STILL WITH YOU | JJK AU | ✔️

De A_Shee1

31.8K 8.4K 4.1K

ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the... Mai multe

prologue
01.01.2023
disclaimer
chapter 01
chapter 02
chapter 03
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
postscript
note

chapter 04

856 259 104
De A_Shee1

Still With You ( Fan Fiction Only )
_Chapter 04_

______________________________________

그대 향해 한 걸음씩 걸어갈래요
Still with you

Geudae hyanghae han georeumssik georeogallaeyo
Still with you

I'll walk step by step towards you
Still with you

මම එක් පියවරක් බැගින් ඔබ වෙතට එන්නම්..
ඔබ සමග තවමත්..

____________________________________

" ජන්කුක්...!!!!"

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

කතා කලේ ජන්කුක් ඒ වෙලාවෙ හීනෙකිවත් බලාපොරොත්තු නොවුන කටහඩක්.

ජන්කුක් එකපාරටම හැරිලා බැලුවෙ ඒ කටහඩ නිසා. පුරුදු කටහඩක්. ඔව්.. ඒ ඇය තමයි.

" මම් ඔයා..!!?"

ජන්කුක්ගෙන් ඒ පිටවුන වචනෙට සේහිත් බය වුනා. ඒ බය වුන ඇසුත් ජන්කුක් හා සමාන්තරව අමුත්තිය දිහා හැරිලා බැලුවා.

ඒත් වුනේ වෙන්න තිබුන දේ නෙවෙයි.

" ජන්කුක්.. ඔයා නම් පුතා.."

මිසිස් ජොන්ගෙ පුදුමයට පත් වුන ඉරියව්ව විනාඩියක් තරම්වත් දීර්ඝ වුනේ නෑ. ඒ මූනෙ ඇදුනෙ ලස්සන හිනාවක්. ඒ හිනාවත් එක්කම ජන්කුක්ගෙ මම් ජන්කුක් ලගට එනකොටම සේහි අත් දෙක හිරවෙලා තිබුන ජන්කුක්ගෙ ශක්තිමත් අත ඉක්මනින් පහලට වැටුනා. සේහිගෙ මූනෙන් පෙනුනෙ ගොඩක් බය වුනු පෙනුමක්.

ඒ වුනත් ජන්කුක්ගෙ මම් එකපාරටම ඇවිත් සේහිගෙ කම්මුල් වලින් අල්ල ගත්තෙ ලස්සනට හිනාවෙන ගමන්.

" බලන්න දුව.. අපේ පුතාවත් කිව්වෙ නෑනෙ ඔයා ගැන.. ඒ වුනත් මට සැක හිතුනම නෙවෙයි.. මෙයා රෑට රෑට එහෙ මෙහෙ යනකොට.." ජන්කුක්ගෙ ඔම්මා කියවගෙන ගියේ සේහිගෙ ඇස් දිහා බලාගෙන හිනාවෙන ගමන්මයි.

" මම්.. මොනාද මේ කියන්නෙ..?"

ජන්කුක් පුදුම වෙලා. නෑ.. ඊටත් වඩා බය වෙලා.

" යාහ්.. බලන්නකො දූ මෙයාගෙ තියන ලැජ්ජාව.. හරි හරි ඉතින්.. මටයි ඔයාගෙ අප්පටයිත් මේ වගේ කාලයක් තිබුනා පුතා.."

" මම්...!!!!"

" ඉතින් දැන් අතටම අහුවුන එකේ කියන්නකො පුතා දුව ගැන විස්තර.."

" මම්.. මේ අහන්න මම්.. ඔයා දැන් ඉන්න ඕනි දේගු වල.. එහෙම නෙවෙයිද..?"

" අපෝ පුතා.. එහෙට වහිනවා. ඒ නිසා අපි දවස් තුනක් කලින් ආපහු ආවා.."

" මම්..!!"

" අනේ මම් මම් ගාන්නෙ නැතුව කියන්නකො මේ දූ ගැන.."

ජන්කුක්ගෙ මම් තාමත් ජන්කුක්ට කතා කරන්න දෙන්නෙ නෑ.

" මම් මන්.." ජන්කුක් ආපහු කතා කරන්න හැදුවත් ඒකට ඉඩ ලැබුනෙ නැත්තෙ එතනට ආපු තවත් අමුත්තෙක් නිසා.

