Still With You ( Fan Fiction Only )
_Chapter 03_
______________________________________
얼어버린 노을 아래 멈춰 서있지만
Eoreobeorin noeul arae meomchwo seoitjiman
I'm standing under the frozen light, but
මම මිදුනු හිරු එලිය බැස යද්දී ඒ තුල සිටියද..
______________________________________
" ලී යන්ග්.."
" සර්..?"
" අර ගර්'ල් ඇහැරල ද..?"
" මන් හිතන්නෙ ඔව් සර්.."
" දැන් වෙලාව කීයද..?"
" දැන් හය හමාරයි සර්.."
" හරී. මන් රෙඩි වෙලා එන්නම්.. එයාව අපි අද හවසට ගෙදරට ඇරලවමු.. හවස තිබුන මීටින්ග් එක කැන්සල් වුන නිසා මට අද ඉක්මනින් එන්න පුලුවන්.."
ජන්කුක් එහෙම කියලා සෝෆා එකෙන් නැගිටලා අවුල් වෙලා තිබ්බ කොන්ඩෙ ඇගිලි වලින් පස්සට කරලා හදා ගත්තා. ජොන් මන්දිරයේ තෙවන මහලෙ කාමර මහ ගොඩක් තිබුනත් ඔහු ඊයේ නිදා ගත්තෙ සෝෆා එකේ. මොකද ඔහුගෙ කාමරේ සේහි හිටපු නිසා. ඊයෙ රෑ ජන්කුක්ට හරියට නින්ද ගියෙත් නෑ.. එහෙටයි මෙහෙටයි පෙරලි පෙරලි හිටියා ඇරෙන්න.
" ගුඩ් මෝනින් සේහි.." ජන්කුක් එහෙම කියාගෙන එයාගෙ රූම් එකට ආවෙ දොරටත් තට්ටු කරලා.
" මෝනින් මිස්ටර් ජන්කුක්.." සේහිගෙ දුර්'වල කටහඩ ජන්කුක්ට ඇහුනා.
" අද හවස මන් ඔයාව ගෙදරට ඇරලවන්නම්.. මට දැන් ඔෆිස් එකට යන්න වෙනවා. ඒ නිසා ඔයා දැනට මෙහෙ ඉන්න.. ඔයාට ඕනි හැමදේම මගේ මේඩ් ඔයාට ගෙනත් දෙයි.. ඒ නිසා කොහෙවත් ඇවිදින්නෙ නැතුව රූම් එකේම ඉන්න.. ඔයාට ටිකක් කල් යනකල් මහන්සි වෙන්න හොද නැහැ කියලා ඩොක්ටර් කිව්වා.."
ගෙදර යන්න.. ගෙදරක් කොහෙද සේහිට යන්න..?
" හරි මිස්ටර් ජන්කුක්.."
" ඔයාට මොනා හරි ප්‍රශ්නයක් වුනොත් මට කෝල් එකක් දෙන්න.. මගෙ නම්බර් එක මෙතන තියනවා.."
" අහ්.. තව ඔයා මතක ඇතුව ඔයාගෙ බෙහෙත් ටික බොන්න ඕනි.."
" ...."
ජන්කුක් එහෙම කියාගෙන සේහිගෙන් උත්තරයක් ලැබෙන්න කලින් ටවල් එකත් අරන් බාත් රූම් එකට ගියා.
සේහිට අඩුම තරමෙ ඇදෙන් නැගිටලා හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන්නවත් ඇගට පනක් තිබ්බෙ නෑ. ඇය හිටියෙ ඒ තරමටම අමාරුවෙන්.
ටික වෙලාවක් තිස්සෙ ඇහෙමින් තිබුන ශවර් එකෙන් වතුර වැටෙන සද්දෙ නැවතෙනකොට සේහිට තේරුනා ජන්කුක් වොශ් කරන් ඉවරයි කියලා. ඒ නිසාම සේහිට දේයන්ගෙ මතකෙට ආපහු යන්න වුනේ නෑ. ජන්කුක් බාත් රූම් එකේ දොර ඇරගෙන එලියට ආවා.
