" ආ.....ශ්..... ශිට් මගේ වොලට් එක උස්සනකම් මම දන්නේ නෑ.මොන ලැජ්ජාවක්ද ඒ "
" මම කිව්වා ගෙදර එමු කියල ඊයෙ.ඇහුවෙ නෑනෙ "
" දැන් ඉතින් වුන දේ උනා.සෝජු මගේ කාඩ්ස් ඔක්කොම කැන්සල් කරල දාන්න.බෑන්ක් එකට ඉන්ෆෝම් කරන්න"
" අරස්සෝ.සර් අපිට පොලීසියට මේ ගැන කියන්න වෙනවා. "
" අනී "
" වේ ? "
" අ....අහ්...ම...මම කවුද ? මම සොක්ජින්.මගේ වොලට් එක උස්සපු කෙල්ලව මම ම අල්ලගන්නම් "
" එහෙමද නැත්නම් පොලීසියට ගිහින් මේක කියන්න ලැජ්ජයිද ? කොහොමද පහුවදා මුලු සෝල් සිටි එකම මේක දැනගත්තොත් ? මහා ව්‍යාපාරික සොක්ජින්ගේ මුදල් පසුම්බිය කෙල්ලෙක් විසින් සොරා ගෙන ඇත "
සෝජු අත් දෙක දිගෑරලා වැඩිපුරත් එක්ක රඟපාලා කියපු විදිහටනම් මට පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් දැනුනා.
" පරක්කු වෙනවා "
ලැජ්ජාව නිසාම මම ටිකක් වචන බර කරලා එහෙම කියලා එලියට ආවේ හිත යටින් අර කෙල්ලට බනින ගමන්.ඔෆිස් එකට එනකම්ම මම කලේ කෙල්ලගේ මූන මතක තියාගන්න පුලුවන් පහසු විදිහක් හිතන එක.
" සර් මොනාද කල්පනා කරන්නේ ? "
සෝජු ඇහුවේ කන්නාඩියෙන් පිටිපස්සේ ශීට් එකේ ඉන්න මා දිහා බලලා.
" සෝජු ඔයා ඒ කෙල්ලගේ මූන දැක්කද ? "
" අනී...මම එච්චර උවමනාවෙන් දැක්කෙ නෑ.හැබැයි ඒ කෙල්ල ලස්සනයි "
" හශ්....මම ඇහුවේ ලස්සනක් ගැන නෙමෙයි.එයාව ලේසියෙන් අඳුරගන්න පුලුවන් දෙයක් තිබුනද කියලා"
" අනී.....මට එහෙම මතකයක් නෑ සර්.ඒත් දැන් සර් මේක පොලීසියට කියන්නත් එපානම් කොහොමද හොයාගන්නේ ? "
" විල්සන්ට කියන්න "
" මෝ ? "
" වේ ? මෙච්චර දවස් අපිට මොන දෙයක් දැනගන්න ඕනි උනත් ඒක කලේ විල්සන්නේ.මේකත් මිනිහටම බාර දෙන්න "
" අරස්සෝ සර් "
විනාඩි කීපයකට පස්සේ අපි කම්පැනි එකට ආවා.වාහනෙන් බැහැල ඇතුලට යනකොට වෙනදා වගේම මගේ ඉස්සරහට ආවේ මිස් හන්සූ.පලවෙනි විවාහයෙන් වෙන් වෙලා ඉදපු අවුරුදු 38 වයස හන්සූ මගේ කම්පැනි එකේ පරණම සේවකයෙක්. මට අනුව සෝජු , හන්සූ කියන්නේ කපල් එකක්. කොච්චර නෑ කිව්වත් හන්සූ ඉන්න තැන සෝජුත් සෝජු ඉන්න තැන හන්සූත් ඇඹරෙන විදිහෙන් මම ඒක තහවුරු කරගත්තේ මීට කාලෙකට කලින්.ඒ නිසා මම පුලුවන් හැම වෙලාවකම ඒ දෙන්නව තනි කරන්න උත්සාහ කලත් සෝජු මගේ පස්සෙන්ම ඉදපු නිසා ඒක කරන්න හරි අමාරු වැඩක් උනා.
