#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️
🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------
8th Meow🥀
Yoongi pov~
" යාහ්.... ඔහොම...... කෙල්ලෙක්ගේ...... රූම් එකකට....... එන්නේ කොහොමද??? "
හනා අඬන ගමන් අහද්දි මං කලේ හිනා උන එක විතරයි .. හෙමින් හෙමින් මං හනා ලඟට යද්දි හනා බලන් හිටියේ තාමත් කෙල්ලගෙන් ඉකියක් පිටවෙද්දියි.... හරියට පොඩි එකියක් වගේ...
" මේ මල කන්කරච්චලයක්නේ... ඒ පාර මොකෝ...??? "
" හොබාරී මට බැන්නා.."
" මොන බාරී කිව්වා??? "
මං කිව්වේ හනාගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන්....
( හම්මට යකූ හාට්ටුව ... ඉවසපන් පපුව ඉවසපන් හූම්ම්ම් )
" හ්...හොබී....."
" ආහ්... මිනිහා මොකෝ කියන්නේ??? "
" මුකුත් නෑ..."
" අඩන්නේ නැතිව නිදාගන්නවා... කෝ අත පෙන්නනවා.."
මං අහද්දි හනා අත පිටිපස්සට හන්ගගත්තේ මං බනී කියලා හිතන් වෙන්න ඇති... මොකද කෙල්ල දන්නේ නෑනේ බෝගම් හනාට බෙහෙත් කරද්දි මං බලන් හිටපු බව ...
" මෙන්න මෙහෙ දෙනවා... කරන්න පුලුවන් පන්ඩිතකම් සේරම කරලා තව හන්ගනවා..."
" ඒත් මේ........."
" ශ්ශ්ශ්...."
මං හනාගේ තොල් වලට ඇගිල්ල තියද්දි හනා නිශ්ශබ්ද උනා... මට ඒ එක්කම හිනාවක් ගියේ බය වෙලා ඇසුත් ලොකු කරන් ඉන්න හනාව දැකලා.. හෙමින් හෙමින් අතේ තිබුන බැන්ඩේජ් එක ගලවලා තුවාලේ වටේ ඇගිල්ල ගෙනියද්දි තුවාල කැලලත් එක්කම මැකිලා ගියේ හනාව තව තවත් පුදුම කරවලයි..
" ඔන්න දැන් හරි.... ගෑනු ලමයි උනාම පරිස්සම් වෙන්න ඕනේ .... තේරුනාද??? "
" ද්...දේ...දේ...."
" හ්ම්ම්... දැන් උඩුබුරන්නේ නැතිව නිදාගන්නවා.... හොබී ගැන පස්සේ බලමු...."
මං කිව්වේ හනාගේ ඔලුව අතගාන ගමන්.... ආයෙම කාමරෙන් අතුරුදහන් වෙලා යද්දි හනා එහෙම්ම ඇදේ පෙරලුනේ මූනට හිනාවකුත් එකතු කරගෙනයි..
______________________
Author pov ~
" අනේ.... එයා... මගේ අතෙන් ඇල්ලුවෝ............."
හනා කිව්වේ කොට්ටෙකුත් බදාගෙන... එලි වෙනකන් හනා හිනා වෙවී සතුටෙන් හිටියේ... ඒ වගේම ඒක අහන් හිටපු යුන්ගිත් සතුටු උනත් ඒ සතුට තාවකාලික නිසා යුන්ගිට දැනුනේ ඊටත් වඩා ලොකු දුකක්....
.
.
.
.
.
Time Passed..
Next day morning
හනා උදෙන්ම ලෑස්ති වෙලා බෝගම් ලගට ගියේ කලින් දා කතා කරගත්තා වගේ හොබීගේ පස්සෙන් යන්නයි... ඒත් නොහිතුව විදියට බෝගම්ට වැඩක් වැටුන නිසා හනාට යන්න සිද්ධ උනේ යුන්ගි එක්කයි..
" ඔප්පේ......... කෝ අනේ තාම ලෑස්ති නැද්ද????? "
" ඉන්නවකො වදේ...."
