#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️
🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
--------------------------------------------------------------------------------
15th Meow🥀
" ඔහොම්ම ඉන්න..."
සුගතන් ඔප්පා එහෙම කියනවත් එක්කම අපි දෙන්නාව එක පාර හිටපු තැනෙන් අතුරුදන් වෙලා මතු උනේ සුගතන් ඔප්පාගෙ කාමරෙන්... මගෙ පපුව අසූහාරදාහට ගැහෙද්දි සුගතන් ඔප්පා මගෙන් ඈත් වෙලා ගිහින් කාමරේ දොර ලොක් කලා.. හපො මේ යකා මොකාටද එන්න හදන්නේ...?? අයියෝ මට බෑ... හනේ තාම කිස් එකක්වත් දීලා නෑ දෙයියනේ ....
එයා හෙමින් හෙමින් මගෙ ලඟට එද්දි මට දැනුනේ මාව එතනම දියවෙයි කියලා... අමුතු හිනාවකුත් කට කොනකට අරගෙන ආපු සුගතන් ඔප්පා එක පාරටම මගේ මූණට පාත් උනා..
" මේ... නින්ද යනකන් ඔලුව අතගාන්නකෝ..."
" ඈ...???? "
" වේ? "
" අ...අනී.... ද්...දොර ..ල්..ලොක් කලේ ඇයි?? "
" හැමතිස්සෙම ගාල කඩාගත්තු මී හරකි වගේ දුවන්නේ ලඟට ආවම... දුවන්න බැරි වෙන්න දොර ලොක් කලේ... ඊයේ එලි වෙනකන් නින්දක් නෑ මේ ආතක් පාතක් නැතුව එහෙ මෙහෙ යන කරදරකාරයෝ නිසා... දැන් මට හොඳට නිදාගන්න ඕනේ.."
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ... ඔහ් ශිට් ... හනා ඔයා නම් ගන්න දෙයක් නෑ දැන්.... හිතපුවා මෙයාට ඇහුනා නම් මාව අල්ලලා විසි කරයි පාරට... ඒක ශුවර්...
(Author - හා හා ඔය ලමයි හිතපුවා වෙන්නෙ නෑ මේකේ😂😂😂😂😂 )
" හනා..."
" ම්ම්ම්ම්..."
" සරන්හේ ...."
" නාදු ඔප්පා.."
" පිස්සි... හැමදාම සතුටෙන් ඉන්න ඕනේ හරිද?? "
සුගතන් ඔප්පා කිව්වේ මගෙ ඔලුව අත ගාලා නළලට පුංචි හාදුවක් දෙන ගමන්... මට එයා කියපු දේ මොකද්ද කියලා හරියට තේරුනේ නෑ ... හැමදාම පරිස්සමෙන් ඉන්න කියන්නේ මාව දාලා යන්න ලෑස්ති වෙනවා වගේ නේ..
" කෝ මට උත්තරයක් දුන්නේ නෑනේ ඔයා..? "
" හරි ඔප්පා... මම එහෙම ඉන්නම්..."
" හ්ම්ම්ම්..."
සුගතන් ඔප්පා එහෙම කියන ගමන් එයාගේ ඔලුව මගේ උකුල උඩින් තියලා හාන්සි උනා... මම එක අතකින් එයාගේ සිනිඳු කොන්ඩේ අතරේ ඇඟිලි ගෙනියද්දි මගේ අනික් අත එයා තදින් අල්ලන් ඉඳියේ හරියට මම පැනලා යයි කියලා වගේ... ටිකක් වෙලා යද්දි එයාට නින්ද ගියා... මාත් එහෙම්ම ඔලුව තියාගෙන ඇස් වහගත්තේ හැමදාමත් මෙහෙම ඉන්න පුලුවන් උනා නම් කියලා හිතන ගමන්..
.
.
.
.
.
.
.