" මොකද මෙතන මේ වෙන්නෙ..?" ඒක ගැබුරු කටහඩක්.

" ඩෑ..ඩ්..!!"

ජන්කුක් එහෙම කිව්වා නෙවෙයි ඔහුට එහෙම කියවුනා. එතන හිටියෙ සර් ජොන් විතරක් නෙවෙයි.. ජොන් තේහ්‍යුනුත් එතන හිටියා. ඒ වුනත් ජන්කුක් බය වුනේ ජොන් තේහ්‍යුන්ට නෙවේ. සර් ජොන්ට.

" අනේ බලන්නකො ජොන්.. පුතා ඔන්න අපේ ලේලිව අපිට පෙන්නන්න එක්කන් ඇවිත්.."

ඒ ජන්කුක්ගෙ මම්. ඒ හඩත් එක්කම ජන්කුක් බය වුනත් තේහ්‍යුන්ගෙ මූනෙ ඇදුනෙ සමච්චල් හිනාවක්. කොහොම වුනත් එයා ඒ හිනාව හන්ග ගත්තා කියලා නම් පැහැදිලිව පෙනුනා. ඔහුගෙ හිතේ ඒ වෙලාවෙ තිබුනෙ එකම දෙයයි..

' ජොන් ජන්කුක්.. උබ අද නම් ඉවරයි..'

" ජොන් ජන්කුක්..!!!!"

අප්පගේ කටහඩේ එච්චරම අමුත්තක් තිබුනෙ නැති වුනත් වෙනදට වඩා ගැඹුරු බවක් ගැබ් වෙලා තිබුනා කියලා හැමෝටම තේරුනා.

" ඩෑ..ඩ්..??" ඒ හඩට ජන්කුක්ට ඉබේම ගොත ගැහුනා.

" මැරි කරන්න කලින් ගෑනු ලමයව ගෙදරට ගේන්න කවුද ඉගැන්නුවේ..?"

" ඩෑ..ඩ්.. මන්.."

" ඔයාට දැන් මේ ගර්ල්ව මේ ගෙදරින් යවන්න බෑ ජන්කුක්.. තව සතියක් ඇතුලත මේ වෙඩින්ග් එක සිද්ධ වෙනවා.. ඒ කියන්නෙ සති දෙකක් ඔයාට නිවාඩු ලැබෙනවා ජොන් ජන්කුක්.. එතකොට තේහ්‍යුන් ඔයා.. හැමදේම බලන්න.."

" අනේ ඩෑ..ඩ්.. මන්.."

" මන් කියපු දේ වෙනසක් නෑ.. ආපහු කියන්න තියන්න එපා.. හනී.. ඔයා සේරම බලලා කරන්න.."