" මොකද්ද අනේ කීයේ ඉදන්ද ලෑස්ති වෙන්නේ...??? "
හනා දොර ලඟ ඉදන් කෑගහද්දි යුන්ගි කාමරෙන් එලියට ආවේ හිරි ඇර ඇර... හනා යුන්ගි ලැස්තී වෙනවා කියලා හිතුවට කොල්ලා මේ වෙනකන්ම නිදාගෙනයි හිටියේ..
" යාහ්....... ඉක්මන් කරනවකො.... "
" ආහ්........විනාඩි පහක් දෙනවා........ ලෑස්ති වෙලා එන්නම්..."
" හැබැයි පහයි හොඳේ...."
" හ්ම්ම් හ්ම්ම්ම්... යනවකො වාතේ.."
විනාඩී කීපයක් යද්දි යුන්ගි ලෑස්ති වෙලා ආවේ හනාගේ බෙරිහන් දෙවිල්ල දරාගන්න බැරුවයි...
" ජුනියා අපි ගිහින් එනකන් මුකුත් කඩන්නේ එහෙම නෑ...."
" යේ..යේ...."
යුන්ගි කියද්දි නම්ජූන් කටත් ඇද කරලා කිව්වේ යුන්ගිට හිනාවක් එද්දියි... ජූන් ගෙදර නතර වෙද්දි හනා යුන්ගි දෙන්නා එලියට බැස්සේ හොබීව හොයාගෙන යන්න... හනා හොබී යන්න කලින් ලොකේශන් ශෙයා කරගත්තු නිසා හොබීව හොයන්න වැඩි මහන්සියක් ගන්න උනේ නෑ... ""අනේ අම්මපා මේකි නම් මහා අපරාධකාරයෙක්.. """ යුන්ගිට හිතුනේ එහෙම...
" කෝ කාර් එක??? "
හනා ඇහුවේ යුන්ගි ගේට් එකත් ඇරගෙන යන්න හදද්දියි..
" මොන කාර්ද?? "
" අර යකඩ, වානේ වගේ ලෝහ වලින් හදලා තියෙන්නේ... රෝද හතරක් එහෙම තියෙන්නේ ... බෲම් ගාලා....."
" ඇති ඇති මම දන්නවා කාර් එකක් කියන්නේ මොකද්ද කියලා... මට ලයිසන් නෑ... ටැක්සි එකක යන්.."
යුන්ගි කියද්දි හනාගේ මූන දෙක වෙලා ගියේ දැනටමත් පරක්කු නිසයි...
.
.
.
.
.
( මූ ආයේ නහය අකුලනවා නේද... දෙන්නම්කො...)
හනා හිතන ගමන් යුන්ගිගේ කකුල හයියෙන් පෑගුවේ යුන්ගිට තරු විසි වෙද්දියි... යුන්ගි ටැක්සි කෑගහන්න බැරි කමට එක අතකින් හනාගේ අත තදෙන් අල්ලන් අනික් අතෙන් කට තදින් වහගත්තේ සද්දේ පිට නොවෙන්න... හනා මුලින්ම හිනා වෙවී හිටියත් යුන්ගි අල්ලපු පාර හනාටත් රිදුනේ නැතිව නම් නෙවෙයි... මග දිගට දෙන්නගේ වලි අතරෙන් විනාඩී කීපයක යද්දි ලොකේශන් එකට යන්න පුලුවන් උනා..
" අර ඉන්නේ.. මම අද අරූට ඉර හද තරු ග්‍රහලෝක සේරම එකපාර පෙන්නනවා..."
" යාහ් ඔහොම ඉන්නවා... පොඩ්ඩක් දෙන්නගෙ පස්සෙන් ඉදලා බලමු..."
හනා හෝසොක්ගේ පැත්තට යන්න හදද්දි යුන්ගි හනාගේ අතෙන් අල්ලන් කිව්වා... යුන්ගිත් දැනන් හිටියා හෝසොක් ඉරිදට එලියට ගියහම ආයෙම එන්නේ හවස් වෙලා බව... ඉතින් යුන්ගිට ඕනේ උනේ ආදරේ කරන්න බැරි උනත් හනා එක්ක ටිකක් තනියෙන් ඉන්න...
.
.
.
.
.
Few hours later--------------------
" හනා ඔයාට අර ගර්ල්ව දැකලා පුරුදු නැද්ද?? "
" අනී... ශ්ශ්...!!! "
" හනා..."
