BLIND LOVE ❤️ [ Completed ]

By JinNu97

20.3K 4.8K 1.5K

- වේදනාවක් නැතුව ආදරේ හැගීම ලබන්න ඕනේනම් ආදරේ කරන්න ,.... ඒ තමන්ටත් ආදරේ කරන කෙනෙක්ට ... 🥀- ------Alpha Tae... More

1st Chapter 🐺
2nd Chapter 🐺
3rd Chapter 🐺
4th Chapter 🐺
5th Chapter 🐺
6th Chapter 🐺
8th Chapter 🐺
9th Chapter 🐺
10th Chapter 🐺
11th Chapter 🐺
12th Chapter 🐺
13th Chapter 🐺
Author Note ⚠️️
14th Chapter 🐺
15th Chapter 🐺
Final Chapter 🐺

7th Chapter 🐺

957 274 44
By JinNu97

Few Days Later ...

Still Tae Pov...

එදා වුන දෙයින් පස්සේ මං පුලුවන් තරම් යුන්හීව මග අරින්න උත්සහා කලා... කැසිනෝ එකේ වැඩත් එක්ක මට කොහොමත් වැඩිය ගෙදර රැදෙන්න වුනේ නැහැ.. අඩුම ගානේ ජීහූ එක්කවත් මට ඉන්න වෙලාවක් හම්බුනේ නැහැ... එදායින් පස්සේ ජිමින්වත් මට හම්බුනේ නැහෑ... කොහොමත් මට ඌ එක්ක තරහක් තියෙන නිසා මට පේන්න නොයෙන එක ගැන මට සතුටක් දැනුනා... ඒත් මට සැරින් සැරේ ජිමින්ගේ ඉව දැනුනා.. මිනිහා අපේ වටේම කැරකි කැරකි ඉන්නවා කියලා මට තේරුනාත්  ඒක මං පිටට පෙන්නුවේ නැහෑ..

අදත් මට උදෙන්ම ගේ ලගින් දැනුන ජිමින්ගේ ඉව නිසා මං වැඩට යන එක පරක්කු කරලා ටිකක් වෙලා අරන් ලෑස්ති වුනා.. යුන්හීත් ඒ වෙනකොට ඔෆිස් යන්න ලෑස්ති වෙලා හිටිය නිසා මට තවත් එයාව මග අරින්න පුලුවන් කමක් තිබ්බේ නැහෑ..

සාමාන්‍ය විදිහට වෙනදා වගේම වොශ් එකක් දාන් ලැස්ති වෙලා මිරර් එක ලගට වෙලා මං ශර්ට් එකේ අතේ button  එක දාන ගමනුයි හිටියේ.. යුන්හී ලැස්ති වෙලා මං ලගට හිමිට එනවා මං දැක්කත් නොදැක්ක ගානට මං මගේ වැඩේට අවදානේ දුන්නා..

" ටේ... "

" ම්ම්ම්ම් "

" ඔයා මාව මග අරිනවද ? "

" මං ඇයි ඔයාව මග අරින්නේ ?."

" අහන්නකෝ.. "

යුන්හී මගේ ලගට ඇවිත් මාව එයාගේ  පැත්තට හරවලා මං දදා හිටිය ශර්ට් එකේ button  එක දාලා කොලර් එකත් හදලා මං දිහා බලන් හිට ගත්තා..

" ඒ දේ අමතක කරන්න..මාත් අමතක කරන්නම්... මාව මග අරින්න එපා ටේ.. මට එතකොට ලොකු තනිකමක් දැනෙනවා.. "

" ඔයාට ඒ දේවල් අමතක කරන්න ලේසී වුනාට මට බැහෑ..ඔයා ඉස්සරත් ඒකමයි කලේ.. දැනුත් ඒකමයි කරන්නේ.."

