🐺Fate 🐺 || JJK (COMPLETED)

By Chimthri

24.4K 5.9K 1.9K

"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමය... More

Author's Note
හිතුවක්කාරකම 🐺
මුද්ද 🐺
ටැටූ එක 🐺
කම්මුල් පාර 🐺
පුර හඳ 🐺
ඔමේගා 🐺
ජිමින් 🐺
ඔමේගා ජීයුන් 🐺
අමිහිරි මතක 🐺
කොමෙට් 🐺
නුපුරුදු සුවඳ 🐺
තක්කාලි සෝස් 🐺
සමුගැන්ම 🐺
අලුත් නවාතැන 🐺
මිතුරන් 🐺
පර්ෆියුම් 🐺
හසුවීම 🐺
හෙලිදරව්ව 🐺
සුපුරුදු උණුහුම 🐺
පමා වූ වසන්තය 🐺 (End)

රතු ඇස් 🐺

1.4K 345 80
By Chimthri

තමන් දෙස කොයිම මොහොතක හෝ පනින්න බලාගෙන ගොරවමින් ඉන්න වෘකයන් දකින කොට යුන්මිට බයක් හිතට දැනුනත් කෙල්ලගෙ ඒ බය පරදමින් අනුකම්පවක් හිත තුලට ඇවිත් තිබුණෙ තමන් ඉස්සරහින් බිම වැටී වේදනාවෙන් ඉන්න සුදු පැහැති වෘකයත් ඒ සතාගෙ එක් අතක තිබුණු තුවාලයත් හේතුවෙන්.. යන්තමින් ඇසුණු ගොරවන හඬ ඒ හිම සුදු වෘකයා වේදනාව හේතුවෙන් පිට කළක් බව යුන්මිට හිතෙන්න උනා.. තමන්ට මේ දේවල් හිතෙන හේතුව යුන්මි දැනගෙන හිටියෙ නෑ.. වෙන මොහොතක නම් තමන් කරන්න යන මේ විකාර වැඩේ ගැන යුන්මි තමන්ටම දොස් පවර ගන්න තිබුණා..

ඒත් මේ මොහොත යුන්මිව වෙන කෙනෙක් පාලනය කරන්න වගේ කෙල්ලට දැනුනෙ.. තමන් ගැනවත් අවටින් වෙන කිසිම දෙයක් ගානක් නොමැතිව යුන්මි ඒ සතා වෙත ටිකින් ටික ළං උණා.. පාදයෙන් නොනවත්වා ලේ ගලමින් තිබුණු තුවාලය ටැක්සිය හැපීමෙන් සිදුවුවක්ද නොඑසේ නම් වෙනත් හේතුවක් නිසා සිදුවූවක්ද යන්න ගැන යුන්මිට අවබෝධයක් තිබුණෙ නැහැ... යුන්මි කියන්නෙ කවදාවත් තව කෙනෙක් ගැන ඕනිවට වඩා වද නොවුණු කෙනෙක්.. වෙන අවස්ථාවක නම් යුන්මි ටැක්සි රියදුරා මෙන් ටැක්සිය තුළම ඉන්න තිබුණත් අද වෙනදා හැසිරීමට වඩා තමන්ගෙ හැසිරීම වෙනස් බව යුන්මිවත් හරි හැටි දැන්ගෙන හිටියෙ නම් නෑ..

අනෙක් වෘයකයන්ගෙ විරුද්ධත්වය පල කරන ගෙරවීම් මැද ඒ හිම සුදු වෘකයා ළඟ තම දෙදණ තියා ගත් යුන්මි තම සිහින් අතැඟිලි ඒ සුදු සිනිඳු ලෝම වලින් පිරුණු හිස මත එහෙ මෙහෙ ගෙනියන්න උනේ අනුකම්පාවෙන්.. ඒ දැනුණු ස්පර්ශය නිසා ඒ වෘකයා සිහින් ඒත් සැනසිලිදායක ගෙරවුම් හඬක් පිට කරන්නය උනේ රැලේ අනික් වෘකයන්ගේ ගෙරවුම් හඬ මොහොතකට නතර කරමින්..

"මානි අප්පායෝ..? (ගොඩක් රිදෙනවද..?)"