සේහිගෙ ඇහැ ගැටුනෙ ටවල් එක විතරක් ඇදගෙන උඩුකය නිරුවත්ව හිටපු ජන්කුක්. නෑ.. එයා ජොන් ජන්කුක් නෙවෙයි. ඒ දේයන්.. ස්පෝට් කෝච් කෙනෙක් වුනු දේයන්ගෙ සික්ස් පැක් හදලා තිබුන බොඩි එක ඒ විදිහටම ජන්කුක් ලග තිබුනා.
' ආපහු දේයන් එනවා නම්..' ඇඩුනෙ නැතත් හීන් කදුලු පටලයක් සේහිගෙ ඇස් වල ඇදුනා.
" සේහි.. ඔයා අඩනවද..?" ලගට ආපු ජන්කුක් එහෙම ඇහුවත් සේහිගෙන් ලැබුනෙ හිස් බැල්මක් විතරයි.
" සේහි.. මන් කිව්වනෙ අද හවස ඔයාව ගෙදරට ඇරලවන්නම් කියලා.. අඩන්නෙපා ඒ නිසා.. එහෙම නම් මන් දැන්ම ඔයාව එක්කන් යන්නද..?" ජන්කුක් සේහිගෙ ඔලුව උඩින් අතක් තිබ්බා.
නෑ.. එහෙම වෙන්න බෑ.. එකක් ජන්කුක් කියන්නෙ යේරා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ලගට මේ විදිහට යන කෙනෙක් නෙවෙයි. අනිත් එක මේ විදිහට මෙච්චර ලෙන්ගතුව ගෑණු ලමෙක් ලග. නෑ. ඒක වෙන්න බැරි දෙයක්.. ජන්කුක් කියන්නෙ හැමෝම දන්න විදිහට ගොඩක් නපුරු ඒ වගේම අනුකම්පාව කියන වචනෙ ජීවිතේට අහලවත් නැති රාක්ශයෙක්..!
සේහි ඇස් දෙක ලොකු කරලා ජන්කුක් දිහා බැලුවා. ව්‍යාපාර ලෝකේ තරුවක් වුන ජොන් ජන්කුක් ගැන අනිත් හැම ගෑනු ලමෙක් වගේම සේහිත් නොදැන හිටියෙ නෑ.. විශේශයෙන්ම ඔහුගෙ ගති ගුන ගැන හොදට ඇය දැනගෙන හිටියා. ජන්කුක්ට ඒ බැල්මෙන් තමයි තේරුනේ.. සේහි කියන්නෙ මැරීඩ් කෙනෙක් කියන එක..
" ඔහ්.. ඈම් සොරි සේහි.." එයා ඉක්මනින් එහාට වුනා.
" මිස්ටර් ජන්කුක්.. ඔයාට පරක්කු වෙනවා.." සේහි එහෙම කිව්වෙ ඒ වෙලාවෙ මොනාද කියන්නෙ කියලා හිතා ගන්න බැරිවුන නිසා.
" ම්ම්.. මන් හවසට එන්නම්.."
" පරිස්සමෙන්.."
සේහිගෙ කටහඩින් එහෙම පිට වුනේ ගොඩක් හෙමින් වුනත් ජන්කුක්ට ඒක ඇහුනා. ඒ නිසාමයි ජන්කුක් දොර ලගට ඇවිල්ලත් ආපහු පුදුම වෙලා සේහි දිහා බැලුවෙ. කවමදාවත් යේරාගෙන් අහලා නැති වචනයක් ජන්කුක්ට පලවෙනි වතාවට මුන ගැහුන කෙනෙක්ගෙන් ඇහුනා.
" ම්ම්.."
______________________________________
මුලින්ම warning කලා වගේ කතාවෙ mature contents තියනවා..