" සර්...මීට්න් එකට හැමෝම රෙඩී.සර් එනකම් ඉන්නේ "
මිස් හන්සූ ෆයිල් එක මගේ අතට දීලා කිව්වේ යන්තම් සෝජු දිහාත් බලන ගමන්.කොන්ෆරන්ස් රූම් එකට යන්න මිස් හන්සූ ත් අපි එක්ක එකතු වුන නිස මම ටිකක් දුර යනකොට හෙමින් සැරේ සෝජුව මිස් හන්සූ ලඟට තල්ලු කරනකොට සෝජු මිස් හන්සුගෙ ඇඟට බරවෙන්න ගිහින් නූලෙන් බේරුනේ මගේ අතේ එල්ලිලා.
" සර් චෙබල් මට ලැජ්ජා කරන්න එපා. "
" පොඩ්ඩක් ඇඟේ වැදුනම ලැජ්ජා වෙනවද ? "
" සර්... "
" මිස් හන්සූ...."
" චෙබල් සර් චෙබල් "
මම හන්සුගේ නම කියනවත් එක්කම සෝජු මගේ අතේ එල්ලිලා කෑ ගහන්න පටන් ගත්තේ පොඩි එකෙක් වගේ.
" වේ ? මම මේ මිස් හන්සුගෙන් අලුත් ප්‍රොජෙක්ට් එක ගැන අහන්න හැදුවේ "
" අ...ආහ් ඒක තමයි....මටත් හිතුන. ඒත් සර් දැන් හොදටම පරක්කුයි..කට්ටිය සර් එනකම් බලාගෙන ඇති "
සෝජු කිව්වේ ඔලුව කස කසා යන්තම් හොරෙන් හිනාවෙන ගමන්.ඇත්තටම ඒක කලේ සෝජුව අවුස්සන්න උනත් තවත් එයාව අපහසුතාවට පත් කරන්න ඕනි නැති නිසා මම සීරියස් මූනක් හදාගෙන අතේ තිබුන කෝට් එක දාගෙන කොන්ෆරන්ස් රූම් එකට යනකොට හැමෝම පුටුවලින් නැගිට්ටා.
" සිට් සිට් "
මම කට්ටියටම ඉදගන්න කියලා ඉක්මනින් මීටින් එක පටන් ගත්තේ ඉස්සරහට ගිවිසුම් ගහන්න ඉන්න තවත් කම්පැනි එකෙන් ආපු දෙන්නෙකුත් එතන ඉදපු නිසා. පැය කාලක් විතර මීටින් එක තිබුනා. ඒක ඉවර උනාට පස්සේ මම කැබින් එකට ආවේ කොෆී එකක් අරන් එන්න කියලා සෝජුට කියාගෙනමයි.
කැබින් එකට ඇවිත් ටික වෙලාවක් ගියාට පස්සේ සෝජු කොෆී එකත් අරන් කලබලෙන් මගේ කැබින් එකට ආවේ දාඩියත් දාගෙන.
" සෝජු ? මොකද උනේ ? "
" ස්...සර්.... ශියූ-රෝ කම්පැනි එකේ ලො...ලොක්කා "
" ඉතින්...? "
" ශි....ශියූ-රෝ කම්පැනී එකේ ලොක්කාව මරලා දාලා"
" මෝ.....? "
" දේ සර්... උන් ආයෙම පටන් අරන් "
" හශ්.... මම හිතුවා කලින් වුන දේවල් පෞද්ගලික තරහවල් නිසා වෙන දේවල් කියලා. ඒත් උන් එක දිගටම මේ දේ කරනවා කියන්නේ... මේක උන් ඉලක්ක කරලා කරන වැඩක් "
" සර්.. චෙබල් ජන්ගුක් සර් කියන දේ අහලා අපි ගාර්ඩ්ස්ලව අරගමු "
සෝජුගේ හිතේ තිබුන බය මූනෙන් පෙනුනේ නලලෙන් බේරෙන දාඩියත් එක්ක.
