මම කෙලින් වෙලා බලන්න හදද්දිම නර්ස් කෙනෙක් දුවගෙන ඇවිත් ඇතුළට ගියා.. මමත් ඇතුළට ගියේ මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි නිසයි.
- සර්. ප්ලීස් එළියට යන්න. දැන්ම ඔයාට ඇතුළට එන්න බෑ.
ඒ නර්ස් අර කෙනාව එළියට එක්කගෙන යන්න හදන බවක් මට පෙනුණේ, ඒත් ඒ කෙනා නම් එළියට යන්න කැමැත්තක් නෑ වගේ.. මම නර්ස්ව නවත්තලා එයාගේ ළඟට ගියා.
එයාට තිබුණේ ගොඩක් සුදු හමක්, චූටි ඇස් දෙකෙන් එයා මගේ දිහා බැලුවේ කේන්තිය මුසු වුණු අසරණ කමකිනුයි. මම එයාගේ අතින් අල්ලලා එයාගේ දිහා බැලුවා.
- සර්. දැන් එළියට යන්න.
එයා මුකුත් කියන්නේ නැතිව මගේ අත ගසලා දාලා හිතුවක්කාර විදියට පුටුවක් ඇදලා අරගෙන ආච්චි අම්මගේ ඇඳ ගාවින් ඉඳගත්තේ ආච්චි අම්මගේ අතකුත් අල්ලගන්න ගමන්. මට තවත් එයාව නවත්තන්න පුළුවන් කමක් නෑ, ඒ නිසා මම එළියට ගියේ ඩොක්ටර් හෝසෝක්ව එක්කගෙන එන්න හිතාගෙන. මම ඩොක්ටර්ගේ කැබින් එකට ගිහින් ඔක්කොම කියලා, ඩොක්ටර්ව එතනට එක්කගෙන ආවා.
ඩොක්ටර් එතනට ගිහින් එයාට කතා කළා, ඒ වෙලාවේ එයා ටිකක් සන්සුන් වෙලා ඩොක්ටර් කියන දේ අහගෙන හිටියා.
එයාලා දෙන්නම එළියට ආවාට පස්සේ ඩොක්ටර් එයාට එතන තිබ්බ තැනින් වාඩි වෙන්න කියලා මගේ ගාවට ආවා.
- මේ ඒ පේෂන්ට්ගේ පවුලේ කෙනෙක්. පේෂන්ට්ට සිහිය එනකම් එයා මෙතන ඉඳීවි, එයාට මොනවාහරි උදව්වක් ඕන වුණත් බලලා කරලා දෙන්න පුළුවන් ඔයාට ජිමිනි?
- හරි ඩොක්ටර්!!
- මම යන්නම්.. කොහොමත් තව ටික වෙලාවක් යයි එයාගේ ආච්චි අම්මගේ රිපෝට්ස් එන්න.
- මට තේරුණා ඩොක්ටර්. ඒත් ඩොක්ටර් මෙයා ගොඩක් තරුණ පාටයිනේ..
- ඔව්.. මේ එයාගේ මුණුබුරෙක්. මම මෙයාව දන්නවා. ආ.. මම දැන් යන්නම්.. පේෂන්ට් කෙනෙක් එනවා දැන්.. ඔයා මම කිව්ව දේවල් ගැන බලන්න ටිකක්.
- හරි ඩොක්ටර්..
ඩොක්ටර් එතනින් ගියාට පස්සේ මමත් ඒ කෙනාට ටිකක් එහායින් වාඩි උනා. පැය බාගයක් විතර ගියත් එයා වචනයක්වත් කතා කළේ නෑ. මටත් ඉතින් කට පියාගෙන ඉන්න බැරි නිසාම මම එයාට කතා කළා.
- මට ඔයාගේ ආච්චි අම්මට වුණු දේ ගැන ඇත්තටම දුකයි.
.........
- ඇත්තටම මමයි එයාව මෙහාට එක්කගෙන ආවේ.. ඒත් ඉතින් ඒ වෙද්දිත් තිබ්බ තත්වය එක්ක එයාට සර්ජරි එකක් කරන්නම වුණා. ඩොක්ටර් නම් කිව්වේ තව ටික වෙලාවකින් රිපෝට්ස් ආවොත් ඒවා අනුව එයාව සාමාන්‍ය වෝඩ් එකකට දාන්න බලනවා කියලා.
..........
- ඒත් ඇයි ඔයා එයාව රෑ තනියම යැව්වේ.. එයා ගොඩක් දුර්වල කෙනෙක්නේ??එළියට යන්නම ඕන කිව්ව නම් ඔයාටත් යන්න තිබ්බනේ එයා එක්ක. ඔයා ඉතින් තරුණ කෙනෙක් නිසා එයාගේ ආරක්ෂාවට හොඳයිනේ ඔයා ඉන්න එක??