- Light Violence ⚠️️
- Light sexual content 🔞
ඒ නිසා සුදුසු අය විතරක් කියවන්න..
______________________________________
" ජන්කුකී.. ඔයා ඊයෙ නම් කලේ කරන්න ඕනි වැඩක් නෙවෙයි.."
" යේරා.. මේක ඔෆිස් එක.."
" ඔෆිස් එක කාගෙවත් නෙවෙයිනෙ.. ඔෆිස් එක ඔයාගෙනෙ.. ඒම නැත්නම් මගේ.."
යේරා දවල් දෙක විතර වෙනකොට ජන්කුක්ගෙ ඔෆිස් රුම් එකට ආවා. කලවා සම්පූර්නයෙන්ම පිටට පේන කෙටි සායක්, පපුවෙන් බාගයක්ම පිටට පේන හිර බ්ලවුස් එකක්.. ඔව්.. එයාගෙ සරාගී බව ඒ ඇදුම් වලට ඕනවටත් වඩා කැපිලා පෙනුනා.
දොරට තට්ටු කරන්නෙවත් නැතුව ඇය කෙලින්ම ඇවිල්ලා ජන්කුක්ගෙ අතේ තිබුන ෆයිල් එක විසික් කරලා දාලා එයාගෙ කකුල් උඩින් වාඩි වෙලා බෙල්ල වටේට අත් දෙක දා ගත්තා.
" යේරා.."
" ම්ම්.. හ්ම්.. කතා කරන්නෙපා කුකී.. ඊයේ මාව හම්බෙන්න ආපු නැති එකට නම් ඔයාට පනිශ්මන්ට් දෙන්නම වෙනවා.." යේරා එයාගෙ දෙවෙනි ඇගිල්ල ජන්කුක්ගෙ මූනෙ උඩ ඉදන් තොල් ලගට වෙනකල්ම ගෙනාවා.
" ඕ.. සොරි ඩාලින්.. ඔයාට මන් කිව්වනෙ මට වුන කරදරේ.."
" යස් ජන්කුකී.. ඒත් ඔයාට තිබුනා ඒ කෙනාව කාට හරි බාර දෙන්න.. ඒම නොකලත් ඔයා මගේ පස්සෙ කෝල්ස් වලට ආන්ස්වර් කලෙත් නෑ.. අඩුම තරමෙ ඔයා එහෙම හරි කලා නම් මට තිබුනා ඔයාට චූටිම හරි එක්ස්කියුස් එකක් දෙන්න.." යේරා කිව්වෙ ජන්කුක්ගෙ කනක් ලගට ලන්වෙලා හෙමින් කන් පෙත්තක් දිවෙන් තෙත් කරන ගමන්.
" ඔයා මාව පිට යවනවා යේරා.. මේ ඔෆිස් එක.." ජන්කුක් යේරාගෙ වහ වැටිලා හිටිය ලොකුම දේ ඒ සරාගීකම.
" ජන්කුකී.. ඔයා තමා වැරදි නැතුව මන් නෙවේ.."
ජන්කුක්ගෙ දුර්වලම තැන, යේරාගෙ සරාගීකම.. විනාඩියක් යන්නත් කලින් ජන්කුක් යේරාව උස්සලා ටේබල් එක වාඩි කරවලා පිස්සුවෙන් වගේ තොල් සිපගන්න පටන් ගත්තා. ඒ හාදුවල ආදරේට වඩා ගැබ් වෙලා තිබුනෙ රාගය. හාදුව එන්න එන්න රලු වෙද්දි දෙන්නගෙන් කෙනෙකුටවත් මතක් වුනේ නෑ ඒ ඔෆිස් එක කියන එක. යේරා තවදුරටත් කලේ ජන්කුක්ව පොලබව ගත්තු එක විතරයි.