යුන්මිගෙ තොල් වලින් සිහින් කෙඳිරුමක් විදිහට ඒ වචන පිට උනේ කෙල්ලටත් හොරා.. ඒත් එක්වරම යමක් සිහි උනා වගේ කෙල්ල තමන්ගෙම ඔලුවට පාරක් ගහ ගත්තෙ ටැක්සි ඩ්‍රයිවර් මේ සිදුවීම දිහා කිසිවක් හිතා ගත නොහැකිව පුදුමෙන් බලන් ඉන්න අතරතුරේදි.. තමන් අපේක්ෂාවෙන් බලන් හිටි කිසිවක් සිදු නොවුණු එක ගැන ටැක්සි රියදුරා හිටියෙ පුදුමෙන්.. විදේශීය උච්චාරණයක් සහිත මේ කොරියන් පෙනුම ඇති තරුණ කාන්තාව තම රථයට නැඟි මොහොතේ සිට තමන්ට පෙනෙන්න අත් දකින්න වෙන අමුතු සිදුවීම් නිසාවෙන් ඔහුගෙ මනස අවුල් ජාලාවක් වෙන ඒ තරම් වෙලා ගියේ නැහැ.. ගොරවමින් කොයිම මොහොතක හෝ තමා දෙස කඩා පනින්න සූදානමින් ඉන්නා වෘක රැලක් වෙත ගොස් දණ ගහගෙන ඒ මැද කිසිම බයක් සැකක් නොමැතිව පලපුරුදු කෙනෙක් මෙන් ඉන්නා මේ අමුතු සිදුවීම හීනයක් යැයි අමතක කොට දැමීමට රියදුරාට මේ මොහොතෙ අවශ්‍යව තිබුණා.. එහෙත් අවාසනාවකට මේ කිසිවක් සිහිනයක් නොවී සැබෑවක්ම වුණා..

තම අවටින් සිදු වෙන දේ තියා තමන්ගෙම මුවෙන් පිටවෙන දේවල් ගැනවත් හරි හමන් අවබොධයක් නොවුණු යුන්මි ආයෙම වතාවක් තම හිසට තට්ටුවක් දැම්මෙ තමන් මීට පෙර මොහොතකට කලින් කියූ දෙය සිහිපත් වූ නිසා..

"යා.. යුන්මියා... නෝ මිච්චස්සෝ...? (ඔයාට පිස්සු ද..?) ඔයා දැන් මෙ සතා එක්ක කතා කරන්නත් ගත්තද..? පබෝයා..(පිස්සි) සත්තු එක්ක කතා කරන්න තමුන් මිස්ටර් ඩූ ලිට්ල්ගෙ කවුරුවත් නෙවෙයි..."

තමන්ගෙම වැඩ වලට ඇසෙන නෑසෙන ගනනට හෙමින් තමන්ටම බැන වදිමින් තමන්ගෙ අතේ උණු කුඩා ලේන්සුවෙන් ඒ හිම සුදු වෘකයාගෙ පාදයක උනු තුවාලය ලේ ගැල්ම මදක් අඩු වෙන ලෙසට පරිස්සමෙන් ගැට ගැසූ යුන්මි ආයෙම තම අත වෘකයාගෙ හිසේ එහා මෙහා ගෙන ගියේ පලපුරුදු පුද්ගලයෙක් වගේ.. කිසිම විරුද්ධත්වයක් නොපෙන්වා සුරතලෙකු මෙන් යුන්මි ඉදිරියේ හැසිරෙන මේ සත්වයා ජීවිතෙ පලවෙනි වතාවට හමුවූ සතෙකු යැයි කිවහොත් කෙනෙක් විශ්වාස නොකරනවා නොඅනුමානයි.. තවත් මොහොතකින් ඒ තැනින් නැගිට ඉන් ඉවතට පිය මැන්න යුන්මි ආයෙම හැරි බැලුවෙ වේදනාවෙන්..

"Get well soon... "

යුන්මිටත් නොදැනෙන්න මේ විදිහට ආයෙම වරක් වචන පිට වෙන්න උනේ පුදුමෙකට වගේ.. තමන් ළඟ ඉන්නෙ මිනිසෙක් නොව තමන් කියන කිසිවක් තේරුම් ගත නොහැකි තිරිසන් සත්වයෙකු ‍යැයි යුන්මිට වෙලාවකට තේරුමක් තිබුණේම නැති තරම්.. වෘකයාගෙන් ඉවත්ව ටැක්සිය දෙසට පියවර කිහිපයක් ගිය යුන්මි ආයෙම හුන් තැනම නැවතුනේ තමන් මිට මොහොතකට පෙර කී දෙය මතක් වෙලා...

"Wait... What..? Did I talk to wolf agin..? Am I crazy..? මොන විකාරයක්ද මේ.. ඇයි මන් මෙහෙම හැසිරෙන්නෙ...? මේ පිස්සු රටට ආව වෙලාවෙ ඉදන් විකාර දේවල්මයි වෙන්නෙ.. ආශ්... මිච්චන්කෙත්තා..(මට පිස්සු හැදිලා වගෙ...) "

‍යුන්මි අතින් ඔලුවට තට්ටු කරමින් අඩි පොලවෙ තදින් හප්පමින් කලබලෙන් ඇවිත් ටැක්සිය තුළින් වාඩි උනෙ තමන්ගෙ විකාර හැසිරීමටත් තමන්ගෙ අවටින් සිද්ද වෙන දේවල් වලටත් හිතින් බැන බැන.. කොරියාවට ආපු මොහොතෙ ඉදලම තමන්ට දකින්න අහන්න ලැබෙන දේවල් ගැන කෙල්ල හිටියෙ නම් ඒ තරම් පැහැදීමකින් නෙවෙයි..

