#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️
🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
--------------------------------------------------------------------------------
16th Meow ( අවසානයට පෙර)🥀
" ඊලඟ මාසේ පෝය දාට කලින් උනා වගේ පූර්ණ චන්ද්‍ර ග්‍රහනයක් වෙනවා ආයෙම... හේරා එදාට එලියට එයි... අන්න එදාට අපි එයාව ඉවරයක් කරනවා..."
ඒ කියන්නේ ආයෙමත් ඒ දේවල් වේවිද..?? දෙවියන් කිව්වා වගේම අතීතයේ මගෑරුන පලි ගැනීම මේ පාර සම්පූර්ණ වේවිද????
" ඒත් හේරාව හොයාගන්නේ කොහොමද හරියටම?? "
බෝගම් ඔප්පා ඇහුවා... යුන්ගි ඔප්පගෙයි ජූන් ඔප්පාගෙයි මූණු දැක්කම මට මහා අමුත්තක් දැනුනේ... අපි කවුරුත් නොදන්න දෙයක් එයාලා දන්නවද?? මොනාද මේ අපිට හන්ගන්නේ?? මගේ ඔලුවෙ ප්‍රශ්න කන්දයි..
" මම හිතන්නේ එයාම අපිව හොයන් එයි... අපි කලබල වෙන්න ඕනේ නෑ.. මොකද හේරාට ඕනේ මාව මිසක් අනික් අය නෙමේ..."
" මටත් එහෙම හිතෙනවා... මේ පාර අපිට තියෙන්නේ විනාඩී 32ක් විතරයි ... ඒ කාලේ පුරාවට චන්ද්‍ර ග්‍රහනය තියෙනවා මේ පාර... ඒ වෙනකන් හේරාව කන්ට්‍රෝල් කරගත්තා නම් හඳ පායපු ගමන් හේරාව මරන එක යුන්ගිට මහලොකු දෙයක් නෙමෙ..."
යුන්ගි ඔප්පා කියපු දේටම ජූන් ඔප්පත් උත්තර දුන්නා... මේ දෙන්නා හොරෙන් මොනවා කරන්න යනවද මන්දා... හැබැයි මේ පාර නම් අපි හැමෝම බේරෙන්න ඕනේ කියන එක එයාලගෙ ඔලුවේ තියෙන බව මට තේරුනා...
" ඔය තුන්දෙනා එදාට ජූන් එක්කම ඉන්න ඕනේ.... මම විතරයි යන්නේ... ජූන් බලාගනී මොනවාහරි දෙයක් උනොත්.. හේරා මනුස්සයෙක් එයාට මේ තරම් කල් ඉන්න බෑ.. අපි නොදන්න මොකක්හරි වෙලා තියෙනවා මෙතන... ඒ නිසා මම විතරයි යන්නේ... "
" සුගා..!!! "
යුන්ගි ඔප්පා කියද්දි බෝගම් ඔප්පා කිව්වා... මට දැන් නම් හොඳටම විශ්වාසයි මෙයාලා මොකක්හරි අපෙන් හන්ගනවා...
" නෑ ගමියා... මේ පාර ඔයාලට මුකුත් වෙන්න දෙන්නේ නෑ මං... අනික.............. ඔයලා මම කියනදේ අහන්න... එතනින් එහාට මුකුත් කියන්න එන්නෙපා..."
යුන්ගි ඔප්පා මේසෙටත් එකක් ගහලා නැගිටලා යද්දි ජූන් ඔප්පත් ඒ පස්සෙන්ම ගියා... මම, හොබා, බෝගම් ඔප්පා අපි තුන් දෙනාම මූනට මූන බලාගත්තේ ඒ මොකද උනේ කියලා හිතාගන්න බැරුව... මට යුන්ගි ඔප්පගෙ මූණෙන් පේන්නෙම එයා මොනවාහරි ලොකු දුකක් හිතේ තියන් ඉන්නවා කියලයි .... හැමෝගෙම හිත් කලබලයි හොබී, බෝගම් ඔප්පලා දෙන්නා එයාලගෙ රූම් වලට යද්දි මාත් ගාඩ්න් එකට ගියේ කරන්න දෙයක් නැති කමට... හැමෝගෙම මූනු මොකද්දො බයකින් වෙලාගෙන තිබුනේ..
" ඔප්පා... ඔයා මොනාද අපිට හන්ගන්නේ? "
මම කිව්වේ පීච් ගහට හේත්තු වෙන ගමන්... තිබුන ප්‍රශ්න කන්දරාවට වගේම දැනුන අමුතු බය නිසාම මම ඇස් දෙක පියාගත්තේ මේ ගහ යට ඉද්දි අමුතු සැනසීමක් දැනෙන නිසයි...
_________________________________________________
Meanwhile Yoongi and Namjoon
Yoongi pov~
" ජූනා... මට උදව්වක් ඕනේ..."
" මොකද්ද?? "
" මම චන්ද්‍රග්‍රහනයෙන් පස්සෙත් ආයේ ආවේ නැති උනොත් හනාට කියන්න මම ආපහු ගියා කියලා... "
" ඇත්තටම යන්න වෙනවද ඒ කියන්නේ...??? "
" ම්ම් ඔව්... මගේ වගකීම එතනින් ඉවරයී .... තව කීපදෙනයි ඉන්නේ... ඒ ටික විනාශ කරලා දාලා හේරාව විනාශ කරාම මට දුන්නු වගකීම ඉවරයී... මම මෙහෙට ආවේ ඒකට නේ... ඒ දේ ඉවර කලාම යන්න වෙනවා.."