ජන්කුක් එන්න එන්නම හාදුව තව දුරටත් රලු කරලා ඒ හාදුව බෙල්ල උරහිස දක්වාම ගෙනියද්දි ඔහුගෙ බෙල්ල වටේ එතිලා තිබුන යේරා අත් වලින් එක් අතක් ජන්කුක්ගෙ යටිකයට ලන් වුනා. ජන්කුක්ගෙ ඉවසීම බිංදුවෙන් ඍන අගයකට බහිද්දි දැනටම උනුසුම් වෙලා තිබුන එයාගෙ කටිකය තදින් ස්පර්ශ කරපු යේරා එකපාරටම ජන්කුක්ව තල්ලු කරලා දාලා නැගිට්ටෙ කට කොනින් හිනාවක් දාලා.
" ජන්කුකී.. මේක ඔෆිස් එක.. මතක නැද්ද ඔයාට..?" යේරා එහෙම ඇහුවෙ ඒ හිනාවෙන්මයි.
" ඕ..!! ශිට් යේරා..! මට බෑ..!!" ජන්කුක්ගෙ ඉවසීම බැහැලා නෙවෙයි යේරා ජන්කුක්ගෙ ඉවසීම බස්සලා.
" නෝප් මිස්ටර් ජොන් ජන්කුක්.. දිස් ඊස් අ පනිශ්මන්ට්.."
යේරා එහෙම කියාගෙනම ජන්කුක්ට පේන්න සරාගී විදිහට කෙටි අඩි තියමින් ඇවිදලා ඔෆිස් රූම් එකෙන් එලියට ගියේ එයාව තවත් අවුස්සලා..
" ඕ.. යේරා.. ෆ*න් ශිට්.."
තමන්ටම ශාප කර ගත්තු ජන්කුක් තනියෙන්ම ඔහුගෙ ඔෆිස් රූම් එකේ තිබුන ඇටෑච් බාත් රූම් එකට ගිහින් දොර වහ ගත්තා..
~~~~~~~~~~
" සර් අද කලින්..?"
" අර ලේඩිව ගෙදරට එක්කන් යන්න ඕනිනෙ.. කලින් ආවා.."
ජන්කුක් දවල් දෙක විතර වෙද්දි වැඩ සේරම වගේ ඉවර කරලා දාලා වාහනේට නැග්ගෙ ඔහුගෙ පෞද්ගලික ලේකම් ජන්හීට ඉතුරු වැඩ සේරම භාර දීලා. හදිස්සියක් වුනොත් කෝල් එකක් ගන්න කිව්වත් සේහිගෙන් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් තිබුනෙ නෑ.. ඒ නිසා ජන්කුක්ගෙ හිතේ අමුතු තිගැස්මක් ඇතිවුනාද මන්දා.. නෑ.. එහෙම නෙවෙයි වෙන්න ඇති.. යේරා නිසා ජන්කුක්ට මොනවා මතක තියෙන්නද..?
ලී යන්ග් ජොන් මන්දිරයේ මේන් පාර්'ක් එකේ වාහනය නවත්තපු ගමන් ජොන් ජන්කුක් බිමට බැහැලා ඇතුලට ගියා. පලවෙනි තට්ටුවේ හිටියේ මේඩ්ස්ලා විතරයි. මොකද ජන්කුක්ගෙ පේරන්ට්ස්ලා දැන් දවස් ගානක ඉදන් ට්‍රිප් එකක්. නැත්නම් ඉතින් ජන්කුක් සේහිව ගෙදරට අරන් එන්නෙ කොහොමද..?
තමන්ගෙ රූම් එලේ දොර වහලා තිබුන නිසා ජන්කුක් දොරට තට්ටු කලා.. ඒ වුනත් සේහිගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නෑ. දෙපාරක්, තුන් පාරක් නෙවෙයි හතර වතාවක්ම තට්ටු කරලා පිලිතුරක් නැති නිසාමයි ජන්කුක් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියේ. ඒ වුනත් රූම් එක හිස්.. කවුරුත්ම පේන්න හිටියෙ නෑ..