සර් ජොන් කතාවට තිත තිබ්බා. ඉපදුනු දවසෙ ඉදන් වගේම අදත් සර් ජොන්ගෙ තීරන ඉස්සරහ ජොන් තේහ්‍යුන් සහ ජොන් ජන්කුක් දෙන්නම නිහඩයි.

~~~~~~~~~~

" දුව.. ඉතින් ඔයා ගැන විස්තර ටිකක් කියන්නකො මට...?"

මිසිස් ජොන් ඇහුවෙ සේහිව වෙනත් කාමරේකට එක්කන් ගිහින්. මොකද සර් ජොන්, තමන්ගෙ පුතා ජන්කුක් එක්ක ගොඩක් කේන්තියෙන් හිටියෙ සේහි ජන්කුක්ගෙ කාමරේ හිටපු නිසා. ඒ නිසාම මිසිස් ජොන්, ජන්කුක්ගෙ කාමරේට කාමර දෙකක් එහා පැත්තෙන් තිබුන කාමරේ සේහිට ලෑස්ති කරලා දීලා ඇයව එහෙට එක්කන් ගියා.

" මගෙ නම සේහි මැඩම්.."

ශරීර තත්ත්වය කොච්චර දුර්වල වුනත් වගේම මානසික මට්ටමෙන් පවා ඒ වෙලාවෙ හිටියෙ මොන තරම් පහල තත්ත්වෙක වුනත් සේහි කටට හයිය අරගෙන මිසිස් ජොන්ට උත්තර දුන්නා.

" දුවගේ පේරන්ට්ස්ලා? එතකොට දුවගෙ ස්'ර් නේම් එක?"

" මගේ පේරන්ට්ස්ලා නැතිවෙලා ගොඩක් කල් මැඩම්.. ඒ වගේම මන් මගේ සර්' නේම් එක යූස් කරන්නෙ නෑ.. සමාවෙන්න.."

" පොඩ්ඩක් ඉන්න.. ඇයි ඔයා මට මැඩම් කියන්නෙ?"

" අහ්..?" ඒ ප්‍රශ්නෙදි නම් සේහි ගැස්සුනා.

" දුව මට දැන් මම් කියලා කතා කරන්න.. කොහොමත් තව සතියකින් මන් දුවගෙ මම් තමා.."

" මැඩම් ඒ වුනත්.."

" අහ්.. ඔයා දැන් බය වෙලා ඉන්නෙ දුව.. ඒකට කමක් නෑ.. ඔයා කිසිම දෙයක් හිතට ගන්න ඕනි නැහැ.. මමයි ලොකු පුතයි සේරම ගැන බලන්නම්.. ඔයා ඉන්නකො ඔයාගෙ ප්‍රේම කුරුල්ලත් එක්ක.. ම්ම්.."

" ඒත් ම.."

" වෙඩින්ග් එකේ හැමදෙයක් ගැනම අපි බලා ගන්නම්.. ඔයාගෙ දෙමව්පියෝ නෑ කියලා දුක් වෙන්නෙපා දරුවො.. දැන් අලුත් දෙමව්පියො ලැබුනා කියලා හිතන්නකො.. එහෙනම්.. ඔයා මේ වටපිටාව ගැන බලන්නකො.. ඔයාට මෙහෙ මුලින්ම අතරමං වෙන්න නැතුව ඇවිදින්න ඉගෙන ගන්න වෙයි.. ඒ නිසා දන්නැතුව එහෙ මෙහෙ යන්නෙපා.. මොකද ඔයා තනියෙන්නෙ දුව.. මන් එහෙනම් පහලට යන්නම්.. ඔයා ඕනි වුනොත් පහලට එන්නකො ජන්කුක් එක්ක.. එහෙම නැත්නම් මේඩ්ලා උඩට කෑම ගේනවා.. මෙහෙ ඉදන්ම ඔයාට කන්න පුලුවන්.."

ඒ විතරක් නෙවේ.. තවත් විස්තර මහ ගොඩක් කියලයි මිසිස් ජොන් සේහිගෙ කාමරෙන් යන්න ගියේ.. ඔලුවට ගියත් ඒ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුන සේහි එහෙමම ඇදට වැටුනා. ඇයට හිතාගන්න පුලුවන් වුනේ නැහැ ඇත්තටම විනාඩියකටත් අඩු කාලයක් ඇතුලෙදි මොකක්ද ඒ වුනේ කියලා..

විවාහයක්..??

ඇත්තටම ජොන් පවුලට විවාහයක් කියන්නෙ එච්චරටම සුලු දෙයක්ද..? නෑ.. ඇත්තටම එහෙම වෙන්න බෑ.. ජොන් පවුලට තියා කාටවත්ම විවාහයක් කියන දේ සුලු දෙයක් වෙන්න බෑ.. මොකද විවාහය කියන්නෙ වගකීම් ගොඩක්..

