STILL WITH YOU | JJK AU | ✔️

由 A_Shee1

31.8K 8.4K 4.1K

ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the... 更多

prologue
01.01.2023
disclaimer
chapter 01
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
postscript
note

chapter 02

1K 267 123
由 A_Shee1

Still With You ( Fan Fiction Only )
_Chapter 02_

______________________________________

내 이름을 한 번만 더 불러주세요

Nae ireumeul han beonman deo bulleojuseyo

Please call my name one more time

කරුනාකරලා කතා කරන්න මගේ නමින්..
තවත් එකම එක පාරක්..

______________________________________

Saehi's Point Of View

එදා හිම වැටෙන දවසක්. ඒ වුනත් මට හොදට මතකයි එදා ගොඩක් තදට හිම වැටිලා හිම කුනාටු ආපු දවසක් නෙවෙයි.. ලස්සනට හිම පියලි ලාවට පොලොව සිප ගත්තු දවසක්.. මුලු පරිසරයම සීතලයි..

හිම රැදිලා තිබුන මුලු පරිසරයම සුදු පාට වෙලා තිබුනත් ඒ සුදු පාට වෙනදා වගේ පරිසරයට මලානික බවක් ගෙනාවෙ නෑ.. එදා හිම වැටෙන එකෙන් පරිසරයට ලැබුනෙ සන්සුන් බවක්..

ඇදට කෙලින්ම තියන ලොකු ජනෙල් පියන් වල වීදුරු වලින් මන් බලන් හිටියා ඒ හිම පියලි වැටෙන විදිහ දිහා.. මුලු පරිසරේම වෙලාගෙන තිබුන ඒ සීතල, අඩ නිරුවතින් හිටපු මට පොඩ්ඩක්වත් දැනුනෙ නෑ.. දැනුනෙ නෑ නෙවෙයි.. එයා මට දැනෙන්න දුන්නෙ නෑ.. එයා එයාගෙ පලල් උරහිසට මගේ ඔලුව හේත්තු කරගෙන ඉන වටේ අත් දෙක යවලා මාව තුරුලු කරන් හිටියෙ වූල් බ්ලැන්කට් එක යට තිබුණ අපේ ශරීර වල හිඩැසක් විදිහට තිබුන මිලිමීටර ගණනක දුර පවා ශූන්‍යටම පත් කරලා..

මින් දේයන්..

ඇත්තටම මගේ ජීවිතෙදි මට ලැබුන හොදම තෑග්ගක් එයා.. එයාගෙන් මට ලැබුන ආදරය.. ඊටත් වඩා ආරක්ශාව.. මට දැනෙන්නෙ නැතුව මාව ආරක්ශා කරපු විදිහ.. ඇත්තටම මට හිතා ගන්නවත් බෑ.. මන් දන්නවා මන් තමයි මේ ලෝකෙන් ඉන්න වාසනාවන්තම කෙනා.. මොකද එයාව ලැබුනෙ මට නිසා.

දේයන් කියන්නෙ ස්පෝට් කෝච් කෙනෙක්. මට එයාව හම්බුනේ අහම්බෙන්.. මට අහම්බයක් වුනත් මන් දන්න විදිහට ඒක එයාට නම් අහම්බයක් නෙවෙයි.

අපි දෙන්නගෙ ආදර කතාවෙ ගොඩක් ලස්සන මතකයන් තිබුනා. ඒ ලස්සන මතකයන් හා සමානවම ගොඩක් කලබලකාරි මතකයන් තමා අපිට තිබුනෙ. ඇත්ත කතාව ඒ කලබලකාරී මතකයන් පවා අපි ලස්සනට ගෙවපු එක.. ඒ නිසා අපි හැම වෙලේම හිත හදා ගන්න උත්සාහ කලා ඒ හැම මතකයන්ම ලස්සන ඒවා කියලා..

ඒ විදිහට සන්සුන්ව හිම වැටුනත් එදා අපිට ගොඩක්ම සන්සුන් දවසක් වුනා කියලා කියන්න නම් බැහැ. මොකද අපේ ඒ සීතල රැය උනුසුම් කරමින් ගෙවපු පැය ගාන ඉක්මනින් ගෙවිලා ගිහින් ඊලග උදේට පහන් වුනා.

[ A phone ringing.. ]

දේයන්ගෙ ෆෝන් එක රින්ග් වුනත් එයා එයාගෙ පපුව උඩ තිබුන මගේ හිස අයින් නොකරම තමා ඇමතුමට උත්තර දුන්නේ. මන් දන්නවා එයා එහෙම කලේ අපි දෙන්නට එකට ඉන්න තිබුන තත්පරයක් පවා එයාට නැතිකර ගන්න ඕනි වුනේ නැති නිසා කියලා.

" හෙලෝව්.."

" ...."

" හරි ඔයාලා පටන් ගන්න.. මන් එන්නම්.."

එයා එහෙම කියලා ඇමතුම විසන්ධි කලා. මන් දැනන් හිටියා එයා ඊලගට දෙන උත්තරේ මොකක්ද කියලා.. ඒ නිසා මන් එයාට තවත් තදින් තුරුලු වුනා..

