MEOW MEOW || MYG ✔️

By _nim_nim_

17.7K 4.4K 453

✨️🥀දෛවය දඬුවමක්.. දෙවියන් විසින් ලියූ 🥀✨️ Started Date - 28.05.2021 Ended Date - 25.06.2021 All... More

DISCLAIMER
PREFACE 🥀
1st Meow🥀
2nd Meow🥀
3rd Meow🥀
5th Meow🥀
6th Meow🥀
7th Meow🥀
8th Meow🥀
9th Meow 🥀
10th Meow🥀
11th Meow🥀
12th Meow🥀
13th Meow🥀
14th Meow🥀
15th Meow🥀
16th Meow🥀
Last Meow🥀
EPILOGUE

4th Meow🥀

772 236 35
By _nim_nim_

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------

4th Meow 🥀

" හහ්... එහෙනම් අපි අන්තිමට හම්බුනා... "

ඒත් එක්කම මගේ ඇග උඩට ඇවිත් කකුල් දෙකත් දෙපැත්තට දාගත්තු ඒ මිනිහගේ ඇස් ලා තැඹිලි පාටෙන් දිලිසෙන්න ගද්දි අත් වලිනුත් දිගු එලියට ආවේ මාව තවත් බය කරන ගමනුයි... මගේ ඇස්වලින් කඳුලු වැටෙන්න ගත්තේ බයටමයි...ඒ එක්කම මගේ අත්දෙක දෙපැත්තට තියලා අල්ලගත්තු ඒ මිනිහා මං දිහාවට පහත් වෙද්දිම කෑගහගෙන ආවේ හොබා... හොබාරියා අතට අහු උන පුටුවකින් ඒ මිනිහට දමලා ගහද්දි ඌ අඩපන වෙලා වගේ මගේ ඇග උඩටම කඩන් වැටුනා

" යාහ් හනා... නැගිටපිය යකූ ..."

හොබා කියද්දි මට මහා හයියෙන් හිනා ගියේ මෑන් බය උන හැටි දැකලයි... ගිරියටින් කෑගහගෙන ආපු හැටි තාමත් පේනො පේනෝ වගේ... මට නැගිටගන්නත් පණ නෑ හොබාගේ මූන දැකලා හිනා වෙලාම... හොබා මූන දෙක කරන් අමාරුවෙන් ඒ මිනිහව එහාට කරද්දි ආයෙම ඒ කෙනාගෙන් සිහින් කෙඳිරියක් පිට උනා...

" හ්..හොබා... අපි මොකද කරන්නේ..?? "

" මොනා කරන්නද කකුල් දෙකට පණ දීලා දුවමු.. "

හොබා කියද්දි මගේ ඔලුවට ආවෙත් ඒක විතරයි .. රෑ ඇදුම පිටින්ම එලියට බැහැපු අපි දෙන්නම පණ එපෝ කියලා දුවන්න ගත්තේ ගෙදරට ආපු මිනිහා අපේ පස්සෙන්ම ආපු නිසයි... ඒ අස්සේ මට සින්දු කෑලිත් මතක් වෙනවා... හදිස්සියට හොබයි මායි සෙරෙප්පුත් මාරු කරන් දාගෙන තිබුනේ...

" ආයිශ් හොබා... ගෙනාපු කෑම ටික ගන්න බැරි උනානේ..."

" කෑම..??? ආහ් හනා... ඔහේ නම් .... "

හොබා කිව්වේ හති දාන ගමන්.... කලුවර පාරක් දිගේ දුවන් ගියපු අපි දෙන්නටම තේරුනා අපි මේ යන්නේ හුරුපුරුදු පාරක නොවන බව ... හරි නම් මේ වෙද්දි අපි ඉන්න ඔනේ මේන් රෝඩ් එකේ උනත් අපි දෙන්නම දැන් මේ දුවන් යන්නේ ලඳු කැලෑවක් වගේ එකක් මැද්දෙන්... වටේ පිටෙන්ම ඇහුන සද්ද ගෙනාවේ හරිම මූසල බවක්... මඟක් ගියපු අපි දෙන්නා නැවතිලා පිටිපස්ස බලද්දි කවුරුත්ම හිටියේ නැති නිසා එතනම බිම වාඩි වෙලා දෙන්නම හති ඇරියා...

" හොබා... අපි මේ කොහෙද? "

" දන්නේ නෑ...ආපු පාරෙන්ම යන්..."

" හ්ම්ම්... හොබා අර... මේ ඉන්චොන්..."

" මොහ්..?? "

මම අත දික් කරලා පාර අයිනේ ගරා වැටුන බෝඩ් කෑල්ලක් පෙන්නද්දි හොබාටයි මටයි තරු විසි උනේ සෝල් වල හිටපු අපි දෙන්නා මේ ඉන්චොන් වලට ආවේ කොහොමද කියලා හිතාගන්න බැරුවයි ... අපි දෙන්නම මූනට මූන බලාගත්තේ කරගන්න දෙයක් නැතිව...