" යා....හ් බය වෙන්න එපා. උන්ට බෑ මට මොකුත් කරන්න "
" හශ්... මේ වෙලාවෙවත් අපි කියන දේ අහන්න සර්"
" සෝජු. උන්ට මාව මරන්න ඕනිනම් මේ වෙනකොට මාව මරලා. මගේ ලඟ එක ගාර්ඩ් කෙනෙක්වත් නෑ. එහෙනම් උන් මේ වෙනකොට මාව මරලා "
" සර්.. අපි දන්නෙ නෑ උන්ගේ අරමුණ මොකක්ද කියලා. චෙබල්. "
" අනී. මට බෑ යන යන තැන ගාර්ඩ්ස්ලා එක්ක යන්න. "
එහෙම කියලා මම කැබින් එකේ තිබින TV එකෙන් නිව්ස් දැම්මේ කොච්චර බය නෑ කිව්වත් හිත යට තිබුන තිගැස්සීම නිසා.TV එකේ ඒ වෙනකොටත් ගියේ ශියු-රෝ අධිපතිගේ මරනේ ගැන.
" මීට සුලු මොහොතකට පෙර ශියූ-රෝ අධිපති කැං-යූරෝ මහතා ඔහුගේ නිවසේදී සාහසික ලෙස කපා කොටා ඝාතනය කර ඇති අතර මෙය මීට පෙර සිදු වූ ඝාතන සම්බන්දයෙන් සැක පල කරන නාදුනන දාම ඝාතකයින්ගේම ක්‍රියාවක් බව පොලීසිය විසින් සැක ඵල කරයි.මේ ආකාරයෙන් ඔවුන් ඉලක්ක කරනුයේ කොරියාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් වන අතර ඉතාමත් තද ආරක්ශාවක් යටතේ සිටි ධනවත් ව්‍යාපාරිකයින් පවා මෙලෙස සාහසික ලෙස ඝාතනය කිරීම ඉතාමත් පුදුමයට කරුනක් වන්නේ මොවුන් සෑම ඝාතනයකටම පසු කාඩ් පැක් එකකට හිමි ජෝකර් කාඩ් පත ඝාතනය කරනු ලැබූ පුද්ගලයාගේ නලලේ තබා යාමයි. මෙය යම් කිසි සලකුනක්ද එහෙමත් නැතිනම් ආරක්ශක අංශ සදහා එල්ල වල සෘජු සරදමක්ද යන්න තවමත් නිගමනය කල නොහැක. කෙසේ වෙතත් මෙම සිදුවීම් සමග රටේ බොහෝ ව්‍යාපාරිකයින් දිගු නිවාඩු සඳහා විදේශ ගතවීමට පියවර ගෙන ඇත "
නිව්ස් කියපු ගර්ල්ගේ වචනවල බර ගතිය නිසාමද මන්දා මගේ හිතටත් කවදාවත් නැති අමුතු බයක් දැනුනා.නොහිතපු විදිහට උගුර කට වේලිලා ගියා.
" සර්..... "
" හශ්.... සෝජු දැන් කියන්න එහෙම එපා මට රට යන්න කියලා "
සෝජු ඊලඟට කියන්න යන දේ දන්න නිසා මම එයාට කලින් කියලා දානකොට සෝජු මට රවන්න පටන් ගත්තේ තොල් මතුරන ගමන්.