මිනිත්තු කිහිපයක් ටැක්සිය තුලම ගත උනේ වෘක රැලට ගමන් මාර්ගයෙන් ඉවත් වීමට ඉඩ සලසමින්... සිදු වුණු දේවල් එක්ක අවුල් මනසින් යුක්ත උණු රියදුරාත් හැකි උපරිම වේගයෙන් තම රථය ධාවනය කලේ හැකි ඉක්මනින් මේ විකාර හැසිරීම ඇති තරුණිය තමන්ගෙ කුලී රථයෙන් ඉවත් කිරීමෙ උවමනාව නිසාවෙන්.. මේ මොහොතේ තමන්ට මුදල් වලට වඩා මේ තරුණියගෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබුණේ ගෙවෙන තත්පරයක් ගානෙම තමන්ට තවත් බිහිසුණු අත්දැකීමක් විදින්න ලැබේ යැයි ඒ හිත කියන්නට වූ නිසාවෙන්..

ටැක්සිය තුළ ගමනාන්තය තෙක් ඉතුරුව ඇති කාලය පුරාම යුන්මි කල්පනා කලේ ග්‍රැනීගෙන් පිට උණු ඒ වචන කිහිපය ගැන.. ඒ දේවල් තමන්ට විශ්වස නොකරන්න උවමනා උනත් ඒ දේවල් එක්ක මින්සු තමන්ව කොයි විදිහකට පිලි ගනීදැයි කෙල්ලගෙ හිත ඇතුලෙ තිබුණෙ බයක්.. තමන් මේ නොදන්න රටේ ඉන්න තැනක් නොමැතිව කුමක් කරන්නදැයි කෙල්ලට බයක් තිබුණා.. ප්‍රමාණවත් තරම් මුදල් නොමැති කමත් කෙල්ලගෙ හිත තව තවත් අසරණ කලේ මේ අතරවාරෙදි.. එක්වරම ටැක්සිය නැවතුණු බැවින් යුන්මි කල්පනාවෙන් මිදුණා..

"මේ ඒ තැනද...?"

හිතේ දෙගිඩියාවකින් යුන්මි ඇහුවෙ වටපිටාවට තම ඇස් යොමු කරමින්.. උත්තරයක් වෙනුවට කෙල්ලට ලැබුණෙ හිස සෙලවීමක් පමණයි.. කියන්නට කිසිවක් නොවුණු බැවින් යුන්මි තමන් අත රැඳි බෑග් සියල්ලමත් රැගෙන ටැක්සියෙන් පිටතට ආවෙ බලාපොරොත්තු කඩඋණු හිතකින්.. කෙල්ලගෙ මූණ පුරාත් බැල්මේ පවා ඒ ස්වරූපය ඕනිම කෙනෙක්ට දැක ගන්න පුලුවන් උණා.. එයට ප්‍රදානම හේතුව උනේ මින්සු.. තමන් ඉදිරියේ තියෙන කිසිම පිලිවෙලක් නැති අපිරිසිදු නිවාස කිහිපය දුටු යුන්මිට තවත් තේරුම් ගැනීමට දෙයක් ඉතිරිව නොතිබුණා.. කොරියාවෙහි තමන් සැප පහසු ජීවිතයක් ගත කරන ලෙස තමන් ඉදිරියේ මින්සු කල රංගනය ගැන යුන්මියට කේන්තියක් එක් කලා... ඒත් තවමත් මින්සු ගැන නරකක් හිතන්න යුන්මිගෙ මුරන්ඩු හිතට අවශ්‍ය නොවුණෙ කවුරු කොහොම කිව්වත් යුන්මිට තවමත් මින්සු තමන්ගෙම සහෝදරිය නිසාවෙන්..

අතේ ඉතිරිව තිබූ මුදල් වලින් බාගෙකටත් වඩා ටැක්සියටම වියදම් කෙරූ කෙල්ල පැමිණියටත් වඩා දෙගුණයක වේගෙන් තමන් වෙතින් ඉවත්ව යන රථය දෙස බලා හිටියෙ හිස් හැඟීමෙන්.. අතෙහි ගුලි කර ගත් කොල කැබැල්ල දෙස බලමින් හුස්මක් හෙලූ යුන්මි තමන් ඉදිරියේ තිබුණු අපිරිසිදු ගරාවැටෙමින් තිබූ නිවස වෙත ළං උනේ ඒ මින්සුගේ නිවස නොවේවායි හිතින් ප්‍රාර්ථනා කරන ගමන්..

