BLIND LOVE ❤️ [ Completed ]

By JinNu97

20.3K 4.8K 1.5K

- වේදනාවක් නැතුව ආදරේ හැගීම ලබන්න ඕනේනම් ආදරේ කරන්න ,.... ඒ තමන්ටත් ආදරේ කරන කෙනෙක්ට ... 🥀- ------Alpha Tae... More

1st Chapter 🐺
2nd Chapter 🐺
3rd Chapter 🐺
4th Chapter 🐺
5th Chapter 🐺
6th Chapter 🐺
7th Chapter 🐺
8th Chapter 🐺
10th Chapter 🐺
11th Chapter 🐺
12th Chapter 🐺
13th Chapter 🐺
Author Note ⚠️️
14th Chapter 🐺
15th Chapter 🐺
Final Chapter 🐺

9th Chapter 🐺

925 279 90
By JinNu97

Still Tae Pov....

පැය භාගයක් විතර මං ශියාගේ පපුවේ ඔලුව තියන් ඉන්න ඇති...කවදාවත් නොදැනුන සෙනෙහසක් ,උණුසුමක් මට ශියා ලගින් දැනුනා.. ශියාගේ තාලෙට ගැහෙන හදවතේ රිද්මය හරියට අඩන දරුවෙක්ට තමන්ගේ ඔම්මා ගයන නැලවිලි ගීයක් වගේ.. මං දන් නෑ ශියා කවුද ,කොහෙන් ආව කෙනෙක්ද කියලා....ඒත් එක දෙයක් මං දන්නවා.. ඒ දේ මං විශ්වාස කරන්න අකමැති වුනත් අකමැත්තෙන් හරි ඒ දේ මට විශවාස කරන්න වෙනවා කියලා මං දන්නවා.. මේ දේ මට නුහුරුයි.. මගේ ශින්රා , යුන්හීට පස්සේ මං වෙන කෙල්ලෙට ලං වුන පළවෙනි වතාව.. මට ශියා ලගින් දැනෙන්නේ මගේ ඔම්මාගේ ලගින් දැනෙන උණුහුම ... මගේ නංගී ශින්‍ රාගේ සුවද... මට ලෝබයි.. ඔව්.. යුන්හීගේන් මට නොලැබුන ආදරේ සෙනෙහස මං ශියගෙන් හොයනවා.. ඒත් මේ හිත තවම ආදරේ යුන්හීට... සමහරවිට ඒ මං වෙන කෙනෙක්ට කැමති කියන එක පිළිගන්න බැරි කමට මට දැනෙන හැගීමක් වෙන්න ඇති....
.
.
.
.
.

" අහ්ක්...අහ්ක්....සර්.... මට එක විදිහට ඉදලා ටිකක් අමාරුයි වගේ.. "

ශියා කිව්වේ මගේ අත් වලින් එයාගේ ඇග ලිහිල් කර ගන්න ඇඹරෙන ගමන්... මෙච්චර වෙලා වෙනම ලෝකේක අතරමං වෙලා හිටිය මං ශියාගේ කටහඩත් එක්ක හරි සිහියට ආවා...

" ආඅම්ම්.. මේ... මියාන්.. ඔයා යන්න.. මං මේ ටික අස්කර ගන්නම්... "

මං ශියාගෙන් ඈත් වෙලා අහක බලාගෙන නැගිටිද්දී කෙල්ල මෙච්චර වෙලා හිටියේ අපහසුවෙන් හින්දද මංදා මං කිව්ව පමාවට නැගිටලා ඔලුවත් නවලා රූම් එකෙන් එළියට දුවගෙන ගියා.....

රූම් එකේ තිබ්බ වීදුරු කෑලි ටිකත් අයින් කරලා බිදිලා කැඩිලා ගිය දේවලුත් අස් කරලා වොශ් එකක් දාන් බෙඩ් එකට ආවත් මගේ හිත එක තැනක තිබ්බේ නැහෑ.... ටික වෙලාවකට හරි හිත නිදහස් කර ගන්න ඕනේ කියලා හිතුන නිසා මං ජීහූව බලන්න එයාගේ රූම් එකට ගියා...

" 😳..ජීහූ.. එයා එයා කොහෙද... "

මට ජීහූගේ ඉව දැනුනේ ගෙදරින් එළියට ... ඒ වගෙම යුන්හීගෙත්.. ඒ නිසා එහෙන්ම පහළට ආව මං ශියාව හම්බෙන්න ගියේ ඇත්තටම සැකහැරලා ඒ දේ දැන ගන ඕනේ නිසයි....