" යාහ් සුගතන් ඔප්පේ... කටවහන් ඉන්නකෝ... මට හරියට බලාගන්න බෑනේ... එයාලා මොනා කතා කරනවද දන්නේ නෑ නේ??? "
" ආහ් මට ඇහෙනවා... ඉන්නකො බලන්න..."
යුන්ගි කිව්වේ බොරුවට කනත් අල්ලගෙන... හෝසොක්ලා දිහාවට හැරිලා හිටපු යුන්ගි බලන් හිටියේ කට ඇරන් යුන්ගි දිහා බලන් ඉඳපු හනා දිහා... යුන්ගිට දැනුනේ මොහොතකට කාලය නැවතුනා නම් කියලා ... ඒ එක්කම ඇසිපිය ගහන ක්ෂනයෙන් විනාඩි කීපයකට කාලය නැවැත්තුව යුන්ගි බලන් හිටියේ හනාගේ ඇස් දිහා...
" යෙප්පුදා "
යුන්ගි කිව්වේ හනාගේ නළලට උණුසුම් හාදුවක් දෙන ගමන්.. ආයෙම කාලය ගමන් කරද්දි යුන්ගි අහක බලාගත්තා..
" මොනාද ඇහෙන්නේ??? "
හනා ඇහුවේ නොඉවසිල්ලෙන් ... ඒත් යුන්ගිට ඒ වෙලේ ඇහුන දේ යුන්ගි නොකියන්න තීරණය කලේ හනාට දුක් දෙන්න බැරි නිසයි ...
" අන්න ඔයාව කාටහරි දෙන්න හදන්නේ දරුකමට ගන්න..."
යුන්ගි කිව්වේ හොරෙන් හිනාවෙන ගමන්
" මොහ්...?? ජින්ජා???? ආහ් මේ හොබා.... මම මේකගේ කෙස් ගහෙන් ගහට ගලෝනවා...."
( ආහ්........හේසූ ඇයි ඔයාට මේ මෝඩ කෙල්ලම වෙලා ඉපදෙන්න ඕනේ උනේ...??? ආහ් මාව පිස්සු වැටෙනවා මෙයාගේ මේ වැඩ වලට)
යුන්ගි හිතන ගමන් බැලුවේ හනා දිහා... හනා නම් දත්මිටි කාගෙන හොබී දිහා බලන් හිටියේ දැන් ගහන්න වගේ... යුන්ගි කෙල්ලව නැවැත්තුවේ නැත්තං හනා ඒකත් කරලා..
" ඔප්පේ... බඩගිනි නැද්ද?? "
" දැන්ම?? අනී... ඔයාට?? "
" අ...අනි..."
හනා නෑ කිව්වත් කෙල්ලට නම් හොඳටම බඩගිනි වෙලා තිබුනේ... ඒත් යුන්ගි බනී කියලා හනා නොකියා ඉන්න තීරණය කලා..
[ stomach grrs....]
" බඩගිනිද?? "
යුන්ගි හිනා වෙන ගමන් අහද්දි හනා බඩත් අල්ලන් ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියලා කියන්න වගේ...
" එහෙ මෙහෙ දුවන්නේ නැතිව මෙතනම ඉන්නවා.. මම ගිහින් කන්න මොනාහරී අරන් එන්නම්..."
" දේ.."
හනා දත් තිස්දෙකම දාලා කියපු විදියට නම් යුන්ගිට හිතුනේ කෙල්ල මහ පෙරේතියක් කියලා... යුන්ගි මුකුත් නොකියම කෙල්ලගෙ ඔලුව අතගාලා යන්න ගියේ මොනාහරි අරන් එන්න හිතාගෙන..
.
.
.
.
Few moments later.......
" කෝ මේ සුගතන් ඔප්පා නෑනේ...??? "
පැයකුත් ගත වෙන්න ලන් උනත් යුන්ගි ඒ වෙනකන් ආපු නැති නිසා හනා හිටියේ ටිකක් කලබල වෙලා...