" ටේ මං කියන එක අහන්න පොඩ්ඩක්.. "

" මට අහන්න දෙයක් නෑ යුන්හි.. මං හැමදාම ඔයා කියන එක අහන් හිටියා .තවත් බෑ.. මේ බොරු බැදීම් එක්ක මට හිර වෙලා ඉදලා ඇතිවෙලා...එක්කො ඔයා මගේ වෙන්න ඕනේ.. නැත්නම් ... වැඩක් නෑ ඕක කතා කරලා.. හැමදාම එකම තැනින් නවතින්නේ.. මං කොච්චර ඔයාට ලං වුනත් ඔයාට මං ගැන හැගීමක් නැහැනේ යුන්හී.. "

මං යුන්හීගේ ඇස් දිහා බලන්ම කියන්න ඕනේ ටික කිව්වා.. මොකද මට තවත් බොරුවට මේ වේදනාව හිතේ තියන් ඉන්න බෑ.. එයත් තේරුන් ගන්න ඕනේ.. හැමදාම මං එයාගේ හිත රිදෙයි කියලා කටවහන් හිටියා .. මං යුන්හීට තවමත් ආදරෙයි.. ඒත් එහෙම කියලා එයාට ලං වෙලා තේරුමක් නැත්නම්.. කොහොමත් ජිමින් ආවම යුන්හී එයා ලගට යයිනේ...

මං ආයෙත් මිරර් එක පැත්තට හැරිලා ඇදුම හදන් එතනින් යන්න හැරුනා...

" මං කැමතිනම්... "

එක පාරට යුන්හි කිව්ව දේ එක්ක මාව ටික වෙලාවකට ශොක් වුනා ... එයා මට දැන් කිව්වේ මට කැමති කියලද ?.. නෑ ඒක වෙන්න බෑ... අනික ජිමින් ඉන්නවා..මං මොකද කරන්නේ.. මගේ මොලේට මේ වෙලාවේ මුකුත් එන්නෙත් නෑ.. හොදම දේ යුන්හීව පොඩ්ඩක් මග අරින එක..

.
.
.

යුන්හී හිටියේ මගේ අතකින් අල්ලලා නවත්තගෙන...මං එහෙන්ම යුන්හී දිහා බලලා යන්තමින් හිනා වෙලා එයාගේ අත අයින් කරලා වචනයක්වත් නොකියා පහළට ආවා...

Pov End..

ටේ පහළට යද්දිත් ශියා ජීහූට කෑම කවන ගමන් හිටියේ.. ශියාගේ මූණවත් නොබලා ටේ ජීහූ ලගින් වාඩි වෙලා ශියා කව කව හිටිය කෑම එක ඇදලා අරන් ජීහුට කවන්න ගත්තා...

" ඕ.. යුන්හී ශී... බ්‍රෙස්ක්ෆස්ට් ගන් නැත්ද ?"

" එපා ශියා.. මට බඩගිනි නෑ... මං යනවා ජීහූ ඔම්මා යනවා.. දග නොකර ඉන්න.. ශියා බබාව හොදට බලා ගන්න.. "

යුන්හී ජීහූට කිස් එකක් දීලා ටේ එක්ක කතා නොකරම උදේට කන්නෙත් නැතුව ඔෆිස් ගියා...

යුන්හී ටේ අතර මොනවා හරි ප්‍රශ්නයක් කියලා ශියාට තේරුනත් ඒ ගැන අහන්න බැරි නිසාම බිම බලාගෙනම එයත් කන්න පටන් ගත්තා...

" මේ ඒයි... "

" සර් ? 🙄 "

" 😑 හැම වෙලේම බය වෙලා ආං දිහා බලන්න එපා හලෝ..මං තමුසෙව කන් නෑ.. බබාගේ කිරි එක අරන් එනවා ගිහින්.. "

ටේගේ කෑගැහිල්ල අහගෙනම ශියා ඔලුවත් පාත් කරලා නැගිටලා ගිහින් ජීහූගේ කිරි එක අරන් ආවා..

" තමුසේ කොහේ කෙනෙක්ද ? "

" ඉල්සාන් "

" මෙහේ ආවේ ? "

" මං ජීවත් වෙන්නෙ තනියම.. ඔම්මා අප්පා නැහෑ.. 🙂 "

" ම්ම්... මීට කලින් කොහෙද වැඩ කලේ ?"