ශියාගේ රූම් එක ලගට ගිහින් හිටගෙන ටික වෙලාවක් මං කල්පනා කලා ඇතුලට යනවද නැත්ද කියලා.. මොකද මීට කලිනුත් මේක ඇතුලට ගිහින් මං තව ඩිංගෙන් හොද පිස්සුවක් නටනවනේ..

" ආයිෂ්... අර ජරා හාවගේ ඉව.. 😑.... ටේ.. කන්ට්‍රොල් වෙනවා... ආයිෂ්... මොන මගුලකටද මූව මේක අස්සේ තියන් ඉන්නේ... "

කාමරේ ඇතුලෙන් ආව අර රාස්පිඩින්ද මොකාද එකාගේ ඉව මට දරාගෙන ඉන්නම බැරිතැන මං එතනින් එන්න හැරුනා.. ඒත් ඒ එක්කම....

" සර් ?... ඇයි ආවේ.. "..

" ආ..මං මේ.... ජීහූ කොහෙද ?"

ශියා අහපු දේට මං උත්තර දුන්නේ පිටිපස්සේ හැරෙන්නවත් නැතුවමයි...

" ආ කලින් යුන්හී ශී ගියේ බබාවත් අරන්මයි... "

" යන දිහාවක් කිව්වද ? "

" අනී... බබාව අරන් එහෙන්ම ගියා... "

" ම්ම්... ඔෆිස් එකට යන්න ඇති.. වෙන යන්න තැනක් නෑනේ..."

" ම්ම්ම්ම්ම්"

" ඇයි තමුසේ නොගියේ...? "

මට ක්ෂණිකව මතක් වුනේ ඒක.. මොකද ඉතින් මෙයාව එක්ක ආවේ ඒකටනේ 😒.. පුඩිම තිබ්බා වගේ එක තැනට වෙලා කකා බිබී ඉන්නද එක්ක ආවේ.. ඒ නිසාම මං ඒක ඇහුවේ ශියා ඉන්න පැත්තට හැරිලා බලන ගමන්...

" 😳😳😳 "

එක පාරට මං දැක්ක දේ එක්ක මගේ පපුවත් නතර වුනා වගේ..දනිස්සෙනුත් අගල් 4ක් විතර උඩට ඕවර් සයිස් ටී ශර්ට් එකකුත් ඇදන් කොණ්ඩෙත් ටවල් එකකින් ඔතාගෙන මේ කෙල්ල ඉන්න හැටි..😑... යකූ පිරිමියෙක් ගෙදර ඉන්නේ කියලවත් ගානක් නෑනේ..යටට මුකුත් නැත්ද 🙄 ?.....ආයිෂ්.. මාත් මොනවා හිතනවද මංදා ... නාපු ගමන් නිසා කෙල්ලගේ මූණත් රෝස පාටයි... තොල් දෙකත් .......ආආආආ 😑😑😑...

" සර්? 🙄.... ආඅ මේ මං ගියේ නැත්තේ යුන්හී ශී අවුලෙන් හිටිය නිසා මං හිතුවා මං යන එක හරි නෑ කියලා..

කෙල්ල මං බලාගෙන ඉන්න එක ගැනවත් ගානට නොගෙන ඔහේ කියවනවා.. ඇත්තටම මේ කෙල්ලට හැදියාවක් නැත්ද ?.. නැත්නම් ගානක් නැතුවද.? ...

" යහ්.... ඇග වැහෙන්න ඇදුමක් ඇද ගන්නවා... "

කෙල්ල කියෙව්ව දේවල්වත් මං ගනන් නොගෙන එක පාරට එහෙම කියලා එතනින් හැරිලා ආවේ තවත් ඒ දිහා බලන් ඉදියොත් මට මාවම පාලනේ කර ගන්න බැරි නිසයි... 😑 මෙච්චර කල් යුන්හී එක්ක ඉදලවත් මට මෙහෙම වෙලා නෑනේ.... අහ්හ් මේ වල් වෘකයා..😒.....

Pov End...

ටේ තමන්ටම බැන ගන්න ගමන් ගිහින් ඇදට වැටුනේ අද දවසේ වුන දේවල් එකින් එක ආයේ මතක් කරන ගමන්...තරහා ගන්නද දුක් වෙන්නද කියලවත් හිතට නොතේරෙන මේ හැගීම හිතෙන් අයින් කරන්නයි ටේට ඕනේ වුනේ...
.
.
.
.