" බේබි.. මන් දැන් යන්න ඕනි.."

ඔව්.. මන් බලාපොරොත්තු වුන උත්තරේම එයා දුන්නා.

තත්පර ගානක හාදුවකින් පස්සෙ විනාඩි ගානක් යනකොට එයා අපි ජීවත් වුන අපාර්'ට්මන්ට් එකෙනුත් පිටවෙලා තිබුණා.

අපි දෙන්නා ජීවත් වුනේ මගේ අපාර්'ට්මන්ට් එකේ. මගේ කිව්වත් දැන් ඒක අපේ. අපේ අපාර්මන්ට් එක ගොඩක් ලොකු, ඒ වගේම සුඛෝපභෝගී එකක්.. එයා ජීවත් වුන අපාර්මන්ට් එක විකුනලා දේයන් මාත් එක්ක ජීවත් වෙන්න ආවෙ අපි දෙන්නගෙ සම්බන්දෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ. ඒ වෙනකොටත් අපි වෙඩින් එකට ඩේට් ෆික්ස් කරලා. එහෙම වුනත් වෙඩින් එකේ වැඩ වලට අවදානය දෙන්න පුලුවන් වුනේ මට විතරයි. මොකද එයා හැමවෙලාවෙම බිසි වුන නිසා. අපි දෙන්නගෙම වාසනාවට වෙන්න ඇති ඒ වෙනකොට මට මාස තුනක දිග නිවාඩුවක් ලැබිලා තිබුනෙ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් එන්නෙ නැතුව පුලුවන් මට පුලුවන් වුනා අපේ වෙඩින් එකේ වැඩ ගැන බලා ගන්න.

දේයන් පිටවෙලා ගියාට පස්සෙ පැයක් විතර මන් ආපහු නිදා ගත්තා. නැගිටින්න විඩාබර ගතියක් තිබුනත් මට නැගිටින්නම වුනා. මොකද එදා මට ශොපින් මෝල් එකට යන්න තිබුන දවසක්. ඒ බඩු ටික ඉක්මනින්ම මට ගන්න ඕනි වුන නිසා ගත්තු පාන් පෙත්තෙනුත් භාගයක් කටට අරගෙන මන් ඉතුරු ටික වහලා තියලා ඇගට අහුවුන ඇදුමක් එක්ක මාස්ක් එකත් දාගෙන එලියට බැස්සා.

පැය භාගයක් විතර මන් ශොපින් මෝල් එකේ ඇවිද්දා. ඒත් මට ඇවිද ගන්න පුලුවන් වුනේ උඩම තට්ටුවේ භාගෙක විතරයි. මට තට්ටු විසි ගානක ඇවිදලා හොයා ගන්න බඩු ලිස්ට් එකක් තිබ්බත් ඒක කර ගන්න පුලුවන් වුනේ නෑ. මන් වගේ දෙගුනයක් උස ඇන්ග්ලට් රැක් එකකුත් පෙරලගෙන මන් බිමට වැටුනා.

( මන් වගේමයි. යන යන තැන මූනෙන් ඇවිදින්නෙ.. 🙂)

.

.

සිහිය එනකොට මන් හිටියෙ සුදු පාට තිර රෙදි වලින් වට කරලා තිබුන තැනක. මට කැනියුලා එකකුත් සෙට් කරලා තිබුනා. මන් ටික වෙලාවක් බලන් හිටියෙ සිවිලිමේ තිබුන විදුලි පංකාවෙ පෙති කැරකෙන විදිහ දිහා. මන් එහෙම බලන් හිටියෙ මට ඒ වෙලාවෙ කරන්න තිබුන එකම වැඩේ ඒක නිසා නෙවෙයි. මගේ ඇස් වලට ඒ දසුන ඒ වෙලාවෙ වෙනදට වඩා ලස්සනට ඒ වගේම සන්සුන්ව පෙනුන නිසා..

" මැඩම්.."

විනාඩි ගානක් යද්දි සුදු පාටින් කෝට් එකක් දා ගත්තු කරුනාවන්ත කෙනෙක් මට කතා කළා. ඔව්.. එයා වෛද්‍යවරයෙක්. සමහරවිට එයා මට මැඩම් කියන්න ඇත්තෙ මට තිබුනෙ හැඩි දැඩි ඇගක් නිසා වෙන්න ඇති. මන් එයාට සන්සුන් විදිහට හිනාවුනා.

අවංකවම..

" සුබ පැතුම් මැඩම්.. ඔයා මමා කෙනෙක් වෙන්න යන්නෙ.."

අවුරුදු දෙකක මගේ ආදරේ.. නෑ.. අපි දෙන්නගෙම ආදරේ.. අපි දෙන්නගෙ ආදරේ සංකේතය ඉක්මනින්ම මන් ලගට ඇවිත්.

මට හිතා ගන්න බැරිවුනා මන් අඩන්න ද හිනා වෙන්නද කියලා..