මේ වගේ දේවල් මහා පරිමානයෙන් හිතන්න සේහිට ඕනි වුනත් එයාට ඊට කලින් නින්ද ගියා. සමහරවිට ඒ බෙහෙත් වල සැර නිසා වෙන්න ඇති.

සුදු පාට ලිලී මල් වලට ඇත්තටම ආස වුනත්.. ඒකත් ඇත්තටම වේදනාවක්.. සුදු පාට.. සුදු පාට සන්සුන් වුනත් ඇත්තටම ඒ සුදු පාට ඇතුලෙ හැන්ගුන මලානික ගතියක් තියනවා කාටවත්ම පේන්නෙ නෑ.. ඒ වුනත් ඒ සන්සුන් බවට වඩා මුලින්ම මලානික බව පේන අයත් ඇත්තෙම නැතුව නෙවෙයි.

ඇත්තෙන්ම දැන් සේහිටත් ඒ ලිලී මල් වල තිබුන මලානික බව පේන්න පටන් අරගෙන තිබුනා.. එක හේතුවක් කිව්වොත් දේයන්ගෙ මතකය..

එතකොට අනිත් දේ මොකක්ද..?

කලකිරීමක් ඇතුලෙ ඉද්දි තවත් වේදනාවල්..

ඇත්තටම සේහිට ඒ දේවල් ඔරොත්තු දුන්නෙ නෑ.. කොහොම ඈත අතීතයක් තිබුනත්.. කොහොම ලග අතීතයක් තිබුනත්.. ඇයට ඒක දරා ගන්න බැරිවුනා..

විවාහයක්..? ජොන් ජන්කුක්ගෙ බිරිද විදිහට ජොන් මන්දිරයට.. නෑ.. මේ මොන විකාරයක්ද..?

නින්දෙදි පවා සේහිට හිතුනෙ මේ වගේ දේවල් විතරයි.. කොහොම වුනත් ඇය දැනන් හිටියා මේ ප්‍රශ්නෙදි ඇයට පැනලා යන්න පුලුවන් ප්‍රතිශතය සීයට දශම ගානකටත් වඩා අඩුයි කියලා. ඒ වගේම ජොන් පවුලත් එක්ක හැප්පෙන්න ඇයට ශක්තියක් නෑ කියලත්.

පැය හතරක් හෝ පහක් ගත වෙන්න ඇති.. සේහිට ඇහැරුනා.. ඒත් කිසිම බාහිර ශබ්දයක් නිසා නෙවෙයි.. ඉබේම ඇයට ඇහැරුනා. බ්ලැන්කට් එක අයින් කරලා එක අතකින් කොන්ඩෙ හදන ගමන් ඇය බැලුවෙ බිත්ති ඔරලෝසුව දිහා. වෙලාව හවස හයටත් ලන් වෙලා... ඒ වුනත් කිසිම හැල හොල්මනක් කාමරෙන් එලියෙ වෙනවා සේහිට ඇහුනෙ නෑ. හරියටම ඒක නිකන් මල ගෙදරක් වගේ.. සෑහෙන්න ගුප්ත බවක් ඒ පරිසරයේ තිබුන සුලගෙන් පවා සේහිට දැනෙන්න පටන් ගත්තා.

' ටක් ටක් ටක්'

කිසිම විශේශයක් නැතුව ආපහු පැය දෙකක් විතර ගියාට පස්සෙ යන්තම් නිහඩතාවය බිදලා දාලා කවුරුහරි සේහිගෙ දොරට තට්ටු කලා..

" එන්න.."

" මැඩම්.. මෙන්න ඔයාගෙ රෑ කෑම.."

" අහ්.. ස්තූතියි.."

" මම යන්නම් මැඩම්ම්.."

" හරි..

" ..."

" ඒ වුනත්.."

" මැඩම්..?"

" ජන්කුක්ශී කොහෙද..? මට එයාව හම්බෙන්න ඕනි ඇත්තටම.."

" සමාවෙන්න මැඩම්.. පොඩි බේබි දැනටමත් නිදි.. බෙඩ් රූම් එකට යන්න කලින් පොඩි බේබි අපිට කිව්වා මැඩම්ට ඩිනර් එක ඇතුලට ගෙනත් දෙන්න කියලා.."

" අහ්.. හරි.."

කවමදාවත් කාගෙන්වත් දැකලා නැති යටහත් පහත් බවක් සෙහි ඒ මේඩ්ගෙන් දැක්කා. ඇත්තටම ගෙනත් දුන්න කෑම වල ස්තූති කරද්දි පවා එයා ගැස්සුනා.. ඒ කියන්නෙ.. එච්චරටම මෙහෙ නීති සැරයිද..? අනිත් එක මැඩම් කියන්නෙ..

