#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️
🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------
5th Meow 🥀
" ආහ්.. මොන වදයක්ද..?? ............. "
ඤාව්වා එලියට ඇවිත් ඇහුවා..මිනිහගෙ මූන අටපට්ටම් වෙලා ගියා ආපු කෙනාව දැක්කා විතරයි ... ඒ මූනේ තිබුනේ තරහවක්...
" නම්ජූන් ඔහේ...??? "
" යාහ් මින් යුන්ගී...!!!! "
ඤාව්වයි කඩන් වැටුනාස් ඔප්පයි මූනට මුන බලන් හිටියේ පටණ තරහා කාරයෝ දෙන්නෙක් වගේ... ආ කඩන් වැටුනාස් ඔප්පා කිව්වේ ඔය දැන් ආපු ජූස්ද කවුද කෙනාට... ඔහේ කඩාගෙන බිඳගෙන වැටුන නිසා මගේ කටට ආවේ ඒ නම...
" මම ආයේ කියන්නේ නෑ යුන්ගි තමුසේ මගේ වැඩ වලට මැදිහත් වෙන්නෙපා... ඔහේ දන්නවද මම එක්ක තව කීදෙනෙක්ට රෑ වැඩ කරන්න උනාද කියලා ... "
" ඉතින් මට මොකද්ද කියන්නේ? "
ඤාව්වත් දමලා ගන්න වගේ කිව්වා... ඊලඟ විනාඩි කීපයේ කෙලින්ම ගියේ වන්ඩේ මැච් එකක්.. කඩන් වැටුනාස් ඔප්පා බෝල් කරනවා... ඤාව්වා හයේ ඒවම ගහනවා...
" යුන්ගි මේ අන්තිම පාර...!!!"
කඩන් වැටුනාස් ඔප්පා කෑගහපු පාර මුලු ගෙදරම මහා අදුරු පෙනුමක් ගත්තේ වටෙන්ම ගෙරවිලි සද්දෙත් එන ගමන්... ඒ එක්කම වටේම සීතල වෙන්න ගත්තේ ජනේල වල වීදුරුවල පවා මීදුමක් වගේ පටලයක් බැඳෙන ගමන්..
" ඕක නවත්තනවා....!!! "
ඒ එක්කම සුගතන් ඔප්පා කෑගහද්දි ආයෙම සීතල නැතුව ගිහින් පරණ තත්වෙට ආවා... බෝගම් ඔප්පා නම් ගානක් නැතිව ඉන්නවා... ඒකට හොබා... මිනිහට නම් උණ ගනීද මන්දා ... හොබා කොහොමත් මේ වගේ දේවල් වලට බයයි... මම නම් ඉතින් පිටසක්වල ජීවියා වගේ නේ ගානක් නෑ... මට පුරහඳ දාට පේන දේවල් හොබා දැක්කා නම් මිනිහා පරලොව... අනේ මගේ මෝඩ සහෝදරයා..
" අද ඉදන් මම මෙහේ නවතිනවා... තමුසේ නිසා මට ලැබුන දඬුවම ඒක..."
" එහෙම කොහොමද?? "
" සුගා දැන් ඇති නේ? නම්ජූන්ශී ඔයා මෙහේ ඉන්න..."
සුගතන් ඔප්පා ආයෙම ඇටෑක් එක... දෙන්නා දැන් ගහගනි දැන් ගහගනි කියලා මම කට ඇරම් බලන් හිටියේ.. කොහෙද බෝගම් ඔප්පා කෑවා වැඩේ... සාම විනිසුරු වගේ මැද්දට පැනලා සුගතන් ඔප්පව එයා අරගෙන ගියා ..
" අහ්න්‍යාසයෝ නම්ජූන්ශී ..."
" අහ්න්‍යාසයෝ ..."
අම්මෝ මූත් අර බකතපස්ටම හරියනවා... දෙන්නගෙ ගනන් බලහල්ලකෝ ..... මේ ගෙදර හොඳ මනුස්සයෙක්ට ඉන්නවා නම් ඒ බෝගම් ඔප්පා විතරයි ... අනික් උන් සේරටම පිස්සු...
