ආදරණීය වැස්ස,
මගෙ හදවත අද තප්පර ගාණකට නැවතුනා.
ඒ එයා වෙන්නැති නේද..
ඔව්..
අවුරුදු ගාණක් ගියත් ඒ කටහඬ අමතක වෙන්නෑ මට.
ඒ එයාම තමා.
_Every time I see you
I die a little more_
_____________________________________________________
දවස් ගණනාවකින් පොත අතට ගත් ඇය එහි කුරුටු ගෑමෙන් අනතුරුව පොත පසෙකින් තබා ඇගේ දවස ගැන කල්පනා කලා..
______________________
ඇය පිළිබඳ නැවත වරක් විශ්වාසය තැබූ ඇගේ ප්‍රධානියා ඇයට මෙවරත් වගකීම් රැසකින් යුත් කාර්යක් භාරදුන්නා.
ඉතින් දැන් ඇගේ ඉදිරි සති ගණනම ඒ වෙනුවෙන් කැප වුනා.
එහෙත් එහි යම් පැරණි සේවකයින් ඇයට එරෙහිව සිදු කරන යම් යම් ප්‍රයෝග නිසා ඇය බොහෝ සේ අපහසුතා වලට මුහුණ දුන්නා. එමෙන්ම ඈ දුක් වුනා.
එහෙත් ඇයට එය අත් හැර දැමිය නොහැකියි.
ඇගේ ප්‍රධානියාගෙ විශ්වාසය මෙන්ම ඈට ඇගේම ආත්ම විශ්වාසය වැදගත් වුනා.
යම් භාරදූර රාජකාරියක් තනිවම හැසිරවිය හැකි බවට ඇගේ ප්‍රධානියාට ඔප්පු කිරීමට පෙර, ඇය එය ඇයටම ඔප්පු කර පෙන්විය යුතු වුනා.
එලෙසයි ඈ ටිකෙන් ටික අහිමි වීමට යන ඈවම නැවතත් ශක්තිමත්ව ගොඩ නැගීමට උත්සහ දරන්නේ..
එහෙත්...
සියල්ලක්ම පහසු වුනේ නෑ..
ලෝකයා සියල්ලක්ම පහසු කලේ නෑ..
යම් ශක්තියක් ගොඩ නඟා ගැනීමට ඇය ඒ තරම්ම ශක්තියක් කැපකල යුතු වුනා..
ඒ වේදනාවන් හරහා ඇය ගමන් කල යුතු වුනා.
එලෙසටයි ඈ ශක්තිමත් වෙන්නේ..
එලෙසටයි ඇයට තනිවම ශක්තිමත් විය හැක්කේ..
එලෙසටයි ඇය ඇගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගත යුත්තේ..
එහෙත්..
කියන තරමට සියල්ලක්ම පහසු වුනේ නෑ.
ඒ නිසාම විවේක වෙලාවේදි ඇයගේ පාද ඇයව යම් තැනක් දක්වා මෙහෙයුවා.
ඇයව මෙහෙයුවෙ..
ඒ ඇගේ පාදයන්මද..
ඇගේ පාද මෙහෙයුවේ ඇගේ සිතයි...
ඒ බව ඇය දැන සිටියා.
ඇගේ මුරන්ඩු හදවත ඇගේ මොළය විසින් ගත් යම් තීරණ අභිබවා ගියා.
ඒත් අවසානයේ..
සිත වුවද මොළය වුවද..
ඒ ඇයයි..
_____________
වීදුරු දොරෙන් ඇතුල බැලූ ඇයට එහි යමෙකු ඉඳගෙන සිටින ආකාරය දකින්නට ලැබුනා.
එහෙත් ඇයට මේ මොහොතේ අවශ්‍ය වූ එකම දේ වූවෙ යම් සහනයක්..
ඇගේ සහනය වූයේ යම් මිතුරෙකුයි..
ඒත් ගොඩනැගිල්ලක සිර වූ කොල කැබලි වලින් මෙන්ම පරිගණක තිර වලින් වටවූ ඇගේ වෘත්තීය ජීවිතයේ එකම මිතුරා වූයේ වර්ෂාවයි...
ඉඳින් එලියේ ඇදහැලෙන මිතුරා දෙස නිදහසේ බැලීමට ඇයට අවශ්‍ය වුනා.
"ම්.." මාස්ක් එකක් මෙන්ම හූඩ් එක නිසාවෙන් ආවරනය වී සිටි එම පුද්ගලයා ඇගේ පැමිණීමෙන් ගැස්සෙන අයුරු ඈ ඇස් කොනින් දුටුවා.