" සේහි.." ජන්කුක් කතා කලා. ඒත් ප්‍රතිචාරයක් නැති නිසාම ජන්කුක් කාමරේ ඇවිදලා බලන්න පටන් ගත්තා.
" සේහි..! ?" ජන්කුක් ඒ පාර කතා කලේ ටිකක් උස් හඩින්..
" මි..ස්ට..ර් ජන්..කු..ක්.."
එතකොට තමයි සේහිගෙ දුර්'වල කටහඩ ජන්කුක්ට ලාවට වගේ ඇහුනෙ. එකපාරටම කටහඩ කොහෙන්ද ආවෙ කියලා ජන්කුක්ට හිතා ගන්න බැරිවුනත් තවත් රූම් එක වටේ විමසිල්ලෙන් බලද්දි ඔහු දැක්කා බාත් රූම් එකේ දොර ලග බිම වැටිලා හිටපු සේහිව.. පිටින් පේන්න කිසිම අනතුරක් නැති වුනත් සේහි ගොඩක් දුර්'වල වෙලා කියලා ජන්කුක්ට ඉක්මනින් තේරුනා.
" සේහි.. මොකද මේ..?" ජන්කුක් සේහි ලගින් දන ගහ ගත්තෙ විනාඩියකටත් වඩා වේගෙන්.
" ..."
" අමාරු නම් ඇයි මට කෝල් කලේ නැත්තෙ..? මන් කිව්වෙ මට කෝල් කරන්න කියලා.."
" මන් ලග ෆෝන් එකක් නෑ ජන්කුක්ශී.."
සේහිගේ ඒ උත්තරේට ජන්කුක් පිච්චිලා ගියා. ඇත්තටම ජන්කුක් කොච්චර නොසැලකිලිමත්ද..? ෆෝන් එකක් තියනවද අහන්නෙ නැතුව කෝල් කරන්න කියලා නම්බර් එකත් දීලා ගිහින්.. ඒ නැතත් ගෙදර කොච්චර ෆෝන්ස් තියේද.. ඒ වුනත් සේහිට කාමරෙන් එලියට යන්න එපා කියලයි ජන්කුක් ගියේ.
" ගෝඩ්.. සොරි සේහි.."
" .."
" හරි.. ඔයා දවල්ට බොන්න තිබ්බ බෙහෙත් ටික බිව්වද..?"
උත්තරයක් නැති වුනත් සේහි ලාවට ඔලුව දෙපැත්තට වැනුවා. සේහි ඒ කිව්වෙ නෑ කියලා.
" තමුසෙ මොන මගුලක්ද කරන්නෙ..? තමුසෙගෙ අසනීප වැඩි වුනාම මම ම නේද ආයෙමත් වන්දි ගෙවන්න ඕනි..?"
ඔව්..
ඒ වෙලාවෙ සේහිට දැනුනෙ කවදාවත්ම දැනිලා නැති අසරන කමක්. ඇය කවමදාවත් ඒ විදිහට කවුරුත් ඉස්සරහ බැනුම් අහපු කෙනෙක් නෙවේ. ඇය ඇයගෙ ජීවිතේ අකමැතිම දේ.. කෙනෙකුට ඔලුව නමන එක.. නෑ.. ඇත්තම කතාව ඇය ජීවත් වුන ජීවිතේ ඇතුලෙදි කවමදාවත් ඇයට කාටවත්ම ඔලුව පාත් කරන්න ඕනි වුනේ නැති එක. අඩුම තරමෙ දේයන්ටවත්..
ඒත් අද ජොන් ජන්කුක් ඉස්සරහ සේහිට දැනුනෙ පුදුමාකාර අසරන බවක්. තමන්ට කිසිම දෙයක් කර ගන්න බෑ කියලා, කිසිම දෙයක් කියන්න බෑ කියලා..!