හිතනවා නම් කොච්චර හිතන්න දේවල් තියනවද..? ඒ නිසා සේහි හිතන එක නවත්තලා කෑම කන්න පටන් ගත්තා. සරල වුනත් ගොඩක් මිල අධික කෑම වර්ග වලින් සේහිගෙ රෑ කෑම සැරසිලා තිබුනා. ඒ දේවල් වලින් සේහිගෙ හිත ගිය එකම ආහාරය වුනේ තෙල් දාපු ඉස්සන් ස්ටුව විතරයි.

කාලා ඉවර වෙනකොටම සේහිට ඇහුනා වෙනවා ආපහු දොරට තට්ටු කරන හඩක්..

' ජන්කුක්ශී වෙන්න ඇති'

සේහිට එක මොහොතකට සහනයක් දැනුනා. ඒ ජන්කුක් ගැන තිබුන හැගීමක් නිසා නෙවේ.. තට්ටු ගානක් උස එක තට්ටුවක කෙලවරක් හොයා ගන්න බැරි මේ වගේ මන්දිරයක සේහි දැනගෙන හිටපු එකම කෙනා ජොන් ජන්කුක් විතරයි.. ඒ නිසා කොච්චර ආගන්තුක වුනත් කොච්චර නපුරු වුනත් ජන්කුක් ලගදි සැනසීමක් දැනෙන්න තරම් සේහිගෙ හිත එක දවසකින් සංවේදී වෙලා හැඩගැහිලා තිබුනා.

" එන්න.."

කොහොම වුනත් සේහිගේ ඒ සැනසීම විනාඩි ගානක්වත් තිබුනෙ නෑ.. මොකද ඇවිල්ලා තිබුනෙ ජන්කුක් නෙවෙයි..

" මැඩම්.. මේ බෙහෙත් ටික පොඩි බේබි දෙන්න කිව්වා.."

වතුර වීදුරුවක් එක්ක බෙහෙත් පෙති කිහිපයක් තිබුන බන්දේසියක් එක්ක ආපු ඒ මේඩ් ඒකත් තියලා එලියට ගියා.

' ජන්කුක්ශී.. ඔයා කොහෙද..?'

හිත කොච්චර කෑ ගහලා එහෙම ඇහුවත් සේහිට උත්තරක් ලැබුනෙන් නෑ..

පැයක් දෙකක් නෙවෙයි.. දවස් දෙකක් යනකල්ම..

සේහිට දැනුනෙ පුදුමාකාර අසරන බවක්.. ජීවිතේ කවමදාවත් ඇයට ඒ විදිහට දැනිලා තිබුනෙ නැහැ. ඇයට ඇත්තටම කාමරෙන් එලියට යන්න ඕනි වුනා.. අඩුම තරමෙ එයා ඉන්න තැන බලාගන්නවත්. ඒ වුනාට ඇයට ඒකට පුලුවන් කමක් තිබුනෙ නෑ.. හේතුව එයා අතරමං වෙයි කියලා තිබුන බය නෙවෙයි. එයා එන්න එන්නම කායික ශක්තියෙන් පිරිහුන එක.. හැම වේලටම කෑම වේල කාමරේට එව්වත් සේහිට කන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.. ඇයගෙ ගර්භාශයේ තිබුන තුවාල ඇත්තටම තවමත් සනීප වෙලා තිබුනෙ නැහැ. ඒ නිසා ඇයව එන්න එන්නම දුර්වල වුනා.. අඩුම තරමෙ විනාඩි ගානක් කෙලින් හිටගෙනවත් ඉන්න බැරි තරමට.

ඒ කොහොම වුනත් දවස් දෙකක් යනකල් ජොන් ජන්කුක්ගෙ සේයාවක්වත් සේහි දැක්කෙ නැහැ. ජන්කුක්ගෙ තියා මිසිස් ජොන්ගෙවත්. ඇත්තටම එයාලා විවාහයට ලෑස්ති වෙනවද..? සේහිව වෙව්ලලා ගියා. බෑ.. එහෙම වෙන්න බැහැ. හරියටම එයා ඇක්සිඩන්ට් වෙලා දවස් හතරයි.. වේදනාවට අමතරව තවත් ප්‍රශ්න.. මොනාද මේ..?

ඔව්.. සේහි තීරනයක් ගත්තා..

ජොන් මන්දිරයෙන් පැනලා යන්න...