" පොඩි පොඩි පාර්ට් ටයිම් ජොබ් වගයක් කලා.. "

" ඇයි ඉගෙන ගෙන නැත්ද ?"

" 😔😔 මට ඉගෙන ගන්න තරම් තත්වයක් තිබ්බෙ නෑ සර්.. "

" යුන්හීව දන්නේ කොහොමද ?"

" JP කම්පැණි එකේ ක්ලීනින්  සර්විස් එකට තමයි මං ආවේ.. ඒත් මැඩම් මට මේ ජොබ් එක දුන්නා.. "

" 😑 ආයිෂ්.. ඔක්කොම වෙන්නේ එකම විදිහට.. පටන් ගත්ත තැනටම යනවා වගේ... "

" සර් ? "

" නෑ නෑ මුකුත් නෑ... 😒 බබාව බලා ගන්න..මං යනවා........... ජීහූයා... අබුජි යනවා මගේ ප්‍රින්සස්... උම්ම්ම්ම්ම්මාඅ..😚 මගේ කෙල්ල දග නොකර ඉන්න හරිද ?   මේ අජුම්මා සැර කලොත් එවලෙම අබුජිට කෝල් කරන්න හරිද ?"

ටේ ජීහූව වඩාගෙන ඉඹින ගමන් හොර ඇහින් ශියා දිහා බැලුවේ ආජුම්මා කිව්ව එකට කෙල්ලට කේන්ති ගිහින්ද බලන්න.. හිතුව වගේම ශියා තොල් දෙකත් පිට පෙරලගෙන ඇස් පුංචි කරන් ඉදලා ඉතුරු කෑම ටික අස් කරන්න ගන්නවා දැකලා ටේට හිනා ගියා...

" අබුදී.... 😚 සලන්හේ..... "

" නාදෝ උරි ප්‍රින්සස්... අබුජී යනවා.. කෝ බහින්නකෝ.. "

කෙල්ල ටේගේ අතින් බැහැලා ඒ ගමන්ම ගිහින් ශියාගේ කකුලේ එල්ලීගෙන කකුල් පටල පටලා ශියා එක්ක හරි හරියට වැඩ කරන්න ගත්තා... ටේ ඒ දිහා ටික වෙලාවක් බලන් ඉද්දී ටේටත් නොදැනීම එයාගේ ඇස් මොහොතකට ශියා ලග නතර වුනේ මූනේ තිබ්බ හැගීම් එකින් එක වෙනස් වෙන ගමන්...

ජිහූව එක්කන්ම කිචන් එකේ එහේ මෙහේ ගිය ශියාත් ටේ තවම යන් නැතුව ඉන්නවා දැකලා ඒ පැත්ත බැලුවේ පුදුම වෙලා..මෙච්චර වෙලා මූණවත් නොබලා කෑගගහා හිටිය කෙනා හරි අමුතු හැගීමකින් තමන් දිහා බලන් ඉද්දී ශියාගේ හිත ගැස්සිලා ගියා.... ශියා බලාගෙන හිටියේ ටේගේ ඇස් දිහා.. ශියා හිටියේ ඒ ඇස් වලට වශී වෙලා වගේ..

තත්පර කිහිපයක් දෙන්නට දෙන්නා බලාගෙන ඉන්න ඇති.. ඒ එක්කම වගේ ශියා එක පාරට බය වෙලා වගේ මූණ හදාගද්දී ටේත් බයවෙලා වගේ මූණ හන්ගන් එතනින්  එළියට දුවලා ගියා.. 

" මං මොනවද මේ දකින්නේ 😐 මට පිස්සු හැදීගෙනවත් එනවද ?.. 🙄 එක එක විකාර පේන්න අරන්ද ? 😩 අහ්හ්.. ඒ ඇස්. ඒවා වෙනස් වුනා.. හරියට නිකන්.. නිකන් යකෙක් වගේ.. අහ්හ්හ්.. මට මේ මනුස්සයව යකෙක් වගේ පේන නිසාද ඒ පාර විකාර පෙන්න අරන් තියෙන්නේ... "

ශියා මූණත් බෙරි කරන් විකාර හිත හිත හිටියේ දැන් ටිකකට කලින් එයා දැක්ක දේ ගැන තමන්ටම විශ්වාස නැති නිසයි..