" නැගිටින්න.. බෙහෙත් බීලා ඉන්න.." ජන්කුක් ආපහු සන්සුන් කටහඩෙන් කතා කලා..
හිස් බැල්මකින් ජන්කුක් දිහා බලපු සේහි බිමට අතක් තියලා නැගිට්ටා.. ඒත් එක්කම එයා වැටෙන්න ගිය නිසා ජන්කුක් ඇයව අල්ල ගත්තා. එතකොටම තමයි ජන්කුක් දැක්කෙ සේහිගෙ උකුලෙ ඉදන් වැටුන ස්ලීපින්ග් ටැබ්ලට්ස්. ජන්කුක් ආයෙමත් සේහි දිහා බැලුවෙ අකුනක් ගහලා වගේ.
" සේහි..!!!!?" ඒ ඇමතුමේ තිබුනෙ ප්‍රශ්නාර්'ථයක්.
සේහි ඉවත බලා ගත්තා. ටිකක් වෙලාවක් මොනවත්ම නොකිය ඒ ඉරියවුවෙන්ම හිටපු ජන්කුක් සේහිව එක්කන් ගිහින් ඇදෙන් වාඩි කෙරෙව්වා.
" මේ දෙක බොන්න.." සේහිට දවල්ට බොන්න තිබුනෙ බෙහෙත් පෙති දෙකයි.
මුලු කාමරේම නිදි පෙති රෝල් වෙලා. හරියටම බැලුවොත් පනහක් හැටක් වගේ තියෙන්න ඇති.
" කියන්න සේහි.. ඔයාව මන් කොහෙටද එක්කන් යන්න ඕනි..?" විනාඩි ගානක නිහඩතාවෙකින් පස්සෙ ආපහු ජන්කුක්ගෙ හඩ.
" ...."
" සේහි.. ආන්ස්වර් මී ප්ලීස්.."
" මන් කොහෙ යන්නද ජන්කුක්ශී..?" හිස් බැල්මෙන් වුනත් සේහිගෙ කෙලින් කතාව.
" ඇයි..? ඔයා මැරීඩ් නේද..? කෝ ඔයාගෙ හස්බන්ඩ්..? එනිවේ.. ඔයාගෙ පේරන්ට්ස්ලා..?"
" මට කවුරුත්ම නෑ.."
" බට්.. ඔයාගෙ හස්බන්ඩ්..?"
"...."
" කියන්න.. එයාට මොකද වුනේ..?"
සේහිගෙන් දිග සුසුමක්..
" අයිම් නොට් මැරීඩ් ජන්කුක්ශී.."
මොකටද බොරු කියන්නෙ.. කවදහරි බොරුව එලිවෙන දවසට ඒක වහන්න තව බොරු සීයක් කියනවට වඩා කොච්චර තිත්ත වුනත් ඇත්ත කියන එක හොදයි.. සේහි එහෙමයි හිතුවෙ..
එතකොට නම් නිහඩ වුනේ ජන්කුක්. මැරි නොකර දරුවෙක්..? විනාඩි ගානක් පුදුමයෙන් බලන් හිටියත් අන්තිමට ජන්කුක්ගෙ මූනෙ ඇදුනෙ සමච්චල් හිනාවක්..
" නොට් මැරීඩ් නම් දරුවෙක්.." ඒ හිනාවෙන්ම ජන්කුක් කීප වතාවක් ඒ වචන පෙල රිපීට් කලා.
සේහි හිතුවා හරි. ඒ කතාවෙන් පස්සෙ ජන්කුක් ඇය ගැන හිතුවෙ අනිත් පැත්තට. සේහි ඒක නිවැරදි කරන්න ගියේ නෑ. නිවැරදි කරන්න ගියත් මොකක්ද ඒකෙන් ඇති වැඩේ..?
" එතකොට දරුවා වටේ ගිහින් හදා ගත්තු කෙනෙක්.. එහෙම නේ..?" සමහර විට ඒක ජන්කුක්ගෙ කටින් පිට නොවිය යුතු වචන පෙලක්.