" හනා එහාට...."

ඒ එක්කම කොහෙන්දෝ මතු උන වාහන එලියක් නිසා හොබා මාව එහාට තල්ලු කරා... තල්ලු කරපු පාර බිමට වැටුන මම නැගිටලා බලද්දි අපි ආයෙම සෝල් වල... ප්‍රශ්න දාහක් ඔලුවට එද්දි මම දිව්වේ හොබා ලගට...

" ඔප්පා...ක්වෙන්චානා??? "

මම ඇහුවේ අඬන ගමන්... හොබාගේ නලලෙන් වගේම අතෙනුත් ලේ එන ගමනුයි තිබුනේ... ඒ එක්කම කාර් එකේ හිටපු කෙනා බැහැලා එලියට ආවා... මිනිහට දෙකක් අනිනවමයි කියලා හිතන් මම නැගිට්ටේ ඒ ආවේ මොකාද කියලා බලන්නයි..

" බෝගම් ඔප්පා?? "

" හොබියා... තුවාලද.."

තුවාලද අහන්නේ යකෝ මූ පොට්ටද මේ ලේත් ගලනවා... මූ මොකෙද්ද මන්දා... හොබාව අමාරුවෙන් උස්සලා කාර් එකට දාගද්දි මම දැක්කා බෝගම් ඔප්පගේ මූනේ තිබුනේ ලොකු ප්‍රශ්න ගොඩක් බව... මටත් එහෙමයි... මොකද මීට විනාඩි කීපයකට කලින් අපි දෙන්නම හිටියේ වෙන තැනක.. මම හොබාගේ මූන බලද්දි එයා මුකුත් කියන්න එපා කියන්න වගේ මට අතෙන් සන් කලා... විනාඩී කීපයක් නිහඬව ගියපු අපි නැවතුනේ ශොප් එකක් ලඟ

" මියානේ හොබියා... මම දැක්කේ නෑ උබ ඉන්නවා ... මේ රෑ දෙන්නම මොකද්ද කලේ ඇත්තට?? "

" කරදරයක් උනා බන්.... කිව්වට විශ්වාස කරන එකකුත් නෑ උබ... මම හෙමීට කියන්නම්..."

" ම්ම්ම් ... දෙන්නව මම ගෙදර ගිහින් දාන්නද බෙහෙත් දාගත්තට පස්සේ? "

" අන්දෙවෙ.."

මමයි හොබයි දෙන්නම එක පාරට කියද්දි බෝගම් ඔප්පා බයවෙලා වගේ බලන් හිටියා... අපි දෙන්නව හොස්පිටල් එකටත් එක්කන් ගියපු බෝගම් ඔප්පා මාව කාර් එකේ තියලා ගියේ මම හිටියේ රෑ ඇඳුම පිටින් නිසයි...
.
.
.
.
.

" ඔන්න ඔයාගේ ඔප්පගේ කකුල නම් මම කැඩුවේ නෑ හොඳේ..."

බෝගම් ඔප්පා හොබාවත් වත්තම් කාර් එකට නැගලා කිව්වා.. දෙන්නම සද්ද නැතිව යද්දි මට තේරුනා හොබා සේරම දෙවල් බෝගම් ඔප්පට කියලා තිබුන බව ... යන මඟ දිගටම මට කල්පනා උනේම ඒ ආපු මිනිහත් අපි හදිසියෙම ඉන්චෝන් වලින් මතු උන එක‍යි.... කොහොම නමුත් ඒ කෙනා මනුස්සයෙක් නොවන බව නම් මට තේරුනා... විනාඩී කීපයකින් අපි නැවතුනේ විශාල මන්දිරයක් වගේ ගෙයක් ලඟ... අහස උසට වගේ ලොකූ තාප්ප වලින් වටවෙලා තිබුන ගේ උඩ තට්ටුව විතරක් මට කාර් එකේ ඉදන් පෙනුනා... කාර් එක ඒ ලොකු ගේට්ටු අතරෙන් ඇතුලට යද්දි මගේ කට ඇරෙන්න ඇති අඩි භාගයක් දවිතර... ඒක නම් දිව්‍ය ලෝකයක් වගේ... වත්ත පුරාම තිබුනේ හරි අමුතු ජාතියේ ගස්.. මම ඇස් දෙකත් පිහලා බැලුවේ ඒ දකින්නේ හීනයක්ද කියලයි...

" හනා... මේක ඇඳගෙන බහින්න... ඇතුලේ තව පිරිමි කෙනෙක් ඉන්නවා.."

බෝගම් ඔප්පා එයා ඇදන් හිටපු ජැකට් එක ගලවලා මට දෙන ගමන් කිව්වා... ඔප්පා හොබාව වත්තම් කරන් ගේ දිහාවට යද්දි මාත් පස්සෙන්ම ගියේ මගේ ඇන්ටනා එක වටේටම දාන ගමන්... බොගම් ඔප්පගෙ ජැකට් එක මං වගේ ඩබල් සයිස් ඇති ... ඒක ඇතුලට බැහැලා හිටපු මට ආවේ ගෝනිබිල්ලෙක්ගේ ෆීලින් එකක්..