" හොබා.. මොකෝ බය වෙලා??? "
" මං දැන් දැකපු දේ ඇත්තටම උනාද? "
" ඔව් දරුවා... ඔය ලමයා දැන් ගිහින් ටිකක් නිදාගන්න..."
" යනවා යන්න... මෝඩ ගොටුකොළ වැස්සි.."
" මේ යනවා ..උතුමානනී ... මල් යහනෙන් බැස පලයන් පභාවතී..."
සුපුරුදු පරිදි සින්දු කෑල්ලක් කියාගෙන මම කිචන් එක පැත්තෙ වටයක් දාලා කෑම ටිකකුත් ආමාශගත කරගත්තා..
.
.
.
.
.
.
.
.
" ගමියා... මේ මගේ දොඩම් ටික කොහෙන්ද හොයා ගත්තේ??? මං ඊයේ මේක පෙරලලා හෙව්වනේ..."
ඤාව්වා ඔලුව කස කස කල්පනාව.. බෝගම් ඔප්පා නම් මං දිහා බලන් හිනාවෙනවා... අම්මේ ඒ හිනාව... අපේ ඉරමාමා පරාදයි... ඕකා දන්නේ මට ගහන්නයි බනින්නයි නේ... මෝඩ හොබාරියා
" ඕක ඔතනම තමා තිබ්බේ..."
එහෙම කියලා බෝගම් ඔප්පා දබර ඇගිල්ල කටට තියලා මුකුත් කියන්න එපා වගේ කලා... මට එතකොට තමයි තේරුනේ දොඩම් ගෙනත් තියෙන්නේ මෙයා කියලා ... අනේ අර හොබා... උදේ උන දේට බයටම මිනිහට උනද මන්දා... උදේ ගියා ගියාමයි සුගතන් ඔප්පයි කඩන් වැටුනාස් ඔප්පයි කාමර වලින් එලියට නම් ආවේ නෑ... ඒ අතරේ මම බෝගම් ඔප්පට කෑම හදන්න උදව් කලා... හොබා නම් ආට් ගැලරි එකේ වැඩ වලට හිර වෙලා බරටම වැඩ... කාලෙකට පස්සේ මට දැනුනේ මම පවුලක් එක්ක ඉන්නවා වගේ....
" ඔප්පා.. අර නෙමෙත් කියන අයව සාමාන්‍ය මිනිස්සුන්ට පේනවද? "
" ම්ම් ඔව් ඇයි..? "
" එහෙම පේන්නේ නැති අයත් ඉන්නවද..? "
" ඔව් විශේෂ අයට විතරක් පේන අයත් ඉන්නවා ඇයි?? "
" අහ් අනී..."
බෝගම් ඔප්පගෙන් මට පුරහඳ දාට පේන දේවල් දැනගන්න ඕනේ උනත් මේක වෙලාව නෙවෙයි කියලා හිතුන නිසා ආයෙම මුකුත් නොකියා ඉන්න තීරණය කලා... බෝගම් ඔප්පගෙ හිනාව නිසා තාමත් මට දුක හිතෙනවා.. ඒ ඇයිද මන්දා... ඒත් එයාට තියෙන්නේ හරිම දුක හිතෙන අහිංසක හිනාවක්..
" කට්ටිය ඩිනර් රෙඩී.... "
බෝගම් ඔප්පා කිව්වේ මං එක්කම කෑම ටික මේසෙට අරින ගමන්... පුදුමයි මෙච්චර ලොකු ගෙදර එක සර්වන්ට් කෙනෙක් නෑ... ඒ අස්සේ මට ආයෙම අර නෙමෙත් යකාවත් මතක් වෙනවා
ඤාව්වයි කඩන් වැටුනාස් ඔප්පයි ආවට පස්සේ අපි කෑම කන්න පටන් ගත්තා... අද නම් මම ඕඩික්ලෝන් තියා පවුඩර් බිඳක් ගෑවේ නෑ... අද නම් මූ නහය ඇකිලුවොත් අහුවෙන එකකින් දමලා ගහනවා කියලා හිතන් මම කන්න ගත්තා... හිතුවා වගේම මේ යකා නහය අකුලන්න ගත්තත් මං දිහා නම් බැලුවේ නෑ... කඩන් වැටුනාස් ඔප්පා දිහා තමා බලන් හිටියේ...