" ඉන්න දවිදියක් ඇත්තෙම නැද්ද??? "
" අනී...."
" මට එහෙනම් ගොඩක් පාලු හිතේවි රණ්ඩු කරගන්න කෙනෙක් නැති නිසා..."
"මටත්!"
ජූන් කිව්වේ මගේ කරට අතක් දාගන්න ගමන්... ජූන් ඉන්න එක මට ලොකු සහනයක්... ජූන්ගේ දඬුවම් කාලේ තාම ඉවර නැති නිසා හනාවයි අනික් අයවයි බලාගන්න ජූන්ට පුලුවන් ... අනිත් කෙනා බෝගම්... මං හිතන්නේ මේ පාර එයාගේ හැපි එන්ඩින් එක එයාට ලැබේවී.... කල් යද්දි හනා එයාව තේරුම් අරන් ඒ දෙන්නා හොඳින් ඉදියි... ඒත් මම කොහොමද හනාව දාලා යන්නේ???
" ජූන් තව දෙයක්... අර කාඩ් තුන..."
" ඉතින්? "
" ඒ තුන අතුරුදන් උනා... මම උදේ අතට ගනිද්දි ඩස්ට් එකක් වෙලා ගියා..."
" ඒ කියන්නේ ඒ තුන්දෙනා ජීවත් වෙනවා..!! "
" මාත් හිතන්නේ... ඒක මට සහනයක්.... මම ගියාට පස්සෙ එයාලගෙ වගකීම ගන්න.. හැමෝම තාම තරුණ ලමයි... මේ හිටපු කාලේ මම ඕනේ තරම් දැකලා තියෙනවා විහින් නාස්ති වෙන ල්මයි... එයාලා ස්ථාවරේකට එනකන් බලාගන්න... විශේෂයෙන්ම හනා.. අනිත් දෙන්නා ගැන මට බයක් නෑ..."
" ම්ම්ම් දේ.... ඒත්....... හනාට ඔයා ආපහු යන එක කිව්වොත් හොඳ නැද්ද...? "
" දැන්ම නෙමෙයි.... යන්න කලින් පුලුවන් උනොත් මම අනිවාර්යයෙන් එනවා.. ඉස්සරහට මොනා වෙයිද කියන්න බෑ... දැන්ම හනාට කියලා එයා දුකෙන් ඉන්නවා බලන්න මට බෑ... මම යද්දිත් ඒ මූන හිනාවෙන් පිරිලා තියෙන්න ඕනේ.."
" ම්ම් අනේ මන්දා බන්... ඕනේ දේකට මම ඉන්නවා..."
" කුමාවෝ ජුනියා.."
ජූන් මගේ පිටට තට්ටුවක් දාලා යන්න යද්දි මම බැල්කනි එකට ගිහින් බලන් ඉඳියේ පහලට වෙලා ඉඳපු හනාව... මොකුත්ම නොදන්න හනා සැප නින්දක හිටියේ... හැමදාමත් ඒ මූණ දිහා බලාගෙන ඉන්න පුලුවන් නම්.. මම ආයෙම හිනා වෙන්න පටන් ගත්තා විතරයි ... ඇත්තටම මම හනාට කියන්න ඕනෙද මම යන බව?? ම්ම්ම්.... එක්කෝ ඕනේ නෑ... එන විදියකට බලනවා.. ඒත් මම මේ දේවල් ගමියාටයි , හොබීටයි කියලා තියෙන එක හොඳයි...
හනා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා මම ගියේ හොබී, බෝගම් දෙන්නා හම්බවෙන්න.... මගේ තත්වය දෙන්නට පැහැදිලි කලාට පස්සේ අමාරුවෙන් උනත් ඒ දෙන්නා එකඟ උනා මේ දේවල් හනාට නොකියා ඉන්න.. මොකද එයාලට ඕනේ උනෙත් නෑ හනා දුකෙන් ඉන්නවා බලන්න... තව ඉන්නෙ තියෙන්නේ මාසයක් වගේ කාලයක් උනත් මම හනා එක්කම ඉන්න තීරණය කලා..
Pov end ----------------------------------
***********************************************
.
.
.
Day by day passed...
Hana pov~
" අද කෑම හදන්නේ මායි ජුනියයි..."
දවසක් හදිසියෙම යුන්ගි ඔප්පා එහෙම කිව්වා... මායි හොබායි මූනට මූන බලාගත්තේ හිනාව කාගෙන... මොකද මේ පූස් තඩියා එහෙම කියද්දි මට මතක් උනේ පහුගිය දවසක ජූන් ඔප්පා එක්ක පෑන් කේක් වගයක් හදන්න ගිහින් කිචන් එකම ගිනි තියන්න ගිය හැටි... එදා නම් මම කඳුලු පනිනකන් හිනා උනා... දැන් දෙන්නා හොඳ යාලුවො...
" මම කෑම හදන්න යන්නේ.... කට්ටිය මොනාටද කැමති..."