නෑ.. ඇයි මන් අඩන්නෙ..?

දකුනු කොරියාව කියන්නෙ දියුනු රටක්.. විවාහයකට කලින් දරුවෙක් ලැබෙන්න ඉන්න එක ගැන පටුවට හිතන්න තරම් රාමුවකට කොටු වෙලා හිතන පරිනත නැති සමාජයක් නෙවෙයි දකුනු කොරියාවෙ තිබුනෙ. ඊටත් වඩා මම ජීවත් වුන සමාජ තත්ත්වයේ තිබුණෙ.

ඉතින් මන් මගේ දකුනු අත මගේ කුස උඩින් තියලා ඩොක්ටර් දිහා බලලා හිනාවුනා.

අන්තිමට මට ගෙදර එන්න වුනේ ශොපින් මෝල් එකෙන් ගත්තු බෑග් ගොඩක් එක්ක නෙවෙයි. රිපෝට්ස් ගොඩක්, ඒ වගේම පාවිච්චි කරන්න විටමින් ගොඩක්, සහභාගී වෙන්න කියලා කිව්ව චෙකප් රිපෝට්ස් ගොඩකුත් එක්ක.

ගෙදරට ඇවිත් පැය දෙකක් විතර ආයෙමත් නිදා ගත්තු මන් මැක්ඩොනල් එකට කෝල් කරලා කෑම වර්'ග මහ ගොඩක් ගෙදරට ඩිලිවර් කරගෙන මුලු මේසෙම පුරෝගෙ කන්න ගත්තෙ දේයන් අනිවාරෙන් වෙලාවට කනවා කියලා හොදටම දන්න නිසා. කාලා ඉවර වුනාට පස්සෙ තමයි මට තේරුනේ මන් කාලා වැඩියි කියලා. ඒ නිසාම ආපහු පැය එක හමාරක් මට කෑම මේසෙ වාඩිවෙලා ඉන්න වුනා නැගිට ගන්න බැරුව.

( මාරයි නේත..? 🙂 )

ඊට පස්සෙ මන් නැගිටලා එච්චර හැඩිවෙලා තිබ්බෙ නැති පොලොව ආපහු අතු ගෑවා. සුදු පාට ලිලී මල් ඕඩර් කරලා මුලු අපාට්මන්ට් එකම සැරසුවෙ දේයන්ට අපේ දරුවා ගැන එයාව පුදුම කරවන ගමන් කියන්න ඕනි වුන නිසා.

අපි දෙන්නගෙම කැමතිම මල් වර්'ගය තමයි ලිලී කියන්නෙ. සුදු පාට ලිලී මල් වලට අපි ආස වෙන්න ප්‍රදානම හේතුව තමයි සුදු පාට කියන්නෙ හරිම සන්සුන් පාටක් වගේම ඒ මලේ තිබුන ආවේනික පෙනුම.

මට දේයන්ව පුදුම කරවන්න පුලුවන් හැමදේම කරලා මම සෝෆා එකේ වාඩිවුනේ ටීවී එකත් ඔන් කරගෙන. ටීවී එකේ බලන්න දේකුත් තිබුනෙ නෑ. මන් ඒ නිසා පැහ භාගයක් විතරම ඒකෙ තිබුන චැනල්ස් තුන්සිය ගානටම මාරු කලා. හැම එකේම තිබුනෙ නිව්ස් විතරයි. මන් සාමාන්‍යෙන් නිව්ස් බලන්න අකමැති නිසා මන් ටීවී එක ඕෆ් කරලා රිමෝට් කන්ට්‍රෝලර් එක එහා පැත්තෙ තිබුන සෝෆා එකට විසි කරලා ආයෙමත් ඇස් දෙක පියා ගත්තා.

දේයන්..

වෙනදට එයා හවස හත වෙන්න කලින් අනිවාරෙන් ගෙදර එනවා. හදිස්සියේ හරි පරක්කු වෙනවා නම් අනිවාරෙන්ම ඇමතුමකින් හරි කෙටි පනිවිඩයකින් හරි මට කියනවා. ඒත් අද එහෙම කිසිම පනිවිඩයක් ලැබුනෙ නැති නිසාම මන් බෙඩ් රූම් එකටවත් ගියේ නෑ. මොකද මන් හිතුවා එයා කීයට හරි එයි කියලා. වෙලාව අටටත් ලගයි.

බලන් ඉදලා බලන් ඉදලා අන්තිමට මට ඇත්තටම සෝෆා එක උඩට හොදට නින්ද ගිහින්. අන්තිමට මට ඇහැරෙනකොට වෙලාව පාන්දර එකයි.

ලිලී මල් වල සුවදක් නැති සුවද මුලු අපාට්මන්ට් එකම බදු අරන්. මහ රෑ අදුරු වුනත් කහ පාට අදුරු ටේබල් ලෑම්ප් එලියට ලිලී මල් වල පාට එකතු වුනාම කලින් සරසපු වෙලාවෙ තිබුන සන්සුන් පෙනුමට වඩා අමුතු මලානික බවක් එකතු වෙලා තිබුනා. මන් ඇස් පොඩි කරලා අවුල් වුන කොන්ඩෙත් එකතු කරලා උඩට වෙන්න බැදලා සෝෆා එකෙන් නැගිට්ටා.