------------------------------

Next Day Morning ...

යුන්හී ජීහූවත් එක්කගෙම ඔෆිස් එකට ගිහින් ඔෆිස් එකේ තිබ්බ ජීහූගේ රූම් එකේ එදා රැය ගත කලේ මේ සිද්දවෙන දේවල් වලට තමන්ටම දොස් කියාගන්න ගමන්... මුලු රෑම නින්දක් නොතිබුන යුන්හිට එලිවෙන කිට්ටුව ජිහූගේ බෙඩ් එක ලගම බිම නින්ද ගියා.. පහුවදා පොළවෙන් දැනුන සීතලත් එක්ක ඇහැරුන යුන්හී ජීහූගේ බ්ලැන්කට් එක ආයෙත් හදලා වොශ් එකක් දාගන්න ගියේ ඔෆිස් එකේ කට්ටිය එන්න කලින් පිළිවෙලට ඉන්න ඕනේ නිසයි...

මේ වුන හැමදේම දිහා ජිමිනුත් බලාගෙනයි හිටියේ... යුන්හී ජීහුවත් එක්කන් ගෙදරින් එනවා වගෙම ඒ අය ඔෆිස් එකට එනවත් ජිමින් බලාගෙනයි හිටියේ.. යුන්හීගේ මේ හිතුවක්කාර කමට ජිමින්ට කේන්ති ගියත් හිත ඇතුලෙන් අමුතු සතුටක් දැනුනා..

JP කම්පැණි එක කියන්නේ ජිමින්ගේ කම්පැණි එක නිසා එයාට කම්පැණිය ඇතුලට එන්න කාගෙන්වත් අවසරයක් ඕනේ නැති නිසාම කිසි බාදාවක් නැතුවම ජිමින් ඔෆිස් එක ඇතුලට ඇවිත් කෙලින්ම ගියේ කැබින් එකට ... කලින් දවසේ කැඩිලා තිබ්බ වීදුරුව ඒ වෙනකොටත් හදලා තිබ්බා... යුන්හී කැබින් එකේ නොහිටිය නිසාම ජිමින් හිමීට හිමීට ඔෆිස් එක වටේම යද්දී දැක්කේ VIP Only කියලා ගහලා තියෙන Area  එකක්.. ඒ වගේ තැනක් මීට කලින් ඔෆිස් එකේ නොතිබුන නිසා ජිමින් වටේටම ඇස් යවලා ඒ පැත්තට ඇවිදගෙන ගියා....

කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගිය ජිමින් නිරායාසයෙන්ම එක දොරක් ලග නැවතුනේ දැනුන අමුතු හුරු පුරුදු ගතිය නිසයි.....

" එයා ඉන්නවා... "

ජිමින් හිතෙන් හිතන ගමන් ඒ රූම් එකේ දොර හිමීට ඇරලා බැලුවේ තමන්ට දැනුන දේ ඇත්තක්ද කියලා සැකහැර දැන ගන්නයි...

" 🥺..... ජීහූයා... 😢 "

කිසිම දේකට ජිමින්ගේ ඇස් වලට කදුලු ගේන්න බැරි වුනත් මේ වෙලාවේ ජිමින්ගේ ඇස් වලට කදුලු ආවේ එයාටත් නොදැනීමයි.... ජිමින් කියන්නෙත් අප්පා කෙනෙක්.. එයාගේ ලේ වලින්ම හැදුන තමන්ගේ එකම දරුවව මොන අප්පාටද අහක දාන්න පුලුවන්..  ජිමින් කියන්නේ සාමාන්‍ය අයට වඩා වෙනස් කෙනෙක් වුනත් පියෙක්ගේ දරු සෙනෙහක ඒ කාටත් පොදුයි..

තමන්ගේම රුපේ එහෙන් පිටින්ම අච්චු ගැහුවා වගේ තියෙන පුංචි ජීහුව දැක්කම ජිමින්ට තමන් ගැනම කලකිරීමක් ඇති වුනා.. තවමත් බෙඩ් එකේ ඇඹරි ඇඹරී ඉන්න කෙල්ලව දැක්කම ජිමින්ට බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනත් කෙල්ල තවම ඉන්නේ නින්දේ නිසා ජිමින්ට කෙල්ලව ඇහැරවන්න ලෝබ හිතුනා...