~~~~~~~~~~

" හ්‍යුන්ග්.. ඔයාම කියන්නකො හ්‍යුන්.. මන් මොකක්ද දැන් කරන්න ඕනි?"

ජන්කුක් ඇහුවෙ තේහ්‍යුන්ගෙන්. තෙවන මහලෙ පලවෙනි සදලුතලයෙ ඒ දෙන්නා දැන් විනාඩි විසි ගානක විතර ඉදන් ලොකු කතාවක පැටලිලා.

" ඔයා හොදටම දන්නවා කුක් ඔයාට දැන් මේ ගර්ල්ව මැරි කරනවා ඇරෙන්න වෙන කිසිම ඔප්ශන් එකක් නැහැ කියලා.."

" ඒ වුනත් මන් කොහොමද හ්‍යුන් ඒකට හිත හදාගන්නෙ..?"

" යේරාද ප්‍රශ්නෙ කුක්..?"

" ඔව් හ්‍යුන්.. මන් එයාට ඇත්තටම ආදරෙයි.."

" ඒත් දැන් ඔයාට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ.. ඔයාමයි මේ දේ කරගෙන තියෙන්නෙ.."

" ඒ වුනත්.."

" ඩෑඩ්ගේ වචනෙට පිටින් ගිහින් ඔයා මොකක්ද කරන්න හදන්නෙ කුක්.. ඔයා හොදටම දන්නවා ඔයාට ඒ දේ කලොත් ජීවිතයක් ඉතුරු වෙන්නෙ නැහැ කියලා.."

" හ්‍යුන්න්..!"

" යේරා දැනටමත් ඔයත් එක්ක තරහින්.. ඉතින් ඔයා හදන්නෙ මේ ගර්ල්වත් තරහ අර ගන්නද..? දැන් දවස් දෙකක් ඒ ගර්ල් අර රූම් එක ඇතුලෙ.. එයා ගොඩක් බයෙන් ඇත්තෙ කුක්.. ඔයාට ඔයිට වඩා තෙත හදවතක් තියෙන්න ඕනි.."

" හ්‍යුන්..?!! ප්ලීස් හ්‍යුන් මන්.."

" ඔයා මොන දේ කලත් එයා ඉන්නෙ ලෙඩින් කුක්.. ඒ වගේම ඒ ලෙඩේට ඔයයි වග කියන්න ඕනි.. දරුවා වටේ ගිහින් නෙවෙයි කොහොම හදා ගත්තත් ඒ ඒ ගර්ල්ගෙ දරුවා නම්.. ඒ ගර්ල් ඒ දරුවගෙ මමා.. ඔයා ඔහොම ඉන්නෙ මමා කෙනෙක්ගෙ ජීවිතේම නැති කරලා දාලා.. නිකමට හිතලා බලන්න කුක් ඔයාට මේ දේ වුනා නම් කියලා.. සමහරවිට ඔයාට මේ ගැන එච්චර තේරෙන එකක් නෑ.. ඒත් මට ඒ දේ තේරෙනවා කුක්.. මොකද මෙහෙ පේරන්ට්ස්ලා කොච්චර හොදින් සැලකුවත් මට මගේම මමුයි ඩෑඩුයි නැති එකේ අඩුව සෑහෙන්න දැනෙනවා.."

" සමාවෙන්න හ්‍යුන්.."

" තීරනයක් ගන්න ඕනි ඔයාමයි කුක්.. ඔයා හොදටම දන්නවා ඔයා කොයි විදිහෙන් ඩෑඩ්ට මේ දේවල් පැහැදිලි කළත් එයා මේ කිසිම දෙයක් පිලි ගන්නෙ නැහැ කියලා.. ඒ කියන්නෙ.. ඔයාට ඉතුරු වෙලා තියෙන්නෙ මේ ගර්ල්ව මැරි කරන ඔප්ශන් එක විතරයි.."

" හ්‍යුන් ඒත් යේරා.?"

" විනාඩියකට හිතලා බැලුවද ඔයා යේරට කැමති ඇයි කියලා..?"

" හ්‍යුන්...!!"

" ඔන්ලි ෆො හර් ස්මාට් සෙක්සිනස්.. හව් ඉඩියට් යු ආ මිස්ටර් ජොන් ජන්කුක්..!?"

" ඒත් හ්‍යුන් මන්.."

ආපහු කියන්න හදපු දේ ජන්කුක්ට කියන්න වුනේ නෑ.. මොකද එයා දැක්කා ට්‍රැවලින් බෑග් එකත් බිම දිගේ අමාරුවෙන් ඇදගෙන එන සේහිව.. අනුකම්පාවක් පහල වුනේ නැතත් සේහිව දැක්ක ජන්කුක් පිච්චිලා ගියා.