එච්චර වෙලාවක් තිස්සෙ අහක බලන් හිටපු සේහි ජන්කුක්ට උත්තර දිපු සේහි ජන්කුක් දිහා කෙලින් බැලුවා.
" ඔයා මගේ දරුවා නැති කලේ නැත්නම් මට කාත් කවුරුත්ම නැති වෙන්නෙ නැහැ ජන්කුක්ශී.."
" දරුවා.. වාව්.. ඔයා දැන් හොදට කතා කරනවනෙ දැන්.."
" එයා මගේ දරුවා.. ඔයා අතිනුයි මට එයාව නැතිවුනේ.."
" වටේ ගිය දරුවෙක් ජීවත් වුනත් නැතත් මොකද සේහි.."
එහෙම කියාගෙන ජන්කුක් නැගිටලා කාමරේ මිනි ෆ්‍රිඩ්ජ් එක ලගට ගිහින් කූල් කරපු වතුර බෝතලයක් එලියට ගත්තා. විනාඩි ගානක් ඔහු ඒ වතුර එක බිව්වා. ඒ සේහිට පිටුපාලා.
ඒක කියන්න සුදුසු දෙයක් නෙවේ.. කාගෙ වුනත් ඒ දරුවෙක්.. පන ගැහෙන ලේ කැටියක්.. හුස්ම ඉල්ලන කෙනෙක්.
එකපාරටම ජන්කුක්ට ඇහුනා සිහින් හඩක්. ඒ හඩ හරියට.. මන්දා.. නිකන් සිහින් දෙයක් එකට ගැටෙනවා වගේ.. සේහි ඇරෙන්න වෙන සද්දයක් කරන්න කෙනෙක් ජන්කුක්ගෙ රූම් එක ඇතුලෙ නෑ. එතකොට සේහි මොකද කරන්නෙ..? මෙහෙම සිහින් සද්දයක් එන්න තරම්..? ජන්කුක් ඉක්මනින් හැරිලා බැලුවා.
" නෝප්..!! සේහි..!!"
ජන්කුක් අඩියට දෙකට සේහි ලගට ගිහින් ඒ අත් දෙක ඔහුගෙ එක ශක්තිමත් අතකින් තදින් අල්ල ගත්තා. ඒ අල්ලගත්තු විදිහට සේහි අතේ තිබුන වතුර බෝතලය බිමට වැටිලා බිම හැමතැනම වතුර විසිරුනා. ඊටපස්සෙ ජන්කුක් ඔහුගෙ අනිත් අතින් ඉක්මනින් සේහිගෙ තොල් ඈත් කරලා ඇතුලෙ තිබුන ටැබ්ලට් සේරම එලියට අරන් සේහි දිහා රතු ඇස් වලින් බැලුවා. ඒ වුනත් සේහි බයවුනේ නෑ. ඇය තාමත් දැගලුවෙ ජන්කුක්ගෙන් අත් දෙක ගලව ගන්න.
ඔව්.. ඇත්තෙන්ම සේහි ශක්තිමත්.. ජන්කුක්ට සේහිව කන්ට්‍රෝල් කරන්න අමාරුයි කියලා දැනුනා. ඒ නිසා ජන්කුක් සේහිව තල්ලු කරගෙන ගිහින් බිත්තියට තියලා තද කරලා දනහිස් වලට උඩින් කකුලකුත් දා ගත්තෙ එයාට හෙල්ලෙන්නවත් බැරි වෙන විදිහට.
⚠️️
" තමුන්ට පිස්සු හැදීගෙන එනවද බිච්..?"
ආපහු පිට නොවෙන්න ඕනි වචන පෙලක් ජන්කුක්ගෙ කටින් පිට වුනා.