" අන්දේ.....!!! "
යුන්ගි ඔප්පා අහද්දි මම හොබා වගෙම බෝගම් ඔප්පත් කිව්වේ අදත් විනාසයක් කරගනී කියලා තේරුන නිසයි...
" කොහෙද උබලට මගෙ අගයක් නෑනේ..! "
ඔන්න යුන්ගි ඔප්පගෙ උත්තරේ... මුණත් දෙක කරගෙන ඇවිල්ලා අපි ලගින් වාඩි උනේ අපි හැමෝටම ඔරවන ගමන්... අනේ ඉතින් පූසා පූසෙක්ම තමයි... මගේ යුන්ගි කැට්....
දවස් ගෙවිලා යද්දි හැමෝම හිටියේ සතුටෙන්... අපි දැන් එකම පවුලක් වගේ... ජූන් ඔප්පගේ විකාර වැඩ වල නම් ඉවරයක් නෑ.... බලන්නෙම යුන්ගි ඔප්පව අවුස්සන්න... යුන්ගි ඔප්පත් හැමදාම මොකාද වගෙ අහුවෙනවා...
" හනා... හැමදාම සතුටෙන් ඉන්න ඕනේ හරිද...?? ඒ වගේම.. "
" පරිස්සමෙන් නේ?? අරස්සො අරස්සෝ..."
යුන්ගි ඔප්පා කියද්දි මං උත්තර දුන්නා.... හැමදාම වගේ යුන්ගි ඔප්පා නිදාගන්න ගියාම කියන්නේ මේක... දැන් මට කටපාඩම් ... බැලුවොත් මන්තරේ වගෙ ඒකම කියනවා... ම්ම්ම් ඔව්ව්.. දැන් මම නිදාගන්නේ යුන්ගී ඔප්පා ලඟ... හැමදාම නින්ද යනකන් එයා මගේ ඔලුව අතගානවා... මමත් ඒ පපුව අස්සේ සනීපෙට නිදාගන්නේ හරි කැමැත්තෙන්... බෝගම් ඔප්පත් දැන් තරමක් දුරට හිත හදාගෙන වගේ... වෙලාවකට මට දැනෙන්නෙ මේ සේරම හීනයක් වගේ... මම හරි බයයි උදේට ඇහැරෙද්දි වෙනදා වගේ මගේ පූස්ගේ මූණ බලන්න බැරි වෙයි කියලා... මොකද එයා මේ ගෙවුන දවස් ටිකේ කාත් එක්කවත් රණ්ඩු උනේ නෑ... හැමෝම එක්ක හොඳින් හිටියා...
මට වෙලාවකට එයාගේ මේ ලන් වීම ලොකු ප්‍රශ්නයක්... ඇත්තටම එයාගේ හිතේ මොනවා තියෙනවා ඇද්ද... දවසක් මම ජූන් ඔප්පගෙන් යුන්ගි ඔප්පගෙ හිත කියවන්න කියලා ඉල්ලද්දි ජූන් ඔප්පා කිව්වේ ,
" සමහර දේවල් නොදැන ඉන්න තරමටයි සැනසීම කියලා "
දෙන්නගෙම මේ අමුතු හැසීරීම් මැද්දෙ දවස් ගලාගෙන ගියේ හීයක වේගෙන්... හෙට අපි හැමෝම බයෙන් ඉන්න දවස.... ඇත්තටම මොනා වේවිද?
" ඔප්පා... මට බයයි...! "
" හැමදේම හොඳින් වෙයි... මොකටද බයවෙන්නේ? "
මම අහද්දි යුන්ගි ඔප්පා කිව්වා ... අදත් වෙනදා වගේ මම එයාගේ අතක් උඩින් ඔලුව තියාගෙන නින්ද යනකන් වැතිරිලා හිටියේ...
" හැමදේම හොඳින් වෙයි නේද?? "
" ම්ම් ඔව්ව්... මොන දේ උනත් හැමදාම..."
" සතුටෙන් පරිස්සමෙන් ඉන්න... දේ දේ අරස්සෝ ..."
" පිස්සි..."
යුන්ගි ඔප්පා මගේ ඔලුවටත් එකක් ගහන ගමන් කියලා මගේ නළලට පුංචි හාදුවක් දුන්නා... එයා බලන් හිටියේ හිනා වෙන ඇස් වලින්... ඒ නිල් පාට ඇස් මාව කොහේදෝ අතරමන් කරනවා... ඒවා හරි ලස්සනයි...
" වේ..? "
" යෙප්පුදා! "
එයා අහද්දි මම කිව්වෙ ඔප්පගෙ මූනට අතක් තියන ගමන්... එයා එහෙම කියද්දි හරි ලස්සනට හිනා උනා... ඒ gummy smile එක... හරිම ලස්සනයී .. හරියට පීච් මලක් වගේ.... එහෙම්ම ටිකවෙලාවක් බලාගෙන හිටපු යුන්ගි ඔප්පා මගේ තොල් වලට බර උනේ මට හිතන්නවත් ඉඩක් නොදී.... එයා හරි සංයමයකින් මගේ දෙතොල් අතරේ එහෙට මෙහෙට යද්දි මගේ පලවෙනි හාදුව මම එයාට දුන්නා... ම්ම් ඔව්... මේ ගෙවුන දවස් කීපයම මම එයා ලඟ නිදන් හිටියත් හැමදාම වගේ නළලට ලැබුන හරි ආදරනිය හාදු කීපයක් ඇරෙන්න එයා මට අතක්වත් නොතියන්න වග බලාගත්තා... ඉතින් ආදරේකට ඒ තරම් ලස්සන වෙන්න පුලුවන් ද..?? හරියට තාත්තෙක් වගෙ... හොබාගෙන් පස්සේ මට ඒක දැනුනේ යුන්ගි ඔප්පගෙන්... එයාගෙන් ආදරේ නිසා මට හුඟක් වෙලාවට දැනුනේ ලොකු ආරක්ෂාවක්
" දැන් නිදාගන්න..."