එයා ගෙ මූනෙ තිබුන මලානික බව..

තොල් වල රතු පාටක් තියා ලා රෝස පාටක්වත් පේන්න නෑ.. සුදුම සුදු පාටයි..

ඇස් දෙක බාගෙට පියවිලා..

කාමරේ ඉදන් එතනට තිබ්බ දුරට දාඩියත් දාලා.

" සේහි..?"

ඒ ඇමතුමට තමා සේහි ජන්කුක්ව දැක්කෙ.. ඒ වගේම තේහ්‍යුන්වත්.. එකපාරටම සේහි නිරුත්තර වුනා..

" සේහි ඔයා මොකද කරන්නෙ..?"

ආපහු ජන්කුක්ගෙන් ප්‍රශ්නයක්. ඒ පාර නම් ජන්කුක්ට උත්තර දෙන්න තරම් සේහි පරක්කු වුනේ නැහැ. ආපහු ඇය ඇයගෙ බෑග් එකත් අරන් ඇවිදගෙන ගියේ බැල්කනි එකට එහා පැත්තෙන් තිබුන පහලට බහින පඩිපෙල ලගට.

" සේහි..!"

" සේහි මේ අහන්න.. ඔයාට යන්න බැහැ.."

ජන්කුක් ඒ පාර කතා කලේ තේහ්‍යුන් දිහා බලලා.. තේහ්‍යුන් ඔලුව වනලා ඇස් වලින් කිව්වෙ 'හරි තීරනේ ගන්න කුක්' කියලා.. ඊටපස්සෙ තේහ්‍යුනුත් එයාගෙ තට්ටුවට ගියා.

" සේහි අපි කතා කරමු.." ඒ පාරත් කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නෑ.

ජන්කුක් කවදද කාටද බැගෑපත් වුනේ.. ඒ නිසා ඔහු ආපහු පාරක් සේහිට ආයාචනා කරන්න උත්සාහ කලේ නැහැ. කෙලින්ම සේහි ලගට ගිහින් ඇයගෙ අතේ තිබුන ට්‍රැවලින් බෑග් එක තමන්ගෙ අතට අරගෙන ඇයගෙ දකුනු අතින් ඇදගෙන ගිහින් කාමරේ ඇතුලට දාලා දොර වැහුවෙ ඒ දෙන්නා විතරක් කාමරේ ඇතුලෙ කරමින්.

විනාඩි ගානක් යනකල් කවුරුත් කතා කලේ නැහැ.

" ජන්කුක්ශී.. ඔයාට මොනාද මගෙන් ඕනි...?" සේහි කතා කලා.

" මේ අහන්න සේහි.. මට සමාවෙන්න.."

" ඕකේ.. සමාව දුන්නා.. එච්චරයිනෙ ඕනි..? මන් යන්නම් එහෙනම්.." ජන්කුක් ආපහු යන්න හදපු සේහිගෙ අතින් ඇදලා අරන් ඇදට උඩට විසි කරලා දැම්මෙ සෙල්ලම් බඩුවක් වගේ සැහැල්ලුවෙන්.

" ඔයාට දැන් මේකෙන් පැනලා යන්න බෑ සේහි.."

" පැනලා යන්න? මන් පැනලා යනවා නෙවෙයි ජන්කුක්ශී.. පැනලා යන්න මන් මෙහෙ කෙනෙක් නෙවෙයි.."

" ඒ වුනත් ඔයාට ඇහුනනෙ ඩෑඩ්ගෙ වචන ටික.. අන්න ඒ වෙලාවෙ ඉදන් ඔයා මෙහෙ කෙනෙක්.."

" ජන්කුක්ශි.. මට දැනටමත් වෙලා තියන්නෙ දරා ගන්න පුලුවන් ප්‍රශ්න ගොඩක් නෙවෙයි.. ඒ නිසා කරුනාකරලා.. මට දැන්වත් ඉන්න දෙන්න.."

" මේක මග ඇරලා යන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි සේහි.. ප්ලීස් මන් ඉන්න තත්ත්වෙ තේරුම් ගන්න.."