" යාහ් ගමියා...!! මොකද පරක්කු උනේ...."

අපි ඇතුලට යද්දිම කවුදෝ කෙනෙක් කිව්වා... ඒ කෙනාට තිබුනේ අමුතු ගාම්භීර බවක්.... එයාගෙ හම හරියට කිරි වගේ ඒ තරම් සුදුයි... ඒකටම හරියන සුදු පාට කොන්ඩේ... ඇත්තමයි මං දැක්කේ හිම වලහෙක් වගේ... ආ අනී.... සුදු පාට පූසෙක් වගේ... මනුස්සයෙක්ට ඒ තරම් කඩවසම් වෙන්න පුලුවන් ද? ඒත් එයාව දකිද්දී මට ආවේ අමුතු භයක්.. ඒ වගේම ඒ මුනේ කිසිම හිනාවක් නෑ... එයාට තිබුනේ නිල්පාට බළල් ඇස්... එයා අපි දිහා බැලුවේ හරියට කාලෙකින් හම්බුනේ නැති කෙනෙක්ව හම්බුනා වගේ... මම හොඳටම දැක්කා ඒ ඇස් වල කඳුලු බින්දු කීපයක් එකතු වෙලා තියෙනවා...

ඒ එක්කම මේ යකා නහය අකුලන්න ගත්තේ මම නිකන් බ්ලූමැන්ඩල් කුනු කන්දේ ඉදන් ආවා වගේ... මම ශේප් එකේ ජැකට් එකත් ඉබලා බැලුවේ ගඳක්වත් එනවද කියලයි... අවදානමක් ගන්න බෑනේ මිත්‍රවරුනී ... ඒත් මගෙන් නම් ආවේ රෑ ගාපු ක්‍රීම් එකේ සුවද විතරයි ... ඒ ඇරෙන්න පොඩි දාඩිය ස්මෙල් එකකුත් ආවා.. කමක් නෑ ඩුකක් නෑ කියලා මම බලන් හිටියේ ඒ මනුස්සයා නහයත් අකුලන් මූන දෙක කරන් ගිය හැටියි

" ඔයාලා වාඩි වෙන්නකෝ..."

" දේ.. කුමාවෝ..."

බෝගම් ඔප්පා කියද්දි හොබා එයාට ස්තූති කරලා වාඩි උනා.. මම නම් මොකාද එකා වගේ කට ඇරන් වට පිට බල බල ඉඳියේ...ඒ එක්කම හොබා මට එකක් ගහලා ඇස් වලින් පෙන්නුවේ වාඩි වෙන්න කියලයි... හොබාට රවලම මම වාඩි උනේ මේක පිට තැනක් නිසයි... නැත්තං බලාගන්න තිබුනා...

ටික වෙලාවකින් ආපහු ආපු බෝගම් ඔප්පා මටයි හොබාටයි රෑ කෑමට කතා කලා.. කොහෙද මේ ගොනි බිල්ලා ඇඳුම එක්ක කාගන්නත් බෑ... කොහෙද ඉතින්... සැක්... මම බැන බැනම හෙමීට කන්න ගත්තා... ඒ අතරේ බෝගම් ඔප්පා කතාව පටන් ගත්තා..

" හනා... හෝසොක් මේ ඉන්නේ මින් යුන්ගී... දැනට ආට් ගැලරි එකේ ඕනර් තමයි මෙයා..."

" හමුවීම සතුටක් සර්..."

" හෙලෝ.."

හොබා කියද්දි මම කෑම ටික කටේ පුරවගෙනම හිනා උනේ කියන්න දෙයක් නැති කමට...හොබාට හෙලෝ කිව්වෙත් නිකන් ගහන්න වගේ... මම හිනා වෙද්දි එයා බලන් හිටියේ ඇස් දෙකත් හීනි කරන්... යුන්ගිද බුන්ගිද මම දන්නේ නෑ හැබැයි මිනිහා ඉපදිලා තියෙන්නේ සෙනසුරු හතේද කොහෙද ... ඇයි යකෝ හිනාවක් කියලා නාමයක් ගෑවිලා නෑනේ.... ආයිශ් මූ ආයේ නහය අකුලනවා නෙද මගේ පැත්ත බලන්..

" ගුඩ් නයිට් "

එහෙම කියලා එයා නැගිටලා යන්න ගියා... මට ඇහුනා කාමරෙ දොර දඩාස් ගාලා වැහුන සද්දෙත්... පුහ් මිනිහා අපි මෙහෙට ආවට අකමැති ද කොහෙද... කවුද දන්නේ ඉතින් ගෙදරට අර වගේ කොස් ඇට හිපාටුවෙක් එයි කියලා..