" අම්මෙ.. බෙල්ල බෙල්ල.... ඌයි...!! "
බෙල්ලට අමාරුවක් දැනුන නිසා මම හෙමින් ඇස් ඇරියේ මේ ඉන්නේ කොහෙද කියලා කල්පනා කරන ගමන්... එතකොටයි මට මතක් උනේ මේ ඉන්නේ ඤාව්වාගෙ රූම් එකේ නේද කියලා... හැබැයි ඊට පස්සේ දැකපු දෙයින් මම හිනාව නවත්තන් හිටියේ හරි අමාරුවෙන්.. මගේ උකුල උඩ නිදන් හිටපු කෙනා මම ඇහැරෙද්දි හිටියේ ඇඳේ අනික් කෙලවරේ... ගෙම්බා පොලේ ගහලා වගේ අතපය හතර හතර අතේ දාගෙන කටත් ඇරගෙන එයා නිදාගෙන හිටියේ... අනේ අම්මපා මෙහෙමත් නිදාගැනිල්ලක්... වෙලාව බලද්දි හතටත් කිට්ටුයි... බෙල්ලත් අත ගගාම මම හොරෙන් හොරෙන් ඒ රූම් එකේ ඉඳන් පැන්නේ මගේ රූම් එකට යන්න හිතාගෙන... මොකද හොබා දැක්කා නම් මෙතන එක විනාසයක්...
" ඔම්මා.. මොකද මනුස්සයෝ කරන්නේ...මම බය උනා... හෝතම්බු නරියා..."
මම කාමරේට අඩිය තියද්දිම ඇඳ උඩ වාඩි වෙලා හිටියේ හොබා... ඒ වෙලේ මගේ යටි හිතෙන් බුර බුරා නැගුන පස්නෙ උනේ මේ යකා සීරියස් මූඩ් එකක් හදාගෙන මෙතන මේ දොරටු පාලයා වගේ ඉන්නේ ඇයි කියලා
" කොහෙද ගොටුකොළ වැස්සියේ ගියේ..? "
" මම නිදාගෙන හිටියේ හොබාරියෝ...!! "
" පුලුවන් ගිහින් ගමියව හම්බවෙනවා.... "
හොබා ඒක නම් කිව්වේ ටිකක් අවුලෙන් වගේ... ඒ ඇයි කියලා නම් හිතාගන්න බැරි උනා
" ඇයි ඔප්පට මොකද වෙලා තියෙන්නේ?? "
" එයාටත් යුන්ගි අපිට කියපු දේවල් මතකයි.... ඒ වගේම එයා ඔය දෙන්නා නිසා මේ පාරත් එයාගේ හැඟීම් හන්ගන් ඉන්නේ...පුලුවන් නම් කතා කරලා හිත වෙනස් කරන්න බලන්න.. නැත්තං එයා ජීවිත කාලෙම ඔයා ගැන හිත හිත විඳවයි..."
" මොකක්...?? ඒත්... අනේ හොබී එයා පව් ....."
මම කිව්වේ බිඳුනු හඬකින්... අපේ ජීවිත සෙල්ලමට ගන්න එක උඩ ඉන්න කෙනාට ඇති වෙන්නෙම නැද්ද...?? ඇයි මේ තරමට හොඳ මිනිස්සුන්ටම කරදර වෙන්නේ... හොබී කියපුවා අහලා මගේ ඇස් වලින් කඳුලු ආවේ ඉබේටමයි... බෝගම් ඔප්පට මොනවා කියන්නද කියලවත් මට හිතාගන්න බෑ... එයා මේ පාරත් ඒ තරම් දුකක් හිර කරගෙන ඉන්නෙ කොහොමද ... බෝගම් ඔප්පා හුඟක් හොඳ කෙනෙක්.... ඒත්....
" ටුටූ... මේ ගැන යුන්ගිට කියන්න ඔයාම... දෙන්නා එක්ක කතා කරලා එක්කො එයාගේ මතකේවත් නැති කරවන්න ... මට බෑ මගෙ යාලුවා මෙහෙම විඳවනවා බලන්න... "
හොබා එහෙම කියලා මගේ ඔලුව අතගාලා යන්න ගියා... මම එහෙම්ම ඇඳ උඩ වාඩි වෙලා කල්පනා කලේ මේකට මොකද්ද කරන්නේ කියලා ...මගෙ ඇස් වලින් කඳුලු ගලාගෙන ආවේ ඔප්පා මට මෙහෙට ආපු දවසේ ඉඳන්ම සලකපු හැටි මතක් වෙලා... ඒකපාර්ශ්වික ආදරේ තරම් විඳවන දෙයක් තවත් නැතුව ඇති.... මට බයයි එයාට කලින් වගේම වෙයි කියලා ... ඒ අහිංසකයට නිදහසක් ඇත්තෙම නැද්ද? මං දන්නේ නෑ නොලැබෙන බව දැන දැනත් එහෙම ආදරේ කරන්න පුලුවන් උනේ කොහොමද කියලා ... මම දෙවියන්ගෙන්.....