මම කිව්වෙ එයා මගේ තොල් වලින් ඈත් වෙද්දීයි... ඒත් එයා මුකුත් නොකියා ඔලුව වැනුවේ බෑ කියන්න වගේ....
" මට අද නින්ද යනකන්ම ඔයා දිහා බලන් ඉන්න ඕනේ අන්තිම වතාවට.... "
මමත් ඇයි කියලා ඔලුව වනන ගමන් අහද්දි එයා කිව්වා.. අන්තිම වතාවට කිව්වේ මොකද්ද??
" ඇයි එහෙම කියන්නේ.. ඔයා මොනාද මට හන්ගන්නේ..."
මම ඇහුවේ මගේ හිතට බයක් දැනෙද්දියි... ඒ ඇස්වල පුංචි කඳුලු බින්දු කීපයක් එකතු වෙලා තිබුනා... මේක සමුගැනීමක්ද කියලා මට දැනුන වෙලාවල් අනන්තයි...
" අනි... හෙට ඉදන් අපි අලුත් ජීවිතයක් පටන් ගන්නේ... ඉතින් මට මගේ පරණ හනා දිහා බලන් ඉන්න ඕනේ..."
" එහෙනම් මටත් මගේ පරණ යුන්ගි දිහා බලන් ඉන්න ඕනේ..."
" ම්ම්ම් හරි එහෙනම්....! හනා...!! "
" ම්ම්ම්ම්??? "
" සරන්හේ! නොමු නොමු සරන්හේ "
" නාදු සරන්හේ ඔප්පා..."
අපි දෙන්නා නිදාගත්තේ කීයටද කියලා හරි මතකයක් නෑ මට... එලි වෙනකන් අපි අපි දිහා බලාගෙන හිටියා.... ඒ ගෙවුන පැය කීපය හරි ලස්සනයී ... හරි ආදරනීයයි... ඒ වගේම අපි දෙන්නටම අමතක නොවේවී... අපි ගෙවුන අතීතය ගැනවත් , නොපෙනෙන අනාගතේ ගැනවත් කතා කලේ නෑ... අපි කතා කලේ ඒ මොහොත ගැන විතරයි ...
.
.
.
.
Time passed...
Next day........
උදේ වරුවෙම කිසි කෙනෙක් කතා කලේ නැති තරම්... මහා අමුතු මූසල පෙනුමක් ගේ පුරාම තිබුනේ... බෝගම් ඔප්පයි හොබීයි පැත්තක් අල්ලන් වාඩි වෙලා , ජූන් ඔප්පා පලාතේ ආවේ නෑ.... ඒ මදිවට යුන්ගි ඔප්පා ... මගේ ලඟින් හෙල්ලුනේ නෑ...මම දවසෙම සෝෆා එකක් උඩට වෙලා හිටියේ...
" ආහ්... මට නම් බෑ තවත් කට වහන් ඉන්න... ඔයාලට මොකද වෙලා තියෙන්නේ.. හිතේ බය අඩු වෙන්නවත් මොනාහරී කියන්නකො..."
මම කිව්වෙකට වහගෙන ඉන්න බැරිම තැන.. ඒ හැමොටම වඩා මට බයයි... මම ඒ දේවල් හරියටම නැතත් සැරෙන් සැරේ හීන වලින් දැකලා තියෙනවා... ඒත් මෙයාලා මෙහෙම සද්ද නැතිව ඉද්දි මට දැනෙන්නෙ මහ අමුතු බයක්...
හවස් වෙනකන්ම දවස ඔහේ ගෙවෙද්දි අපි හැමෝම හිටියේ බය වෙලා... ඒ අතරේ ජුන් ඔප්පා යුන්ගි ඔප්පව ඇදගෙන ගිහින් මොකද්දෝ කාඩ් එකක් පෙන්නුවා... ඒක දැකලා යුන්ගි ඔප්පත් හොඳටම බය උනා.. එයා ලඟ තිබුන පුටුවකටත් පයින් ගහලා යන්න ගියේ එයාගේ රූම් එකට...
ඒ අතරේ ජූන් ඔප්පා අපි ලඟට ආවේ බැරෑරුම් මූණක් එක්ක...
" පොඩි අවුලක්..."
" මොකද්ද? "
ජූන් ඔප්පා කියද්දි බෝගම් ඔප්පා ඇහුවා...
" මට හිස් කාඩ් එකක් ලැබුනා... අනපේක්ෂිත මරණයක්.... ඒ කියන්නේ... මට කොයි වෙලේ ඔයාලව දාලා යන්න වෙයිද මන්දා මේකේ අයිතිකාරයා ලඟට..."