" යා.....හ් මොනවද කුටු කුටු ගාන්නේ ? "
" මට කෙනෙක්ට දෙක තුනක් අනින්න ඕනි. "
" ඉතින් ? "
" කරුමෙට ඒ මගේ බොස්. නැත්නම් මෙලහකට මගෙන් හොද පාරවල් ටිකක් කාලා "
සෝජු නපුරු මූනක් හදාගෙන කීවත් මට හිනහා ගියේ ඒ වචන වල තියෙන සැර එයාගේ මූනේ යන්තම්වත් නොතිබුන නිසා.ඒ එක්කම වගේ මගේ ෆෝන් එක රින්ග් උනා.කෝල් එක ආවේ කුකීගෙන්.
" කුකී ? "
" හ්‍හ්‍යුන්ග්... ? ඔයා හොදින් නේද ? "
" කුකී කලබල වෙන්න එපා. මම හොදින්. අරස්සෝ ?"
" හ්‍යුන්ග් තවත් බලාගෙන ඉන්න බෑ.මම ගාර්ඩ්ස්ලා රෙඩි කරනවා ඔයාට. මුකුත්ම කියන්න එපා. අරස්සෝ ? අනිවාර්යයෙන්ම ගාර්ඩ්ස්ලා ඉස්සරහට ඔයා එක්ක ඉන්නවා. ඒක ස්ථීරයි "
කුකීගේ වචනවල තිබුන ස්ථීර බව නිසාම මට තේරුනා දැන් එයාගේ කීමට ඇහුම්කම් දෙන්න වෙනවමයි කියලා.
" දැන් ඉතින් මම කොච්චර බෑ කිව්වත් වැඩක් නෑ කියලා මම දන්නවා. "
" ඇති යන්තම්.හ්‍යුන්ග් පලවෙනි වතාවට මම කියන දේ ඇහුවා. "
" අරස්සෝ අරස්සෝ හැබැයි එයාලා මගේ වැඩ වලට , ගමන් බිමන් වලට බාධාවක් වෙන්න බෑ "
" අනී අනී.. එයාලා හ්‍යුන්ග්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. එයාලා හ්‍යුන්ග් කියන තැනකට කියන වෙලාවක හ්‍යුන්ග් එක්කම යන්න එයි "
" අරස්සෝ . එහෙනම් ප්‍රශ්නයක් නෑ "
" හ්‍යුන්ග් මම ක්ලිනික් එකේ ඉන්නේ.මම රෑ වෙලා ගන්නම් අරස්සෝ ? චෙබල් පරිස්සම් වෙන්න"
" දේ..... මම තියන්නම් කුකී. පරිස්සමින් ඉන්න."
" දේ හ්‍යුන්ග් චුසිම්හේ "
" දේ "
කුකීගේ කෝල් එක කට් කරලා මම බැලුවේ සෝජු දිහා.කවදාවත් නැති හිනාවකින් ඉදපු සෝජු එකපාරටම මගේ ඇඟේ එල්ලුනේ මාව බදාගන්න ගමන්.
" ඕමෝ....ඕමෝ.... අන්තිමේ සෝ කුක් සටන ජයගත්තා. "
සෝජු මගේ ඇඟේ එල්ලිලාම එක අතක් උස්සගෙන එහෙම කියලා ආයෙම මාව බදාගත්තා. පිට කෙනෙක් උනත් සෝජු මට තියෙන ලෙංගතුකමට ආදරේට මාව මේ ලෝකේ තනි නොකර සතුටින් තියන්න පුලුවන් උනා. ඒ නිසා මට සෝජුව දැනුනේ මගේම කෙනෙක් වගේ.
" යා......හ් මාව හිර කරලා සතුටු වෙන්න හිතාගෙන ඉන්නවනම් ඔහේට වැරදිලා. අරස්සෝ ? ඉස්සරහට ලෑස්තිවෙනවා ගොඩක් දේවල් තියෙනවා තමුන්ට විඳ දරාගන්න "
" මෝ .... ? "
වැඩිය නොහිතා කියපු මගේ වචන වලට සෝජුව මගෙ ඇඟෙන් ක්ශනයෙන් අයින් කරන්න පුලුවන් උනේ සෝජුගේ මූන බෙරි වෙලා කට ඇද වෙලා යනකොට.