Tae Pov....

" ආ ඒ පාර මට මේ මොනවා වෙලාද 😩ඇයි මං ඒ කෙල්ල එක්ක තනි වෙන හැම වෙලේම මේ වගේ විකාර විදිහට හැසිරෙන්නේ.. එයා ඒක දැක්කද ?.. අහ් ....ඔව් දකින්න ඇති ඉතින් එයා පොට්ට නෑනේ 😩... බැරි වෙලාවත් මේ ඒ දේද ? ... නෑ එහෙම වෙන්න බෑ. ඒ කෙල්ල කොහේ ඉදන් කොහොම ආවද කෙනෙක්ද දන්  නෑ.. යහ්හ්.... ඔය ඇතුලේ ඉන්න කෙනාට කියන්නේ....😒 ( පපුවට අතකින් ගහා ගෙන තමන්ගේ වෘක ආත්මයට කතා කරන ගමන් )... ලැජ්ජ නැත්ද මිනිහෝ දකින දකින කෙල්ලට පැණි හලන්නේ.. තමුන් ඇල්ෆා කෙනෙක්.. සික්.. 😑 මයේ නම්බුව... අර ජිමිනා බනින එක සාදාරණයි..බලු වර්ගේ හැටිමනේ 😩 "

ටිකකට කලින් මං හැසිරුන විදිහ ගැන මටම බැන බැන මං කාර් එක ලගට ඇවිත් ටික වෙලාවක් හිටියේ උදේ ඉදන් දැනුන ජිමින්ගේ ඉව මට එක පාරට නොදැනුන නිසයි.. කොයි වෙලේද එක වුනේ ?  අහ් ශියා ගැන හිත හිත හිටියා මිසක් මට ඒක ගැන සම්පුර්ණයෙන්ම අමතක වෙලයි තිබ්බේ... බැරි වෙලාවත් මිනිහා ?... 😳 ඔහ් ශිට්... 😖.....
.
.
.
.
.
.
.
.
.
.
.
.

Pov End

Meanwhile ...

" ඇයි ටේ මෙහෙම හැසිරෙන්නේ ...මෙච්චර කල් එයා මට ලං වෙන්න බලන් ඉදලා මං එයාට ලං වුන ගමන් ඇයි එයා මාව ඈත් කරන්නේ ?..මං ටේට ආදරේ නැතත්...එයාට අකමැත්තක් නැහෑ.. මට හිතුනා එයාටත් අවස්ථාවක් දෙන්න.. ඒත් ඇයි මෙහෙම වෙන්නෙ.. "

යුන්හි කෝෆි එකක් බොන ගමන් කැබින් එකේ ග්ලාස් එක ලග හිටගෙන එළිය බලන් කල්පනාවකයි හිටියේ. කවදවත් නොදැනුන අමුතු හැගීමක් යුන්හීට දැනෙන්න ගත්තා. ජීහූගේ ප්‍රශ්නෙයි ටේගේ හැසිරීමත් එක්ක යුන්හීගේ හිත ටිකක් කලබල වෙලා තිබ්බ නිසා ඒ දේවල් ටිකකට අමතක කරන්න හිතන් වැඩ වලට අවදානේ දෙන්න ඕනේ කියලා යුන්හීට හිතුනා.. ඒත් ඒ එක්කම වගේ කැබින්  එකේ දොර ඇරුන නිසා යුන්හී ඒ දිහා හැරිලා බෑලුවේ මේ වෙලාවේ කැබින් එකට එන්නේ කවුද කියලා බලන්නයි....
.
.
.
.
.
.
යුන්හීගේ හිතට දැනුන චකිතයත් , නොසන්සුන් ගතියත් ටික ටික වැඩි වෙන්න ගත්තා..
.
.
.
.
.

හුරු පුරුදු සුවදක් ..?..
.
.
.
.
.