ජූන් ඔප්පා කියද්දි මගේ බය තව වැඩි උනා... එයත් යන්න ගියාම අපි තුන්දෙනා විතරක් මොනවා කරන්නද? ආයෙම පරණ දේවල් උනොත්..!
" එතකොට අපි මොකද්ද කරන්න ඕනේ ඒ වෙනුවෙන්...? "
" මටත් හිතාගන්න බෑ... ඒත් මේකේ වෙලාවයි තැනයි වැටුනම මම අනිවාර්යයෙන් යන්න ඕනේ..."
හොබා අහද්දි ජූන් ඔප්පා නළලත් අතගාන ගමන් උත්තර දුන්නා... හැමෝම හිටියේ හුඟක් බය වෙලා... මම දන්නේ නෑ උඩ ඉන්න කෙනා මොනවා කරන්න හිතන් ඉන්නවද කියලා... ඒත් මේ පාර මේ හැමදේම ඉවරයක් වෙන්න ඕනේ...
" ජුනියා අපි දෙන්නටම එක වෙලාවට යන්න උනොත් ඔයා මෙයාලව එක්කන් යන්න.... මොකද හඳ නොපෙනි ගියාට පස්සෙ හේරාට මේ ගේ ඇතුලට එන එක මහ ලොකු දෙයක් නෙමේ... පුලුවන් තරමක් වෙලා අල්ලන් ඉමු.... "
" හ්ම්ම්ම්... වෙන කරන්න දෙයක් නෑ...මෙයාලාව තනි නොකරන එකට වඩා ඒක හොඳයි..."
යුන්ගි ඔප්පා කියද්දි ජූන් ඔප්පත් ඒකට එකඟ උනා... මම වගේම අනිත් දෙන්නත් මොනවා වෙනවද කියලා හිතා ගන්න බැරුව ඉන්න බව නම් මට තේරුනා...
.
.
.
.
.
.
වෙලාව ඔහේ ගතවෙද්දි අපි බලන් ඉඳපු මොහොත ආවා... ම්ම් ඔව්ව් හඳ පෑව්වා.... ඒක නිල් පාට හඳක්... අවුරුදු ගානකට පස්සේ පායපු...හඳ පායනවත් එක්කම මගේ කොන්ඩේ දිලිසෙන්න ගත්තා වගේම ආයෙම බඩ ලඟින් ඒ තුවාලේ මතුවෙන්න ගත්තා.... ඒ වගේම යුන්ගි ඔප්පත් වෙනස් උනා ... එයාගෙන් වෙනදට වඩා අමුතුම දිස්නයක් ආවේ... ඒ වගේම මගේ කොන්ඩෙනුත්... සමහර විට ඒ නිල් පාට හඳ නිසා වෙන්න ඇති...
" ඔහොම ඉන්න.... දැන් රිදෙන්නෙ නෑ නේද?? "
යුන්ගි ඔප්පා එයාගේ සුව කිරීමේ බලය පාවිච්චි කරලා මගේ තුවාලේ හොඳ කරන ගමන් කියද්දි මම ඔලුව වැනුවේ නෑ කියලා කියන්න
" මම ගිහින් එන්නම්... ඒක ඇවිත්..."
යුන්ගි ඔප්පා කිව්වේ පීච් ගහ ලගට යන ගමන්.. ගහේ තිබුන කොලයක් යුන්ගි ඔප්පගේ අතේ රැඳවුනේ එයාට යන්න ඕනේ හරි තැන කියන ගමන්
" යුන්ගියා... පරිස්සමෙන් ........ "
ජූන් ඔප්පා වගේම බෝගම් ඔප්පත් කිව්වේ යුන්ගි ඔප්පව බදාගන්න ගමන්....
" දේ...."
යුන්ගි ඔප්පා හැමෝගෙන්ම ඈතට ගිහින් අත වනන ගමන් එක ක්ෂනයෙන් අතුරුදන් වෙලා ගියා.. ඒ එක්කම හඳ වැහිලා යන්න පටන් ගත්තේ මගේ කොන්ඩෙන් ආපු දිස්නය අඩු වෙන ගමන්...
අපි හැමෝම ගේ ඇතුලට ගියේ ලොකු බයක් හිතේ තියාගෙන... මට කවදාවත් නැතිව එයා ආයේ එයිදෝ කියන හැඟීම හිත පුරාම සක්මන් කරන්න ගත්තේ ඇයිද කියලා මංවත් දන්නේ නෑ...
" තව විනාඩි 20කින් මේ සේරම ඉවරයී ... බය වෙන්නෙපා..."
ජූන් ඔප්පා එහෙම කියන ගමන් මගේ ඔලුව අත ගෑවා... ඒ විනාඩි විස්ස ඇතුලත කවුද බේරෙයිද කවුරු මැරෙයිද කියන එක මගේ හිත ඇතුලේ ලොකු බයක් වගේම වේදනාවක් ඇති කලා.. ඒ එක්කම මහ අමුතු මීදුමක් වගේ දුමාරෙකින් මුලු ගෙදරම වැහුනේ මම මෙහෙට ආපු දවසේ රෑ අපේ ගෙදරදි උනා වගේ... ගෙදර තිබුන ලයිට්ස් සේරම සලාං හඬින් බිඳිලා යද්දි වටේම අඳුර ගිලගත්තේ හරි ඉක්මනින්...