ජීහු ලගට හිමීට ගිය ජිමින් බෙඩ් එක ලගම දණගහන් වාඩි වෙලා තමන්ගේ සීතල ඇගිලි වලින් හිමීට ජීහූගේ කොණ්ඩේ අතගාන්න ගත්තේ ඇස් වලින් එන කදුලු නවත්ත ගන්නවත් උත්සහා නොකරමයි....

" යෙප්පදා... උරි ජීහූ.. ( මියාන්හේ මගේ මැණික අප්පා එන්න පරක්කු වුනාට... ඔයා ඔම්මා ලග ඉද්දීවත් ,ඔයා මේ ලෝකේට එද්දීවත්, ඔයා ටික ටික ලොකු වෙද්දීවත් අප්පාට ඔයා ලග ඉන්න බැරි වුනාට සමාව දෙන්න.... ඒත් මං ආයෙත් ඔයාලව දාලා යන් නෑ.... කොහේවත් යන් නෑ.. අප්පාගේ ඇස් දෙක වගේ මගේ ප්‍රින්සස්ව‍යි , ඔම්මාවයි බලා ගන්නවා... ) "

ජිමින් ජීහූගේ ඔලුව හිමීට අතගාන ගමන් ජීහූ දිහා බලන් හිටියේ ඇස් පිල්ලමක්වත් නොගහායි... පළවෙනි පාරට තමන්ගේ දරුවව මෙච්චර ලගට දකින මේ අප්පා කොහොමද ඇස් එයාගේ පුංචි ප්‍රින්සස්ගෙන් අහකට ගන්නේ...

" ඕ 🥺.... එයා නැගිට්ටා.. "

හිමීට ඇස් දෙක පොඩි කර කර  ඇස් ඇරලා වටේම බැලුව ජීහූ ඒ එක්කම තමන් ලග ඉන්න මේ නාදුනන කෙනා දිහා කටත් උල් කරන් ටික වෙලාවක් බලන් ඉදලා හිනා වුනා....

" අන්න්‍යොන්ග් ... ජීහූයා... "

" ඌ... දිමින් ? ( ජිමින් කියන එක ) ... "

" ඕ... මාව දන්නවද ?"

" දේ... උයාව මං දැකලා තියෙනවා... "

කෙල්ල කියන දේ ජිමින්ට තේරුන් නැතත් කෙල්ල කට අඹර අඹර කතා කරන දිහා බලන් හිටියේ හරි ආසාවකින්...

" ජිහූ කොහොමද මාව දන්නේ ? "

" ඔම්මා උයාගේ පොතෝ එකක් බලන් ඉන්නවා මං දැක්කා.. අබුදීත් ඔයා ගැන කියනවා.. දාසක් මං ඇහුවම කීවා අබුදිගේ යාලුවෙක් කියලා..."

" ( මේ කෙල්ල පැහිලා තියෙන තරම 🙂 මේ කෙල්ල මේ අබුජී කියන්නේ අර බලු නකුටට වෙන්න ඇති 😒..අප්පා කියන්න පුරුදු නොකර ගමේ භාසාවක් පුරුදු කරලා මේ කැලෑ සුනකයා.. )....ජීහූයා.. ජිමින් එක්ක  යාලුද ? "

" දේ... අබුදිගේ යාලුවෙක් කියන්නේ දිහූගෙත් යාලුවෙක්... "

" පින්කී ප්‍රොමිස් ? "

" දේ පින්කී පොමිස්...."

ජීහූ කිව්වේ ජිමින් දික් කරන් හිටිය තමන්ගේ සුලැගිල්ලට එයාගේ පුංචි සුලැගිල්ල පටලන ගමන්...

" ගුඩ් ගර්ල්... අපි යන් මොනවා හරි කන්න.. "

" ඕකේ දිමින්.."

ජිමින් අත් දෙකම දික් කරලා කෙල්ලට එන්න කිව්වම කෙල්ල බෙඩ් එක උඩ හිටගෙන ජිමින්ට අත් දෙකම දික් කරලා වඩා ගන්න කිව්වා.. කෙල්ලගේ හුරතලේ දැක්කම ජිමින්ට හිනා.. යුන්හීගේ ගතිගුණ එකක් නෑර කෙල්ලට තියෙනවා.. මෙච්චර කල් මේ හුරතලේ මග ඇරුණ එකට ජිම්න් අප්පා කෙනෙක් විදිහට සිය දහස් වාරයක් හිතෙන් දුක් වුනා.. කෙල්ල අත් දෙක දික් කරද්දී ජිමින් කෙල්ලගේ කම්මුලට සොෆ්ට් කිස් එකක් දීලම ජීහූව වඩා ගෙන රූම් එකෙන් යන්න හැදුවා..