" ගමියා... ඔය සැලඩ් එක අරන් දෙන්න..."
" ආ ඉන්න"
සුගතන් ඔප්පා කියද්දි බෝගම් ඔප්පා ඒක අරන් දුන්නා... ඒත් සුගතන් ඔප්පට එක හැන්දයි බෙදාගන්න උනේ... සැලඩ් ප්ලේට් එක මේසේ දිගේ ඇදිලා ගිහින් නැවතුනේ කඩන්වැටුනාස් ඔප්පා ලග...කඩන්වැටුනාස් කියලම මට දැන් ඒකගෙ නම මතකත් නෑ...
" ඔහේ....!!!! "
සුගතන් ඔප්පත් ඊට දෙවෙනි නෑ.... ඔරෝගෙනම ඉදලා එක පාරට කට කොනෙන් හිනා වෙද්දි සැල්ඩ් ප්ලේට් එක ආයෙම සුගතන් ඔප්පා ලඟට ඇදිලා ආවේ මගේ ඇස් දෙකත් ලොවි ගෙඩි සයිස් වෙද්දි... හොබාට නම් කාපු එකත් හිර වෙලා.... බෝගම් ඔප්පා නම් පාඩුවේ කෑම කනවා.. මං හිතන්නේ එයා දන්නවා ඇති මේ ගැන... ටික වෙලාවකින් හැඳි ගෑරුප්පු වීදුරු වගේම කෑම ප්ලේට් ටිකත් මේසේ එහා මෙහා යද්දි මම ඇස් දෙකත් පිහිදලා ආයේ බැලුවේ මේ හීනයක්ද කියලයි..
" ටුටු මට එකක් ගහනවා... අපි මේ හීනයක් නේද දකින්නේ...??? "
" අනී..."
" ඌඌඌඌඌඌයී!!!!!!!! "
හොබාගේ බෙරිහන් දෙවිල්ලට අනික් තුන් දෙනා අපේ දිහා බලද්දි මෙච්චර වෙලා මේසේ පුරා ගියපු බඩු ටික එහෙම්ම නැවතුනේ මේසේ කුනු ගොඩක් කරවලා... ආයෙම කඩන් වැටුනාස් ඔප්පා අත එහෙට මෙහෙට වනද්දි සේරම තිබුනා වගේම පිලිවෙල උනා..
" මං ගැන කියන්නත් බැරි උනානේ... මම නම්ජූන් ... මම මරණයේ දෙවියෙක්..."
" මොකා...???? "
හොබියට ආයෙම හිර උනා... මම නම් හෙන කුතුහලෙන් හිටියේ ... කඩන්වැටුනාස් ඔප්පගෙන් අහන්න දේවල් ගොඩයි... ඒ අතරේ සුගතන් ඔප්පා ගස්සලා කාමරේට ගිහින් දොර වහගත්තා...
" මේ ජූන් ඔප්පේ.... අපේ සුගතන් ... ආ අනී.... යුන්ගි ඔප්පා එයා කවුද...? "
" එයා ගැන දැන නොගන්න තරමට ඔයාට හොඳයි... එහෙනම් ගුඩ් නයිට්... මම යනවා මගේ ජොබ් එක කරන්න... "
මගේ අම්මෝ මුගේ ගනන්.. ඒ එක්කම මම බැලුවේ හොබාගේ මූන... ඒ මූනෙන් නම් පෙනුනේ හෙට උදේම මෙහෙන් යමන් වගේ ලුක් එකක්.. පව් අසරණයා... අපි දෙන්නම බෝගම් ඔප්පට අස් කරන්න උදව් කරලා අපේ කාමර වලට ගියා... නින්ද නොයන නිසාම මම ඊයෙ වගෙ අදත් බැල්කනි එකට ගියේ ඤාව්වා ඇති කියලා හිතන්... මොකද්දෝ හේතුවකට මගේ හිත එයා නිසා හරි අමුතු හැඟීමකින් පිරිලා යනවා..
අදත් තාලෙට වැටෙන පීච් මල් පෙති එක්ක එයාගේ හුලඟේ යන කොන්ඩේ දිහා බලන් මගේ හිත ගොඩක් දුරකට ගියා.. එයාව මට කවුදෝ කෙනෙක්ව මතක් කරනවා.. ඒත් මට හරියට තේරුමක් නෑ ඒ කවුද කියලා ..