දොරින් ඇතුලට තිබ්බ කකුලේ ඉදන් ටික ටික කැබින් එක ඇතුලට ආව කෙනා දිහා ඇස් ක්‍රමයෙන් උඩට යැව්ව යුන්හී ඒ එක්කම හිටිය තැනම ගල් වෙද්දී එයාගේ අතේ තිබ්බ මග් එක බිම වැටිලා කැඩිලා සී සීකඩ විසිරිලා ගියේ මුලු පරිසරයම තත්පර කිහිපයකට නිශ්ශබ්ද  කරමින්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

( ළමයි ඔයාලා මෙතන ඉදන් [ Hithuwewath Nathi Dawasaka ( Hamuwuna ) Shalitha & Mahesh ] මේ සිංදුව කැමතිනම් අහන්න ❤️ )

තමන් පනටත් වඩා ආදරේ කරලා තමන් ඉස්සරහම ඒ ආදරේ තමන්ව දාලා සදහටම ගියා කියලා හිතන් හිටිය කෙනා... අද ඇස් ඉස්සරහටම ඇවිත්.. මේක හීනයක්ද ?.. හිතලුවක්ද ? කියලා හිත එක්ක හැප්පෙන ඒ අහිංසක ආදරේ ....

තමන්ගේ ආදරේ වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ආදරේ වෙනුවෙන්ම ඒ  ආදරේ හිත යට හිර කරන් අවුරුදු ගානක් දුක් විදලා ආයෙමත් හිත හොයන ආදරේ තමන්ගේ ඇස් ඉස්සරහා පේන්න ඉද්දී....

සතුටු වෙන්නද දුක් වෙන්නද තරහා ගන්නද කියලා ලතැවෙන මේ හිත් තත්පර කිහිපයක් කිසි හැගීමකින් තොරව එකිනෙකා දිහා බලන් හිටියේ, නැති වුන ආදරේ ආයේ අයේ මුල් අදිමින් හදවතම වෙලාගන්න ගමන්...

.
.
.
.
.
.
.

"ජී......මි...න්.... ? 😢 "

" යුන්හීයා ... "

යුන්හීට දැනුනේ තමන්ගේ ඇගම අඩපන වෙනවා වගේ.. තවත් මේ දේවල් ඉවසන් කකුල් දෙකට වාරුදීගෙන හිටගෙන ඉන්න බැරි වෙද්දී යුන්හී ටේබල් එකට අතක් තියන් පපුවත් අල්ලන් ජිමින් දිහා බලන් හිටියේ ඇස් වලට ආව කදුලු කැට කම්මුල දිගේ නිදහසේ ගලාගෙන  යන්න ඉඩදෙන ගමනුයි...

කාලෙකින් දැක්ක ඒ රූපේ ඇස් වලින් විදින ගමන් ජිමින් හිනා වෙවීම යුන්හී ලගට හිමින් අඩි තිය තිය ආවේ කැබින් එක වටේම ඇස් යවන ගමන් යුන්හී දිහාත් ආඩම්බයෙන් බලන ගමන්මයි...

තමන් නැති කාලෙට කෙල්ල මේ හැමදේම හොදින් කරගෙන ගිහින් කියන එක එක්කම තමන්ගෙ ආදරේ ගැන පුංචි ආඩම්බරයක් ජිමින්ට දැනුනා.. ඒත් මේ වෙලාවේ යුන්හීගේ හිතේ තිබ්බේ මේ ම කිසි දෙයක් නෙවේ .තමන් දකින දේ සැබෑවක්ද කියන එක කෙල්ලට තවමත් තිබ්බේ සැකක් ..

තමන් දිහා බලන් ටේබල් එකට වාරු දිගෙන බයවෙලා වගේ බලන් ඉන්න යුන්හීව සනසන්න මේ වෙලාවේ ජිමින්ට වචන මතක් වුනේ නැහෑ... ඒ නිසාම දෙපාරක් නොහිතම ජිමින් යුන්හීව අතකින් ඇදලා අරන් බදාගත්තේ ලෝබ කමින්.....කාලෙකින් ලබන්න බැරිවුන ඒ උණුහුමට ජිමින් සියදහස් වාරයක් ලෝබකම් කලා.. කෙල්ලව තමන්ගේ පපුවට පුලුවන් තරම් හිරකරගෙන ජිමින් අතකින් යුන්හීගේ ඔලුව අත ගාන්න ගත්තේ දැන් හැමදේම හරී කියන්න වගේ..

