බලාගෙනමයි... ටේගේ පාපොච්චරණයත් එක්කම ශියාගේ ඇස් ආයේ තිබුණ විදිහටම එද්දී ඒ ඇස් වලින් ආයෙත් කදුලු බිංදුවක් ඇස් අගින් කම්මුල දිගේ ගලාගෙන ගියා...

" කියන්න.. මට කැමතිද ?"

ටේ ඇහුවේ ශියාව අල්ලන් හිටිය අත්වලින් ශියාගේ කම්මුල් සිනිදු මල් පෙත්තක් අල්ලනවා වගේ අල්ල ගන්න ගමන්....

"ම්ම්ම් දේ.. මං .... ටේශී.....ට... කැමති..."

ශියා කිව්වේ යන්තම් වචන ගැටගහා ගන්න ගමන්....ටේට තේරුණා ඒ ඉන්නේ ශියාමයි කියලා..මොකද්ද ටිකකට කලින් ශියාගේ මූණේ ඇදිලා තිබ්බ හිනාව වෙනුවට ආයෙත් කෙල්ලගේ මූණේ බය ඇදිලා තිබුණා...

" ශියා මට කියන්න ඔයා ඒක කිව්වේ හදවතින්මද ?.... අහන්න.. මං ඔයාගේ මේට් නිසාවත් මට බය නිසාවත් ඔයා එහෙම කියන්න ඕනේ නැහෑ.. හොදට හිතලා කියන්න...."

ටේගේ කටහඩේ තිබ්බේ සතුටක් වුනත් එයාට තිබ්බේ ශියාගේ වචනේ ගැන බයක්.. මොකද බලෙන් කෙනෙක්ගේ ආදරයක් ගන්න බැරි බව අනිත් හැමෝටමත් වඩා ටේ ඒ ගැන දැනගෙන හිටිය නිසා....

" අනී.. මං කැමතියි... මගේ මේට් නිසාවත් ඔයා මගේ සර් නිසාවත් නෙවේ.. මං ඔයාට කැමති.. ටේශී... 😢 ඒත් මට බයයි යුන්හීශී ..."

" ෂ්ෂ්ෂ්ෂ්ෂ් .... වෙන මුකුත් කියන්න එපා... මුකුත්ම.. "

ටේ ශියාගේ තොල් වලට ඇගිල්ලක් තියලා කෙල්ල කියන්න යන එක වැලැක්වුවේ ශියා කියන්න යන දේ ටේ දන්න නිසයි....

" යුන්හී ඔයාට මුකුත් කරන් නෑ ... කරන්නත් බෑ.. අනික ඔයා හිතනවා වගේ දෙයක් නැහෑ.. ඒ හැමදේම ඔයාට තේරෙයි.. ම්ම්... "

ටේ හරි පරිස්සමෙන් ශියාගේ කම්මුලක් ඇගිල්ලකින් පිරිමදින ගමන් කියද්දී ශියා ඒ දේ තේරුණා කියන්න ඔලුව වැනුවා...

" දැන් හැමදේම හරි... අදින් පස්සේ ඔයා නිකන්ම නිකන් මයේ මේට් නෙවේ... මේ ඇල්ෆගේ හිතේ ඉන්න එකම කෙනා, ඒ වගේම ආදරේ කරන එකම කෙනාත් ඔයා විතරක් වෙයි... "

ටේ ශියාගේ ඇස් වගේම පිළිවෙලින් නලල , නහය , කම්මුල් පුංචි උණුසුම් හාදුවලින් තෙත් කලේ මෙච්චර කල් හිතේ කැකෑරී තිබ්බ වෙදනාවල් එකින් එක මේ ආදරෙත් එක්ක සදහටම අමතක කරලා දාන ගමන්...ටේ හරි පරිස්සමෙන් තමන්ගේ තොල් ශියාගේ මූණ පුරා අරන් යද්දී ශියා තමන්ගේ ඇස් පියන් ඒ සෙනෙහස වින්දේ ජීවිතේ පළවෙනි පාරට තමන්ට ලං වුන , තමට ආදරේ කරන මේ දරදඩු පිරිමියාගේ ආදාරේට ලෝබ කමින්...


ශියාගේ මුලු මූණම හාදු වලින් තෙත් කල ටේ ටිකකට ඒ හැගීමෙන් මිදිලා ශියාගේ ඇස් දිහා බලන් හිටියේ එතනි එහාට ශියාගෙන් අවසර ඉල්ලන වගේ.. ටේගේ මේ පරිස්සම් ආදරේට ශියාගේ අහිංසක හිත හරි අහිංසක විදිහට වශී වුනා.... පුංචි හිනාවක් කෙල්ලගේ තොල් අතර ඇදෙද්දී එහෙන්මම ශියා ඇස් පියා ගත්තේ ටේට අවසර දෙන ගමන්...

රගික හැගීමකින් තොරව හරි පරිස්සමට ශියාගේ තොල් තමන්ගේ තොල් වලින් අල්ල ගත්ත ටේ ශියාගේ පළවෙනි හාදුවේ අයිතිය තමන් සතු කර ගත්තේ හිතේ ඇති වුන පුංචිම පුංචි ආඩම්බරෙත් එක්කමයි... හරි හිමින් තාලෙකට ඒ රෝස තොල් තෙත් කල ටේ තොල් වලින් ඈත් වෙලා ශියාගේ නළලට පුංචි හාදුවක් තියලා ආයෙත් තමගේ උණුසුම් පපුවට තද කර ගත්තා...