" තමුන් මේම මැරිලා ගියාම කෝට් ගානෙ රස්තියාදු වෙන්න ඕනි මම නේද..? නඩු කියන්නයි හිරේ යන්නයි.. ඊලගට මිනී මැරුවා කියලා කතා අහන්නයි.. නෑ.. මට මේ ටික හැදිලා තියන ගොසිප් හොදටම ඇති.. ඒක නිසා තමුන් දැන්ම යනවා මේ ගෙදරින්.."
මිනිස්සු හරි.. ව්‍යාපාරික ජොන් ජන්කුක් කියන්නෙ නපුරු රාක්ශයෙක්..
" ඔව්.. මන් යන්නම්.. මාව අතාරින්න.." සේහිගෙ කටහඩත් ජන්කුක්ට දෙවෙනි නෑ.
" වාව්.. තමුසෙගෙ තියන ලොකුකම.. මන් තමුසෙට ට්‍රීට්මන්ට්ස් දුන්න නිසා වෙන්න ඇති ඔච්චර රැස්..?"
" ඕ.. එහෙම තමා.. මාව අත අරිනවා මිස්ටර් ජන්කුක්.. මට යන්න දෙනවා.." තවමත් සේහිගෙ අත් ජන්කුක්ගෙ ශක්තිමත් අතකට හිරවෙලා.
" ඕ.. වාව්.. ඔයාගෙ කටේ සද්දෙ හොදට වැඩියි.. ඕනි නම් මට බස්සවන්න පුලුවන් මැඩම්.."
" අයින් වෙනවා.. මට යන්න දෙනවා.." තාමත් බෙහෙත් වලින් සුව වෙමින් ඉන්න සේහිට කොහෙන්ද ජන්කුක් එක්ක රන්ඩු කරන්න තරම් ශක්තියක්..?
" එහෙම නම් මන් ඔයාගෙ සද්දෙ බස්සවන්නද මැඩම්..?" ජන්කුක්ගෙ නපුරු හිනාව..
" ප්ලීස් මිස්ටර් ජන්කුක්.. මට ඉන්න දෙන්න.." අන්තිමටම සේහිගෙ කටහඩ අසරන වුනා. කරගන්න දෙයක් නැති කමටම.
" ඕහ් නෝප් ගර්'ල්.. යේරා තරම් නොවුනත් මට පුලුවන් ඔයාගෙ සද්දෙ අඩු කරන්න.."
ජන්කුක් එහෙම කියන ගමන් යේරාගෙ අත් අල්ලන් හිටපු ඔහුගෙ ශක්තිමත් අතෙන් ඒ අත් තවත් තද කරලා අල්ලලා අනිත් අත මූනට ගෙනාවෙ ඇය ඇස් දිහා අමුතුවට බලලා. වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුන නිසා අත් දෙක බේරගන්න දගලපු සේහිගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තෙ ඇයගෙ අසරනකම තවත් ප්‍රත්යක්ශ කරන ගමන්.
ඒ වුනත් සේහිට ජන්කුක්ගෙන් ගැලවීමක් තිබුනෙ නෑ.
ජන්කුක් හෙමින් සේහිගෙන් තොල් වලට පාත් වුනා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
" ජන්කුක්...!!!!"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කතා කලේ ජන්කුක් ඒ වෙලාවෙ හීනෙකිවත් බලාපොරොත්තු නොවුන කටහඩක්.
______________________________________
ඒ වෙනකල් මන් දැනන් හිටියෙ නෑ..
මන් නැවතුනු ඒ හිරු එලිය සීතල බව..
නමුත්..
ඔබේ පලමු බැල්ම..
ඒ දුර්'වල කටහඩ..
මට ඇගවුවා..
මම නැවතී ඇති හිරු එලිය දුර්'වල වග..
ඉතින්
මම මිදුනු හිරු එලිය බැස යද්දී ඒ තුල සිටියද..
Cover by Lali_za4
______________________________________
Oneshots දෙකක් update කලා.. කැමති නම් බලන්න..
.
Vote, comment කරන අයට කුමාවෝ ❤️
A_Shee1 ~