#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️
🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------
9th Meow🥀
Still Yoongi pov~
හනා මොනවාහරි කිව්වා... ඒත් මට හරියට ඇහුනේ නෑ... හනාව දකිද්දි ඉබේම මගේ ඇස් වලට කඳුලු එද්දි මම කලේ හනාව ඇදලා අරන් තුරුල් කරගත්තු එක...
" ඔ..ඔප්පේ... මට හුස්ම ගන්න බෑනේ... බෙල්ල බෙල්ල..."
" ම්...මියානේ.... මම එන්නම්...ඔයා යන්න ..."
හනා කියද්දි මම එයාව එහාට කරලා ඉක්මනට දොර වහගත්තේ හනාට මොකද්ද කියන්නේ කියලා හිතන ගමන්... ඒත් ඒ මෝඩි.... මට ඇහුනා හෙමීට කුටු කුටු ගානවා.. එයාට ඒක මහ මෙරක් තරම්... පිස්සු කෙල්ල... අනේ මන්දා මොන නැකතේ ඉපදිලාද මන්දා....
.
.
.
.
" ඔම්මා.....ආයිශ් නම්ජූනා......!!!! "
බාත්රූම් එකේ ඉදන් එලියට ආපු මං දැක්කේ නම්ජූන්ව... මිනිහා බැරෑරුම් මූනක් එක්ක කාමරේ පුරා සක්මන් කරනවා.. මේ යකා අඳින්නෙම කලුපාට... බය වෙන එක අහන්න දෙයක් නෙමේ නේ...
" බය උනා පූසෝ..."
නම්ජූන් කිව්වේ පපුවත් අල්ලන්... ඉන්න හැටි පැති කුදය ගහලා වගේ...
" දැන් මොකද ආවේ...?? "
" හොබී... "
" ඉතින් එයාගේ කාඩ් එක ලැබුනා... මං දන්නවා මම මේක කියන එක තහනම්... ඒත් මේක කියන්න හිතුනා.. ඕනේ දේකට මම ඉන්නවා..."
ජූනා කියද්දි මම ටිකක් කලබල උනේ හොබීට මොකද්ද තියෙන කර්දරේ කියලා කල්පනා කරන ගමන්... වෙලාවකට ජූන්ව තේරුම් ගන්නම බෑ... වෙලාවකට මරාගන්න යනවා... අපි දෙන්නට දෙන්නව පේන්න බැරි උනත් හැමදාමත් කරදරේකදි අපි එකටම ඉඳියා... ජූනුයි මායි තරහා වෙන්න හේතුව මං... මේ ගෙවුන අවුරුදු දාහට හේසුගේ රූපේ එක එක කට්ටියගෙන් මං දැක්කා... ඒ හේසු නොවුනත් එයාලා හැමකෙනෙක්ගෙම මරණ නිවේදන ලැබෙද්දි මං ඒවට හරස් උනා... මං නිසා ජූන්ගේ දඬුවම් කාලය දික් උනා.. මොකද එයා මට ඒ කාඩ් පෙන්නුවා... ඒත් මම ඒ හේසු නොවන බව දැන දැනත් ඒවා නැවැත්තුවා... මොකද මම ඒ රූපෙටත් ඒ තරම් ආදරේ කලා... ඒත් මට ඒ හැමකෙනාම මැරෙන එක නවත්තගන්න බැරි උනා... මොකද ජූන් ඒවට හරස් උආ.. එදා ඉදන් අපි මෙහෙමයි...
" අහා පණ පලයන් ලබන සුමානේ... කොහේ යනවද මේ මරගාතේ... අහා... කැරකිලා... හිටගෙන තනි කකුලෙන්..."
" ඉවරයී අර මල හොල්මන මේ පැත්තට එනවා..."
මම ජූන්ට කිව්වේ හනාගේ එලොවටත් නැති මෙලොවටත් නැති සින්දු කෑල්ලක් ඈතෙන් ඇහෙද්දියි
" ටොක් ටොක්.... ගෙදර කවුදෝ.... සුගතන් නිදිද පූසා බැඳලද??? .. "
ආහ් මේ කෙල්ල නම්... මොන මගුලක් කරනවද මන්දා..මම තාම ටවල් එක පිටින්.. ආයිශ්...