" ටුටු....!!"
ඒ එක්කම එක පාරම වටේම අඳුරු වේගෙන යද්දි මට අන්තිමට පෙනුනේ හොබා මගේ පැත්තට දුවන් එනවා විතරයි ...
.
.
.
.
.
.
.
.
.
.
.
" හනා..!! හනා...!! යාහ් ටුටූ.....!! නැගිටින්න..!!"
මට අඩ නින්දෙන් වගේ ඇහුනේ හොබා කෑගහන සද්දේ... අමාරුවෙන් ඇස් අරිද්දි මම හිටියේ බිම වැටිලා... මාව කවුදෝ ගෙට ගහලා තිබුනේ.... මම වටපිට බලද්දි හොබා , ජූන් ඔප්පා , බෝගම් ඔප්පවත් දණ ගස්සවලා හිටියේ... ඒ වගේම එයාලවත් ගෙට ගහලා.... ඔලුව කැරකෙනවා වගේ ගතියක් දැනෙද්දි මම අමාරුවෙන් ඔලුව ගස ගස වට පිට බැලුවේ මේ දේවල් ඇත්තක්ද කියලා කල්පනා කරන ගමන්..... අපි හිටියේ පරණ ගොඩනැගිලි කීපයකින් වට උන එලිමහන් තැනක... හරිම ගුප්ත බවක් තමයි ඒ වටපිටාවෙම තිබුනේ ... අපි වටේට හිටියේ මහා අමුතු පෙනුමක් තිබුන මිනිස්සු වගේම අඳුරු සෙවනැලි කීපයක්... ඒ අඳුරු ආත්මයන්... බෝගම් ඔප්පා වගේම හොබීට නොපෙනුනාට මටයි ජූන් ඔප්පටයි එයාලව දකින්න පුලුවන් ..
" ඔය කෙල්ලව නැගිට්ටවනවා..."
***************************************
Few moments ago...
Yoongi pov~
මම හැමෝටම සමුදීලා අතුරුදන් වෙද්දි ආයෙම මතු උනේ හේරා ලඟින්... හේරා ඒ වෙද්දිත් මාව පිලිගන්න ලොකු සෙනඟක් ලෑස්ති කරලා තිබුනේ... ඒ නෙමෙත්ලා වගේම හේරාගේ මායා බලෙන් පණ දුන්නු අඳුරු ආත්ම...
" ඌව අල්ල ගන්නවා..."
හේරා කෙලවරක ඉඳන් කියද්දි එක්කෙනා දෙන්නා මගේ පැත්තට දුවන් එද්දි මම කඩුව අරගෙන එකා දෙන්නා විනාස කරලා දැම්මේ හරි ලේසියෙන්... ඒත් එන්න එන්න හඳ වැහිලා යද්දි මට දැනුනේ මාව දුර්වල වේගෙන එනවා වගේ... එකා දෙන්න මට පහර දෙද්දි උන්ගේ අතෙන් මට හුඟක් තුවාල උනා...
පුලුවන් උපරිමෙන් මම සටන් කරලා එකා දෙන්නව මගෑරලා ගියේ හේරා ලඟට.... මොකද හැමෝමව මරලා දාන්න තරම් හයියක් මට ඉතුරු වෙලා නෑ.... මම කෙලින්ම අල්ලගත්තේ හේරාගේ බෙල්ලෙන්...
" ඔමෝ... හදිස්සි වෙන්නෙපා තව වෙලාව තියෙනවා..."
හේරා කපටි විදියට හිනා වෙන ගමන් කියලා එක පාරටම මට ලඟ තිබුන කිනිස්සකින් ඇන්නේ මට හිතන්නවත් ඉඩක් නොදීයි... ඒ දැනුන වේදනාවේ හැටියට ඒක සාමන්‍ය කිනිස්සක් නොවන බව නම් මට තේරුනා....ඒක මායා කිණිස්සක්... ඒකෙන් දැනුන වේදනාවට මට දැනුනේ මුලු ඇඟම හිරි වැටිලා යනවා වගේ...
" හේරා...!!"
මම කඩුව හේරා දිහාවට හරවද්දිම හේරා එයාගේ අතක් උස්සලා මගේ හෙවනැල්ලේ පාලනය අතට ගත්තේ මම හිටි තැනම ගල් වෙද්දියි...
" යුන්ගි තමුසෙට බෑ මාව මරන්න.... තමුන් හිතනවට වඩා මම දැන් හුඟක් බලවත්... අනික මම දැන් මනුස්සයෙක් නෙමෙයි..."
හේරා කියද්දි මම බලන් හිටියේ පුදුමෙන් වගේ... ඇත්ත එයාගේ ඇස් රතුපාටයි ... මේ මනුස්සයෙක් වෙන්න බෑ ..
" කුතුහලෙන් මැරෙන එක ටිකක් අසාධාරණයි නේ.... මම තමුන්ව මරලා දාන්නේ තමුන්ම මගේ අතෙන් ඔහේව මරලා දාන්න කියලා ඉල්ලන තැනට පත් කලාට පස්සේ "
" හේරා... තමුන් හිතන දේවල් කවදාවත් වෙන්නෙ නෑ..."