සුගතන් ඔප්පා වගේම බෝගම් ඔප්පත් මට පේන අසම්පූර්ණ හීන වල ඉන්නවදෝ කියලා මට වෙලාවකට හිතෙනවා... ඒත් අනේ මන්දා... ප්‍රශ්න කන්දරාවක් ගොඩ ගහන් මම ආයෙම නිදාගන්න ගියා..
______________________________________________
Yoongi pov~
" ඒ එයාමද??? ඒ මගේ හේසු ද??? "
මම මගෙන්ම ඇහුවේ හනා මට හේසුව මතක් කරලා දෙන නිසා.. දෙවියන් කිව්වා වගේම සතියක් ගෙවිල යද්දි ආයෙම ජීවිත හානි වෙයි කියලා ... කිව්වා වගේම මම එයාව හම්බවෙලා සතියක් යද්දි හේසු... අනී හනා මේ ගෙදරට ආවා... මගේ ඔලුවේ ප්‍රශ්න දාහක්... ඒ හැමදේටම මට හිත හදාගන්න උදව් කරන්නේ මේ පීච් ගහා.. මේ සේරම පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා... ඒත් ඒ හැමදේම කියන්න වෙලාව මේක නෙමෙයි... ඒත් හනා... එහෙම නැත්තං හේසු කියන්නේ මගේ පලවෙනි ආදරේ..
මම මේ ලෝකෙට එද්දි මාව මතු උනේ මේ පීච් ගහත් එක්කමයි... මාව මැවුව දෙවියන් මාත් එක්කම මේ ගහත් මැවුවා... මාව මවපු නිසා මම එයාට පියාණන් කියලා කිව්වත් මට ඇත්තටම තාත්තා කෙනෙක්වත් පවුලක්වත් නෑ... මොකද මම ඕපපාතිකයි...
එදා දෙවියන් මගේ ඉස්සරහට ආවෙ අවුරුදු දාහකට පස්සේ... එයා කවදාවත් තමන්ගේ ඇත්ත ස්වරූපෙන් එන කෙනෙක් නෙමෙයි.... කාගේ හරි ඇඟකට තමයි එයා එන්නේ... ඒ ඇවිත් ඒ කෙනාගේ ස්වරූපෙන් මනුශ්‍ය ලෝකේ සැරිසරලා යන්න යනවා... එයා එහෙමයි මිනිස්සු ගැන තීරණ ගන්නේ... මීට අවුරුදු 1500කට විතර කලින් එයා මාව් මැවුවේ හන්‍යාන් වල... මම ජෝසන් කාලේ ඉදන්ම ඉන්නවා.. අද හන්‍යාන් වලට කියන්නේ සෝල් කියලා... කාලය ගෙවෙද්දි මාත් මේ ලෝකේ හැටියට හැඩ ගැහුනා...
දෙවියන් මගෙන් ආපහු එන්න කියලා ඉල්ලීමක් කරලත් මං ඒකට විරුද්ධ උනේ මම හේසුට දුන්න පොරොන්දුව නිසා.... එයා මැරෙද්දි මම පොරොන්දු උනා ආයෙම එයා ඉපදෙනකන් බලන් ඉන්නවා කියලා ... දැන් හේසුව මට හම්බවෙලා තියෙද්දිත් ආපහු යන්න බැරුවයි මම ඉන්නේ... මොකද දෙවියන් එයාගේ සෙල්ලම ආයෙම පටන් අරන්... මට විශ්වාසයි හනා කියන්නේ හේසු බව.... මොකද මේ ගෙවුන අවුරුදු ගානටම මම හේසුගේ රූපේ කීප වතාවක්ම දැකලා තියෙනවා... ඒත් ඒ කා ලඟවත් හනාගෙන් දැනෙන සුවඳ මට දැනුනේ නෑ... එයා ලඟින් එන්නේ මං ආසම මල් වල සුවඳ... ඒ සුවඳ ලැබුන විදිය නම් දිග කතාවක්... ම්ම් ඔව් ඒක ගඳක් නම් නෙමෙයි ඒක සුවඳක්... ඒත් ඒ සුවඳ නිසා මාව එයාට ආකර්ශනය වෙන එකයි වෙන්නෙ.. මම හනාට ආදරෙයි ... ඒත් අපේ ආදරේ කලින් වගේ ලොකු විනාසෙකින් නවතින්නේ නැති වෙන්න නම් මම එයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනෙ... ඒකයි හොඳම දේ..