" ජූනා ඕක අල්ලපන්..."
" මොකද්ද ... ආ හරි... දොරට ගහනවා නේ..."
මම දොර පෙන්නලා කියද්දි ජූනා කිව්වා.. මොකද මේ යකා දොර ඇරලා දාලා ඇවිත් තිබුනේ... ඒත් උනේ නොහිතුව දෙයක්... හනා එකපාරට දොර ඇරන් එද්දි ජූන නැවතුනේ මගේ ටවල් එක අල්ලගෙන...
(මොකද මිනිහෝ කරන්නේ?? )
(ඇයි මේක නෙමේද අල්ලගන්න කිව්වේ??)
මම ජූන්ගෙන් ඇහුවේ හිතෙන්...එයත් එහෙම්ම උත්තර දුන්නා... ඔව් ඔව් අපිට හිතෙන් කතා කරන්න පුලුවන්.... ඒ වගේම ජූන්ට සමහර විශේෂ මිනිස්සුන්ගේ හිත් කියවන්න පුලුවන් මට බැරි උනාට.... ඒත් එයාටත් බැරි අය ඉන්නවා... හරියට බෝගම් වගේ .... බෝගම්ගේ හිත කියවන්න බෑ ජූන්ටත්...
" ඔප්පේ...!! "
" හ්..හනා මේ..මේ.."
මට වචන පැටලුනේ හනා බලන් හිටපු විදියට... එක පාරකුත් බාත්රූම් එකේ එනවා දැකලා නටපු නාඩගම මතක් වෙද්දි මට හීන් දාඩිය දැම්මා.. ජූනා ඒ අස්සෙන් තාම මගේ ටවල් එක අල්ලන්... මේකා දැන් අතෑරියොත් ටවල් එක බිම... මූව එලවන්නත් බෑ.. මම ඇසි පිල්ලම් ගැහුවේ කාලය නවත්තන්න උත්සහා කරන ගමන්... මගේ කරුමෙට ඒක වෙන්නෙත් නෑ ඒ පාර...
( බය වෙන්නෙපා... එයා ඔයා හිතන ජාතියේ මුකුත් හිතන්නේ නෑ... හිතන එක කිව්වොත් උබ දුවයි)
( ඈ ඒ මොකද්ද?? )
මම ජූනාගෙන් ඇහුවේ එයා හනාගේ හිත කියවපු බව තේරුන නිසයි ...
( ඔමෝ... එයා හරි සුදුයි නේ... කිරි පාටයි... ඔමෝ ඒ ඇග... අල්ලන්න හිතෙනවා... වාහ්.... සික්ස් පැක් අර පැක් මේ පැක් සේරම එකට)
මේ මොනාද මේ යකා හිතන්නේ..... ආහ්... මේ ජූනා නම් ගන්න දෙයක් නෑ වල් යකා... මම ජූන් දිහා ඔරවලා බැලුවේ එයා මේ හිතන දේවල් නිසා... හනා තාමත් ගල් වෙලා වගේ..
( යාහ් ජූනී මොනාද ඔය හිතන්නේ??)
( මමද උබේ හේසු හිතන දේවල් තමා මම මේ කිව්වේ... ඔය කෙල්ල නම් අම්මේ බන්... )
ආහ්..... ජූනි කියද්දි මට පොලව පලන් යන්න තරම්... මේ හනා නම්.... තව මේ කෙල්ල මොනවා හිතයිද දන්නේ නෑ... ආහ් නම්බුව හේදිලා යන්න කලින් මොකක්හරි කරන්න ඕනේ
" යාහ්..... ඔය දෙන්නම හිතන එක නවත්තනවලා........!!! "
මම හයියෙන් කෑගහද්දි හනා වගේම ජූනුත් ගැස්සුනා... ඒ එක්කම හනාගේ මූමනට ආවේ අර පරණ හිනාව... කෙල්ල අපි දෙන්නා දිහා බලලා හයියෙන් හිනා වෙන්න ගත්තේ මෙතන අපි වෙන මොකක්හරි කරනවා වගේ... අනේ අම්මපා මේ ජූනා... ඌ බඩු විතරක් නෙමේ මගේ නම්බුවත් එහෙම් පිටින්ම වළඳනවා..