ඒත් ඇගෙ දෑස් ඉදිරියට යොමු වුනා.
"මට සමාවෙන්න.
මන් මෙතන ඉන්නද..
ගොඩක් වෙලාවක් ගන්නෑ.විනාඩි ගානක්..
කරුණාකරලා.."
ඇය ආයාචනා කලා.
කොරියානුවෙක් මෙන් පෙනුන නිසාවෙන් ඈ ඊට සුදුසුම කොරියානු භාශාව යොදාගත්තා.
"ම්ම්.. ඒත්.."
ඇයට ප්‍රථම වතාවට ඔහුගෙ කටහඬ ඇහුනා.
ඒ හඬ සුපුරුදු බව ඇයට දැනුනත් විවිධ සිතුවිලි වල අතරමන් වූ ඇගෙ හිත මේ මොහොතේ ඇයට එය දැනෙන්නට ඉඩ දුන්නෙ නෑ.
"විනාඩි පහක්..කරුණාකරලා.."ඇගේ හඬ යම්තාක් දුරට බිඳෙන බව ඇයට දැනුනා.
"ම්ම්ම්.. හොඳයි.. ඉන්න.."ඔහු නැගිටීමට සැරසෙන අයුරු ඈ දුටුවා.
"ඉන්න..යන්න එපා.. මන් ගොඩක් වෙලා ඉන්නෑ.."
ඇය තවමත් ඉදිරිය බලාගෙන.
ඔහු එයින් සන්සුන් වුනා.
ටික වෙලාවක් වර්ෂාව දෙස බලාසිටි ඇගේ මුවින් වදන් පිට නොවූ නමුත් ඇගේ මනස අඳෝනා දුන්නා.
ඇය කෑගැහුවා.
ඇය පැමිනිලි කලා.
ඇය වර්ෂාවට ඇගේ දුක කිවුවා.
ඒත් කිසිවෙකුට එය ඇසුනේ නැති බව ඇය දැනසිටියා.
එහෙත් ඇයට සැනසීමක් දැනුනා.
දෑස් වලින් නිදහස් වන කඳුලු බිඳු නිසා මෙන්ම සිතෙන් නිදහස් වන අඳෝනා නිසා ඇයට සැනසීමක් දැනුනා.
ඒ නිසා ඇය සැනසුම් සුසුමක් හෙලීමෙන් අනතුරුව කඳුලු පිහිදාගැනීමට උත්සහ කලා.
ඒ මොහොතේ ඇගේ එහා පැත්තේ සිටින්නා යමක් ඈ දෙසට යොමු කරනු දුටු ඈට ආසනේ ඇය අසල තිබූ ටිශූ පෙට්ටිය දැකගත හැකිවුනා.
"ස්තූතියි."ඇය තවමත් ඔහු දෙස බැලුවෙ නෑ.
තහනම් කල ස්ථානයකට වී කුඩා දරුවෙක් මෙන් හැඬීමෙන් අනතුරුව කිසිලෙසකත් එහාපස බැලීමට ඈ සූදානම් වුනේ නෑ.
"අඬන එක උත්තරයක් දෙන්නෙ නෑනේද?" ඔහුගෙ ගැඹුරු එහෙත් යම් සෞම්‍ය බවක් රැඳී තිබුන කටහඬ ඇගේ දෙසවනට වැටුනා.
ඒ හඬ...
එහි හුරුපුරුදු බව ඇයට මෙවර දැනුනා..
"ඒත් හිරකරන් විඳවනවට වඩා නිදහසේ යන්න දෙන එක හොඳ නැත්ද..
ඒක උත්තරයක් නොදුන්නත්.. ඔයාට සහනයක් වෙනවනම්.."
ඈත් මිමිනුවේ හිතේ කොනක චකිතයක් දැනෙන අතරෙ.
"මේ වෙලාවෙම මෙතනට එන්න වැස්ස එක්ක තියෙන..." ඔහු ප්‍රශ්නයක් අහන්නට පෙර ඈ වර්ෂාව දෙස බලා පිළිතුරු දුන්නා,
"මන් වැස්සට ආදරෙයි..
ඔයා වගේම.." ඈ කිවුවා.
"ඔයා මාව දන්නවද?!!" ඔහුගෙ කටහඬට පුදුමයක් එක්වන යුරු ඇයට දැනුනා.