" සර්.... ඒක විහිලුවක් නේද ? "
" අනී "
ඇඟට නොදැනෙන්න කෙටි උත්තරයක් දීලා මම ෆෝන් එක ඔබන්න ගත්තේ සෝජුව ගනන් ගන්නෑ කියලා පෙන්නන්න ඕනි නිසා.
" එතකොට සර් කියන්නේ සර් වටේට ගාර්ඩ්ස්ලා දාපු එකේ පලිය ඉස්සරහට මගෙන් අරගන්නවා කියලද ?"
" ඔය තේරුනේ "
" හශ්... සර්... ඉල්ලීමක් තියෙනවා "
" මොකක්ද ? "
" සර් මගෙන් ගන්න පලියක් ගෙදරදි අරගන්නවද ? මම හිතන්නේ අපි මේ ගැන ගිවිසුමකට එන එක තමයි හොදම දේ "
" අනී. කොහේද කොතනද කියලා කියන්න බෑ. ඒක ඕනිම වෙලාවක වෙන්න පුලුවන් "
" අරස්සෝ මෙහෙමයි සර්. සර්ට ඕනි තැනක මට වද දෙන්න. ඒත් චෙබල් මිස් හන්සූ ඉන්න තැන මගේ ගෞරවය කෙලසන්න එපා "
" ඕමෝ..... ඕමෝ..... වා....හ් සෝජු... ? "
" වේ....? "
සෝජු මූනට කඩා පැනලා බිම බලාගත්තේ යටි තොල හපාගෙන ලැජ්ජාවෙන් හිනාව හිර කරගන්න ගමන්.
" යා.........හ් මම ඔහේට මේ කම්පැනි එකේ ජොබ් එක දුන්නේ ලව් කරන්නද ? තමුන්ට මේ දැන්ම අස් වෙලා යන්න පුලුවන් "
" සර් ? "
නොහිතපු වෙලාවක මගෙන් ලැබුන වෙනස්ම ප්‍රතිචාරේ නිසා සෝජුගේ මූන එක තත්පරේකින් අඳුරු වෙලා ගියා.
" මි...මියානේ සර්. මගෙ හිතේ එහෙම කිසිම අදහසක් නෑ. මියානේ... මියානේ.... "
" මම සැරයක් කිව්වනේ මෙතනින් මේ දැන්ම යනවා "
" ස්....සර් ? ඔ...ඔය ඇත්තටමද කියන්නේ ? "
" වේ... ? මම විහිලුවක් කරනවා වගේද තමුන්ට පේන්නේ ? "
" මියනේ සර් "
යාන්තම් ඇස්වල කඳුලු පුරවගෙන සෝජු මට ආචාර කරලා කැබින් එකෙන් එලියට යන්න හැරුනා.මෙච්චර වෙලා අමාරුවෙන් හිර කරගෙන ඉදපු හිනාව ඉබේම කටින් එලියට පැන්නේ සෝජුවත් පුදුම කරවනකොට.
" සර්...... "
" යා.....හ් අවුරුදු ගානක් මා එක්ක ඉදලත් මා ගැන දන්නේ නැත්ද ? "
" හශ්...ඕමො...මගේ හාටුව "
සෝජු අත මිට මොලවලා හෙමින් පපුවට ගහගන්න ගමන් ලොකු හුස්මක් හෙලලා යන්තම් හිනා වුනේ ඇස් වල තිබුන කඳුලු බෝල අතරින්.