ඒත් එක්වරම තමා ඉදිරියේ වූ දොර විවෘත කරමින් ඉන් පිටතට අඩි හයක් පමණ උසැති මිනිසෙක් කලබලෙන් ඉවතට ආවෙ යුන්මි ඒ දෙස ඇස් ලොකු කරමින් බලන් ඉන්න අතර වාරෙදි.. බගෙට පියවුණු බොත්තම් සහිත ශර්ට් එකත් අවුල් වුණු හිසකෙස් මෙන්ම දාඩිය පිරුණු ඒ මුහුණත් දකින කිසිවෙක්ට ප්‍රියමනාප හැඟීමක් නම් ඇති කලේ නෑ.. ඒත් එක්කම යුන්මිට දැනුණෙ ඒ පුද්ගලයා තමන් දෙස මත් උණු එහෙත් රාගික බැල්මකින් ඇස් යොමා සිටින බවක්..

"අනී... මෙ...මෙතන නෙවෙයි... මියානේහ්..."

යුන්මි තමන්ට දැනෙන අප්‍රසන්න හැඟීම අපහසුවෙන් මැඩගෙන තමන් ඉදිරියේ සිටි පුද්ගලයාගෙන් සමාව අරගෙන ආයෙම ඉන් ඉවතට යන්නට හැරුණෙ මෙවැනි ස්ථානයකට තමන් පැමිණි එක ගැන කනගාටු වෙමින්.. මින්සු තමන්ට වගේම තමන්ගෙ අහින්සක ග්‍රැනීටත් ලොකු රැවටීමක් කල එක ගැන යුන්මිට තිබුණෙ කලකිරීමක්.. මේ ලෙස තමන්ට ව්‍යාජ ලිපිනයක් කාලෙකට කලින් දිපු හේතුව යුන්මිට හිතා ගන්න තවමත් නොහැකියි.. ඒ ගැන හිතමින්ම යුන්මි මේ අප්‍රසන්න වටපිටාවෙන් ඉවත් වෙන්න හිතුවත් නොහිතපු විදිහට කෙල්ලව හැඩි දැඩි පුද්ගලයෙකුගේ ග්‍රහණයට හසු උනේ අවසානාවකට වගේ..

"ම්ම්.. නරකම නෑ...."

සතෙකුමෙන් තමන්ගෙ ගෙල ඉව කරමින් ඒ කෙනා හෙමින් තොල් මතුරපු දේ යුන්මිට යන්තමින් ඇහුනත් ඒ දේ තේරුම් ගන්න කෙල්ලට පුලුවන් උනේ නෑ... මීට මොහොතකට කලින් තමන් දුටු ඒ අප්‍රසන්න පෙනුම ඇති පුද්ගලයාගේ දෑතට තමන් හසුවී ඇති බව තේරුම් ගත් යුන්මි ඉන් ගැලවෙන්න නිශ්ඵල උත්සාහයක් ගනිමින් හිටියා.. මොන තරම් මුරණ්ඩු උනත් යුන්මි මේ මොහොතෙ හිටියෙ ලොකු බයකින්.. තමන් කොරියාවෙ කියන එකත් අමතක කර තමන්ට හුරුපුරුදු ඉංග්‍රිසි බසින්ම උදව් ඉල්ලමින් යුන්මි කෑ ගහන්න උනේ ඒ නිසාම වෙන්න ඇති...

තමන් දෙස මත් උණු ඇස් වලින් බලන් ඉන්නා මේ නන්නාදුන පුදගලා දෙස යුන්මි බලන් හිටියේ ගිනි ගන්න තරමේ කේන්තියකින්.. හිතට මොන තරම් බයක් ඇති උනත් එ දේවල් යුන්මිගෙ මුහුණෙන් නම් නොපෙනුණා.. මේ අතරෙ තමන්ගෙ අපිලිවෙල කොන්ඩෙ වගේම ඇඳුම් ටිකත් තම අත් වලින් හදමින් යුන්මි ඉස්සරහට ආවෙ කෙල්ල නොහිතපු කෙනෙක්.. ඒ මේ තැන ඉන්න එපා කියල තමන් ප්‍රාර්ථනා කල තමන්ගෙම අක්කා මින්සු තමන් ඉදිරියේ... තමන් ඉදිරියේ පෙනෙන දේ විශ්වාස කරන්න අපහසු උනු මින්සු එතැන්ම ගල් ගැහිලා බලන් හිටියෙ පිලිමයක් වගේ.. මීට අවුරුදු පහකට කලින් තමන් අත හැර දාපු ඒ පවුල.. ඒ සහෝදරිය.. ඒ බැඳීම් තමන් විතරක් තමන්ගෙ හිතින් පමණක් අත් හැරියත් අනෙක් අය එසේ තමාව අත් හැර නොමැති බව මේ ගෙවුණු තත්පර කිහිපය මින්සුට තේරුම් කරල දුන්නා..