" අනී..... ඔයා තමයි මේ සේරම හේතුව..... මට නම් ඔයාව පේන්නේ දෙවි කෙනෙක් වගේ නෙමෙයි... අපිව විනාස කරන්න ආපු රාක්ෂයෙක් වගේ ... බලන් ගියාම ඔහේගෙයි අර පිස්සු ගෑනි හේරාගෙයි කිසි වෙනසක් නෑ... මම ඔහේට සාප කරනවා.. නරුමයා..."
මට ආපු කේන්තියටයි දුකටයි මම බැල්කනි එකට ගිහින් බනින්න ගත්තේ අඬ අඬමයි... මට බෝගම් ඔප්පා ගැන හරි දුකයි.. පපුව හිරවෙන්න වගේ..
" ඒයි වඳුරු කෙල්ල .... ඔහොම බෙරිහන් දුන්නම මම කොහොමද නිදාගන්නේ...?? "
" ඔප්පා..."
දොර ලඟට වෙලා හේත්තු වෙලා හිටියේ යුන්ගි ඔප්පා... එයාගේ මූණෙනුත් මොකද්දෝ ලොකු දුකක් පෙනුනේ... මම දුවලා ගිහින් ඒ පපුවේ මූණ හන්ගන් අඬන්න ගත්තේ මට වෙන කරන්න දෙයක් නැති නිසයි...
" ඔප්පා...බ්..බෝගම් ඔප්පා ..."
" ම්ම්ම් මේ පාරත් ඒක එහෙම්මමයි නේද...?? "
" ඔයා දන්නවද...?? "
" අනී.... ඒත් අඬ අඬ කියපුවයෙන් මට තේරුනා... මම මේ පාරත් ඔයාගෙන් ඒ ප්‍රශ්නෙම අහනවා.... පුංචි හරි හැඟීමක් නැද්ද එයා ගැන...??? "
" මොනාද මේ කියවන්නේ.... ඔයා දන්නවා මම ආදරේ තරම.... බෝගම් ඔප්පට අපි මොකද කරන්නේ..?? එයා ඔහොම විඳවද්දි අපි දෙන්නා කොහොමද හිනා වෙලා ඉන්නේ...?? "
" ම්ම්ම් .... මොනාහරි කරන්න බලමුකො.... ඔයා ගිහින් එයාට කතා කරන්න.... මම කතා කරලා ආවේ.... මම හිතන්නේ එයාට අපි හිත හදාගන්න ටික කාලයක් දෙන්න ඕනේ... අනික මාත් තව...... ම්ම් ඒක ඕනෙ නෑ... හෙමීට විසඳෙයි සේරම...."
ඔප්පා මොනාදෝ කියන්න ගිහින් ඒක නවත්තගත්තා... ඒත් ඒ හොඳ දෙයක් නම් නෙමේ කියලා මට තේරුනා...මම එතනින් එහාට අහන්න නොගියේ එයාගෙ හිත රිදේවී කියලයි...
" කෝ එන්න... අඬන එක නවත්තන්න... ඔය මූණ දැක්කම මට බය හිතෙනවා... "
එයා මාව තුරුල් කරගෙනම ඇඳ උඩින් වාඩි වෙලා මගේ ඔලුව අතගාන ගමන් කිව්වා...
" යාහ් මින් යුන්ගී...!! "
" අපෝ ඔය හැකර කටෙන් මගේ නම කිව්වමද කොහෙද... කොයිවෙලෙත් සුගතන් ගාගත්ත ගමන් නේ.."
යුන්ගි ඔප්පා කිව්වේ මගේ කඳුලු පිහිදන හමන්... ඒකට නම් මට හිනා ගියේ ආපු දවසේ ඉදන් මෙයාට කියපුවා මතක් වෙලා... ඇත්තටම මේ පූසා ඒවා දන්නවා නම් මට යන එනමන් නැතුව යනවා...
" මට දැන් එලියට යන්න වෙනවා... ගමියා එක්ක කතා කරලා නිදාගන්න.."
" අනේ යන්නෙපා... අපි දෙන්නම කතා කරමු...."