" එහෙමද..?? අපි බලමු... මේ පාරත් දිනන්නෙ මං..."
හේරා එහෙම කියන ගමන් මාව උස්සලා විසි කලේ මගේ පාලනය සම්පූර්ණයෙන්ම හේරාගේ අතේ තියෙද්දියි... හෙල්ලෙන්නවත් බැරුව විසි වෙලා ගිය මම නැවතුනේ පිටිපස්සෙන් තිබුන බිත්තියක වැදිලා...
" අහගන්නවා උන දේ... එදා තමුසෙ අතෙන් ලොකු වැරැද්දක් උනා... මාව මරලා දාන්න තිබුනේ... ඒත් අතෑරලා දාලා ගිය එක තමයි කරපු ලොකුම වැරැද්ද... අනික් එක අර ආත්ම දොරටුව... මම තමුසෙ නිසා පණ අදින ගමන් හිටියේ... ඒත් අර ආත්ම දොරටුව ඇරලා දාපු වෙලේ මට තිබුන අන්තිම බලයත් පාවිච්චි කරලා මම අදුරු ආත්ම කීපයක ජීවය ලබා ගත්තා... එදා ඉදන් හෙමින් හෙමින් මම හොඳ අතට හැරිලා හන්‍යාන් අතෑරලා දාලා ගියේ උබෙන් පලිගන්න බලාගෙන.... මම අවුරුදු ගානක් දුක් වින්ඳා... උබ නිසා මට ලැබුනේ කුණු වෙලා ගිය ශරීරයක් විතරයි ... ඒ හිටපු කාලේ පුරාවටම මම එක එක ශරීර ඇතුලේ ජීවත් උනා... උබ නිසා මාත් එක අඳුරු ආත්මයක් උනා..."
" හහ්... හේරා... තමුන්! මොන තරම් ලැජ්ජාවක්ද?? මාව මරන්න තරම් ශක්තිමත් වෙන්න අවුරුදු 1500ක් ගිහින් ඔහේට...."
මම කිව්වේ හේරාව තව ටිකක් කේන්ති ගස්සලා අවධානේ වෙනස් කරවන්න... මොකද එතකොට මට හේරාගේ පාලනයෙන් මිදෙන්න පුලුවන්
" ඔව්ව්... වෙන්න පුලුවන් ... ඒත් මම උබේ හැමදේම විනාස කරනවා... දැනටමත් මගෙ නෙමෙත්ලා එනවා ඇති උබේ හේසූවයි අනික් අයවයි අරගෙන..."
" හේරා තමුන්!! අහ්....!! "
මට කියන්න පුලුවන් උනේ එච්චරයි ලොකු යකඩ පොල්ලක් බිම දිගේ ඇදන් ආපු හේරා මට ඒකෙන් ගැහුවේ මගේ කටෙන් ලේ විසි වෙද්දියි... ඒත් අට දඟලන්න තියා හෙල්ලෙන්නවත් බෑ... තාමත් මගේ පාලනය හේරා අතේ... හේරා වියරුවෙන් වගේ ගහගෙන ගහගෙන ගියේ මට සිහිය නැති වෙලාම යද්දියි...
Flashback End --------------------------------------
******************************************
Back to the present 🍁
" ඔය කෙල්ලව නැගිට්ටවනවා..."
" නැගිටපන්...!! "
" ආහ්....මගේ කොන්ඩේ..."
කවුදෝ කියද්දි මගේ ලග හිටපු කෙනෙක් මගේ මට පයින් ගහන ගමන් මාව නැගිට්ටුවා.... මම අමාරුවෙන් නැගිටලා එහෙම්ම වාඩි උනේ ඒ කෙනා බඩට ගහපු පාර සැර නිසයි... මාව ඇරෙන්න අනික් තුන් දෙනාවම ගෙට ගහලා තිබුනේ...
" ඌ නෙමෙත් කෙනෙක්.... "
ජූන් ඔප්පා කිව්වේ අපේ ලඟ හිටපු කෙනෙක්ට ඔරවන ගමන්... මට එතකොට තේරුනා මගේ සිහිය නැති වෙන්න කලින් ගෙදරට ආවේ නෙමෙත් කෙනෙක් බව... මට කොයි තරම් වෙලාවක් සිහි නැතිව ඉඳියද කියලා නම් මම දන්නේ නෑ... ඒත් මම අහස දිහා බලද්දි හඳ සම්පූර්ණයෙන්ම ගිලගෙන තිබුනේ....
" ය්..යුන්ගි ඔප්පා... එයා කෝ...??? "
මම කලබලෙන් වගේ අහද්දි මට ජූන් ඔප්පා ඔලුවෙන් පෙන්නුවා බිම වැටිලා හිටපු යුන්ගි ඔප්පව...
" අනී... මාව ලෙහන්න... ඔප්පා මොනාහරී කරන්න එයා මැරිලා යයි..."
" හනා බය නොවී ඉන්න... තව විනාඩි 10ක් ඉවසන්න එතනකන් එයාට මුකුත් වෙන්නෙ නෑ..."