" හනා... මේක ඇඳගන්න අදට... හොබා උබට මගේ එකක් දෙන්නම් අවුලක් නෑනේ..?? "

" තෑන්ක්ස් ගමියා..."

බෝගම් ඔප්පා මටත් රූම් එකක් පෙන්නලා ඕවර් සයිස් ටී එකකුයි ට්‍රවුසර් එකකුයිත් දුන්නා... ඒ එක්ක එයා හොබාවත් එක්කගෙන වෙන රූම් එකකට ගියා...

" ඔමෝ... එයා නම් මාර හොඳයි... ඒත්... එයාට තියෙන්නේ හරි දුක හිතෙන හිනාවක්.. ආයිශ් මට අර ඉන්චෝන් කේස් එක අමතක වෙලාම ගියානේ..."

" ම්ම්හ් ම්ම්ම්හ්.... ගිහින් නිදාගත්තොත් හොඳයි මෙහේ හොල්මන් නොකර..."

" යාහ්.. ඔහේට පිස්......."

මට පිටිපස්සෙන් ඇහුන කටහඬ නිසා මම ගැස්සිලා බලද්දි දැක්කේ අර යුන්ගිද බූන්දිද මොකාද එකා පිටිපස්සට වෙලා ඉන්නවා... මගේ කටේ කෙලත් හිඳුනා ඒ දාපු බැල්මට් එකට... අනේ මන්දා මිනිහට පොඩි පූස් ලුක් එකකුත් තියෙනවා

" ගුඩ් නයිට්..."

මම දත් තිස් දෙකම දාලා ඉක්මනට රූම් එක ඇතුලට පැනගත්තේ එයාව දකිද්දි මට මහා අමුත්තක් දැනෙන නිසයි... බය පෑලදොරෙන් පැන ගියා වගෙ එකක් තමයිඒ රූම් එක දැක්කම නම් උනේ... හම්මේ කෙලින්ම බකිංහැම් පැලස් එක වගේ... දුවලා ගිය ගමන් මං කලේ ඇඳ උඩට පැනලා හයියෙන් හයියෙන් උඩ පැනපු එක... ඒ එක්කම කවුදෝ දොරට ගහනවා ඇහුන නිසා මම ඇඳෙන් බැහැලා යන්න ගියා..

" කවුද?? "

" මම"

" මම කිව්වේ? "

" සුගා.."

" සුගා කිව්වේ.."

" මේ දොර අරිනවා..."

හෑ මූ මොකාද...කෝකටත් කියලා මම ලග තිබුන මල්වාස් එකත් අතට ගත්තේ පෙර සූදානමට...හෙමින් හෙමින් දොර අරිද්දි එතනට් හිටියේ අර බූන්දියා... දැන් එතකොට මේකගේ නම යුන්ගි නෙමේද? සුගාද?

" මේ මේ හලෝ.... සද්ද නැතුව නිදාගන්නවකෝ.. මේ ගෙදර තව මිනිස්සු ඉන්නවා..."

" හෑ.. මං කොයිවෙලේද කෑගැහුවේ..?? "

" ඇඳ උඩට වෙලා පැන පැන හිටියේ ... මං එහා රූම් එකේඉන්නේ... දගලන්නේ නැතුව ඉන්නවා.."

හම්මේ මේකට කතා කරන්නත් පුලුවන් එහෙනම්... ඒත් කොහොමද මම උඩ පැන්නා කියලා දන්නේ??? ඔහ් නෝ... කාමරේ cctv තියෙනවද දන්නේ නෑ... හපෝ ඉදලා ඉදලා මාත් මරු එකා ලගට වැටුනේ... හොබා කොහෙද දන්නේ නෑ..

" තේරුනානේ කියපු දේ..? "

එහෙම කියලා මේ පූස් කොල්ලා යන්න ගියා... මම තාමත් දොර ලඟ... සැක්... මිනිහට ඇහෙන්නම කියලා මං හයියෙන් දොර වහලා කාමරේ පුරාම බැලුවේ කැමරාවක්වත් තියෙනවද කියලයි.. පැයක් දෙකක් කාමරේ පෙරල පෙරල හෙව්වත් ඒ වගේ ලඟින්වත් යන ගැජට් එකක් නම් මට හොයාගන්න බැරි උනා ඒත්... අන්තිමට ඒ වැඩේ අතෑරලා දාලා මම වොශ් එකකුත් දාගෙන ඇදට පැන්නා..

______________________________

Time passed
Next day

උදෙන්ම ඇහැරලා මූනත් හෝදන් ගෝනිබිල්ලා පාර්ට් ටූ වගේ රෑ ඇදන් හිටපු ඇදුම පිටින්ම මම පහලට බැස්සේ ආයෙම ගෙදර යන්න හිතාගෙන... හැබැයි රෑ නිදාගත්තු සුපිරි ඇද මතක් වෙද්දි නම් දාලා යන්නත් දුකයි වගේ..

" ටුටූ මෙහෙට එන්න.."

" දේ ඔප්පා.."