" ඔප්පේ ඔයාලා චී...😂😂😂😂😂 "
" මගෙන් මුකුත් අහගන්නේ නැතිව යන්න කිව්වේ... "
මම ඔරෝගෙන කියද්දි හනා අතෙන් කටත් වහගෙන හින වෙවීම යන්න ගියා.. මේ හොල්මන නිසා හෝසොක්ගේ ප්‍රශ්නෙත් අමතක උනා.. මම ඉක්මනට ලෑස්ති වෙලා කෑම මේසේ ලඟට යන ගමන් ජූන් එක්ක කතා කලේ හෝසොක් ගැන... අපි දෙන්නටම ආපු ප්‍රශ්නේ තමයි හෝසොක් ජන්ග්ද කියන එක... ජූන්ට කෙනෙක්ගේ අතීතය දකින්න පුලුවන් උනත් ඒකට ඒ කෙනාව අල්ලන්න ඕනේ... ඒත් හොබී ජූන්ට තියෙන බය නිසාම ජූන් ලගට වත් යන්නේ නෑ... හොබීගේ මරණ නිවේදනේ තිබුනේ නෑ අනතුර මොකද්ද කියලා ඒත් හොබී මේ එන පුරහඳ දාට මැරෙන බව ඒකේ තිබුනා.. මම මේක හනාට කියනවද??? අනි.... මටයි ජූන්ටයි ඒක බලාගන්න වෙනවා...
( ජුනියා හෝසොක් ලඟින් වාඩි වෙන්න බලපන්...)
( දේ... )
මම ජූන්ට හිතෙන්ම කියලා කෑම මේසෙන් වාඩි උනා... ඒත් හනා හෝසොක් ලඟට පැන්න නිසා ජූන්ට එතනින් වාඩි වෙන්න නම් බැරි උනා...
.
.
.
.
.
අද කෑම මේසේ හරිම සාමකාමී.... ගමියා ඒ අතරේ හනා දිහා බලන් ඉන්නවා මං දැක්කා... මම ආයෙම පාරක් යාලුකමයි ආදරෙයි අතරේ හිර වෙලා... ඒත් මට ගමියගේ ආදරේ තේරුම් ගන්න අමාරුයි .. ඒක යාලුකමක්ද? නැත්තං ඇත්තටම ආදරේද? ගමියාට හනාට එයා ගැන කියන්න අවස්ථා ඕනේ තරම් ලැබුනත් ඒක කිව්වේ නැත්තේ ඇයි? ඒක එහෙනන් යාලුකමක් විතරයි ද? ඒත් ගමියගේ ඇස් කියන්නේ වෙනම කතාවක්.. අනේ මන්දා මේ ප්‍රශ්න කවදා විසඳෙයිද කියලා... මම කාලයට ඉඩ දෙන්න ඕනෙද?
" ම්ම්හ් ම්ම්හ්..."
ඒ අතරේ ජූන් හෙමින් උගුර පාදන ගමන් මට පෙන්නුවෙ හොබීගේ අත... එයාගේ අතේ තිබුනා අමුතු රින්ග් එකක්... ඒක මටයි ජූන්ටයි අඳුරගන්න නම් මහා වෙලාවක් ගියේ නෑ... එහෙනම් නම කියන්න අකමැති කෙනාත් ඇවිත්... ඒ කියන්නේ දැන් තියෙන්නේ මගේ වාරේ... මමත් තීරණය කරන්න ඕනේ මොකද්ද කරන්නෙ කියලා ...
" හෝසොක් ..."
" කියන්න යුන්ගිශි..."
" ඔය රින්ග් එක කොහෙන්ද? නෑ මම මේ ඇහුවේ ඒක ලස්සනයී "
" ආහ් මේක මට යාලුවෙක් දුන්නු එකක්..."