" පොගෝශිපොයෝ... ( Miss You ) යුන්හීයා... "

ජිමින් ඇස් දෙකත් වහන් යුන්හිගේ උරිස්සේ මූණ හන්ගන් හිමීට කෙල්ලගේ කනට කරලා මිමිණුවා.. ඒ වචන යුන්හීට දැනුනේ එයාගේ පපුවම සීතලකින් ගල් කරනවා වගේ...

මෙච්චර වෙලා බය වෙලා වගේ හිටිය කෙල්ල ජිමින්ගේ වචන එක්කම හරි සිහියට එද්දි  මෙච්චර කල් හිර කරන් හිටිය කදුලු හැඩුමක් සමගම ගලාගෙන ගියේ ඉකියක් එක්කමයි....

" මේක....වෙන්න බෑ..... ජිමින්...මගේ චිමී... එයා මාව දාලා ගියා... ආඅහ්... මේක වෙන්න බැහෑ..... ".

" ෂ්ෂ්ෂ්ෂ්ෂ්... ඔයාගේ චිමී ඔයා ලගම ඉන්නවා මගේ මැණික.. මියාන්හේ.. මෙච්චර කල් ගත්තට ඔයා ලගට එන්න.. "

" නෑ....  ඔයා මගේ චිමී නෙවේ... එයා.. එයා එදා මාව දාලා ගියා... මාව... මගේ ජීහූව මේ ලෝකේ සදහටම තනි කරලා දාලා ගියා.... "

" මං ඉන්නවා යුන්හී.. මං ඔයාලාව දාලා කොහෙවත් ගියේ නැහෑ... "

යුන්හී අතකින් ජිමින්ගේ පපුවට ගහන ගමන් කෑගගහා අඩන්න ගත්තා...කොච්චර කිව්වත් මේ ඉන්නේ තමන්ගේ ජිමින් කියලා දන්නවා වුනත් මෙච්චර කල් හිතෙන් වින්ද දුක නිසා ඒක පිළි ගන්න යුන්හී අදිමදි කලා.. එයා එයාගේ හිතම රවට්ට ගන්නවා.. තමන්ට නැති වුනා කියලා හිතුව ආදරේ තමන්ගේ ඇස් ඉස්සරහටම ආයේ එද්දී කාටද ඒ දේ විශ්වාස කරන්න පුලුවන්... විශ්වාස කලත් ඒ දේ සාමාන්‍ය විදිහට පිළි අරගන්න පුලුවන්ද ?

" යුන්හීයා... ඔයා හොදින් හිටියා නේද ? "

තමගේ පපුවේ මූණ හන්ගන් ඉකිගගහා අඩන කෙල්ලව තවත් පපුවට තුරුල් කර ගත්ත ජිමින් ආයෙත් යුන්හීව ඉස්සරහට අරන් අත් දෙකෙන්ම කෙල්ලගේ මූණ අල්ලන් මූණ පුරාම ඇස් යවලා කලබලෙන් වගේ ආයෙත් යුන්හීව පපුවට තදකර ගත්තා...ජිමිම් හිටියේ ලොකු සතුටකින් වගේම දුකකින්.. තමන්ගේ ආදරේ දාලා ගියාට තමන්ටම හිතින් දොස් කියා ගත්තා...

Yunhi Pov

" මගේ චිමී ආවා.. ඔව් මගේ ආදරේ ..එයා මාව දාලා ගිහින් නෑ.. එයා ඉන්නවා... මං කොහොමද මේ සතුට දරා ගන්නේ... මට බෑ මේක දරා ගන්න.. මගේ ජිමින් ..මං මේ ආදරේ නැතුව හිටියේ පිස්සුවෙන් වගේ.. මං කොහොමද මෙච්චර කල් ජීවත් වුනේ ... මට හිතා ගන්න බෑ. හරියට අවුරුදු ගානකින් මට සිහිය ආවා වගේ  හැගීමක් මට දැන් දැනෙන්නේ.....................
.
.
.
.
.
.
.
.
.
.
.