"වැස්සට ආදරේ තවත් මනුස්සයෙක්.." ඇය පිළිතුරු දුන්නේ දෙගිඩියාවකින්.
ඒ ඔහුද?
ඇගෙ හදවත වේගවත් වුනා..
ඒ ඔහු විය හැකිද?
ඇය ප්‍රශ්න කලා.
ඒ බව ඔහුගෙන් ඇසිය යුතුද?
නෑ..
එයින් ඔවුන් දෙදෙනාම අපහසුතාවයට පත් වෙන බව ඇය දන්නවා.
"ගොඩක් ස්තූතියි. ඒ වගේම සමාවෙන්න." ඉදිරිය බලාගෙනම මිමිණූ ඇය නැගිට්ටා.
"ඔයා මාව අඳුරගත්ත බව මට තේරෙනවා.."ඔහුගෙ වදන් නිසා ඇය නතර වුනා.
එහෙනම් ඒ ඔහු..
ඔව් ඒ ඔහුම තමා..
වර්ෂාව, පොත්පත්..
ඔව්.. ඒ ඔහු..
"සමහරවිට.." ඇය පිටුපස නොහැරීමට මෙන්ම කටහඬේ පුදුමය සැඟවීමට වග බලාගත්තා.
"ඇයි එහෙනම් එහෙම නෑ වගේ පෙන්නන්නෙ?" ඔහුගේ කටහඬ කල්පනාකාරිව මෙන්ම නිදහසේ ගලාගියා.
"සමහරවිට එහෙම හොඳයි කියලා මට දැනුන නිසා වෙන්නැති..
මම යන්නම් නම්ජුන්ශි" එසේ පැවසුව ඇය දොර දෙසට වේගයෙන් ඇවිද ගියා.
දැන් තප්පර ගණනකට පෙර ඇය කතා කල පුද්ගලයා..
ඒ පුද්ගලයා..
ඇය මෙපමණ කලක් හමුවීමට හෝ එකදු වදනක් හෝ කතා කිරීමට පැතූ පුද්ගලයා..
ඇය අවසානයේ එය සිදු කර තිබුනා..
වසර ගණනාවක් තිස්සෙ ඇය සැනසූ ඒ කටහඬ ඇගේ අසලින්ම ඇයට ඇසුනා..
ඇසුනා පමණක් නොවේ..
ඒ කටහඬ ඇයට පිලිතුරු දුන්නා...
ලිෆ්ට් එක අසලට පැමිණි ඇය මඳ වෙලාවක් රැඳී සිට පඩිපෙල තිබෙන දොර අසලට ඇවිද ගියා.
ඇය පඩිපෙල ඔස්සෙ තට්ටු කිහිපයක් පහළට යෑමට තීරණේ කලේ වේගවත් වූ හද ගැස්ම නිසා රතු වී දාඩිය දමන්නට පටන් ගත් ඇගේ වත අනෙක් අයගෙන් සැඟවීමටයි.
ඇය සතුටු වුනා...
නැහැ..
එය ඇගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් වුනේ නෑ..
ඇයව පුපුරා යෑමට තරම් ප්‍රබෝධයක් ඇයට දැනුනා..
එහෙත් ඒ මූණ..
ඇය එය දුටුවේ නෑ..
එමෙන්ම ඔහු..
ඔහුද ඇයව දුටුවෙ නෑ..
ඒත් ඒ කටහඬ ඇසීම පමණක් ඇයට ප්‍රමාණවත් වුනා..
බිත්තියට මඳක් හේත්තු වූ ඈ ඇගේ වේගයෙන් ගැහෙන හදවතට අත තැබුවා.
"මන් එයාට කතා කලා.." ඇය ඇයටම මිමිණුවා.
ඇය සිනාවුනා.
කුඩා දරුවෙක් මෙන් ඈ සිනා වුනා.
නෑ..
ඇගෙ අතීත මතකයන් ඈව සිනහ නගන්නට සමත් කලා.
ඉතින් ඈ සතුටු වුනා..
ඈට තවකෙකු සිහි වුනා.
ඇගේ හැම සතුටක් මෙන්ම දුකක්ද බෙදාගන්නා ඒ පුද්ගලයාව ඈට සිහිවුනා.
තවමත් රාජකාරි වල ඇති බව දන්නා බැවින් ඇය කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් සැනසුනා.
"මන් අද එයාට කතා කලා.
අන්තිමේදි..
මන් එයාට කතා කලා.."
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••