හෝසොක් උත්තර දුන්නේ කලබලයක් නැතිව.... මට වගෙම ජූන්ටත් හෝසොක්ගේ වෙනසට හේතුව තේරුනේ ඒ මුද්ද දැක්කට පස්සෙයි...ඒ එක්කම,
" යාලුවෙක්??? මම දැක්කා යාලුවගේ කවුද කියලා .... හොබාරී ඔයා දැන් හරි නපුරුයි... බොරුත් කියනවා..."
කෑවා නේද මේ මෝඩ කෙල්ල වැඩේ... අනෙ අම්මපා මේ කට නම්.... බ්‍රේක් නෑ පොඩ්ඩක්වත් .... මොන විදියේ මනුස්සයෙක්ද මන්දා....
" ටුටූ....??? ඔයා ඒ පාර මගේ පස්සෙන් එන්නත් පටන් ගත්තද? "
" ඇයි මට බැරිද? "
" හ්ම්ම්ම් පස්සෙ කතා කරමු ඒක ගැන දැන් කමු..."
" බෑ මට දැන්ම දැනගන්න ඕනේ ඒක ගැන ... කියන්න..."
" ටුටූ පස්සේ..."
හෝසොක් ඒක නම් කිව්වේ ටිකක් තදෙන්... මුන් දෙන්නා දැන් කොයිවෙලේ හරි මරාගන්නවා මෙතන... ඩබල බැනගද්දි අපි තුන්දෙනා හෙමින් හෙමින් කෑම කන්න පටන් ගත්තා ....
" මිනිස්සු ඉද්දි කනක් ඇහෙන්න නෑ නේද? "
ජූන් කියද්දි මටත් තේරුනා ඒක ඇත්ත කියලා ... මගේ කන්දෙක නෑ වගේ.... කොහොමහරි රන්ඩුවෙන් පස්සේ හෝසොක් එකඟ උනා එයාගේ යෝජා චින්ගුව පෙන්නන්න...කෙල්ලව හෙට මෙහෙට එක්කන් එන්න කියලා අයිඩියා එක දුන්නේ ජූන්... මාත් අකමැත්තක් පෙන්නුවේ නෑ... මොකද මටත් ඒ කෙනා ගැන දැනගන්නයි ඕනෙ වෙලා තිබුනේ.... හනා නම් තාමත් හෝසොක් එක්ක තරහෙන්... මේ අයියගෙයි නංගිගෙයි වලි නිසා අපේ පණ යනවා කොයිවෙලේ හරි...
*************************************
" සුගා...ඔයාට ශුවර්ද ඒ මුද්දෙන් හොබීගේ මනස පාලනය කරනවා කියලා?? "
" ඔව්ව්... මම ඕක මීට කලින් දැකලා තියෙනවා.."
ගමියා අහද්දි මම උත්තර දුන්නා... ගමියා ගොඩක් වෙලාවට මගෙයි ජූන්ගෙයි වැඩ වලට උදව් කරන නිසා අපි දෙන්නා හිතුවා මේවා එයත් දැනගන්න එක හොඳයි කියලා...
" යුන්ගියා ඕක ගලවගන්න විදිහක් නැද්ද? "
" අනී.... අපි ඔය කෙල්ල ලවා ඕක ගලවන්න ඕනේ... එහෙමත් නැත්තං හෝසොක්ම තමයි ඒකෙන් මිදෙන්න ඕනේ... එයාට ඒ මුද්දට තමන්ව පාලනේ කරන්න ඉඩ නොදුන්නොත් පුලුවන් ඒක ගලවන්න..."
" ඒත් සුගා... හොබී තරහා හනා එක්ක විතරයි නේද? මං එක්ක නම් සාමාන්‍ය විදියට ඉන්නෙ.."
ගමියා කියද්දි මටත් ඒකම හිතුනා... හෝසොක් වෙනස් වෙන්නේ හනයි එයයි තනි උනහම විතරයි ...එයා හනාගෙන් මොනාද ගන්න බලාපොරොත්තු වෙන්නේ? කොහොම නමුත් මට විශ්වාසයි මේ මුද්ද අපි නම කියන්න අකමැති කෙනාගේ....