" ජිමින්?.. "

ඒ එක්කම රුම් එකට ආව යුන්හී ජිමින් ජීහූ එක්ක ඉන්නවා දැකලා කලබල නොවුනත් තරහක් ආවේ ඉබේටමයි...

" ඔයා මොනවද මේ කරන්නේ ?.. ජීහූ කියලා තියෙනවා නේද අදුරන් නැති මිනිස්සු ලගට යන්න එපා කියලා අහ්..."

යුන්හී කෑගහන් ජිමින් ඉන්න තැනට ගිහින් ජීහූව ගන්න හැදුවත් ජිමින් ඒකට ඉඩ නොදී ජීහූවත් අරන් අනිත් පැත්තට හැරුනා....

" ජිමින් දරුවව දෙන්න.. "

" ශිරෝ..( බැහෑ)... අපි යාලූවෝ .. නේද ජිහූ... "

" දේ... ඔම්මා.. දිමින් මදේ යාලුවා ... එයා ශෝක්.. බබා වගේමයි එයත්.. "

ජීහූ කිව්වේ ජිමින්ගේ බෙල්ල අත් දෙකෙන්ම බදා ගන්න ගමන්...

" ජීහූ....😡...ඔම්මා ලගට එනවා... ගුටි කන්න කලින්..."

" 😭😭😭😭😭 "

" යුන්හී..  මොකද වෙලා තියෙන්නෙ තමුන්ට. දරුවට කෑගහන්නේ? "

යුන්හී කෑහැහුව පාරට ජීහූ අඩන්න ගද්දී ජිමින්ගෙත් ඉවසිමේ සීමාව පැන්නා..

" ඔය මගේ දරුවා.. එයාට කෑගහන්න මට කාගෙනවත් අවසර ගන්න ඕනේ නෑ ජිමින්... "

යුන්හී ජිමින් දිහා බලන් කෑගහද්දී ජිමින් ජීහූව බිමින් තියලා කෙල්ලගේ කම්මුලේ තිබ්බ කදුලුත් පිහදාලා කිස් එකක් දීලා ඔම්මාගේ කැබින් එකට ගිහින් සෙල්ලම් කරන්න කිව්වම කෙල්ල කටත් බෙරි කරන් හා කියන්න ඔලුව වනලා එතනින් දුවගෙන ගියා....

" තමුන් මොනවා කරනවා කියලද හිතන් ඉන්නේඅහ්හ් ?..... "

යුන්හි ඇහුවේ ජිමින්ගේ කොලර් එකෙන් අල්ලන ගමන්.. ටේ එක්ක තිබ්බ ප්‍රශ්නෙත් එක්ක යුන්හිට ඕනේ වුනේ හිතේ තිබ්බ දුක, තරහා කාගේ හරි පිටින් යවන්න... කොහොමත් මේ හැමදේම වුනේ ජිමින් ආයෙත් ආව හින්දා නිසා යුන්හීට ජිමින්ව දැක්කත් තරහා යන තරමින් තිබ්බේ...

" කියනවා.. ඇයි ආයේ ආවේ.. ඇයි ආයේ මගේ ජීවිතේ විනාස කරන්න ආවේ?.. දන්නවද මං ජීවත් වුන හැටි?... මගේ දරුවත් එක්ක... අහ්හ්හ් ?.."

" යුන්හී ඒ මගෙත් දරුවා.. තමුන්ට වගේම මේ වුන දේවල් වලට මටත් දුකයි.... "

" එහෙනම් අපේ ජීවිත වලින් යනවා ජිමින් යනවා.. "

" මං කොහෙවත් යන් නෑ .... යනවනම් තමුසෙවත් අරන් යන්නේ..... මේ අහන්න මැණික.. මං ඔයාගෙන් ඈත් වෙලා හිටියේ හිතකින් නෙවේ.. මං ඔයාට වඩා විදෙව්වා... ලෙඩ ඇදක ඉදන් අවුරුදු ගානක් හිටියා... අඩුම ගානේ මං ජීවත් වෙනවා කියලවත් නොදැන... "

" දැන් ඒ දේවල් වලින් වැඩක් නෑ... මං මගේ ජීවිතේ හදාගෙන ඉවරයි... මගෙන් ඈත් වෙන්න.. මං ටේව මැරි කරනවා... "

" ම්වෝ ?.... "

" ඔව්... මෙච්චර කල් මට මේ තීරණේ ගන්න බැරිව හිටියේ.....( ලොකු හුස්මක් පිට කරලා ජිමින්ගේ ඇස් දිහා කෙලින් බලන ගමන් )... මං ටේව මැරි කරනවා... "

යුන්හී දිගටම ජිමින්ගේ ඇස් දිහා බලාගෙන  හිටියා.. ඒ ඇස් ටික ටික තරහෙන් රතු වුනා..  මූණ ටික ටික සුදුමැලි වෙලා නහර ඉලිප්පිලා පේන්න ගත්තා...