" මම කියන්න ඕනේ දේවල් කිව්වා... ඔයාලා තනියෙම කතා කරගන්නකො... මම එනවා ඉක්මනට ... හැමදේම විසඳෙයි..."
යුන්ගි ඔප්පා එහෙම කියලා මගේ ඔලුව අතගාලා යන්න ගියා... හැමෝම එක්ක රෑට කෑම ගත්තට පස්සෙ යුන්ගි ඔප්පා යන්න ගියා ජූන් ඔප්පා එක්කම.... ටික වෙලාවක් ඉඳලා මම එලියට ගියේ බෝගම් ඔප්පා එක්ක කතා කරන්න... මගේ ජිවිතේම දැන් අවුල් ජාලාවක්... ඉස්සර හරි සැහැල්ලුවෙන් හිටපු මට දැන් දැනෙන්නෙ මම ආපහු එන්නත් බැරි ඉස්සරහට යන්නත් බැරි තැනක හිර වෙලා වගේ...
" බෝගම් ඔප්පා.."
" ආ.. කියන්න හනා.. "
මම කතා කරද්දි බෝගම් ඔප්පා කිසි වෙනසක් නොපෙන්වා හිනා වෙන ගමන් කිව්වා... මම දන්නේ නෑ මනුස්සයෙක් මේ තරම් අහිංසක ඒ වගේම හොඳ වෙන්නේ කොහොමද කියලා... බෝගම් ඔප්පා ඇත්තටම හරි හොඳ අවංක යාලුවෙක් ... සමහරවිට එයාගේ තැන මං ඉඳියා නම් මම කවදාවත් ඒ කැප කිරීම නොකර ඉන්න තිබ්බා... මට නම් කවදාවත් බැරි වෙයි මගේ පලවෙනි වගේම එකම ආදරේ වෙන කෙනෙක්ට අයිති වෙනකන් බලන් ඉන්න...
" හනා?? සද්ද නැත්තේ ඇයි අසනීපද? "
බෝගම් ඔප්පා වාඩි වෙලා හිටපු තැනෙන් නැගිටලා දුවන් ආවේ මම කඳුලු පුරවන් එයා දිහා බලන් ඉද්දියි..
" ලමයෝ කතා කරන්න... මොකද උනේ..?? හොබී බැන්නද? නැත්තං යුන්ගි?? "
එයා ආයෙම පාරක් ඇහුවේ මගේ උරහිස් දෙකෙන් අල්ල ගන්න ගමන්...
" ම්...මියානේ ඔප්පා....."
මට කියාගන්න පුලුවන් උනේ එච්චරයි ... මම එහෙම්ම බිම වාඩි වෙලා අඩන්න ගත්තේ මම මොනවා නම් කියලා බෝගම් ඔප්පගෙ හිත හදන්නද කියලා කල්පනා කරන ගමන්... ඇත්තටම මම මොනාද කියන්නේ?? මං ගැන හිතන්නෙපා කියලද?? එහෙමත් නැත්තං මාව අමතක කරන්න කියලද?? මම කොහොමද එහෙම දෙයක් කියන්නේ මට වචනෙකින් වත් නොරිද්දද්දි... මේ තරම් පරිස්සම් කරන්න හදද්දි... මගේ එකම ප්‍රාර්ථනාව ඊලඟ වතාවේ අපි ආයෙම හම්බවුනොත් ඔයත් මගෙම අයියා කෙනෙක් වෙන්න කියන එක
" ඒකට කමක් නෑ... මම ඔයා එක්කවත් යුන්ගි එක්කවත් තරහා නෑ... දැන් හොඳ ලමයා වගේ විකාර නොහිතා යන්න..."
බෝගම් ඔප්පා කිව්වෙ එයාට මාව තේරුනා වගේ... ඒ ඇස් වල එලියට එන්න බැරුව අමාරුවෙන් නතර උන කඳුලු බින්දු පිරිලා...
" ඔප්පා... මම දන්නවා මට කරන්න කිසිම දෙයක් නෑ.... ඒත්..... ඔයාට පුලුවන් හිතට සැනසීමක් දැනෙනකන් මං එක්ක අඬන්න... "
" හනා... මට සමාවෙන්න .... මම උත්සහා කලා ආදරේ නොකර ඉන්න ඒත් මට බැරි උනා.... ම්..මං දන්නේ නෑ........"