හොබා කතා කරද්දි මම ඉක්මනට හොබා ලගට ගියා.. අර ඇස් හීනි ඩෑල් එකයි බෝගම් ඔප්පත් එතනම හිටියා.. සැක් මූ මෙච්චර ලස්සන කොල්ලො දෙන්නෙක් ලග තියන් මට ටුටූ කියනවනේ... කබරයම කාපිය මේ වගේ සහෝදරයෝ

" සුගා.. ඔයාම කියන්න..."

බෝගම් ඔප්පා කිව්වේ අර පූස් තඩියා දිහාවට හැරිලයි..

" හ්ම්ම්... මං හිතන්නේ ඔයාලා දෙන්නා ටික කාලයක් මෙහේ නැවතුනොත් හොඳයි...මට බෝගම් කිව්වා උන දේවල්... ඔයාලට ඒ හම්බෙලා තිබුනේ නෙමෙත් කෙනෙක්..."

" මොන නෙත් කිව්වා? "

මම ඇහුවේ මට කියපු මෙලෝහසරක් තේරුනෙ නැති නිසයි... හොබා ඒ එක්කම දැම්මේ මාව අලුවෙලා යන්න වගේ බැල්මට් එකක්... මං දන්නවා මේක වැදගත් කතාවක් කියලා ඒ උනාට පස්න තියාගන්න බෑනේ .. ඒ අතරේ මම බලාගෙන මේ ඤාව්වා මගේ දිහා බලන් ආයෙම නහය අකුලනවා... අනේ අම්මපා මුගේ නහය කුනු වෙලාද මන්දා..

" නෙමෙත් කෙනෙක් කියන්නේ භාගයක් මනුස්ස ඉතුරු බාගේ රාක්ශයෙක්ගේන් හැදිලා තියෙන කෙනෙක්... පෙනුම මනුස්සයෙක් වගේ... හැබැයි ඇග ඇතුලේ ඉන්නේ වෙනම කෙනෙක්... එයාට පුලුවන් එක එක මානයන් හරහා එහෙට මෙහෙට යන්න... ඉතින් ඔයාලා ඊයේ ඉන්චෝන් වලට ගිහින් තියෙන්නේ එහෙම.."

( Author - නෙමෙත්ව මම හදපු කෙනෙක් හොඳේ... මිත්‍යා ජීවියෙක් නෙමෙ..)

" එතකොට අපි ආයේ ආවේ? මට නම් හිතෙන්නෙ නෑ ඔය නෙමෙත්ද මැමත් ද මොකාද එකා ඉන්චෝන් වලට අරන් ගිහින් ආයේ සෝල් වලට එක්කන් එයි කියලා.."

මම ඇහුවම බෝගම් ඔප්පගේ කට වැහිලා ගියා... හොබා නම් ඔලුවේ අත ගහගත්තේ නිකන් දෙන අශ්වයගේ දත් ගනින්නෙපා කියලා කියන්න වගේ...

" සමහරවිට උඩ ඉන්න කෙනා එයාගෙ සෙල්ලම ආයෙ පටන් අරන් වෙන්න පුලුවන් .."

එහෙම කියලා ඤාව්වා යන්න ගියා... මොන වෙඩිමක් කියනවද මන්දා... ඔය ඉන්නවයි කියන එකා නම් ඉන්නවා කියලා මට හිතන්න පුලුවන් මට උන දේවල් වල හැටියට... ඒත් දෙවියෝ ආයෙම මොකද්ද පටන් ගත්තේ??? ඇයි එහෙම කිව්වේ එයා... නෙමෙත්ලා ගැන මෙයාලා දන්නේ කොහොමද...?? බැරි වෙලාවත් මෙයලා මිනිස්සු නෙවේද..?? එතකොට ඇයි ඒ නෙමෙත් අපි එහෙනම් ආයෙ හම්බුනා කියලා කිව්වේ..?? ඔලුවේ ප්‍රශ්න දාහක් ඇති වෙද්දි මම බැලුවේ හොබාගේ මූන... එයා ඔලුව වැනුවේ ටිකක් මෙහෙ ඉමු කියලා කියන්න වගේ

" හනා මම බෝගම් එක්ක ගිහින් බඩු ටික අරන් එන්නම් එතකන් මෙහේ ඉන්න... ආ මුකුත් අල්ලන්න එහෙම එපා..."

" දේ.. දේ... "

සැක් පේනවා නේද මිත්‍රද්‍රෝහියා ... මාව දාලා යනවා දැන් ඉතින් මේ යුන්ගිකැට් එක්ක මම මොනා කරන්නද.. මොකද්ද අර ඉස්සෙල්ලා කියපු නම? සුගතන්ද මොකද්ද එකක් නේද... බඩගිනි පිටසකවල ජීවියෙක් කන්න තරම් ලැජ්ජාව පසෙකලා අහන්න ඕනේ කන්න දෙයක්වත් හොයාගන්න එපැයි..