ඕෆ් කරලා තිබුන මේන් ලයිට් එක ඔන් කරලා ෆෝන් එක අතට අරන් දේයන්ගේ ෆෝන් එක කැන්ටැක් කරගන්න විසි එක් වතාවකට වඩා ට්‍රයි කලා. ඒ වුනත් මන් සාර්තක වුනේ නෑ. මගේ හිතට අමුතු බයක් දැනෙද්දි, අපාට්මන්ට් එකේ ජනෙල් සේරම වහලා තියෙද්දිත් මුලු ඇගටම අමුතු සීතලක් දැනුනා.

මහ රෑ පාන්දර එකට වුනත් අපාට්මන්ට් එකේ දොරට කවුරු හරි තට්ටු කලේ එතකොටමයි. [End p.o.v.]

~~~~~~~~~~

අන්න ඒ රැයින් පස්සෙ සේහිගෙ මුලු ජීවිතේම වෙනස් වුනා. ඒ දවසින් පස්සෙ කිව්වට ඒ ගත වෙලා තිබුණ කාලය ගොඩක් ලොකු කාලයක් නෙවෙයි. සති දෙකක් විතර ඇති.

මහ පාන්දර එකට සේහිගෙ අපාට්මන්ට් එකට තට්ටු කලේ පොලීසියෙන්. එයාලා සේහිට ගෙනාවෙ සතුටුදායක පනිවිඩයක් නෙවෙයි. කොච්චර ශක්තිමත් වුනත් ඇය වගේ කෙනෙකුටත් ඒක දරා ගන්න අමාරු පනිවිඩයක් වුනා.

" මැඩම් ඔයා සේහි ද..? මිස්ටර් දේයන්ගේ ෆියොන්සේ..?"

" ඔව්.. මන් තමයි.."

" මැඩම් කලබල වෙන්නෙපා මේකට.."

" කියන්න.. මොකක්ද ප්‍රශ්නෙ..?"

" මිස්ටර් දේයන්ට වෙඩි තියලා.. පබ්ලික් පැවිලියන් එකේදි.."

" මොකක්..? කොහෙද දැන් එයා.." කොහෙද හොස්පිට්ල් එක.." කෑ ගහලා අඩනවා වෙනුවට සේහි ඔෆිසර්'ගෙන් එහෙම ඇහුවා.

" සමාවෙන්න මැඩම්.."

" ඇයි.. කියන්න.. මොකටද ඔයාලා සමාව ඉල්ලන්නෙ..?"

" අපිට එයාව බේරගන්න බැරි වුනා මැඩම්.. හරියටම ඔලුවටමයි වෙඩි වැදිලා තියන්නෙ.. එතනම තමා නැතිවෙලා තියන්නෙ.."

අඩුම තරමෙ දේයන්ගෙ ෆියුනරල් එකටවත් සේහි හිටියෙ නෑ. සේහි සතියක්ම හීටියෙ රෝහලේ ඇදක් උඩට වෙලා විදුරු පංකාවෙ කැරකෙන පෙති දිහා බලාගෙන. ඒ හිටියෙත් හොද සිහියකින් නෙවෙයි.

හරියට ඇයට කලින් දවසෙ ලැබුන සුබ ආරංචිය වෙලාවෙදි වගේ.

දේයන් කියන්නෙත් සේහි කියන්නෙත් පොඩි කාලෙ ඉඳන්ම තනියම හැදුන අය. එයාලා දෙන්නගෙන් කාටවත්ම දෙමව්පියන් හිටියෙ නෑ. ඒ නිසාමයි ඒ දෙන්නා එකට ජීවත් වුනේ. ඉතින් දේයන් මේ ලෝකේ දාලා ගියාට පස්සෙ සේහිට කාත් කවුරුවත්ම හිටියෙ නෑ.

නෑ.. ඒක බොරුවක්..

දේයන් සේහිට චූටි දේයන්ව දීලයි යන්න ගිහින් තිබුනෙ.

දේයන්ව සතුටු කරවන්න සරසපු ලිලී මල් වල මල් පෙති මුලු අපාට්මන්‍ට් එකේම විසිරිලා. ඒ වුනත් තවදුරටත් ඒ ලිලී මල් පෙති ලිලී මල්මයි කියලා කියන්න එකම එක සාක්ශියවත් ඉතුරු වෙලා නෑ. මොකද ඒවයේ සුදු පාට අදුරගන්නවත් බැරි තරමට දුර්'වර්'න වෙලා.

අවුරුදු දෙකකට වඩා කාලයක් ආදරය කරලා, ලස්සන මතකයක් වගේම කලබලකාරී මතකයන් ගොන්නක්ම ඉතුරු කරලා විවාහයට මාසයක්වත් තිබ්බෙ නැති දේයන් යන්නම ගිහින්.

තවදුරටත් සේහිට ඒක හීනයක් වුනේ නෑ. ඇය ඒක හීනයක් කියලා හිතන්න මෝඩ වුනෙත් නෑ. ඒ වුනත් ඇයට එකම එක පසුතැවීමක් තිබුනා. අන්තිම මොහොතෙ තමන් ශක්තිමත් වෙලා හිටියා නම් දේයන්ගෙ මල සිරුර හරි බලන්න තිබුනා කියලා ඇගේ හිත ඇයට හැම වෙලේම කිව්වා. ඔලුවට වෙඩි තියලා තිබුන නිසා දේයන්ගෙ මූනවත් බලන්න බෑ කියලා සේහි නොදන්නවා නෙවේ. ඒ වුනත් ඉපදෙන්න හිටිය දරුවට දරුවගෙ ඩෑඩ්ගෙ අප්‍රානික අතකින් හරි බ්ලෙසින් එකක් තිබුනා නම් කියලා ඇය බලාපොරොත්තු වුනා.

ඒත් තවදුරටත් සේහිගෙ ඒ බලාපොරොත්තු වැඩක් වුනේ නෑ. මොකද දේයන්ගෙ ෆොටෝ එකක් එක්ක අලු බදුන විතරයි සේහිට දේයන්ග් වෙනුවෙන් ලැබිලා තිබුනෙ.

ටේබල් ලෑම්ප් එකක්වත් පත්තු වෙන්නෙ නැති එයාලගෙ පාට්මන්ට් එකේ සේහිට තව දුරටත් ජීවිතයක් තිබුනෙ නෑ. සේහි හිතුවා එතනම, ඒ මතක ඇතුලෙ හැමදාම ජීවත් වෙලා ඉක්මනින් දේයන්ගෙ ලෝකෙට යනවා කියලා. ඒ වුනත් ඇයට එහෙම කරන්න පුලුවන් වුණේ නෑ. තමන්ට අනාගතයක් ඕනි වුනේ නැතත්, සේහිට තමන්ගෙ ජීවිතේ ගැන තනි තීරනයක් ගන්න තව දුරටත් අයිතියක් තිබුනෙ නෑ.