බෝගම් ඔප්පා කිව්වේ එච්චරමයි... මගේ උරහිසට ඔලුව තියාගෙන එයා අඬන්න ගත්තේ ඒ හැඟීම් හිරකරගෙන ඉන්න බැරි නිසා වෙන්න ඇති... මං දන්නවා යුන්ගි ඔප්පා තරහා වෙන එකක් නෑ ටික වෙලාවකට මගේ උරහිසේ ඉඩක් දුන්නට... මට දැනුනේ නෑ එයාගෙන් හ්ම්ම් සද්දයක්වත් පිට වෙනවා... බෝගම් ඔප්පා අඬද්දි එයාගෙන් පිට වුන ඉකිය විතරයි මටදැනුනේ... මම අමාරුවෙන් කටත් අතෙන් වහ ගෙන හිටියේ එයාගේ හිතේ තියෙන දුක කඳුලු කරලා ඉවර කරන්න ඉඩ දෙන ගමන්... ඉතින් පිරිමි හිතකට අඬන්න තහනම්ද? ඒකද හැමදාමත් බෝගම් ඔප්පා අපි කාටත් රහසෙන්ම ඇඬුවේ?
" කුමාවෝ....! "
බෝගම් ඔප්පා කඳුලුත් පිහිදින ගමන් එහෙම කියලා මගේ ඔලුව අතගාලා යන්න ගියා... ආදරේ ලඟ හිත් මොන තරම් නම් අසරණද කියලා මට තේරුනේ ඒ මොහොතේ... කවදාහරි බෝගම් ඔප්පට ලැබෙන කෙනා හුඟක් වාසනාවන්තයි.. එයා ඒ කෙනාට ආදරේ අඩුවක් නැතුව දේවී... හරියට මගේ යුන්ගි වගේ.... මං දන්නවා යුන්ගි ඔප්පත් අසරණයි... මොකද එයාගේ හොඳම යාලුවා බෝගම් ඔප්පා... එක අතකින් යුන්ගි ඔප්පා වාසනාවන්තයි වචනෙකින්වත් වැරැද්දක් නොකරන ඒ වගේ යාලුවෙක් ලැබෙන්න... හරි පුදුම යාලුකමක්.... සමහර යාලුකම් සංසාරගතයි කිව්වට මම ඒ දේ ඇත්ත බව තේරුම් ගත්තේ යුන්ගි , බෝගම් ඒ වගේම අපේ හොබාගෙන්...
" ටුටූ... ඇතුලට යන්....ඔයා හොඳට කලා... මගේ වදකාරි දැන් ලොකුයි..."
මං ලඟට ආව හොබා කිව්වේ මගේ ඔලුව අතගාන ගමන්..
" හොබා... සරන්හේ .."
" නාදු.."
.
.
.
.
_________________________________________________
Next day
පහුවදා උදෙන්ම වෙනදා වගේ වැඩ ටික වෙද්දි අපි හැමෝම උදේ කෑම ගන්න ගමන් හිටියේ... තිබුන නිහැඬියාව බින්ඳේ ජූන් ඔප්පා...
" සුගා මෙයාලටත් කියන්න..."
" හ්ම්ම්... මේකයි අපිට හේරාව ඉවර කරන්න විදියක් ලැබුනා..."
" ඒ කොහොමද?? "
යුන්ගි ඔප්පා කියද්දි හොබා ඇහුවා
" ඊලඟ මාසේ පෝය දාට කලින් උනා වගේ පූර්ණ චන්ද්‍ර ග්‍රහනයක් වෙනවා ආයෙම... හේරා එදාට එලියට එයි... අන්න එදාට අපි එයාව ඉවරයක් කරනවා..."
ඒ කියන්නේ ආයෙමත් ඒ දේවල් වේවිද..?? දෙවියන් කිව්වා වගේම අතීතයේ මගෑරුන පලි ගැනීම මේ පාර සම්පූර්ණ වේවිද????
To be continued .....................
වෝට්,ලයික් කමෙන්ට් කරන හැමෝටම හුගාක් ස්තූති 😘😘😘😘😘😘 මම මේක ඉවර කරලම කට්ටියට රිප්ලයී දාන්නන්😁😁😁 තරහා වෙන්නෙපා හොදේ
සරන්හේ ❤️❤️
✍️ Nim