"මින්සු... මින්සු...."

යුන්මිගෙ කටහඬින් ගැස්සිලා පියවි සිහියට ආපු මින්සු කලබලෙන් මෙතරම් වෙල් පිටතට නිරාවරණය වෙලා තිබුණු තමන්ගෙ ගෙල පෙදෙස ඇදුමෙන් ආවරණය කර ගන්න ගමන් යුන්මි දෙසට ආවෙ බයෙන්.. මින්සුගෙ මුහුණෙ තමන්ටවත් වඩා බයක් යුන්මි ඒ මොහොතෙදි දැක්කා..

"ඇල්ෆා.. චෙබල්... මෙයාව අතාරින්න ඇල්ෆා ... චෙබල්.... එයාව අතාරින්න.. මන් වෙනුවෙන්... එයා මේ මොනවත් දන්න කෙනෙක් නෙවෙයි... ඇල්ෆා...."

තමන්ව හිර කරන් තවමත් තමන් වෙත මත් උණු ඇස් වලින් බලන ඒ අප්‍රසන්න පුද්ගලයාගෙ පා මුල වැටෙමින් මින්සු මේ කරන දේ ගැන යුන්මි බලන් හිටියෙ දරාගන්න බැරි තරමෙ වේදනාවකින්.. තමන්ගෙ සහෝදරිය මේ වගේ කෙනෙක් ලඟ තමන් නිසාවත් දණින් වැටෙන එක යුන්මිට ඉවසන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි..

"Min su.. what the hell are you doing..? Stop begging.. please stop this..."

යුන්මි තරහෙන් කෑ ගහන්න ගත්තත් ඒ කිසිවක් නොඇසුණු ගානට මින්සු තව තවත් ඒ පුද්ගලයා ඉදිරියේ බැගෑපත් වෙන්න ගත්තෙ කෙල්ලගෙ කේන්තිය වැඩි කරලා.. ඒත් නොහිතපු විදිහට යුන්මිව තල්ලු කරපු එ පුදගලයා තමන්ගෙ කකුල් ළඟ වැටී සිටි මින්සුව එක අතකින් ඇදල ගත්තෙ මින්සු පරඬැලක් වගෙ ඇදිලා එද්දි..

"හරි.. තමුන් නිසා අදට අතාරින්නම්.."

මින්සුගෙ කම්මුල් දෙපසින් තදින් අල්ල ගත් ඒ කෙනා වේදනාව නිසා කදුළු බේරෙන මින්සුගෙ ඇස් දෙසත් බිම වැටී සීරුණු තැන් පිහිදමින් තමන් දෙස බලන් ඉන්නා යුන්මි දෙසත් මාරුවෙන් මාරුවට ඇස් යැව්වෙ වේගයෙන්...

"හෙට මන් එනවා තමුන් ලෑස්ති වෙලා ඉන්නවා... මන් එනකොට එකෙක් හරි තමුන් එක්ක හිටියා කියල මට දැනුනොත් තමුන්ගෙ අවසානය කියලත් හොදට මතක තියා ගන්නවා... මින්සු තමුන් දන්නවනෙ තමුන් එක්ක ඉන්න උන් ගැන මට හොයා ගන්න පුලුවන් කියලා..."

" ද්... දේ.. ඇල්ෆා..."

මින්සු ගැහෙමින් කතා කලේ මේ වෙනකොට ඒ කෙනා මින්සුව තමන්ගෙ ග්‍රගණයෙන් මුදවා තිබුණු බැවින්.. තමන්ගෙ එකම සහෝදරිය මෙ කෙනා ඉදිරියේ බියෙන් හැකිලෙන හැටිත් ඒ පුදගලයාගෙ වචනත්.. ඒ පිලිකුලක් සහගත හැසිරීමත්.. මේ වටපිටාවත් යුන්මිට මින්සු කෙරෙහි ගෙවුණු අවුරුදු පහ පුරාවට ඇති කර ගත් ප්‍රතිරූපය මුළුමනින්ම විනාශ කරන්නට උනා.. ඒ එක්කම මින්සුව තමා වෙතට ඇදගත් ඒ පුදගලයා යුන්මි ගැනවත් කිසිම තැකීමක් නොකර මින්සුව සිපගන්න ගත්තෙ යුන්මිගෙ හිතේ පිලිකුලක් ඇති කරලා..