ඒ නිසාම ඇය තීරනයක් ගත්තා.

මේ තරම් කාලයක් මුලු රටටම සේවයක් කරලා.. මුලු රටේම ආදරේ දිනාගෙන හිතා ගන්නවත් බැරි ලොකු වැටුපක් ගත්තු රැකියාවට ඇය දෙපාරක් නොහිත සමුදුන්නා. දේයන්ගෙ හැම මුදල් අයිතියක්ම නීතිමය වශයෙන් සේහිට අයිති වෙලා තිබුනා. තමන්ගෙ විශ්‍රාම වැටුපත් දේයන්ගෙ වැටුපත් හැමදාටම සේහිට ලැබෙන නිසා කවමදාවත් තමන්ට ජීවත් වෙන්න මූල්‍යමය විදිහට අමාරු වෙන්නෙ නෑ කියලා ඇය දැනගෙන හිටියා.

දේයන්ගෙ හැම මතකයක්ම ඒ අපාට්මන්ට් එකේම තියෙද්දි සේහි තමන්ගෙ හැම දෙයක්ම බෑග් එකකට දා ගත්තා. තමන්ගෙ සේරම දේවල් එක බෑග් එකකට දා ගන්න පුලුවන් වුනාම තමයි සේහිට තේරුනේ කොච්චර සල්ලි තිබුණා වුණත් එයාලා දෙන්නා ජීවත් වෙලා තියන්නෙ සාමාන්‍ය මිනිස්සු විදිහට කියලා.

දුර්'වර්'න වුන ලිලී මල් පෙති එක්ක දේයන්ගෙ හැම මතකයක්ම අත් ඇරලා දාලා එයාලා දෙන්නගෙ ආදරනීය, ඒ වගේම ලස්සන අපාර්මන්ට් එක විකුනලා දාපු සේහි ලෑස්ති කරගත්තු ලොකු ට්‍රැවලින් බෑග් එකත් අරන් එලියට බැස්සා. ඒ වුනත් ඇයගෙ අතේ දේයන්ගෙ මතක දෙකක් ඒ වෙනකොටත් ඉතුරු වෙලා තිබුනා.

එකක් අලු බදුන.. ඒක සේහි ගිහින් ෆියුනරල් හෝල් එකේ රැක් එකක තැන්පත් කරලා සුදු පාට ඉටිපන්දමක් එක්ක ලිලී මල් පොකුරක් තියලා ලාවට හිනාවුනා.

ඊලගට සේහි ලග තිබුන අනිත් එකම දේ.. බෙල්ලෙ තිබුන දේයන්ගෙ මාලෙ. ඒක විසික් කරන්න ඕනි වුනත් එහෙම නොකර සේහි එතන තිබුන රෙස්ටුරන්ට් එකට ගිහින් රාත්‍රී ආහාරය අර ගත්තා. කෑම කාලා ඉවර වෙලා බෑග් එකත් අරගෙන පාර දිගේ ඇවිදගෙන ආවෙ මහ රෑ වෙලා මුලු පරිසරයම අදුරු වෙලා කියලා ගානක්වත් නැතුව. ඒ වෙද්දිත් පොද වැස්සක් මුලු සෝල් වලටම හොරෙන් පොලොව සිප ගන්න පටන් අරගෙන තිබුණා.

ඒ වෙලාවෙ සේහිගෙ හිතේ එකම එක දෙයයි ඒ වෙලාවෙ තිබුනෙ.. ඒ දරුවා ගැන. දරුවට අනාගතයක් හදලා දෙන විදිහ ගැන. දේයන් දීලා ගිය එකම මතකය මුලු ලෝකෙම සදාකාලික මතකයක් කරවන විදිහ ගැන.

ඒ වුනත් එකපාරටම එයා ඒ කල්පනාවෙන් වෙන් වෙලා වෙන කල්පනාවකට වැටුනා.

' " සීතලයි.."

" වැස්ස නිසා ද එහෙමත් නැත්නම් අසනීපයක් නිසා ද..?"

මන් සීතලයි කිව්වොත් මට පොරවගන්න බ්ලැන්කට් එකක් දෙන එක, මාව හීටින් මැශින් එකක් ලගට එක්කන් යන එකට වඩා හැමෝම කරන්නෙ,

'ඔයාට සීතල හැදුනෙ වැස්ස නිසා ද එහෙමත් නැත්නම් අසනීපයක් නිසාද..?'

කියලා මගෙන් ආයෙමත් ප්‍රශ්නයක් අහන එක. ඒ ලෝකෙ හැටි.. ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නෙ මහ හීන ලෝකෙක. හීන ලෝකෙක ජීවත් වුනාට කමක් නෑ, අනුන් ගැන ටිකක් හරි හිතනවා නම්. නෑ.. මිනිස්සු එහෙම නෑ. එයාලා මේ ලෝකෙ ජීවත් වෙන්නෙත් නෑ.. පරාර්'ථකාමීත් නෑ.

පොඩ්ඩක් ඉන්න..

මොකක්ද මේ වෙනස..

ඇයි අද මගේ ඇස් තෙමෙන්නෙ නැත්තෙ..?

වෙනදට මන් මෙහෙම දෙයක් මතක් කලත් මට ඇඩෙනවා.. ඒ වුනත් අද මන් ශක්තිමත් වෙලා..

ඔව්.. එහෙම වෙන්න ඕනි තමයි.. මන් මූන දුන්න ප්‍රශ්න වලින් දිනලා මේ විදිහට දැන් ඉන්නවා කියන්නෙ, මට කිසිම දේකට නොඇඩෙනවා කියන්නෙ.. ඒක හරි. මොකද මන් දැන් ඉන්නෙ එච්චරටම ලොකු කඩාවැටීක..

මට හිතුනා ජීවිතේ නැති කර ගන්න.. එකපාරක් නෙවෙයි.. කීප වතාවක්ම.. ඒත් ඇත්තටම මන් කොහොමද එහෙම කරන්නෙ..?

මගේ ජීවිතේ විතරක් නම් මන් ඒම කරගෙන ගොඩක් කල්..

ඒ වුනත් මන් කොහොමද එහෙම කරන්නෙ..?

මන්..............'

[ දඩාස්.. ]

එක විනාඩියක් යන්නත් කලින් අතුරු පාරකින් එකපාරටම මතු වුන ආපු බුගට්ටි වර්'ගයේ මෝටර් රථය සේහිව හප්පගෙන ගියා.

( 1st Chapter )