" කොහෙද මේ පූසාට ෆෝන් එකක්වත් තියෙන එකක්දැයි.... දැන් කොහෙන්ද මෙයාව හොයන්නේ??? යුන්ගි ඔප්පේ ඔයා ආයේ පූසෙක් උනාද??? "
හනා තමන්ටම කියාගත්තේ ඈතෙන් දැකපු ටිකක් අනික් පූසන්ට වඩා ලොකු පුසෙක් දැකපු නිසයි .... කෙල්ල හෙමින් හෙමින් ලන් උනේ කලු පූසෙක් ලගට...
" ඔප්පේ....!!! යා ඔප්පේ දුවන්නෙපා මේ මං... යාහ්... සුගතන්... "
හනා ලඟට යද්දිම පූසා දුවපු නිසා හනාත් පූසාගෙ පස්සෙන්ම දුවන්න ගත්තා.... අන්තිමට පූසා නැවතුනේ ගහක් උඩ..
" කිටී කිටී.... යූ හු..... යුන්ගි කැට්.... කිටී කිටී.... කෝ එන්න ..... අනේ අනේ ඔයාට පීච් ගස් පේන්න බෑ නේ??"
හනා අත දික් කර කර කෑගහන්න ගත්තේ පූසා නැගපු පීච් ගහ ලඟ ඉඳන් අත්දෙකත් උඩට උස්සන ගමනුයි...
" යාහ් මෝඩ පූසා... බැහැපිය බිමට.... ආහ්... මාව උඩට ගෙන්න ගන්නෙපා... ඔයා එකපාර මනුස්සයෙක් උනොත් මොකද කරන්නේ... මිනිස්සු බලාගෙන ඉන්නේ... මෙන්න මෙහේ එන්න.."
හනා කෑගහලා ගහලා බැරිම තැන අමාරුවෙන් ගහට නැගලා නැවතුනේ පූසා එක්කම බිමට වැටිලයි... හැබැයි හනා පූසව අල්ලගත්තා...
මේ අතරේ,
" ආහ්... මේ මෝඩ කෙල්ල කොහේ යනවද මන්දා.... දැන් මෙයාව හොයපන්කෝ..... "
යුන්ගි ආයෙම එද්දි හනා නොහිටිය නිසා යුන්ගිත් පාක් එක පුරා හනාව හොයන්න ගත්තේ කලබලෙන් වගේ... ඒ එක්ක යුන්ගිට ඇහුනේ හනාගේ කටහඬ.. ඒ නිසාම යුන්ගි ඒ පැත්තට යද්දි දැකපු දෙයින් හිනාව නවත්තගන්න බැරුව බිම වාඩි උනේ ඔලුවේ අත ගහගෙනයි..
" අනේ මේ මෝඩ කෙල්ල..."
යුන්ගි දැක්කේ පූසවත් බදාගෙන ඉබ ඉබ දූවිල්ලත් නගෙන බිම වාඩිවෙලා ඉන්න හනාව... බැලූ බැල්මට පිස්සියක් වගේ.... ඒ අතරේ යුන්ගි ඇහුම්කන් දුන්නේ හනා තනියෙම කියවපුවට
" ඔප්පා... ඔයා මනුස්සයෙක් වෙන්නේ නැද්ද... ඔයාව අරන් යන්න බෑග් එකක් හොයාගන්න වෙයි වගේ... මාව අදුරගන්න බෑද දුවන්න හදන්නේ...??? "
( දෙයියනේ මේ හනා... ගොන් බඳින කනුවක්...)
ඒ එක්කම හනා පූසව අල්ලලා හොල්ලන්න ගද්දි යුන්ගි මෙච්චර වෙලා හිර කරන් හිටපු හිනාවේ සද්දේ එලියට එද්දි හනා බැලුවේ යුන්ගි දිහා...
" ඔප්පේ...? එතකොට මේ..? ආහ්... චිප් පූසා... ඊයා මම මූව ඉම්බත් එක්ක... ඈක්කා..."
හනා කිව්වේ දිවත් එලියට දාන්... ඒ ක්ශනයෙන්ම ඇදුමෙන් කට පිහිද පිහිද හනා ආවේ යුන්ගි ලඟට...
" යා.. මෝඩී.... මොලේ හොඳ නැද්ද.... අහක යන පූසෝ පස්සේ දුවන්නේ?? "
" මං හිතුවේ ඒ ඔයා කියලා ..."