රාගයෙන් මත් උණු ඇල්ෆා කෙනෙකුගේ අවශ්‍යතාවන්ට විරුද්ධව යන්න මින්සුගෙ හිතට ඕනි උනත් ඊට ශක්තියක් මින්සුට තිබුණෙ නැහැ.. තැන වෙලාව කොතැන උනත් තමා වැන්නන් ඉන්නෙම ඇල්ෆාවරුන්ගේ අවශ්‍යතා පිරිමහන්න බව මින්සු අත්දැකීමෙන්ම තේරුම් අරන් තිබුණ කරුණක් උනත් යුන්මි ඉදිරියේ මේ ආකාරයෙන් අසරණ වෙන්න මින්සු හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒත් තමන්ට කල හැක්කක් නොමැති නිසාවෙන් මින්සු ඊට ඉඩදී බලන් හිටියා..

"Disgusting..."

තමා ඉදිරියේම මින්සුගෙ ගෙලත් ඒ පපුව පුරාත් ඒ පුදගලයා තම තොල් අරන් යන ආකාරය දුටු යුන්මිට නොදැනුවත්වම කිය උනත් ඒ පුද්ගලයාට ඒ කිසිවක් නොතේරුණේ කෙල්ලගෙ වාසනාවකට වගේ.. නොඑසේ නම් කේන්තියෙන් පිරුණු ගිය ඇල්ෆාවෙක්ගෙන් තමන්ගෙ සහෝදරිය බේර ගන්න මින්සුටවත් නොහැකිවනු නියතයි.. ඇල්ෆාවෙකුගේ කේන්තියට හසුවීමට වඩා මරණය එක් අතකට සහනයක් බව මින්සු දැනගෙන හිටියත් කිසිවක් නොදන්න යුන්මි කලේ දිගින් දිගටම තමන්ට හැකි උපරිමෙන් ඇල්ෆාට බැණ වැදුණු එක..

ගත උණේ මිනිත්තු කිහිපයක් උණත් ඒ ගෙවුණු තත්පරයක් ගානෙම මින්සු දෙවියන්ගෙන් යදින්න උනේ තමන්ගෙ හිතුවක්කාර සහෝදරියගෙ මුවෙන් එකදු කොරියන් වදනක් පිට නොවන ලෙස.. අවාසනාවකට ඒ මුවෙන් එකම වචනයක් හරි පිට වූයේ නම් යුන්මිගෙ ජීවිතය ඒ දුෂ්ට ඇල්ෆාගෙන් බේර ගන්නට ලූනාටවත් නොහැකි වනු නියතයි..

නොහිතපු විදිහට තමන්ව අතහැර යන සෙල්ලක්කාර ඇල්ෆා දෙස මින්සු බලන් හිටියෙ හිතේ සැනසීමෙන්.. ඒ ආකාරයෙන් හෝ ඇල්ෆා තමන්ව අතහැරීම ගැන මින්සුට තිබුණෙ සතුටක්.. තවදුරටත් ඒ හැඩිදැඩි ඇල්ෆා සමඟ පොර බැඳීමට මින්සුගෙ ශරීරයේ ශක්තියක් නොතිබුණා.. තමන්ට දැනෙන සතුට සැනසීම පැය කිහිපයකට සීමා උනත් තමන්ගෙන් ඉවත්ව යන ඇල්ෆාගේ දරදඩු හැසිරීම් හේතුවෙන් හෙට තමන්ට මොන විදිහේ වද හිංසා වලට ලක් වෙන්න සිදු උනත් මින්සුට මේ මොහොත සැනසීමෙන් ඉන්න අවශ්‍ය උනා.. හැම රැයකම මේ ලෙස තමා නොදන්න ඇල්ෆා වරුන්ගේ හා බීටාවන්ගෙ අවශ්‍යතා සපුරන එක මින්සුට දැන් නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි.. මින්සුට මීට මොහොතකට පෙර සිද්ද උනෙත් ඒ වගේම සිදුවීමක්..

"මින්සු.. ත.. තමුසෙ බොරුකාරයෙක්.. තමුන් කොහොමද මට... අනී.. අර ග්‍රැනීට මේ තරම් බොරුවක් කලේ...? තමුන් prostitute කෙනෙක් උනේ කොහොමද කියනවා.. ඔයා... ඔයා කොහොමද ඒ තරම් පහත් කෙනෙක් උනේ... ඔයා මගෙ අක්කනේ...."

යුන්මි අවසන් වචන් කිහිපය කිව්වෙ බිඳුණු හඬකින්.. ඒත් ඒ හඬේ කේන්තියක් වේදනාවක් ඇති අයුරු ඕනිම කෙනෙක්ට දැක ගන්න පුලුවන් උනා.. ඒ එක්කම කෙල්ලගෙ කම්මුලට වදුණු පහරක් නිසා යුන්මිගෙ ඇස් වලින් කදුළු ගලන්න උනේ තරහත් වේදනාවත් එකිනෙක මිශ්‍ර උණු හැඟීම් නිසා..