~~~~~~~~~~

" සේහි.. කාලා ඉන්න.. ඔයා නැත්නම් තවත් වීක් වෙයි.." ජොන් ජන්කුක් එහෙම කිව්වෙ එයාගෙ රියැදුරු ලී යන්ග්ට කාමරෙන් එලියට යන්න කියලා ඇස් වලින් කියන ගමන්.

" ... "

" සේහි.."

" මට කන්න බැහැ.. කරුනාකරලා මෙතනින් යන්න.."

" ඒත්.."

" ප්ලීස්.."

සේහි අඩුම තරමෙ ජොන් ජන්කුක් දිහා කෙලින් බැලුවෙවත් නැහැ. සේහි දිහා ටික වෙලාවක් බලන් හිටපු ජොන් ජන්කුක් කාමරෙන් එලියට යන්න හැදුවත් ආපහු නැවතුනේ සේහිගේ කටහඩ නිසා.

" මිස්ටර් ජන්කුක්.."

" .. කියන්න.."

" මට.. සමා..වෙන්න.."

සමාව ගන්න ඕනි සේහිද, ජොන් ජන්කුක්ද කියලා හරියට දන්නෙ නැති වුනත් සේහි එහෙම කිව්වා. මොකද ජොන් ජන්කුක් ඇයගෙන් මුලින්ම සමාව ඉල්ලපු නිසා.