ජූන් ඔප්පා කියද්දි මම කෑගහන එක නවත්තලා බලන් හිටියේ යුන්ගි ඔප්පා දිහා... එයාගේ ඇඟ හැම තැනම තුවාල... ගොඩක් ගැඹුරු තුවාල තිබුනේ.... අපි එන්න කලින් මෙතන ලොකු සටනක් ගිය බව නම් මට තේරුනා... ඒ එක්කම ඈත ඉඳන් ආවේ මහ නපුරු පෙනුමක් තිබුන ගෑනු කෙනෙක්.... ඒ හිටියේ යූරා බව අදුරගන්න මට මහ වෙලාවක් ගියේ නෑ... ඒ කියන්නෙ යූරා , හේරා දෙන්නම එක්කෙනෙක්...!
" උබේ ඔය මූණ එහෙනම් ආයෙම මගේ ඉස්සරහට ආවා..."
හේරා කිව්වේ බෝගම් ඔප්පගේ නිකටෙන් අල්ලන ගමන්... ඒ ඇස් වල තිබුනේ ලොකු තරහවක් පලිගැනීමක් විතරයි .... ඒ කියන්නෙ මේකද අසම්පූර්ණ උන පලිගැනීම?? අපි හැමෝම මැරෙයිද??? අනී..!! මම යුන්ගි ඔප්පව විශ්වාස කරනවා...
" උබ... අනික් කෙනා... මම හිතන් හිටියේ යුන්ගිව ඉවරයක් කරලාම ඔහේව මරලා දාන්න... ඒත් ඌ ඉස්සරහම මරලා දාන එක ඊට වඩා විනෝදයක් වේවී... එහෙම නේද? "
" තමුසෙ වගේ ගෑනු... ඔහෙ අද ඉවරයී!! "
හේරා මගේ ලඟට ඇවිල්ලා කියද්දි මම කිව්වේ කේන්තියෙන්... ඒ එක්කම මම බැලුවේ යුන්ගි ඔප්පා දිහා එයාට තාමත් සිහියක් නෑ....
" වරෙන්... "
" එයාව අතාරිනවා.... පිස්සු ගෑනී..."
හේරා මගේ කොන්ඩෙන් ඇදගෙන ගියේ මම පරඬැලක් වගේ ඇදිලා යද්දියි... හේරා මාව ඇදන් යද්දි හොබී හයියියෙන් කෑගහන්න ගත්තා ... ඒ වගේම බෝගම් ඔප්පත්...
" යුන්ගි බලපන් මේකී මැරෙන හැටි..."
හේරා කිව්වේ යුන්ගි ඔප්පගේ මූන කකුලෙන් පාගන ගමන්...
" අන්දේ... හේරා... හනාගෙන් ඈත් වෙයන්... මම තමුසෙව මරලා දානවා ..."
" තාම කට වැඩ නේ... උබ ඇහැරෙද්දි මේකී මැරිලා ඉඳි..."
යුන්ගි ඔප්පා කෑගහලා කියද්දි හේරා තවත් පාරක් අතේ තිබුන යකඩ පොල්ලෙන් යුන්ගි ඔප්පගේ ඔලුවට ගැහුවේ ඔප්පට සිහි නැතිව යද්දියි... මම දුවලා ගිහින් නැවතුනේ යුන්ගි ඔප්පා ලඟ..
" අ...අනී.... ඇස් අරින්න.... ඔප්පා... චේබල්.... අනේ ඔයාට මුකුත් වෙන්නෙ නෑ.... ඔප්පා...."
මම කිව්වේ යුන්ගි ඔප්පගෙ ඔලුව අතගාන ගමන්... කැටි ගැහුන ලේ නිසා ඒ මූන රතු පාට වෙලා... යුන්ගි ඔප්පගේ හුස්ම වැටුනේ හරිම හෙමීට.... මම ඔප්පව බදාගෙන අඬද්දි මට පිටිපස්සෙන් ඇහුනා හොබා , ජූන් ඔප්පා වගේම බෝගම් ඔප්පත් කෑගහන සද්දේ... එයාලා හිටියේ මට අඩි කීපයක් පිටිපස්සෙන් උනත් එයාලව ගෙට ගහලා දාලා තිබුන නිසා මගේ ලඟට එන්න පුලුවන් කමක් තිබුනේ නෑ... කදුලු ඔහේ ගලාගෙන එද්දි මම බොඳ උන ඇස් වලින් බැලුවේ පිටිපස්ස... ඒ එක්කම මම දැක්කේ හේරා යුන්ගි ඔප්පගේ කඩුව අතේ තියාගෙන මගේ පැත්තට එන හැටි...
" උබ අද ඉවරයී .... මෙතනම මැරියන්.... මේකෙන් පාරක් කාපු කිසි කෙනෙක් බේරිලා නෑ .... "
හේරා වියරුවෙන් හිනා වෙන ගමන් එයාගෙ බලයෙන් කඩුවට පණ දීලා කඩුව එව්වේ මගේ දිහාවට...
" හොබා..."
මට කියාගන්න පුලුවන් උනේ එච්චරයි මගේ බඩ හරියෙන් ලොකු වේදනාවක් දැනෙද්දි මම එහෙම්ම ඇස් පියාගත්තේ මේ මගේ අන්තිම මොහොත කියලා හිතුන නිසයි
To be continued .............
අවසන් කොටසෙන් හම්බවෙමු ... කියන්න මුකුත් නෑ අද...
සරන්හේ ❤️❤️
✍️ Nim