" මං මගේ හැගීම් පාලනේ කර ගන්නේ ලං වුන පළවෙනි දවසෙම එතනින් එහා දෙයක් කරන එක හරි මදි නිසා ... ඒතකම් මට ආදරේ විතරක් දෙන්න.. ඔයාගේ හිතේ මට තියෙන බය අඩු වුනහම මං ඔයාව මගේම කර ගන්නම්.. මාර්ක් කරන එක ගැන දන්නවා නේද ?"

ටේ හිමීට ගැඹුරු කටහඩින් මුමුණද්දී ශියා නැහෑ කියන්න ඔලුව හෙලෙව්වා....

" ම්ම්.... පස්සේ කියන්නම්.. නැත්නම් ඔයා තව බය වෙයි... හැබැයි එදාට මං මීට වඩා දරුණු විදිහට හැසිරෙයි හොදේ..."..

ටේ හිනා වෙවීම කියද්දී ශියා යන්තමින් ටේගේ පපුවට ගහලා ලැජ්ජාවෙන් මූණ හන්ග ගත්තා...

" අද දවසම මාව මෙහෙම තියා ගන්නද ඕනේ ?"

කොච්චර හිටියත් ශියා ටේගේ පපුවෙන් ඇත් වුන් නැති නිසාම ටේ බැරිම තැන කිව්වේ යන්තම් හද එළියෙන් පෙනුන බිත්තියේ ඔරලෝසුවෙන් පාන්දර 1ටත් කිට්ටු වෙලා තියෙනවා දැක්ක නිසයි... ටේ කියලා ඉවර වෙනවත් එක්කම ශියා ටක්ගාලා ටේගෙන් ඇත් වෙලා බිම බලන් ලැජ්ජාවෙන් හිනා වෙන්න ගත්තා....

" නිදා ගන්න .. හෙට මාත් එක්ක ගමනක් යන්... "

ශියාගේ මූණට වැටිලා තිබ්බ දිග කෙස් රොදක් කණ පිටිපස්සේ රදවලා , ඔලුවට හාදුවකුත් දීලා ටේ ශියාට නිදාගන්න ඉඩ දීලා රූම් එකෙන් එළියට ආවා..රූම් එකෙන් එළියට ආවත් කොල්ලට එතනින් යන්න අදහසක් තිබ්බේ නැති නිසාම ආයෙත් දොරට හේත්තු වෙලා පපුවට අතක් තියන් ඇස් පියා ගත්තා...

Tae Pov ....

කවදාවත් නැති සැනසීමක් හිතට දැනෙනවා.. මේකටද  ආදරේ කියන්නේ ?.. ඒ හැගීම හිතට මෙහෙමද දැනෙන්නේ ?... මේ හැගීමට මං කැමතියි... මේ ආදරේනම්.. මට තේරෙනවා දැන් මං ජීවත් වෙනවා කියලා.. මෙච්චර කල් යුන්හී වෙනුවෙන් තිබ්බ මගේ ඒකපාර්ශ්වික ආදරේ දුකක් විතරක් කියලා මට තේරුණේ ශියාට ආදරේ කරන්න ගත්ත දවසේ ඉදන්... දැන් මට ඕනේ මගේ අන්තිම හුස්ම  වැටෙනකනුත් මේ හැගීම එක්ක ජීවත් වෙන්න.... ආයෙත් මගේ ආදරේ නැති කර ගන්න මට බැහෑ...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


( මේ කවර් එක සමාදි නංගිගෙන් 😭💜️ තැන්ක් යූ බබා )


( ළමයි මේ වීඩියෝ එකත් බලන්න .🙂 මේක මයේ අපාය සහයක මිතුරාගෙන්... තෑක්ස් පිකා 😪💜️ Masha_uwjk97 එයාගේ කතාව කිය කිය වද දිදි හදන ඒවානේ මේ...😌)

___________________________________________

අන්න්‍යොන්ග් චින්ගුලා 🤫❤️



කතාව ගැන කියන්න.. හොදද ? කතාව ඉවරවෙන්න ළගයි ළමයි 🙂

Vote,Comments කරන හැමෝටම ගොඩක් Thank You 😘


Borahae 💜️

Continue Reading

You'll Also Like

2.2K 453 56
If Jimin Fall in love with her !!!😐😌💙 [Complete story] 🐼 ජිමින් අපි ඩිවෝස් වෙමු... ඔයා එයා ලඟට ගිහින් සතුටින් ඉන්න මැණික..😭💔 #2 - breakup #2...
78.5K 15.8K 30
නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22
2.3K 529 10
සමාව කියන්නේ වචනයක්ම විතරයි සමාව කියන වචනෙට කවදාවත් බෑ බිදුන හදවතක් හරිගස්සවන්න.. සමාව ඉල්ලන්න ලේසි ඇති..ඒත් ඒක දෙන්න අමාරුයි..! Covered by Yun_MinJi...
84.3K 20.4K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