" ආ...යිගෝ...ආ....යිගෝ යා...හ් ඕකට අඬන්න ඕනි ද ? අරස්සෝ අරස්සෝ "
සෝජුගේ ලඟට ගිහින් පිටට තට්ටුවක් දානකොට සෝජු එක අතකින් ඇස් දෙක වහගෙන ඉකි ගහන්න වගේ මූන බිමට බර කරගත්තා.සෝජු එහෙමයි. මගේ වචනයක් උනත් එයාට මහ මෙරක් වගේ. සෝජු ඒ තරම් අවංකයි. ඒත් මේ වෙලාවේ සෝජු කරන්නේ රඟපෑමක් කියලා තේරුනේ මූන බිමට බර කරගෙන අඬනවා වගේ ඉදියත් කකුලෙ සපත්තුවෙන් බිම පහුරුගානවා දැකපු නිසා.
" ඔයිට වඩා පොඩ්ඩක් තාත්වික වෙන්න බැරිද ? "
" ඊලඟ පාර උත්සාහ කරන්නම් සර් "
සෝජු එකපාරටම ඔලුව උස්සලා ඇස් දෙකෙන් උඩ බලලා දකුනු අතේ ඇඟිල්ලකින් අමාරුවෙන් ඇස් වලට උනාගත්ත කඳුලක් පිහදාලා මට ආචාර කරලා එලියට ගියේ කිසිම දෙයක් නොකලා වගේ සැහැල්ලුවෙන් ලඟ අඬි තියන ගමන්.
( සෝජු :- එයාගේ හැම ඇක්ශන් එකක්ම ෆනී )
සෝජු යන දිහා බලාගෙන හිනාවෙන ගමන් මම ආයෙම පුටුවට බර උනේ මගේ වොලට් එක හොරකම් කරපු කෙල්ලගේ මූන ආයෙ ආයෙම මතක් කරන ගමන්.ඒ ලස්සන ඇස් අස්සේ කපටිකමක් ගෑවිලාවත් තිබුනේ නැතිව කොහොමද ඒ වගේ දෙයක් කලේ කියන එක මට ලොකු ප්‍රශ්නයක් උනා.
" බලමුකො. කොහේ ඉදියත් ඔහේව මම හොයාගන්නවා. හශ් හැමදේම අලුතින් හදන්න වෙනවනේ .... ශිට්"
අතේ තිබුන ෆයිල් එක මේසේ උඩට විසි කරලා මම කිව්වේ කේන්තියෙන්.බැංකු කාඩ් , ඉන්ශුවරන්ස් කාඩ් , ලයිසන් එක වගේ මට අත්‍යාවශ්‍ය හැමදේම තිබුනේ වොලට් එකේ.ඒ දේවල් නැති උන එක ලොකු කරදයක් උනේ ඒ හැමදේම ආයෙම හදන්න වෙන නිසා. දැනටමත් කම්පැනි එකේ වැඩ ගොඩ ගැහිලා තියෙන වෙලාවක මේ වගේ දෙයක් වුන එක මට ලොකු අපහසුවක් උනා.
" සර්.... සර් මේක දැක්කද ? "
එකපාරට කැබින් එකට කඩාගෙන බිදගෙන ආපු සෝජු ටැබ් එකේ තිබුන මේල් එකක් පෙන්නුවේ කට පුරාම හිනාවෙන ගමන්.
" මො....? US ප්‍රොජෙක්ට් එක ඇපෲ වෙලා... "
" සර්.... සර්ගේ මහන්සියට ප්‍රථිඵල ලැබිලා. එහෙනම් අන්තිමට සර් ලොකු සර්ගේ හීනේ හැබෑ කලා "
" අනී.... තාම නෑ සෝජු "
" සර් ? "
" දේ... තාම පටන් ගත්තා විතරයි. ඒත් මම ඉක්මනින්ම ඒ හීනේ හැබෑ කරනවා "
මගේ අප්පගේ හීනේ. US වල අපේ බ්‍රාන්ච් එකක් ඕපන් කරන එක.ඇඟලුම් ක්ෂේත්‍රයේ උඩින්ම තිබුන අපේ කම්පැනි එක කොරියාවේ නම්බර් 01 උනත් අප්පට ඕනි උනේ රටවල් කීපයකම කම්පැනි එකෙන් බ්‍රාන්චස් ඕපන් කරන්න. ඒත් ඒ හීනේ හැබෑ වෙන්න කලින් මගේ අප්පා මගෙන් ඈත් උනේ ඒ හැම හීනයක්ම මට බාරදීලා.