..........
වචනයක්වත් නෑ. අඩුම තරමේ ඔව් නෑ කියලවත් කියන්නේ නෑ!?මම කතා කරනවා වැඩි නිසාද??මට ස්තූතියි කියන එකවත් කියන්නේ නෑනේ!?ඒකට කමක් නෑ, ඒත් එයාගේ ආච්චි අම්මගේ තත්වය ගැනවත් අහන්න එපායැ??මොන විදියේ කෙනෙක්ද මන්දා. පේන විදියට මට වඩා අවුරුදු දෙකක් තුනක් වගේ වැඩිමල්. එතකොට මෙයාටද මම ඉස්සෙල්ලා කතා කරලා තිබ්බේ??ඒ වෙලාවෙත් වචනයක්වත් කතා කළේ නෑනේ..
මම තව ටික වෙලාවක් හිටියත්, එයා වචනයක්වත් කිව්වේ නෑ.. කලබලයෙන් කාමරයේ දොර දිහා බලාගෙන ඉන්නවා විතරමයි. හරියට පිළිමයකුත් වගේ..
මම තව ටික වෙලාවක් ඉඳලා ඉඳලා බැරිම තැන ආයේ කතා කළේ, රෑ නිසා හොස්පිට්ල් එකේ තිබ්බ ලොකු නිහඬතාවය වගේම මගේ වටපිටාවේ තිබ්බ ඒ නිහඬතාවය මට පුරුදු නැති නිසාමයි.
- ඔයාගේ නම මොකක්ද??පේන විදියට ඔයා මට වඩා වැඩිමල්!?මම හරි නේද??
මම ඇහුවේ ටිකක් ළංවෙන ගමන්. එයා නෙවෙයි වචනයක්වත් කිව්වේ..
- ඔයාද ඉස්සෙල්ලා මම කෝල් කරපු වෙලාවේ ෆෝන් එක ආන්ස්වර් කළේ??
ඒත් නෑ කිසිම සද්දයක්!!
- ඔයා ඔහොම කතා නොකර ඉන්නේ ඇයි??ඔයාට කතා කරන්නවත් කවුරුත් නැති නිසයි මම ඔයා එක්ක කතා කරන්න හැදුවේ.. ඔයා ඉතින් ගොළු වෙලා වගේ මාත් එක්ක කතා කරන්නේ නෑනේ..
මම කිව්වේ නුරුස්සන විදියකටයි. ඇත්තටම මම කැමතියි කතා කරන්න, මේ වගේ පේෂන්ට්ලගේ පවුල්වල මගේ සම වයසේ වගේ අය ආවම එයාල එක්ක කතා කර කර ඉන්නේ මගේ කම්මැලිකම නැති කර ගන්නමත් නෙවෙයි, සමහරවිට මම කියන දේවල් එයාලගේ මානසික තත්වය හදන්නත් උදව් වෙයි කියලා හිතලයි. ඒත් මෙයා නම් ලේසියෙන් කතා කරන්නේ නෑ වගේ.. සමහරවිට එයාට හිතෙනවා ඇති මම කියවනවා වැඩි කියලා.. එහෙනම් ඉතින් මම කට පියාගෙන ඉන්නම්කෝ.. මම එහෙම හිතුවත් ආයේ ටිකකින් මම කතා කරන්න එයාගේ දිහාවට හැරෙද්දි එයා එහෙම්මම පුටුවට හේත්තු වෙලා නිදි.
මට එයාව ඇහැරවන්න හිතුණත් මම ආයේ නිකන් හිටියේ, මම එයාව ඇහැරවන්න ගියොත් එයා හිතයි මට ඕන්නැති දෙයක් නෑ කියලා. ඉතින් මම ආයේ ඉස්සරහ බලාගත්තේ කම්මැලිකමේ.. ආයේ මම එයාගේ දිහා බැලුවම මම දැක්කේ එයාගේ මූණ දහඩියෙන් තෙත් වෙලා තියෙනවා, ඒ වගේම එයාගේ තොල් වෙව්ලුවා. මම එයාගේ නළලට අත තිබ්බේ එයාගේ තත්වය බලන්නයි, එයාට උණ හැදිලා වගේ ගොඩක් රස්නෙයි එයාගේ නළල. මම ඉක්මනට නර්ස් කෙනෙක්ගේ උදව් එක්ක එයාව වෝඩ් එකකට ගෙනිච්චා. ඩොක්ටර් හෝසෝක් එයා ගැනත් බැලුවා.