ඒත්... ඒත් මං මේ මොනද කරන්නේ ?.. එයා ජීවත් වෙලා හිටියනම්... ඇයි.ඇයි එයා මං ලගට ආවේ නැත්තේ ?.. අඩුම ගානේ ඒ ගැන මට නොකියා  හිටියේ කොහොමද  එයා ? .. එයාට එහෙම කරන්න පුලුවන් වුනාද ?.. එදා මාව දාලා යන්න තිරණේ කලා වගේ එයාට ඒකත් ලේසි දෙයක් වුනාද ?.... නෑ.. මං මෙහෙම මෙයාට ලං වෙන එක නෙවේ කරන්න ඕනේ... මං මගේ කෙල්ල එක්ක අවුරුදු ගානක් විදෙව්වා... මං මැරි මැරි ජීවත් වුනා..  ජිමින් ඔයාට බෑ මට මෙහෙම ලං වෙන්න... බෑ....
.
.
.
.
.
.
.
.

" එහාට යනවා ....."

" යු....න්හීයා.. ".

" එපා මගේ ලගට එන්න.. තමුන්.. තමුන් කවුද ?  "

" යුන්හී ?.. මොනවද ඔයා මේ කියවන්නේ ළමයෝ ? "

" එපා ලගට එන්න.. තමුන් කවුද කියනවා.. මං තමුන්ව අදුරන් නෑ ....අනික මොකද්ද තමුන් ජිමින් කියන්නේ ? ...මං ජිමින් කියලා කෙනෙක් දන් නෑ... "

මෙච්චර වෙලා ජිමින්ට තුරුල් වෙලා අඩ අඩ හිටිය යුන්හී හරි සිහියට ආව ගමන් පුලුවන් තරම් වෙර දාලා ජිමින්ව තමන්ගේ අත් වලින් ඈත් කරලා අඩි කිහිපයක් පස්සට ගියා.. ජිමින් යුන්හී ලගට ලං වෙන්න හැදුවත් යුන්හී ඒකට ඉඩ නොදීම කෑගැහුවේ ජිමින්ගේ මූණවත් නොබලමයි.. මොකද මේ වෙලාවේ ජිමින්ගේ මූණ බලන්න තරම් යුන්හීගේ හිත හයිය වුනේ නැහෑ..

" යුන්හී මං දන්නවා ඔයාට මාත් එක්ක තරහයි කියලා මැණික.. ඒත් මං කියන එක ටිකක් අහලා ඉන්න.... "

" මට අහන්න දෙයක් නෑ... තමුන් කවුරු වුනත් කමක් නෑ මෙතනින් යනවා... මං කෑගහලා ගාර්ඩ්ස්ලව ගෙන්වන්න කලින් මෙතනින් යනවා.. "

" යුන්හී මේ අහන්න.. "

ජිමින් කිව්වේ යුන්හීගේ අතකින් අල්ල ගන්න ගමන්..

" අතඅරිනවා මාව....."

" මං කියන එක අහලා ඉන්නවා මින් යුන්හී..... "

" මාව අත අරින්නවා..ආආඅ.😖 යහ්...... මගේ අත අතාරිනවා.... "

ජිමින් යුන්හිගේ අත පුලුවන් තරම් හයියෙන් අල්ලගෙනයි හිටියේ.. යුන්හී අතකින් ජිමින්ගේ අතට ගගහා අත ගලව ගන්න උත්සහා කලත් ජිමින් යුන්හීගේ අත අතාරින පාටක් පෙනුනේ නැහෑ.....

" අප්පාහ් ( රිදෙනවා ) 😭 "

" තමුන් ඔහොම මාව මග අරිද්දි මට ඊට වඩා රිදෙනවා යුන්හී..."