ඒ වුනත් කම්මුලට පාරක් ගහපු එකට සමාව ගන්න එක සාදාරන වුනත්, ඉපදිලාවත් නැති ජීවිතයක් මරලා දාන එක සමාව දෙන්න බැරි වරදක්.

" ඉට්ස් ඕකේ... ඔයා රෙස්ට් කරන්න.."

ජොන් ජන්කුක් එහෙම කියලා දෙර වහගෙන එලියට ගියා.

ඒ වුනත් ජොන් ජන්කුක්ට ඕනි වුනා ආපහු සේහිගෙ කට හඩින් එයාගෙ නම අහන්න.. ඒ වුනත් ඒක සිද්ධ වුනේ නෑ..

ජොන් ජන්කුක්..

දකුනු කොරියාවෙ ආර්'ථිකයට වගේම විදේශ විනිමයට ප්‍රදාන වශයෙන්ම දායක වෙන හවුල්කරුවන් දහ දෙනා අතුරින් හතර වෙනියා. කෙලින්ම කිව්වොත් JK Clothing ගැන නොදන්න කෙනෙක් නෑ. ව්‍යාපාර ක්ශේත්‍රයෙන් විතරක් නෙවෙයි, දකුනු කොරියාවෙන්ම හිටපු කඩවසම්ම තරුනයා විදිහටත් ඔහු ගොඩක් ප්‍රසිද්ද වුණා.

ගති ගුන ගැන කිව්වොත් කිසිම කෙනෙකුට නැමෙන්නෙ නැති කෙනෙක්. ගොඩක් ආඩම්බරයි. නපුරුයිද කියන්න නම් හරියටම දන්නෙ නෑ. ඒ වුනත් ඔහු තියන තද ගති, ඒ වගේම කිසිම වෙලාවක හිනාවක් නැති මූන නිසාම ඔහු ගොඩක් නපුරුයි කියලා තමයි බහුතරයක් මිනිස්සු කිව්වෙ. අන්න ඒ නපුරුකම නිසාම ගොඩක් අය ජොන් ජන්කුක්ට ගොඩක් බයයි වගේම ගොඩක් ගරු කරන්න පුරුදු වෙලා හිටියා.

සර් ජොන් සහ ආර්'යාව ගැන කිව්වොත් එයාලා ජොන් ජන්කුක්ට වඩා නපුරු අය කියලා කියන්න පුලුවන්. ඒ වුනත් ඒ ඇතුලාන්තය විතරයි. පිටින් බැලුවම එයාලට වඩා හොද කරුනාවන්ත මිනිස්සු මුලු දකුනු කොරියාවම පීරුවත් හොයා ගන්න හිටියෙ නෑ.

විශේශම දේ.. ජොන් ජන්කුක්ගෙ වචනෙ වෙන්නෙ සර් ජොන් සහ මිසිස් ජොන්ගෙ වචන. එතනින් එහාට කතා කරන්න කිසිම දෙයක් කිසිම කෙනෙකුට ඉතුරු වෙලාවත් තිබුනෙ නෑ.

එතකොට ජොන් ජන්කුක්ගෙ නිවස.

නෑ..

ඒකට නිවසක් කියනවට වඩා ගැලපෙන්නෙ මන්දිරයක් කියන වචනෙ. ජොන් මන්දිරය තට්ටු හතරයි. මන්දිරය පිහිටලා තිබුන කොටස විතරක් අක්කරයක් විතර ඇති. ගාඩ්න් එක ඒ වගේ දහ ගුනයක් විතර ලොකුයි කියලා තමයි කියන්නෙ. කෙලින්ම කිව්වොත් ජොන් මන්දිරේ එක තට්ටුවක තියෙන කාමර ගානවත් හරියට ජොන් ජන්කුක් දැනන් හිටියෙ නෑ. ඔහු තුන්වෙනි තට්ටුවේ ජීවත් වුනේ තනියම.

( ස්මයිල් ඉන් පේන් දේපල වර්'ශන්.. 🙂)

ජොන් තේ හ්‍යුන්.

ජොන් ජන්කුක්ගෙ වැඩිමහල් සහෝදරයා. එක කුස උපන් සහෝදරයා නෙවෙයි. මිසිස් ජොන්ගෙ අක්කගෙ දරුවා. ඇක්සිඩන්ට් එකකින් දෙමව්පියො නැති වෙලා හිටපු නිසා අවුරුදු හතරෙ ඉදන්ම කිම් තේහ්‍යුන් හැදුනෙ ජොන් පවුලත් එක්ක. ඒ නිසා කාලයක් එක්ක කිම් තේහ්‍යුන් ජොන් තේහ්‍යුන් වුනා. ඒකට විශේශම හේතුව වුනේ සර් ජොන් එයාගෙ ව්‍යාපර සේරම ජන්කුක් සහ තේහ්‍යුන්ට සමානව පවරපු එක.