යුන්හිට ටේව මැරි කරන්න කිසි උවමනාවක් තිබුණේ නැහෑ.. යුන්හීට ඕනේ වුනේ ජිමින්ව රිද්දන්න ...එයාගෙව් කතාව අහන්න යුන්හීට ඕනේ වුනත් තිබ්බ තරහා එක්ක යුන්හී ජිමින්ව මග අරින්න බැලුවා... ඒත් ජිමින් මේ වගේ වෙනස් වෙයි කියලා යුන්හී කීයටවත් හිතුවේ නැහෑ... මොකද ඉස්සර හිටිය ජිමින් මේ වගේ යුන්හී එක්ක සාමාන්‍ය තරහකදී වෙනස් වුනේ නැහෑ... ඒත් දැන් ඉන්න ජිමින් සම්පුර්ණයෙන්ම වෙනස් ... එයාගේ හැසිරීම,  වගේම ගතිගුණත්.....

මුලින් යුන්හී ජිමින් දිහ බලන් හිටියේ කේන්තියෙන් වුනත් ජිමින්ගේ ස්වරූපය ටික ටික වෙනස් වෙන්න ගත්ත නිසා යුන්හිට දැනුනේ බයටම එයාගේ කකුල් පණ නැති වෙනවා වගේ...

ජිමින් දත්මිටි කකා යුන්හී දිහා බලන් ඉදලා ඇස් දෙක පියලා ආයෙත් ඇස් ඇරලා යුන්හී දිහා බැලුවේ දවා අලු කරවන බැල්මක්....

ඒ ඇස් සම්පුර්ණයෙන්ම රතු වෙලා ... දැක්කත් මුලු ඇගම සීතල වෙලා යන තරම් බය හිතෙනවා...  යුන්හීට දැනුනනේ එයාගේ උගුර වෙලිලා යනවා වගේ....

ඒ එක්කම යුන්හීගේ ඇග පන නැතුව බිම ඉන්ද වෙන්න යද්දී ජිමින් යුන්හීගේ ඉණ වටේ අතක් යවලා යුන්හිව තමන්ගේ ඇගට තද කර ගත්තා.....

" 😄 බය වෙන්න එපා මං ඔයාව කන් නෑ.... කෝ කලින් තිබ්බ කට...... "

ජිමින් ඇහුවේ යුන්හිගේ මුණේ හැම අගලක් දිහාටම තමන්ගේ ඇස් යවන ගමන්....

" මාත් එක්ක විහිලු කරන්න එපා ජිමින්..."

" අනී... මං කා එක්කවත් විහිලු කරන් නෑ.. ස්පෙශල් ඔයා එක්ක...🤨... "

" මට යන්න දෙනවා.. මට තමුසෙව පේන්න බෑ.... "

" ඔහ්.. මගේ යුන්හී ආයෙත් ඇවිත්... "

" යන්න දෙනවා ජිමින්..."

යුන්හී ජිමින්ගේ පපුවට අතක් තීයලා තමන්ගේ මූණට නැබුරු වෙලා ඉන්න ජිමින්ව ඈත් කරන්න දැගලුවත් ජිමින් නෙවේ දෂමයක්වත් හෙල්ලුනේ.. ඒ වෙනුවට ජිමින්  යුන්හීව අල්ලගෙනම පස්සෙන් පස්සට ගිහින් කෙල්ලව බිත්තියට තියලා තද කරලා අත් දෙක යුන්හීගේ මූණ දෙපැත්තෙන් තියලා යුන්හී දිහා බලලා හිනා වුනා....

" මං දන්නවා ඔයාට මාව මග අරින්න බෑ කියලා... "

" ජිමින් විකාර නොකර ඉන්න.. අනික මං ටේව මැරි කරන්න ඉන්න නිසා ඔයා මෙහෙම හැසිරෙන එක වැරදී... "

" තමුසෙට මට කියලා ඔය කට කඩා ගන්න ඕනේ නැත්නම් තවත් ඔය කටින් අරූ ලගට යනවා කියලා නොකියා ඉන්නවා... "

ජිමින් කිව්වේ මෙච්චර වෙලා හිනා වෙවී හිටිය මූණ ඒ එක්කම වෙනස් කරන් යුන්හී දිහා බලන ගමන්....