- එයාට ටිකක් අසනීපයි, එයා ටික වෙලාවක් රෙස්ට් කරහම ඔය ගතිය ඇරිලා යයි. හොඳයි ඔයා එයා ගැන බැලුව එක ජිමිනි.
- එයා ආච්චි අම්මා ගැන වද වෙනවා ඇති.. ඒක නිසා වෙන්න ඇති..
- ඒකමත් නෙවෙයි, එයා මෙහාට එද්දිත් අසනීප ගතියෙන් හිටියේ, ඒකමයි මම ඔයාට එයා ගැන ටිකක් බලන්න කියලම කිව්වේ..
ඩොක්ටර් එහෙම කියලා එතනින් යන්න ගියේ මගේ අතට බේත් රිසිට් එකකුත් දෙන ගමන්.. මම ඒ ටික අරගෙන ඇවිත් අර කෙනාගේ ඇඳ එහා පැත්තෙන් තිබ්බා. මම එද්දි එයාට ලාවට වගේ සිහිය තිබ්බා. මම බේත් ටික තියලා එළියට ගියේ කුකීට කෝල් එකක් ගන්න හිතාගෙනයි. එයා කොහොමත් ටිකක් රෑ වෙනකම් ඇහැරගෙන ඉන්නවනේ.. ඒත් හෙට උදේම ඇහැරෙන්න ඕන නිසා එයාට නිදාගන්න දෙන්න ඕනනේ..ඉතින් මම ඒ අදහස අත ඇරියා.. ඊට පස්සේ ආයෙත් Staff Room එකට ගියේ ටිකක් නිදාගන්න කියලා හිතාගෙන, කවුරුත් හිටියේ නැති නිසා මම පුටුවකට බර වෙලා ටිකක් ඇස් දෙක පියාගත්තම දන්නෙම නැතිව මට නින්ද ගියා.
මම නැගිට්ටේ මට ලාවට වගේ දැනුණු සෙලවීමක් නිසයි. මම අමාරුවෙන් ඇස් දෙක අරිද්දි මගේ ඉස්සරහා හිටියේ ජන්ග්කුක්. ජන්ග්කුක්!?පොඩ්ඩක් ඉන්න, එයා කොහොමද හොස්පිට්ල් එකේ ඉන්නේ!?එයා හිටියේ බුසාන්වල නෙවෙයිද??මෙහෙ මොකෝ කරන්නේ??මට හීනයක්වත් පේනවද??මම කම්මැලිකමෙන් ඇස් දෙක තවත් හොඳට ඇරියේ මට පේන දේ ඇත්තක්මද කියලා බලාගන්නයි.
එයා මගේ මූණට එබීගෙන ඉන්නවා.
- ජන්ග්කුක්!?
- ජන්ග්කුක් තමයි!!මම ඔයාගේ මල්ලී ජන්ග්කුක්!
මම හිටපු තැනින් නැගිට්ටා.
- ඔයා මොනවද මෙහෙ කරන්නේ?
- මම ආවා ඔයාව බලන්න.
- අම්මත් ආවාද??
- අම්මත් එන්න ඕනෙයි කිව්වා, මම තමයි එයාට ඉන්න කිව්වේ..
- ඒ මොකද??ආ.. මට තේරුණා. ඊරිසියාකාරයා...
- ඒ මොකද මට ඊරිසියාකාරයා කියන්නේ??
- නෑ. ඉතින් අම්මා මෙහෙ ආවොත් ඔයාට වඩා මගේ ගැන හොයලා බලන නිසා ඊරිසියාවට එයාව එක්කගෙන ආවේ නෑනේ.. ඒක නේද හේතුව??
- ඔයා ඕන එකක් හිතාගන්න.. ඒක නෙවෙයි ඇයි තාම මෙහෙ??Taehyung hyung මට කිව්වනේ ඔයා අද නයිට් නෙවෙයි කියලා!?
- මේකයි. ඒක ටිකක් දිග කතාවක්!!ඔයා කෙලින්ම මෙහාටද ආවේ නැත්නම්..
- නෑ නෑ.. මම Taehyung hyungගේ ගෙදර ගියා, එතකොට එයා කිව්වා ඔයා තාම ආවේ නෑ කියලා රෑ ගිය ගමන්.. ඉතින් මමම ආවා.. මම මගේ බඩු ටික නම් ඔයාගේ කාමරේ තිබ්බා.
- බඩු??ඒ කියන්නේ ඔයා ආවේ නවතින්නද??
- ඔව් ටික කාලෙකට.
- ටික කාලයක් කිව්වේ??