" අනික් එක තමයි හෝසොක්ගේ කාඩ් එක..කුමාවෝ ජූනා... "
මම ඒක ගැන කිව්වේ අනික් කාඩ් දෙක ගැන නොකියා.. මට හිතුනා ඒක ගැන බෝගම් දැනගන්න ඕනේ නෑ කියලා..... ඒ ගැනත් අපි කතා කරලා තීරණයක් ගත්තා හෝසොක් ගැන අවදානෙන් ඉන්න... ජූන්ට මම ආයෙම ණයගැතියි... එයා ආයෙ පාරක් මට කාඩ් එකක් පෙන්නුවා.. ජූන්ගෙ යාලුකම නම් මට තේරෙන්නෙ නෑ..
( ජූනා ගමියගේ හිත කියවන්න බලපන්... මට හනා ගැන දැනගන්න ඕනේ...)
( ඉන්න.......... ම්ම්ම් බෑනේ... මට එයාගෙ හිත කියවන්න බෑ.. එයා සාමන්‍ය කෙනෙක්...)
මම ජූන්ට හිතෙන් කියද්දි එයත් හිතෙන්ම උත්තර දුන්නා.. හනා ටිකක් විශේෂ නිසයි ජූන්ට එයාගේ හිත කියවන්න පුලුවන් උනේ...
" මේ ගමියා ඒක නෙමේ හනා ගැන මොකද හිතෙන්නේ?? "
ජූන් අහද්දි මගේ හදගැස්ම වැඩි උනා... මම හනාට ලන් නොවී ඉන්න තීරණය කලත් බෝගම් මොකක් කියයිදෝ කියන එක මගේ හිතට ලොකු වදයක් , වේදනාවක් උනා..
" අහ්... හනාගේ ඉතින් වරදක් නෑ..."
ගමියා ඒක කිව්වේ මං දිහා බලන්... මම හෙමින් ලඟ තිබුන පොතක් ගත්තේ ඒ ඇස් මගාරින්න... මොකද මම ගමියගෙන් තාමත් දකින්නේ ලී සන්ව.. මගේ හොඳම යාලුවව...
" අනී මං මේ ඇහුවේ හනාට ආදරෙයිද කියලා?? "
ජූනා ආයෙම කිව්වා.. මුන් දෙන්නා මගේ පණ යවලා නවතින්නේ .. ජූන් එක පිට ප්‍රශ්න අහනවා ගමියා කටෙන් වචන එන්නේ නෑ වගේ කෙටි උත්තර දෙනවා..
" අනී... එයා මට නංගි කෙනෙක් වගේ... මට නිදිමතයි... මං යනවා.. දෙන්නටම ගුඩ් නයිට්... ආ සුගා... හෙට පුරහඳ මතකනේ..."
" අහ් වෙලාවට කිව්වේ... මට ඒකත් අමතක වෙලා ඉඳියේ..."
ගමියා ගියාට පස්සේ ජූනත් කන්න වගේ බලන් ඉදලා යන්න ගියා... මම ඒ එක්කම ගියේ පීච් ගහා යටට... ඒත් ගමියා හනාට ආදරේ නෑ කියපු එක නම් මට ලොකු සහනයක් ගෙනාවේ... එහෙනම් මම හනාට ලන් ව්න්න ඕනෙද?? මම මෙහේ නවතින්න්ද?? ම්ම් ඒක තමා හොඳම දේ... ඒත් ඇයි මට හිතෙන්නේ ගමියා හනාට ආදරෙයි කියලා? ගමියා කියන්නේ මට හම්බුන හරි සුන්දර මනුස්සයෙක්... පිටින් විතරක් නෙමෙයි හදවතෙනුත් ... ගමියව මම මුලින්ම දැක්කේ අනාථ නිවාසෙකදි... එයාව දැකපු ගමන් මම අදුරගත්තා ඒ ලී සන් බව... මම ආධාර කරන්න ගිය ඒ අනාථ නිවාසේදි අහම්බෙන් හම්බුන ගමියා හිතුවේ මම එයාගේ හ්‍යුන්ග් කියලා ... එදා අතෙන් අල්ලගත්තු පාර ගමියා නැවතුනේ මගේ ගෙදර ... මං එයාගේ නිත්‍යානුකූල භාරකත්වය අරගත්තා හොඳට ඉගැන්නුවා...