" ලොකු සර් ඉදියනම් සර් ගැන ගොඩක් ආඩම්බර වෙනවා. මගෙ හිතුවක්කාරයා. ඔයා ඒක කලා "
සෝජු ආදරනීය විදිහට මගෙ පිටට තට්ටුවක් දාලා මාව බදාගත්තේ හරියට අප්පා මාව බදාගන්නවා වගේමයි. අප්පා වේදනා විදලා නැතිවෙන්න මමත් හේතුවක් උනා කියලා වේදනාවෙන් ඉන්නකොට ඒ හැම වෙලාවකම මාව සනසවන්න මගේ ලඟ ඉදියේ සෝජු. ඔම්මා අප්පා නැති උනාට පස්සේ මගෙ කියන හැඟීමෙන් දරුවෙක් වගේ මාව බලාගත්තේ සෝජු. ඒ නිසා සෝජු මගේ සේවකයා කියන දේ මම සදහටම අමතක කලේ සෝජු මට අප්පා තරම්ම ආදරෙන් කතා කරපු දවසේමයි.
" වාහ්.... සෝජු මේකනම් අපි සමරන්...... "
" අ....අහ් සර් මට වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් පස්සේ හම්බවෙමු."
කියන්න ගිය දේ කියන්නත් කලින් සෝජු කතාව මගෑරලා ටැබ් එකත් අරන් එලියට යන්න හැරුනත් මම සෝජුගේ කෝට් එකේන් ඇදලා අල්ලගත්තා.සෝජු මොනවද මුමුනන ගමන් ඉස්සරහා බලාගෙනම කෝට් එක මගේ අතින් ගලවගන්න උත්සාහ කරලා කරලා බැරිම තැන ලොකු හුස්මක් හෙලලා මගේ පැත්තට හැරුනේ අසරණ බැල්මකින්.
" වේ ? "
" ආ.....ශ් සර්...අනී අනී.... මේ පාරනම් මම එකට ඉඩ දෙන්නෙ නෑ "
" එතකොට එහෙමද ? "
" දේ "
" අරස්සෝ... මම එහෙනම් මේක මිස් හන්සූට යවන්නම්....අනී...අනී... එක්කෝ ස්ටාෆ් එකටම දෙන්නම් "
උදේ මම හොරෙන් ගහගත්ත පොටෝ එක පෙන්නලා කියනකොට සෝජු මා දිහා බලාගෙන ඉදියේ පුදුමෙන්.
" මෝ ?....මේ පොටෝ එකේ ඉන්නේ මමනේ "
" දේ.... ඔයා තමයි "
" ඒ....ත්.. ඒත් කොහොමද ?...... යා....හ් මම නිදාගෙන ඉන්න වෙලාවේ අරගත්තා නේද ? "
" ඔය තේරුනේ..."
" සර් මාව බ්ලැක්මේල් කරනවද ? "
" දේ.... "
" ආයිශ්.... වේ... වේ ? ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ ? "
සෝජු කරගන්න දෙයක් නැතු මේසේ ලඟ පුටුවේ ඉදගත්තේ පුටු ඇන්දට ඔලුව බර කරගන්න ගමන්... සෝජුගේ අසරන කම ගැන දුක හිතුනත් ඇත්තටම සෝජුත් එක්ක ඩ්‍රින්ක් එකක් අරගන්න ගමන් පරන දේවල් කතා කරන එකට මම ආසා කලා.ඒ ගෙවෙන වෙලාවට මම ඇත්තටම ආස කලා.
🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠
අදහස් කියාගෙන යමු සරන්හේ 😘❤️