" ඔව්.. මන් prostitute කෙනෙක්.. තමුන් නිසයි මට මෙහෙම උනේ මිනී... තමුන් නිසයි මන් මේ රටේ අනාතයෙක් වගේ ඉන්නෙ.. යුන්මියා.. මේ අහනවා... තමුන් මගේ කවුරුවත් නෙවෙයි.. මෙහෙන් යනවා යන්න... මට තමුන්වත් තමුන්ගෙ ග්‍රැනීවත් ආයෙම දකින්න ඕනි නෑ..."

යුන්මිට නොදෙවෙනි තරම් වේදනාවකින් කියූ මින්සු යුනිමිට තවත් එකම වචනයක් හෝ නොකියා ඇතුලට ගොස් යුන්මි ඉදිරිපිටම ඒ දොර අගුළු දැම්මෙ තවදුරටත් තමන්ගෙ හිතේ වගේම ඒ නිවහනෙත් යුන්මිට ඉඩක් නොමැති බව පෙන්වමින්.. තමන් ඉදිරිපිට වැසුණු ඒ දොර දෙස මිනිත්තු කිහිපයක් යුන්මි නොසෙල්වී බලන් හිටියෙ තමන්ට ඇහුණ දේ සැක හැර දැන ගන්න වගේ..

යාන්තම් කෑම වේල් දෙකකට පමණක් ප්‍රමාණවත් උණු මුදල් මේ නගරයේ එක රැයක් නවාතැන් ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව යුන්මිට තේරුම් ගියත් ඒ මුරණ්ඩු හිත තමන් මුදල් නොගෙන පැමිණීම ගැන දොස් නැගුවත් තමන් ගත් ඒ මුරණ්ඩු තීරණය ගැන නම් තවමත් කනස්සලු නොවන්නට උනා..

කෙල්ලෙක්ට මේ තරම් හිතුවක්කාර වෙන්න පුලුවන් ද..?

යුන්මිගෙ හිතුවක්කාරකම් නම් ඉහටත් උඩින්.. මේ හිතුවක්කාරකම් වල කෙලවරක් පෙනෙන මානෙක නම් තිබුණේම නෑ.. නැවත් සිඩ්නි වෙත යන්න ඒ හිත නම් තවමත් සූදානම් නැති හැඩයි..

මින්සුගෙ දොරටම පිටුපා බිමින් වකුටු වී තම දෙදන මත හිස තියා ගත් යුන්මිගෙ ඇස් වලින් කදුළු කඩන් වැටුණු හේතුව ඇය වත් හරි හැටි නොදැන හිටියා.. අඬන්න දාහක් හේතු සාධක එ හිත ඇතුලෙ තෙරපෙනකොට මොනදේට අඩන්නදැයි ඒ හිතත් උභතෝකෝටික ප්‍රශ්නයකට මූණ පාන්න ඇති...

ඒත්...

තමන් සිටින තැනටම යාබදව දොරට පිටුපා අනෙක් පැත්තෙ හිඳිමින් අතීතය සිහි කරමින් හඬා වැටෙන මින්සු යුන්මිට දැක ගන්න ලැබුණේම නෑ.. ඒ දසුන යුන්මි දුටුවා නම් ඒ වේදනාව අත් වින්දා නම්.. තවමත් යුන්මි වෙනුවෙන් තියෙන ඒ සෙනෙහස දැන උන්නා නම්.. මොහොතකට පෙර තමන් අතින් කියවුණු ඒ වචන පේලිය ගැන යුන්මිගෙ හිතත් පසුතැවෙන්නට ඉඩ තිබුණා...

එහෙත් ඒ පිට උණු වචන කිහිපය ඒ බැඳීම් සඳහටම දෙදරා යන්න හේතු වේවි ද...?

.
.
.
.

වැස්සක සේයාවකවත් නොමැතිව තිබුණු ඒ අහසින් හෙමි හෙමින් වැහි බිඳු එකින් එක වැටෙන්න ගත්තෙ එලිමහනේ සිටි යුන්මිට තමන් වැටී සිටි තැනත් අහිමි කරලා.. අහසත් හරියට යුන්මිගෙ හිත වගේ.. වැහි බිඳු දරාගෙන සීමාව ඉක්ම වූ විට එකින් එක ගලා යන්නෙ තවදුරටත් දරගත නොහැකි තැන.. යුන්මිගෙ හිතත් ඒ වගේ.. ඒ ඇස් වලින් අද එක පෙලට කදුළු වැටෙන්න උනේ කෙල්ලගෙ දරා ගැනීමේ සීමාව ඉක්මවූ බව පෙන්වමින්..