ඒ මට කරපු උදව්ව වෙනුවෙන්... එයා ලී සන් වෙලා ඉද්දි කලේ ලොකු කැපකිරීමක්... ඒ වෙනුවෙන් මං එයාට ප්‍රති උපකාර කරපු එකයි කලේ... මං ලඟම හැදුන නිසා එයා මම කවුද කියලා වගේම ජූන් කවුද කියලත් දන්නවා... ඒ වගේම එයා අපි දෙන්නටම කිව්වේ හ්‍යුන්ග් කියලා ... කල් යද්දි ගමියා තේරුම් ගත්තා එයා මගේ සහෝදරයෙක් නොවන බව... ඒත්..... ඒ ආදරේ නම් වෙනස් උනේ නෑ... ගමියා හැමදාමත් මගේ පස්සෙන්ම ඉඳියා... ඉතින් මං එයාගේ පොඩි කාලේ අමිහිරි මතක අයින් කලා... ඒ වගේම මාව හම්බුන හැටිත් ... එයා තාමත් හිතන් ඉන්නේ මම එයාට කොලේජ් එකේ හම්බුන යාලුවෙක් කියලා ... ඒකයි මට සුගා කියලා කියන්නේ.... ජීවිතේ පුදුමයි කලින් ආත්මේ එයා හැමදේම අතට පයට ලැබුන රාජකුමාරයෙක්... ඒත් මේ ආත්මේ මුකුත්ම නැති කෙනෙක් වෙලා ඉපදුනේ...
හ්ම්ම්ම්... එහෙනම් මං තීරණයක් ගත්තා... මම ආයෙම ඒක කරනවා... මගේ හේසුට උන පොරොන්දුව මම ඉෂ්ට කරන්න ඕනේ... කුමාවෝ ගමියා... මගේ හිතට සහනයක් මේපාර ඔයාගේ හිතට දුකක් නොදැනුන එක...
" ආයිශ් තව ටිකෙන් අමතක වෙනවා හෙට අර කෙල්ල එනවා කිව්වනේ... ඒත් මං හෙට යන්න ඕනේ ... ආහ්....... හෙටත් යන්න වෙන්නේ නෑ... ශිට්......."
හැම පුරහඳ දවසකම වෙන්නෙ මේක තමයි... පුරහඳ දාට මට අතීතෙට යන්න අවස්තාවක් ලැබෙනවා... මම දැන් අවුරුදු ගානකින් ගිහින් නෑ මේ ආත්ම පස්සෙ පන්නන වැඩේ නිසා... මම මේ අවුරුදු දාහා ජීවත් උනේ එහෙම... හැම පුරහඳ දාකම මම ගියා ජෝසොන් කාලෙට... ඈතක ඉඳන් මායි හේසුයි ගමියයි ජීවත් උන හැටි මතක් උනා.. ආයෙම ඊලඟ පුරහද දාට මම වර්තමානෙට එනවා... මගේ ජීවිතේ ගෙවුනේ එහෙම... ඒ මතක අතරෙ ඉබාගාතේ ඇවිද්දා... හැමදාම ඇඬුවා... මම කාලේ ආපස්සට හරවන්න නොකල දෙයක් නෑ.... ඒත් මට පුලුවන්කම ලැබුනේ අතීතෙට යන්න විතරයි මුකුත් වෙනස් කරන්න බැරි උනා... ඒක මගේ දෛවය... මම මගේ දෛවය වෙනස් කරන්න ගියා.. මට තහනම් උන දේ කලා මං... ඒ මනුස්සයෙක්ට ආදරේ කරන එක... ඒ ආදරේට මට ලැබුන දේ අමරණීය ජීවිතයක් එක්ක ගොඩ ගැහුන වේදනාකාරී මතක ගොඩක් විතරයි ... ඉතින් ඇත්තටම දෛවය දඬුවමක් උඩ ඉන්න කෙනා ලියපු ...
To be Continued ............
ප්‍රශ්න කීපෙකට උත්තර ලැබෙන්න ඇති නේ??
වෝට් කමෙන්ට් කරන හැමෝටම හුගාක් ස්තුති❤️
සරන්හේ ❤️❤️
✍️ Nim