" මේ... සුගතන් ඔප්පේ... ඔයලා බ්‍රෙක්ෆස්ට් ගත්තද??"

මම බෙල්ල ඇල කරලා ඇහුවේ පොඩ්ඩක් මූව අන්දගන්න ඕනේ නිසයි... ඒකට මේ යකා බැලුවේ නැතැයි මගෙ උඩ ඉදන් යටට... කෑමත් එපා උනා ඒ බැල්මට් එකට.. මම හැරෙන තැපෑලෙන් දුවන්න ලෑස්ති වෙලා අනික් පැත්ත හැරුනා...මට මේකව පේන්නම සිල්වෙස්ටර් කියන පූසා වගේ... කොයිවෙලෙත් කන්න වගේ බලන්නෙ

" හේසු? "

මම ආපහු හැරිලා බැලුවේ ඒ කටහඬට... මෙන්න යකූ හැරිලා බලද්දි පූස් ගෙඩ්ඩා බැබලි බැබලි හිනා වෙනවා... එයාට තිබුනේ gummy smile එකක්.... ඒ වගේ කියුට් හිනාවක් මම දැකලම නෑ... හිනා වෙද්දි ඒ ඇස් තවත් චූටි වෙලා...

" ම්..මම හේසු නෙමෙ... හනා... මේ සුගතන් ඔප්පේ..."

" මම සුගතන් නෙමේ......... මට නම කියලා කතා කරන්නෙපා තමුන්..."

මොකද්ද යකූ ඒ උනේ... මම සුගතන් කියලා කිව්වා විතරයි එයාගේ මූන හට්ටිය වගේ උනා.. මේ යකා බැලුවොත් වොන් දාහක චීන පටස් ගිලලා වගේ පුපුරනවා... හනා කකුල් දෙකට පින් දීලා දුවහන්... මේ යකා තව මොනවා කරලා නවතීද මන්දා...

" මේ ඕයි..."

" මොකෝ..."

" හෙමින් දුවනවා වැටෙන්නේ නැතුව ..."

" හා..."

හැටි බලපන්කො බකතපස් වගේ ඉදගෙන... මොන හෝතම්බු පනුවෙක්ද මන්දා... සුගතන් ඔප්පා ආයෙම එලියට යන්න ගියා...මමත් බඩගින්නෙම කාමරේට ගිහින් දොර් වහගත්තා...

***********************************
පැය තුන හතරක් ගිහිල්ලත් හොබාරීයි බෝගම් ඔප්පයි ආපු නැති නිසා මම ආයෙම පහලට ගියේ සුගතන් ඔප්පා හොයාගෙන ... යද්දි එයා නම් පීච් ගහක් යටට වෙලා ඇස් දෙකත් වහන් බර නින්දක... මට දැනුනේ මම කලිනුත් මෙහෙම තැනක ඉඳලා තියෙනවා වගේ හැඟීමක්... මේ කාලෙත් පීච් මල් පිපිලා තියෙනවා හරි පුදුමයි... මම ටික වෙලාවකට සුගතන් ඔප්පව දැක්කේ වෙන කෙනෙක් වගේ ... මට හරි ලෙන්ගතුකමක් තමයි දැනුනේ එයා ගැන...

" යෙප්පුදා..( ලස්සනයී )"

හෙමින් හෙමින් සුගතන් ඔප්පා ලගට ගියපු මං හුලඟ නිසා එයාගේ නළලට වැටුන කෙස්රොදක් මගේ ඇගිල්ලෙන් එහාට කලා... එයාට නම් ගානක් නෑ...

ආහ්හ් හනා මේ මොකද්ද කරන්නේ?? පිස්සු හැදීගෙන එනවද? ඉක්මනට මෙතනින් යනවා..

මම මටම හිතෙන් බැනගන්න ගමන් ලෑස්ති උනේ එතනින් පැනගන්න... ඒත් ඒ එක්කම උනේ මං නොහිතපු දෙයක්.. එතනින් යන්න යද්දිම සුගතන් ඔප්පා මාව ඇදලා ගත්තු පාර මං නැවතුනේ ඒ පපුවෙ... එයා ලග හුඟක් රස්නෙයි... හරියට පූසෙක් වගේමයි... ඒ වගේම මගේ ඇස් මොහොතකට ඒ ඇස් වල නතර වෙද්දි මට හරි හුරුපුරුදු බවක් දැනුනා... ඒ වගේම එයාගේ ඇස් වලින් මට පෙනුනේ දුකක්...

" හේසූ.... මේ ඔයාද...?? "

එයා මොකක්හරි නමක් කිව්වා... ඒත් මට හරියට ඇහුනේ නෑ .. මොකද මං හිටියේ ඒ ඇස් වල පැටලිලා.. එයාගේ වේගෙන් ඉහල පහල යන හුස්ම මගේ මූනට වැදෙන තරමට මම එයාට ලන් වෙලයි ඉඳියේ..

" යාහ්.. එහාට යනවා..."