හෙමි හෙමින් ඇද වැටුණු පොද වැස්ස ධාරානිපාත වර්ෂාවක් බවට පත් උනේ අවාසනාවකට වගෙ.. වැස්ස නිසා තෙතබරිත උණු ඇඟටම ඇලුණු ඇදුම් ගැනවත් තැකීමක් නොකර සීතලෙන් වෙව්ලන තම අත් එකිනෙක අතුල්ලමින් උණුසුම් වෙන්න යුන්මි ලොකු උත්සාහයක් ගත්තා.. වැස්සත් එක්කම විටින් විට හමන හිරිගඩු පිපෙන තරමේ ඒ සීතලට යුන්මිගෙ ඒ උත්සාහය නිශ්ඵල කරන්න ගත උනේ තත්පර කිහිපයක් පමණයි... පැය ගණනක ගමන් මහන්සියත් තමන්ට මුහුණ පාන්න උණු ඒ අමුතු සිදුවීම් පෙලත් නිසා ගතින් වගේම හිතින් විඩාවට පත් වෙලා සිටි යුන්මිව තව තවත් අසරණ තත්වයට පත් උණේ නොසිතූ වෙලාවක ඇද වැටුණු ඒ වර්ෂාව නිසා..

‍තමන්ට යන්නට හරිහමන් තැනක් නොවූ නිසාත් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක්ද නොවූ නිසා එලිවන තෙක් මේ තැන රැදෙන්න යුන්මි තීරණෙ කලා.. මුදල් වලින් ඒ හැටි අඟ හිඟයක් නොවුණු ලී මහත්මිය තමන්ගෙ මිනිබිරියන් මේ ලෙස අසරණව සිටින ආකාරය දුටුවා නම් ඒ මොහොත යුන්මිත් මින්සුත් මේ රටෙහි ඉන්නා අන්තිම මොහොත වන්නට තිබුණා.. ඒත් මේ දෙදෙනාම හරි හිතුවක්කාරයි.. එකිනෙකාට නොදෙවෙනි තරමටම..

ඒ හැරත් තමන්ගෙ සහෝදරියගේ පේන මානෙ රැදෙන්න යුන්මිට අවශ්‍යව තිබුණා.. තමන්ටත් නොහැඟෙන අමුතුම ආරක්ෂාවක් ඒ මුරණ්ඩු හිතට මේ වහළ යට දැනෙන්න අරන් තිබුණෙ හාස්කමකට වගෙ..

ඉතිම් ඒ හැඟීමට වර්ෂාවක් කොහොම නම් බාධා කරන්න ද...?

යුන්මි කාත් කවුරුත් නොමැතිව තනිවම මේ ලෙස අනාතයෙක් ගානට බිම වැතිරී සීතලේ සිටිය යුතු කෙනෙකු නම් නොවේ..

යුන්මි තනියමද...?

නැහැ .. ඇය තනියම නොවේ...

ඇය දෙස යොමූ වූ රක්ත වර්ණ ඇස් දෙකක්...

පැය ගනණක් නොවෙනස්ව තිබුණු එක බැල්මක්..

තනිය මකන්නට මෙයම ප්‍රමාණවත් නොවේද..?

ඇයටවත් නොදැනෙන නොහැඟෙන ලෙස ඇයගේ සියුම් චලනයන් පවා හොද අවධානෙන් බලන් හිටි ඒ ඇස් යුන්මි මතම ඇලවිලා තිබුණා.. යුන්මිට නොදෙවෙනි ලෙස ඒ ධාරානිපාත වැස්සෙ තෙමෙමින් ගතින් දැනුණු වේදනාවද නොතකමින් ඒ රතු ඇස් තැනැත්තා යුන්මි සමඟින් රැය පහන් කරන්නට උනා...

ඒත් ඒ ඇයි....?

එයට පිලිතුර ඒ රතු ඇස් ඇති තැනැත්තාත් නොදන්නවා ඇති..

.....................................................
.....................................................

හායි.... විව්ස් 200 වෙනකන් මේ එපිය ලියලත් අප්ඩේට් නොකර බලන් හිටියා.. ඕයේ 202යි මන් දින්නා..




Continue Reading

You'll Also Like

91.6K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
110K 18.8K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
178K 16.7K 91
🍓🍎🍒🍑 ဘယ်ရည်းစားကိုအချစ်ဆုံးလဲ🍓🍎🍒🍑 📣📣📣ရှောင်းကျန့်...ရဲရဲ ကြီးဖြေလိုက်စမ်းပါ...ဘယ်ရည်းစားကို အချစ်ဆုံး လဲဆိုတာ...✨✨✨ 🍓🍎🍒🍑 ဘယ္ရည္းစားကို...