- ටික කාලයක් කිව්වේ ටික කාලයකට.
- එහෙමද??එතකොට දැන් ඔයාගේ වැඩ??
- ටික දවසයිනේ.. අනික මම නිවාඩුව දැනුම් දුන්නා, අම්මටවත් නැති ප්‍රශ්නනේ ඔයාට තියෙන්නේ..
- එහෙම තමයි. කවුද දන්නේ මගේ පිටින් දාල එක්සෑම් එකක්වත් කට් කරන්න හදනවද කියලා!?
- මම එහෙම කරනවද??
- ඒක තමයි මට ෂුවර් නැත්තේ..
- යමුකෝ.. දැන්.. මට බඩු ටික අස් කරගන්නත් ඕන!!
- මම එන්නම්. ඔයා යන්න.
- ඉතින් මම ආවේ ඔයාවත් එක්කගෙන යන්න. ඉතින් යමුකෝ Hyung!!
- හරි එහෙනම්.. මම එන්නම්..
මම එතනින් එළියට ඇවිත් වොෂ් රූම් එකට ගිහින් මූණ හෝදගත්තා, ඊට පස්සේ කොණ්ඩේ ටිකක් විතර පිළිවෙල කරගෙන මම එළියට ආවේ ඩොක්ටර් හෝසෝක්ට කියලම යන්න හිතාගෙනයි, ඒ ගමන් අර ආච්චි අම්මවත් බලන්න මම හිතා ගත්තා.
මම ඩොක්ටර් හෝසෝක් හම්බ වෙන්න හිතාගෙන කැබින් එකට ගියත්, නර්ස් කිව්වේ එයා පේෂන්ට් කෙනෙක් හම්බ වෙන්න ගිහින් කියලා. ඉතින් මම කුකීට එළියෙන් ඉන්න කියලා, ඩොක්ටර් හෝසෝක් හම්බ වෙන්න ගියා, එයා හිටියේ අර ආච්චි අම්මා ගාව. එයා දැන් සාමාන්‍ය වෝඩ් එකක ඉන්නේ. මමත් ඇතුළට ගියා.
- ඇහැරුණාද ජිමිනි?කෝ ඔයාගේ මල්ලි?
- ඩොක්ටර්ට එයාවත් හම්බ වුණාද??
- ඔව්, මමයි එයාට කිව්වේ ඔයා ස්ටාෆ් රූම් එකේ ඉන්නවා කියලා.
- ආ.. එහෙමද??දැන් කොහොමද ඩොක්ටර් මෙයාට??
- දැන් නම් ටිකක් විතර හොඳයි. එයාට සිහිය ආවම බේත් ටික දුන්නම තව ටිකක් හොඳ වෙයි.
- එහෙනම් හොඳයි. මම යන්නම් ඩොක්ටර්, ආයේ හවසට එන්නම්කෝ.
- හරි හොඳයි ජිමින්-ශි. හදිස්සියක් නෑ ඔයා ගෙදර ගිහින් රෙස්ට් කරලා එන්න, ඔයා හරි නම් අද නයිට් ඩියුටි ඉන්න කෙනෙක් නෙවෙයිනේ. දැනටමත් ඔයා ඕනතරම් වැඩ කළානේ.
- ඩොක්ටර්, එතකොට අර අනිත් පේෂන්ට්ට කොහොමද?
- කවුද යුන්ගි ගැනද අහන්නේ?
- ආ.. එයාගේ නම යුන්ගිද??
- ඔව්.. එයාගේ නම මින් යුන්ගි. එයාටත් දැන් හොඳයි. කෑම ටිකක් කාලා බීලා බේත් ගත්තම එයාට නම් හොඳටම හොඳ වෙයි.
- හරි එහෙනම් ඩොක්ටර් මම ගිහින් එන්නම්.
මම එතනින් ඇවිත් කුකී එක්ක වාහනේම ගෙදර ආවා. ඔව් ඔව් කුකීට ඩ්‍රයිවින් පුළුවන්, මටත් පුළුවන් ඒත් එයාටම මම ඩ්‍රයිව් කරන්න දුන්නා. මම ඉතින් මහන්සියෙන් ඉන්න නිසා ඩ්‍රයිව් කරන්නත් බෑනේ.. මම එනකොටත් ටිකක් විතර නිදාගත්තා.
TOMORROW NEXT PART 😜💞
VOTE & COMMENT
කමෙන්ටුවක් කොටාගෙන යන්න හොඳේ.. සද්ද නැතිව හොරෙන් යන්න එපා ඉතින්. තාම හරියටම ලොකු දෙයක් නෑ ඉතින් 🙈💕