එකපාරට එයා මාව එහාට තල්ලු කරලා දැම්මේ මං වැරැද්දක් කලා වගේ... මටත් සැලෙන්න බෑනේ... මාත් දුන්නා පයින් එකක් සුගතන්ට කෙලින්ම මූන පොලවේ හිටින්න..

" ඔහේ...!!!! "

" ම්...මියානේ...."

ඤාව්වා බලපු විදියට මට ඉබේටම කියවුනා... මම කෙනෙක් ඉස්සරහා මේ වගේ හිටියමද කොහෙද.... නැත්තං ඉතින් මලසමයන් බෝල සබන් කියලා මෙලෝ විචාරයක් නැති මගේ අසිරිමත් කටෙන් හොඳවායෙන් දෙක තුනක්ම කියලා... කොහෙද පූසන් ඉදිරියේ මානුශීය හදවත් හෙන අසරණයී නේ..

" ඔහේ දැන් මොකටද ආවේ??? "

" ආ මේකයි...හොබාරී... නෑ මේ හොබී ඔප්පා තාම ආවේ නෑනේ..."

" ආ එයාලා එයි.."

එයි කියලා මූ කියන්න ඕනේනෑනේ... මාත් දන්නො එනව කියලා .. මොන ඤාව්වෙක්ද මන්දා..... සැක්..

" මේකයි... මට ෆෝන් එක ටිකකට දෙනවද... කෝල් එකක් ගන්නම් මම හොබාට... මට ෆෝන් එක අමතක වෙලා ගෙදර ඒක..."

" මට ෆෝන් එකක් නෑනේ..."

" මොහ්... ඒ ඇයි.."

" මට කාටවත් කතා කරන්න ඕනේ නැති නිසා.."

හෙන ගහපිය මුගේ ගනන් බලාපිය කිව්වලු... ෆෝන් එකක් නැති මනුස්සයෙක්? මම දැක්කමයිද කොහෙද ... කමල්ලෑ ඩුකක් ලෑ...

" වෙන්න බෑ...!!! ශිට්...!!! "

ඤාව්වා කිව්වේ හදිසියේම මොකක්හරි මතක් වෙලා වගේ... මාවත් පෙරලන් ගෙට දුවපු ඤව්වා ආයෙම එලියට ආවේ කලබලෙන් වගේ...

" ඒයි පිස්සු කෙල්ල එලියට යන්නෙපා... මම ඉක්මනට එන්නම්... ඇතුලට ගිහින් දොර වහගන්නවා.. එලියට ආවොත් තමුසේ ජීවත් වෙන අන්තිම දවස කියලා හිතාගන්නවා..."

" ඒත් ....."

මම කියන්න කලින් මේ යකා හුසේන් බෝල්ට් වැහිලා වගේ දුවන්න ගත්තා... මමත් පස්සෙන්ම යන්න හිතාගෙන අඩිය තිබ්බා විතරයි මූ පේන්න නෑ... වාශ්ප වෙලාද මන්දා.. සැක්.. ඒ අදහසත් හිතෙන් අතෑරගෙන මම ගියේ ගේ ඇතුලට...

" බුහ් හහ් හා.. කවුරුත් නැති නිසා මිශන් එකය බැස්සා නම් හරි... තව මාස ගානකට මෙහේ ඉන්න වෙයි වගේ.. දැන්ම අස්සක් මුල්ලක් නෑර හොයලා බලන්න ඕනේ.."

මං තනියෙම කියාගන්න ගමන් ෆ්‍රිජ් එකේ තිබුන දොඩම් බෑග් එකකුත් අතට අරන් පොඩි සර්ච් පාරක් දැම්මා.. ගෙදර තිබුන හුඟක් බඩු වලට හෙන පෞරාණික ලුක් එකක් තිබුනේ... මෙව්වා අතපත ගාලා ගුටි කන්න වෙන නිසා මම මුකුත් අල්ලන්නේ නැතුව දොඩම් ටිකට වැඩෙ දෙන්න ගත්තා..
.
.
.
.

පැයක් දෙකක් යන්න ඇති මම දොඩම් බෑග් එකටම වැඩේ දුන්නා.. ඒ වගේම ගේ ඇතුල පුරාම ඇවිද්දා අනික් අයගේ කාමර වලට ඇරෙන්න...

" යකූ දැන් මුන්ට ගෙදරම උස්සන් එන්න තරම් වෙලා ගියානේ... ඇයි තාම නැත්තේ??? "

හවස් වෙන්නත් ලඟයි ඊටත් මට හෙනට බඩගිනි ... අනේ මන්දා මේ හොබා නම්... එක පාරටම ආයෙම ඤාව්වා ආවා.. මටත් ගස්සන් කෙලින්ම කාමරේට ගිහින් දොර වහගත්තේ මං මොකක්හරි කලා වගේ එයාට... ඒ එක්කම පිටිපස්සෙන් ආවේ හොබායි බෝගම් ඔප්පයි ඒ දෙන්නගේ නම් මුකුත් වෙනසක් තිබ්බේ නෑ...