" යාහ් මම ඔයිට වඩා හුඟක් ලොකුයි කියලා මතක නැද්ද... අනික මම නිල් පාටයි..."
" අහ් ඔව් නේ... කෝ කන්න මොනාද ගෙනාවෙ...???? "
" ආ...."
හනා අහද්දි යුන්ගි හනාගේ අතේ තිබ්බේ බෑග් එකක්... හනා හින වෙලා ඒ ටිකත් අරගෙන කන්න පටන් ගත්තේ හොබීලා දිහා බලාගෙනමයි...
.
.
.
.
.
.
" ඒ ඔන්නි නම් හොඳයි වගෙ නේ?? "
" පෙනුමෙන් මිනිස්සු මනින්න බෑනේ "
" අපෝ පූසෙක් වගේම තමා ඔප්පේ ඔයා නම්... ඒක නෙමේ මම ඔයාට හරබොජි කියන්නද??? "
" ඔය කට විනාඩි පහකට වහන් ඉන්න බැරිද ... කන ඇතුලේ ඩිස්කො දාලා වගේ.."
" හ්ම්ම්... අන්න අර ඩබල යනවා... අපිත් යන්..."
හනා අත දික් කරන ගමන් පෙන්නුවේ එතනින් යන්න යන හෝසොක්වයි අනිත් ගෑනු ලමයාවයි..
" කොහේ යන්නද... දැන් කෙලින්ම ගෙදර ... උදේ ඉදන් වැඩක් ඇති දෙයක්ද කලේ ආහ්...??? අපරාදේ මගේ වෙලාව..."
" ම්ම් දේ.. දේ..."
" වහින්න හදන්නේ... ඉන්නවා මම කුඩයක් ගේන්න..."
යුන්ගි ආයෙම හනාව තියලා යන්න ගියේ කුඩයක් අරන් එන්න..... යුන්ගි එතනින් යනවත් එක්කම හනාට කෝල් එකක් ආවේ බෝගම්ගෙන්...
" යොබොසෙයෝ "
...............................
" දේ... ඔප්පා... දේ...."
..............................
" ආහ් මං ඔයාව දැක්කා..."
හනා කිව්වේ ෆෝන් එකත් අතේ තියාගෙන අත වනන ගමන්....
" කෝ සුගා??? "
" ආ එයා කුඩයක් ගේන්න ගියා...දැන් එයි... මාව දාලා දිව්වේ කොහෙද "
" අහ් එහෙමද... එහෙනම් එයත් එක්කම යන්... මියානේ හදිසි වැඩක් වැටුනේ නැත්තං මං එක්කන් එනවා.."
" අහ් කමක් නෑ ඔප්පේ..."
" තුවාල කරගෙන නේද...??? මොකද්ද කරගත්තේ?? "
බෝගම් ඇහුවේ හනාගේ අතෙන් අල්ලගන්න ගමන්... හනාත් ඒ වෙලාවේ තමා එයාගේ අත හීරිලා තියෙන බව දැක්කේ..
" ආයිශ් අර පූසා............. අනී අනී සුගතන් ඔප්පා නෙමේ..."
හනා කිව්වේ බෝගම් පුදුමෙන් වගේ කියද්දියි.... හනාට උන දේ හනා කියන්න ගද්දි බෝගම් හිනා වෙන්න ගත්තේ හනාගේ මේ දඟ වැඩ නිසයි...
( ඔප්පා ඇයි ඔයාගේ හිනාව මේතරම් දුකෙන් පිරිලා තියෙන්නේ? )
හනා හිතුවේ බෝගම්ගේ හිනාව දිහා බලාගෙන... හනාට තවමත් තේරුමක් තිබුනේ නෑ ඇයි ඒ හිනාවට දුක හිතෙන්නේ කියලා
" පිස්සි... කෝ අත දෙන්න..."
හනා අතදෙද්දි බෝගම් එයාගේ සාක්කුවේ තිබුන ලේන්සුව අරගෙන හනාගේ වැලමිටට කිට්ටු වෙන්න ගෙට ගැහුවේ පූසා නිසා ඒ හරිය ටිකක් තදේට හීරිලා තිබුන නිසයි...