" ඔයාට බෑ ජිමින් මාව බය කරන්න... "

" 😄 බය කරන්න බැරි වුනත් ....🤨 මට මේ දේනම් කරන්න පුලුවන්..."

ජීමින් යුන්හීට වචනයක්වත් කියන්න ඉඩ නොතියා ඒ තොල් අල්ල ගත්තේ තමන්ගෙන් ඈත් වෙන්න දගලන කෙල්ලගේ අත් දෙකම උඩට කරලා අල්ලගෙන තව තවත් ඒ තොල් වල දග කරන ගමන්....
.
.
.
.
.
.
.
.
.

Meanwhile ....

පාන්දර වෙනකනුත් නින්ද නොගිය නිසා ටේ උදේම නැගිටලා ලෑස්ති වෙලා පහළට ආවේ කලින් දවසේ වුන දේට යුන්හීගේ ඔෆිස් එකට ගිහින් සමාව ගන්නවා කියලා හිතාගෙනයි .. ශර්ට් එකේ අතේ button  ටිකත් දදාම  ටේ පහළට එද්දිත් ශියා ලෑස්ති වෙලා කෑම ලෑස්ති කරන ගමනුයි හිටියේ....

ශියා වෙනදා වගේම ඔෆිස් අදින විදිහට ඇදලා හිටියත් ටේට ශියාව දැක්ක ගමන් මතක් වුනේ කලින් දවසේ කෙල්ල රතු ඉන්දියානුවෙක් වගේ බාගෙට ඇදගෙන හිටිය හැටි... ශියා දිහා බලන්ම පඩිපෙළ බැහැගෙන ආව ටේ අන්තිම පඩිය ලිස්සලා ගිහින් වැටී නොවැටී බේරුනේ 99න්... හොද වෙලාවට ශියා එවලේ හිටියේ වැඩක නිසා මේ සිද්ද වුන හතර විලි ලැජ්ජ නැති වැඩේ දැක්කේ නැහෑ... 😌...

" ( හම්මෝ දැක්කේ නෑ හොද වෙලාවට... දැක්කනම් මයේ රෙස්පෙක්ට් එක රෙද්ද පිටින්ම හේදිලා යනවා 🙂)....

ටේ කටත් හපාගෙන මුකුත් නොවුන ගානට කිචන් එකට ඇවිත් ටේබල් එකට හේත්තු වෙලා කන්න තියෙන්නේ මොනවද කියලා ඇහැදාලා බැලුවා....

" මොනවද කන්න තියෙන්නේ ? "


( A/N : 🤤🤤🤤🤤🤤🙂🙂🙂🙂🙂  හනේ මටත් කෑමක් වෙලා මේසේ උඩට යන්න හිතෙනවා...)

" ම්ම් මේවා තමා... "....

ශියා කිව්වේ කටත් ඇරන් ටේ දිහා බලන් අත් දෙකෙන් කෑම ටික පෙන්වන ගමන්....

මේසේ බත් , කිම්චි ස්ටූ, එග් රෝල්, සැලඩ් , වගේම සුප් තිබ්බා... ටේ ශියාට හොරෙන් කෙල ගුලියකුත් ගිලලා මෙසෙන් ඇවිත් වාඩි වෙලා ශියාත් වාඩි වෙනකම් බලන් හිටියත් කෙල්ල ටේට කන්න ඉඩදීලා ජූස් එක්ක බිබීයි හිටියේ...

" ඒයි මේ 😒 . කන්නේ නැත්ද ? "

" සර් කන්න.. මං ඩයට්... 🙂 මට මේ ඇති..."

" මගේ යකා අවුස්සන් නැතුව මෙතනින් ඇවිත් වාඩි වෙලා මේ ටික කනවා... 🤨 "

ඇත්තම කිව්වොත් ශියා කරන ඩයට් එකක් නැහෑ.. 😌කෙල්ලට තිබ්බේ ටේ එක්ක තනියෙන් වාඩි වෙලා කන්න තිබ්බ පරාණ බිය.... ඒත් ටේගේ කෑගැහිල්ලට කෙල්ල ජුස් එකත් අතේ තියන්ම ඇවිත් වාඩි වෙලා හිමීට කන්න ගත්තා....