" හරි.. මන් තේරුම් ගන්නම්.. ඊට කලින් ඔයාට පුලුවන්ද මන් ඉන්න තත්ත්වෙ තේරුම් ගන්න ජන්කුක්ශී..?"

" ඔයාව මන් දැනටමත් තේරුම් අරන් ඉන්නෙ සේහි.."

" මොනාද ඔයා තේරුම් ගත්තෙ ජන්කුක්ශී.. ඔයා හිතනවද ඔයා මාව තේරුම් ගන්න අඩුම තරමෙ මන් ගැන දශමයක් හරි දන්නවා කියලා..?"

" සේහි ප්ලීස්.."

" මට මේක දරා ගන්න බෑ ජන්කුක්ශී.. එක්කො ඔයාට තිබුනා මට මැරෙන්න දෙන්න.. ඇත්තටම මගේ ඉවසීමේ සීමාව පන්නලා ඉවරයි දැන්.."

" හරි.. මන් ඔයා වෙනුවෙන් මොකක්ද කරන්න ඕනි කියන්න.."

" මට යන්න දෙන්න.. එහෙම නැත්නම් මට මැරෙන්න දෙන්න.."

" බැහැ.. ඒ දෙකම නැතුව මට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියනවද සේහි..?"

" නෑ.. ඒ දෙක විතරයි.."

බිත්ති ඔරලෝසුවෙ මිනුමට අනුව ගෙවුනු විනාඩි එකහමාරක විතර නිශ්ශබ්දතාවයට තිත තියපු ජන්කුක් එකපාරටම සේහි ලගට ගිහින් ඇයගෙ උරහිස් වලින් අල්ලගෙන ඒ ඇස් දිහා කෙලින් බැලුවා.

" මාව මැරි කරන්න සේහි.. මන් ඔයාට අලුත් ජීවිතයක් දෙන්නම්.."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

____________________________________

මලින වූ ලිලී මලක්..
ලෙසින් ඔබ දිස් වුවත්..
හැගීමෙන් තොර වුවත්..

" මගේ වෙන්න.. මගේ ජීවිතයට එන්න.."

පියවරක් ඔබ වෙතට තබා මම
එදා ඔබට පැවසූ ඒ වදන් පෙළ..

තාමත් රැව් දෙන දෙන මේ නිදි නැති රැය..
පවසන්නේ කිමද..?

මම එක් පියවරක් බැගින් ඔබ වෙතට එන්නම්..
ඔබ සමග තවමත්..

____________________________________

Cover by kookmin_angel

ඇත්තටම කතාව ගැන කියන්න කිසිම දෙයක් නැද්ද..?

Reference : හ්‍යුන්ග් යනු කොරියානු භාශාවේ වැඩිමල් සහෝදරයාට පිරිමි සහෝදරයා අමතන ආකාරයයි. නමුත් බොහෝ පිරිමි නම් වල හ්‍යුන්ග් නාමය නමක් ලෙස ඇති අවස්ථා බහුල වේ.

A_Shee1 ~

Continuă lectura

O să-ți placă și

6.8K 1.1K 11
මේ 2095 අවුරුද්ද....ලෝකය හැම අතින්ම වෙනස් වෙලා.... BTS...මේ නම...ඒ මතකයන්...ඒ හැමදේම අතීතය අතරට ගිහින්... එතකොට A.R.M.Y...එයාලා තවමත් කාලයක් තමන්ගේ ජ...
5.5K 1.3K 5
'Orenda' ඒ වචනේ තේරුම දන්නවද... (All from my ImAgiNatiOn) Completed@April2020
272K 17.6K 75
ជុងគុក"ស្នេហាមួយនេះកើតឡើងដោយការជួបគ្នាដោយចៃដន្យរវាងបងនិងអូនតែប៉ុណ្ណោះ តែវត្តមានរបស់អូនដែលចូលមកក្នុងជីវិតរបស់បង គឺដូចជាពន្លឺដែលរះបំភ្លឺបងអោយចេញពីភាពងង...
51.5K 7.2K 31
මිනිස්සුන්ගේ ජීවිතවලට වෙන්නෙම එයාලා හීනෙකින්වත් හිතන්නේ නැති දේවල්.. එයා කවදාවත් හිතුවේ නෑ එයාගේ ජීවිතේ BTS නිසා උඩු යටිකුරු වෙයි කියලා.. මුළු ජීවිත...