" ශිට් වහිනවා... හනා එන්න වෙන තැනකට දුවමු... "
බෝගම් කිව්වේ නැගිටලා අත දික් කරන ගමන්...
" යුන්ගි ඔප්පා එනකන් ඉමු.. එයා අපිව හොයලා තෙමෙයි.."
" හ්ම්ම් එහෙනම් ඉමු...දඟලන්නේ නැතුව ඉන්න ඔහොම.."
බෝගම් කිව්වේ වැහි බින්ඳු වැටෙන වේගේ වැඩි වෙද්දියි.. ඒ එක්කම බෝගම් ඇඳන් හිටපු ජැකට් එකේ බට්න්ස් ගලවලා හනාව ඒ ජැකට් එකෙන් ආවරණය කරගත්තේ හනාව තෙමෙන්නේ නැති වෙන්න... හනා බෝගම්ට වඩා උසින් අඩු නිසා හනාව නැවතුනේ බෝගම්ගේ පපුවේ..
" ඔ...ඔප්පා... අවුලක් නෑ තාම වැස්ස සැර නෑනේ..."
හනා කිව්වේ එහාට වෙන්න හදන ගමන්... මොකද්දෝ හේතුවකට හනාට හිතුනෙම යුන්ගි දැක්කොත් එයාගේ හිත රිදේවී කියලයි ...
" කෝ එහෙනම් ඉන්නකෝ..."
හනා අපහසුතාවෙන් බව තේරුම් ගත්තු බෝගම් හනාව ජැකට් එකෙන් එලියට නොයවාම හරි පරිස්සමෙන් ජැකට් එක ගලවලා හනාගේ ඔලුවේ ඉදන් දැම්මේ වතුර බින්දු නිසා හනාව නොතෙමෙන්නයි...
" ඔප්පා.. ඔයා තෙමෙනවනේ..."
හනා කිව්වේ මේ වෙද්දිත් කොන්ඩෙන් වතුර බින්දූ බේරෙමින් තිබුන බෝගම් දිහා බලන ගමන්... වැස්ස තද නිසාම බෝගම් හොඳටම තෙමිලා.. හනාත් තෙමුනා උනත් ජැකට් එක නිසා හුඟක්ම තෙමුනේ නෑ...
" අනේ යුන්ගි ඔප්පේ... ඉක්මනට එන්නකො... මට සීතලයි.."
හනා හෙමින් කිව්වේ බෝගම්ට නෑහෙන්න ... ඒ උනත් යුන්ගිට නම් හොඳට ඇහුනා... මොකද යුන්ගි ඒ වෙද්දිත් හිටියේ එතන... වැස්ස පටන් ගන්නවත් එක්කම එතනට ආවත් බෝගම් හනාව තුරුලට ගන්නවා දැකපු යුන්ගි බලන් හිටියේ දුකෙන්...
කොහොම උනත් හනාගේ හිතේ යුන්ගි ඉන්න බව තේරුන එක යුන්ගිට ආයෙම සහනයක් වගේම ගෙනාවේ අවුරුදු ගානක අමිහිරි මතකයන් මුසු උන දුකක්...
" අනේ ඔප්පේ... කොහෙද ගියේ??? "
හනා කිව්වේ යුන්ගි ලඟට දුවන් යන ගමන්... යුන්ගි හනා එක්ක කතා නොකරම එක කුඩයක් හනාට දීලා අනික් කුඩේ අරන් බෝගම් එක්ක ගියේ බෝගම්ගේ කාර් එක ලඟට...
Yoongi pov~
හනා අපි දෙන්නා ඉස්සරහෙන් යද්දි මමයි බෝගමුයි එක කුඩේකින් ගියා... යන මඟ දිගටත් හනා මම ගෙනාපු මොනාදෝ කකා ගියේ... අනේ මන්දා මේ කෙල්ල නම්... කෑම එකක් පෙන්නුවා නම් ඕනේ එකෙක් ලඟට යයි... මොලේ නැතුව ඉපදිලාද මන්දා මැන්ටලේ...
" සුගතන් ඔප්පේ... මම ඔයා ඉස්සරහා යන්න.. මට නිදිමතයි... මම පිටිපස්සෙන් නිදාගන්නවා..."