" ඊයේ රෑ වුන දෙවල් වලට සමාවෙන්න... "

ටේ කිව්වේ කෑම එක දිහා බලාගෙනමයි.... ශියා ටේ දිහා බලලා හුම්ම් කියලා ආයෙත් කන්න ගත්තා...

" තමුසෙට නම්ජාචින්ගු කෙනෙක් ඉන්නවද ? "

" ඇහ්හ්හ්හ් 😳😳😳😳 "

" ( ආයිෂ් .. මං මොකද්ද  ඒ ඇහුවේ 😑.... කෝ මනුස්සයෝ දැන් තමුසෙගේ ආත්ම ගරුත්වය... )..... ආම්ම්ම් ... ඇයි මොකද මං ඇහුවේ නිව්ටන්ගේ නියමයක් නෙවේ....ඔච්චර පුදුම වෙලා ඇස් ලොකු කර ගන්න 😒 "

ටේත් ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට තිබ්බ ගැම්මෙන්ම වචන වලින් කෙල්ලට ගහලා දැම්මා....

" ආම්ම්ම් මේ... එහෙම කෙනෙක් නෑ සර්.. 🙄 වේ ? "

" ආ මේ අපේ ලොකු ඔම්මගේ පුතා ඉන්නවා බන්දලා දෙන්නා... 😒.............................. තමුසෙට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනේ... මං මොනවා හරි ඇහුවම උත්තර දෙනවා.... මගෙන් ප්‍රශ්න නොකර.... "

" ( මුගේ ගනකම 😒 )... දේ සර්...🙂 "

" කාට හරි කැමැත්තක් හිතේ තියෙනවද ? "

"ම්ම්ම් දේ.. 🙄 "

" ම්වෝ...😐🤨... කවුද ඒ ?.. මොකාද ඌ ?.. කොහේ එකෙක්ද ?... මොනවා කරන එකෙක්ද ?...කොහොමද ඌව දන්නේ ?.. ඌත් තමුසෙට කැමතිද ?.....මට කියනවා ඌ කොහෙද ඉන්නේ කියලා........ "

ටේ කකා හිටිය හැන්දත් මේසෙට හයියෙන් දමලා ගහලා එක හුස්මට ශියා දිහා බලන් ප්‍රශ්න කරගෙන කරගෙන ගියේ හරියට නිකන් ශියාගේ ඔම්මා අප්පා වගේ... ශියා බය වුන පාර තඩි කෙල ගුලියක් ගිලලා ආයෙත් බත් හැන්දක් කටේ දාන් හපන්න ගත්තා...

" ( 😑😑😑ඔය කලේ.... මේක විකාරයක් මහා... එක්කෝ මං මේක මෙයාට කියන්නද... එපා...දැන්ම එපා... ඔක්කොටම කලින් මෙයා කාටද කැමති කියලා හොයා ගන්න ඕනේ... 🤨 )
.
.
.
ඇහුනේ නැත්ද කවුද ඌ ? "

" ම්ම් මාත් තාම හොයනව එයා ගැන 🙄 ...  හැබැයි එයා ඩොක්ටර් කෙනෙක් කියලනම් දන්නාවා... 🤗 "

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

( මේ කවර් එක සෙනු නංගිගෙන් තැන්ක් යු බබා 💜️🤗 ... තව හම්බුන කවර්ස් වගයක් තියෙනවා මං හිමිට දාන්නම් ළමයි )....

___________________________________________

අන්න්‍යොන්ග් චින්ගුලා 🤫❤️

අදනම් කතාව ටිකක් බෝරින්ග් වගේ නේද  ? 🙄

Happy Namjoon Day Army !!! 💜️🤗🌈️

Vote කරන , Comment කරන හැමෝටම තැන්ක්‍ යූ සෝමච්.. 💜️

Borahae 💜️

Continue Reading

You'll Also Like

91.4K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
3.6K 717 12
Requested Story .. .... Money or Love... ** ජිආ ... ජිආ කියන්නේ තවමත් අවුරුදු 20 ක ගෑනු ළමයෙක්... එයාට හිටියේ එක ඔප්පා කෙනෙක් විතරයි ... **...
2.3K 529 10
සමාව කියන්නේ වචනයක්ම විතරයි සමාව කියන වචනෙට කවදාවත් බෑ බිදුන හදවතක් හරිගස්සවන්න.. සමාව ඉල්ලන්න ලේසි ඇති..ඒත් ඒක දෙන්න අමාරුයි..! Covered by Yun_MinJi...
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."