" එයා ගොරවනවා.... ඔමෝ... සද්දේ..."
මට ඒ එක්කම ඇහුනේ හනාගේ ගෙරවිල්ල.... මම සාමාන්‍ය පූසෙක් නොවුනත් පූසන්ට තියෙන සංවේදන මටත් තියෙනවා... ඒ නිසා මට ගඳ සුවද දැනෙනවා වගෙම හොඳට ඇහෙනවා... හනාව මම මෙහේ තියාගන්න හේතුව නෙමෙත්ම විතරක් නෙමෙයි... මට ලැබුන හිස් කාඩ් තුන... මට විශ්වාසයි එයින් දෙකක් හනාටයි බෝගම්ටයි... අනික හෝසොක්ට වෙන්න ඕනේ... නැත්තං ඒ තුන්දෙනාම අන්තිමට මගේ ලඟට එන්නේ නෑනේ... සමහර විට ඉන්චෝන් වල හිටපු හනාව බෝගම්ටම හම්බවෙන්න ඇත්තේ ඒ නිසයි... ඊයේ උන දෙයින් මට ඒක තවත් පැහැදිලි ... හනා බෝගම් හේසු දෙන්නා පරක්කුයි කියද්දි මට මතක් උනේ කාඩ් දෙක... ඒ දෙකේ ලියවිලා තිබුනේ ගමියගෙයි හෝසොක්ගෙයි නම් දෙක...
හ්ම්ම් ඔව්... මං ඒ දෙන්නව බේරගත්තු නිසා අනපේක්ෂිත මරණ දෙකක් සිද්ද උනා... මොකද නීතිය ඒක... ලෝකේ සමතුලිතතාව කොහොමහරි රැකෙන්න ඕනේ... නම්ජූන් ආවෙත් ඒ නිසයි... මොකද කලින් ලියවුන දේවල් වෙනස් කරන්න තහනම්... දෙවියන් කියපු විදියට හේසු, ලී සන් දෙන්නම මං ලඟ.. එතකොට ජන්ග් කව්ද? හෝසොක්ට තියෙන්නේ ජන්ගෙ පෙනුම නෙමෙයි... මට එයාගේ අතීතය දකින්න විදියක් නෑ... මොකද මට පේන්නේ මනුස්සයෙක්ගේ අනාගතේ විතරයි ...
" ඔයා කවද්ද ඔය සෙල්ලම නවත්තන්න හිතන් ඉන්නේ?? "
මම ඇහුවේ අහස දිහා බලන්... මම දන්නවා එයා උඩ ඉදන් මේ සේරම බලන් ඉන්නවා කියලා ... පුදුමයි හේසුට මාව මතක නෑ... ඒ වගේම බෝගම්ටත්... ගමියා දන්නවා මම කවුද කියලා ඒත් මම සම්බන්ධ එයාගේ කලින් ආත්මෙ නම් ගමියට මතක නෑ ... අමතක එක හොඳයි... මොකද ඒක ඒ තරම් ඛේදවාචකයක් ... ඒ වගේම හේසුටත් අමතක එක හොඳයි ..... එයාලා දෙන්නටම මතක් වෙනකන් එයාලව ආරක්ෂා කරලා මම යන්න යනවා... මොකද මගේ පොරොන්දුව කඩන්න බෑ මට... අවුරුදු ගානක මතකය හිර කරන් මම තාමත් බලන් ඉන්නේ හේසුගේයි බෝගම්ගෙයි වගේම මගෙත් සතුටුදායක අවසානය වෙනුවෙන්... මට ආපහු යන්න කාලේ ලැබුනම ඒ දෙන්නට මේ ආත්මෙවත් හොඳ ජීවිතයක් ගත කරන්න ලැබුනා නම් මට ඒ ඇති...
To be continued ....
පස්න ඒම දැන් අඩු ඇති කියලා හිතනවා කට්ටියට... එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න...
සරන්හේ ❤️❤️
✍️ Nim