තේහ්‍යුන් අවුරුදු දෙකකින් ජන්කුක්ට වඩා වැඩිමල්. ඒ වුනත් ඒ දෙන්නා සහෝදරයන්ට වඩා ජීවත් වුනේ හොදම යාලුවො විදිහට. ව්‍යාපාර ජීවිතේ එක්ක මේ තරම් කාලයක් තිබුන නිදහස නැතිවෙලා තිබුනත් එයාලගෙ සහෝදරකම පොඩ්ඩක්වත් අඩු වෙලා තිබුනෙ නෑ කියලා ඕනිම තැනක දිව්රන්න පුලුවන්. ජොන් තේ හ්‍යුන් ජීවත් වුනේ ජොන් මන්දිරයේ ෆෝත් ෆ්ලෝ එකේ.

එතකොට යේරා කියන්නෙ ජොන් ජන්කුක්ගෙ ආදරේ. ජොන් තේහ්‍යුන්ට තාමත් ආදරේ කරන්න කෙනෙක් හිටියෙ නැහැ.

~~~~~~~~~~

ජන්කුක් ටීවී සෝෆා එකේ ඉදන් චැනල් මාරු කර කර හිටියෙ ඔහු ටීවී බලන්න කැමති කෙනෙක් නොවුන නිසා. ෆෝන් එක ආපහු අරගෙන බැලුවත් යේරාගෙන් තිබුන මිස්ඩ් කෝල්ස් ඇරෙන්න ඔහුට කිසිම විශේශ දෙයක් තිබුනෙ නෑ. සෝශල් මීඩියා වලට ගියොත් තමන් ගැන අහන්න ලැබෙන්නෙ මෝඩ කතා විතරක් නිසා ඔහු ආයෙමත් ෆෝන් එක ඕෆ් කරලා දැම්මා.

ඊට පස්සෙ තමා ඔහුට මතක් වුනේ හෙට යේරට කියන්න වෙන නිදහසට කරුනු ගොඩ. මුලු දකුනු කොරියාවම අල්ලලා හිටපු මහ ලොකු ජොන් ජන්කුක් අකමැතිම දේ යේරට නිදහසට කරුනු කියන්න වෙන එක.. ඒ කොහොම වුනත් හෙට කියන්න වෙන නිදහසට කරුනු ගැන හිතන්න තරම්වත් ජොන් ජන්කුක්ට මේ වෙලාවෙ ඕනිකමක් තිබ්බෙ නෑ. මොකද ඔහු එච්චරටම හිටියෙ විඩාබර කල්පනාවක.

සමහර විට සේහි ගැන..

එහෙමත් නැත්නම් වෙන දෙයක් ගැන..

______________________________________

දුර්වල වුනත් ඔබේ ඒ කටහඩ..
දැනගෙන හිටියත් එක් වචනයක් පවා විඩාවක් බව..
මට ඕනි වුනා ඔබේ ඒ කටහඩින්..
තව පාරක් මගේ නම කියව ගන්න..

එකපාරක් ඔබ මා තෘප්තිමත් කලත්..
මන් ලෝබ වුනා ඒ කටහඩට..

" මිස්ටර් ජන්කුක්.."

ඔබ ආපහු කියනවා නම්..

කරුනාකරලා කතා කරන්න මගේ නමින්..
එකම එක පාරක්..

______________________________________

බේස් එක ඉවරයි.. ඊලග කොටසෙන් කතාව පටන් ගන්නවා..

මේකට අඩන්නෙපා.. දන්නවා ඇඩෙන්නෑ කියලා.. 🙂


Cover by :- Jkqueen99

Vote, Comment කරන හැමෝටම ස්තූතියි ❤️

A_Shee1 ~

繼續閱讀

You'll Also Like

1.3K 197 14
මංමුලාවූ ඔහුහටම මා ප්‍රේමයෙන් බැදුනේ කිමදැයි අදටත් නොදනිමි.ඒ දෙනෙත්වලට පෙම් බැන්දේ ඇයිදැයි අදටත් මම විමසමි. ප්‍රේමය නම් මා පමණක් කලා නම් ඉතින් එතැකැය...
28.8K 4.6K 13
Completed " ආයිශ්... මං මොනාද මේ කරගත්තේ... ඒකත් මං අදුරන්නෙත් නැති මනුස්සයෙක් එක්ක.. කමක් නෑ.. ආයෙමත් මට ඒ කෙනාව හම්බෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැති...
35.2K 5.7K 24
"මා...මාව අත....අරින්න...මොකක්ද...කරන්නෙ" "මං කරන්නෙ මට ඕන දේ..ඇයි ප්‍රශ්නයක්ද...ම්ම්ම්...." "ඔයාට කැමති ඒව ඔයා කරගන්න...මාව අතඇරල" "එහෙම බෑනෙ බබා..ම...
107K 6.4K 44
တကယ်တော့ အချစ်ဆိုတာ စကားလုံးတွေနဲ့ လှပအောင် ပုံဖော်ထားတဲ့ အဆိပ်မီးတောက်လေး တစ်ခုပါဘဲ 🔥