" මාව දරුවත් එක්ක දාලා යද්දී ඔයාට ඒ වගේ කැක්කුමක් ආවේ නැත්ද ජිමින්? "

මෙච්චර වෙලා බිම බලාගෙන හිටිය යුන්හී අතේ වේදනාව එක්කම ජිමින් දිහා බලලා ඇහුවේ වෙව්ලන ස්වරකින්... ඒ වචන ජිමින්ව මොහොතකට ගල් කරත් ඒ ක්ෂණිකව ජිමින් යුන්හිගේ අනිත් අතත් අල්ලලා තමන් ලගට කෙල්ලව ඇදලා ගත්තා...

" මට යන්න දෙනවා ජිමින්... 😖 මට රිදෙනවා... "

" තමුසේ කොහේ යන්නද... ?..තමුසේ මගේ අයිතිය... "

" මං තමුන්ගේ නෙවේ ජිමින්.. මට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා... "

" හහ් 😄 කවුද...ටේ හ්‍යොන්ග් ද ? ... "

" 😖😖 මට යන්න දෙනවා ජිමින්... ?"

" තමුසෙලා මැරි කරලා නෑනේ... ඒ කියන්නේ තමුන් තාම මගේ කියන එක 🤨 .. "

ජිමින් කිව්වේ යුන්හීව ඇදලා අරන් යුන්හිගේ අත් දෙකම තමන්ගේ පපුවට තද කරගෙන යුන්හීගේ මූණට නැබුරු වෙන ගමන් ..තවත් කෑගහන්න තරම් ඇගට පනක් නොතිබ්බ නිසාම යුන්හි ජිම්න්ගේ ඇස් දිහා බලන් හිටියේ තමන්ට යන දෙන්න කියන්න වගේ අසරණ බැල්මකි...

" ඕක නවත්තනවා පාර්ක් ජිමින්......😡😡😡😡 "

එක පාරට කැබින් එකේ දොර ගාවින් ආව කටහඩත් එක්කම දෙන්නම එක පාරට ගැස්සිලා ඒ පැත්ත බැලුවා... මෙච්චර වෙලා මේ වෙන හැමදේම දිහා ඉවසීමෙන් බලන් හිටිය ටේගේ ඉවසීම රතුකට්ට පැන්නේ ජිමින් තව තවත් යුන්හීට රිද්දනවා තමන්ට බලන් ඉන්න බැරි වුන නිසයි....

අඩියට දෙකට දෙන්නා ඉන්න තැනට ගිය ටේ ආව වේගෙන්ම ජිමින්ව ඇදලා අරන් බෙල්ලෙන් අල්ලන් ග්ලාස් එකට තද කරලා අල්ල ගත්තා ........

" තමුසෙට තිබ්බ අයිතිය මීට අවුරුදු 5කට කලින් නැති වුනා........මිස්ට......පාර්ක්....ජි.....මින්......
😡😡😡😡😡😡😡 "

ටේගේ කෑගැහිල්ල මුලු කැබින් එක පුරාම දොංකාර දෙද්දී ඒ එක්කම ග්ලාස් එකට ජිමින් එක්කම තද වුන ටේගේ අත් වල හයියට  ජිමින්ගේ ඔලුව හරියෙන් ග්ලාස් එකේ ඉරිතැලිලා ගියා....
.
.
.
.
.
.
.
.
.
.
.

" ටේ අන්දේව්..........."

.
.
.
.
.
.
.
.
.

Scrash 💥 (glass broken  sound)
.
.
.

___________________________________________

අන්න්‍යොන්ග් චින්ගුලා 🤫❤️

ඔන්න පොරොන්දු වුන විදිහට අදත් කතාව අප්ඩේට් කලා 🤭... දැන් මට බනින එපා.. 😪... කතාව එන්න එන්න කම්මැලි වගේද ළමයි ?..එහෙමනම් කියන්න.. 🙂
ඕකේ  බායි

Borahae 💜️

Continue Reading

You'll Also Like

292K 50.2K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
38.3K 5.7K 38
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
2.3K 529 10
සමාව කියන්නේ වචනයක්ම විතරයි සමාව කියන වචනෙට කවදාවත් බෑ බිදුන හදවතක් හරිගස්සවන්න.. සමාව ඉල්ලන්න ලේසි ඇති..ඒත් ඒක දෙන්න අමාරුයි..! Covered by Yun_MinJi...
509 107 5
What happened to Anola..?