හනා එහෙම කියලා පැන්නේ පිටිපස්ස ශීට් එකට... මමයි බෝගමුයිත් නැග්ගට පස්සෙ හනා විනාඩි දහයක් විතර කියවලා කියවලා නිදාගත්තේ මහන්සියට වෙන්න ඇති .. භාගෙට තෙමිලා ලෙඩ වෙයිද කියලයි මට බය.. හිතුවක්කාරකම නැතිව ගියා නම් ඉවරනෙ... ගමියත් ලෙඩ වෙලා... එයාට එන මග දිගට කිවිසුම් එක දිගටම... මොහොතකට මට ගමියා ගැන ආවේ ඉරිසියාවක් ... මටත් ආස හිතුනා මනුස්සයෙක් වෙන්න... එයාලා වගේ නිදහසේ ඉන්න... මේ කාලකණ්ණි අමරණීය ජීවිතෙන් මිදෙන්න මට ඕනේ උනා..
************************
Few minutes later...
ගෙදරට ගියාට පස්සේ හනාට කතා කලත් කෙල්ල නම් ඇහැරුනේ නෑ... වැස්සත් නිසා සනීපෙට නිදි...
" සුගා හනා නිදිනේද?? "
" හ්ම්ම්ම් වැටෙන වැටෙන තැන නිදි... මහා ඇණයක්..."
එහෙම කියලා මම වාහනෙන් බැස්සේ හනාව අරගන්න... ඒත් ගමියා මට කලින් ඉස්සර උන නිසා මම ඒ දිහා නොබලම කාමරේට ගියේ පපුව හිර වෙන්න තරම් දුකක් දැනෙද්දියි... ඇත්තටම මම ගන්න ඕන තීරණය මොකද්ද??? මම මෙහේ නවතින්න ඕනෙද??? හනා ලඟින්? එහෙම නැත්තං මම බෝගම්වයි හනාවයි මේ ආත්මේවත් එකතු කරලා ආපහු යන්න ඕනෙද?? අපි දෙන්නා අතරේ සීතල යුද්ධයක් පටන් ගනීද??
මට පුලුවන් උනා නම් එකම එක වතාවක් අතීතයට යන්න...... එහෙනම් මම හේසුව හමු නොවී ඉන්න උත්සහා කරනවා... එයාට ආදරේ නොකර ඉන්න බලනවා.. පුලුවන් තරම් මගේ හෙසුගෙන් ඈතට යනවා... මට හිතෙන්නේ මේක තමා මට ලැබුන ඇත්තම දඬුවම... මම හරි නේද?? ඒත් මම මේ හැමදේම අනික් අයට කියන්න ඕනෙද? අනේ මන්දා... මුකුත් හිතාගන්න බෑ...
" ඔප්පේ........."
අහ් පිස්සු කෙල්ල ඒ පාර මොකද දන්නේ නෑ... මම හනාගේ සද්දේටයි පියවි ලෝකෙට ආවේ .. වෙලාව බලද්දි පැය දෙකකටත් වඩා මම මේ තෙත ඇඳුම පිටින් ඉඳලා...
" ඔප්පේ මේ... අයිගෝ........ තාම ඕක පිටින්ද... මම මේ කන්න කතා කරන්න ආවේ... "
" හේසූ....???? "
මම හනාගෙන් දැක්කේ මගේ හේසුව... හනා අපි හම්බුන මුල් දවසේ වගේ... මම හනා කොන්ඩේ කඩන් ඉන්නවා දැක්කේ පලවෙනි වතාවට... හැමදාම එයා ඉන්නේ හෙයා බෑන්ඩ් එකක් දාලා... අද නාපු නිසා එයා කොන්ඩේ කඩාගෙන.. වතුර බින්ඳු බේරෙන් ඒ කොන්ඩේ මට මතක් කලේ හේසුව..
" ඔප්පේ... මොකෝ..."
හනා මොනවාහරි කිව්වා... ඒත් මට හරියට ඇහුනේ නෑ... හනාව දකිද්දි ඉබේම මගේ ඇස් වලට කඳුලු එද්දි මම කලේ හනාව ඇදලා අරන් තුරුල් කරගත්තු එක...
To be continued ................
සරන්හේ ❤️❤️
✍️ Nim