" මොකද මෝඩයෝ පරක්කු උනේ..??? "

" ආහ් තමුන් දන්නේ නෑ මරු කටට ගිහින් ආවේ... තව ටිකෙන් මම මැරෙනවා.."

" මොකද්ද උනේ...කෝ තුවාල ද?? "

මම හොබාගේ මූන එහෙට මෙහෙට හරව හරව අහද්දි මං දැක්කා බෝගම් ඔප්පා අතෙන් කටත් වහන් හිනාවෙනවා... හොබාගේ නම් මූන හට්ටිය වෙලා මම මූනෙන් අදිද්දි...

" ආහ්..... හනා.. මේ දොඩම් සේරම ටික කෑවද...??? ඉක්මනට ඔය ටික අස් කරන්න..."

" වෙහ්..?? "

" අර සුගාගේ දොඩම් ටික කාලා තියෙන්නේ ඔයා... පැලෙන්න හ්දයි දැන්... මංවත් කන්නේ නෑ ඒ දොඩම්.. ඕකට ඕවා නිධාන වගේ.."

" සුගා...???? එයාගෙ නම සුගතන් නෙමේද??? "

" සුගතන්..??? නියම නම..."

බෝගම් ඔප්පා හිනා වෙලා මගේ ඔලුවත් අතගාලා යන්න ගියා ...

" ටුටූ.... ඔහේ නම් මගේ පන යවනවා.... ඇයි බන් ඔහොම... මං කිව්වනේ මුකුත් අල්ලන්නෙපා කියලා ..."

" ඉතින් බඩගිනි නේ.."

" දැන් ඉතින් සද්ද නොකර ඉන්නවා... මම හෙට ගෙනත් දාන්නම්.. අනේ මන්දා මූ නම්..."

"මේ මොකද්ද උනේ ඇත්තටම? ඇයි පරක්කු උනේ..?"

" අපිව ඇක්සිඩන්ට් උනා ටුටූ... වෙලාවට අපි දෙන්නා බේරුනා... ඒත් අනික් වාහනේ හිටපු අය බේරගන්න බැරි උනා..පුදුමේ කියන්නෙ අපි දැක්කා ලොකු ට්‍රක් එකක් එනවා බයටම ඇස් වහගත්තා මං.. ඒත් ආයෙම සද්දයක් ඇහුන නිසා ඇස් අරිද්දි අපි හිටියේ ඊට එහායෙන්... හාස්කමක් වගේ ඒක...මං හිතුවේ ආයෙම දකින්න බැරි වෙයි කියලා ඔයාව.."

හොබා මාව තුරුල් කරන් කිව්වා
.
.
.
.
.
රෑට කාලා හොබා ගේනාපු ඇදුමුත් ඇදන් මම ඕඩික්ලෝන් බෝතලයක්ම නාගත්තේ අර ඤාව්වා හැමතිස්සෙම මං දිහා කුනු ගොඩක් බලනවා වගේ බලන නිසයි... දැන් වරෙන්කො මං දිහා බලාගෙන නහය අකුලන්න... අම්මාඅ ගහනවා ගෙම්බා ගැහුවා වගේ ඕකාට... මල හෝන්තුව

" ගමියා..... මගේ දොඩම් ටික නෑනේ... කොහෙද තිබ්බේ..."

" ආ.... මට මතක නෑනේ සුගා... පොඩ්ඩක් බලන්නකෝ..."

බෝගම් ඔප්පා හිනා වෙවී කියලා මං දිහා බැලුවෙ.. හොබාට නම් දාඩියත් දාලා වගේ.... මාත් ශේප් එකේ ෆෝන් එකට එබුනේ ඤාව්වා අපේ පැත්තට ආපු නිසයි... මූ ආයෙම නහයත් අකුලන් ඉව කරනවා වගේ මගේ පැත්තට හැරුනා....

" මොකද්ද ඒ එන සැර සුවඳ?? "

මම අනිත් ඩබල දිහා බැලුවා... මගේ තුන්වෙනි ඇසට ඒ වෙලේ පෙනුනා උන් දෙන්නා හිනාව කාගෙන ඉන්න බවක්... මටමයි වෙන්නේ...

" නිදිමතයි ... එහාට...."

මම ඤාව්වාවත් තල්ලුකරගෙන කාමරේට දිව්වේ මූ ආයේ ආවේශ වෙලා වගේ නැටුවොත් අවදානමක් ගන්න බැරි නිසයි... අනේ මේකගේ ආට් ගැලරි එකට මොකට cats' eye කියලා දැම්මද මන්දා... ඕකට ගැලපෙන්නේ ගිනිපුක්ගාය කලායතනය කියලා තමා... කාමරේට පැන්නට මොකද නින්ද අහලකවත් නෑ.. බැල්කනි එකට වෙලා මම වටේ සිරි නරඹනවා කියලා හිතාගෙන ජැකට් එකකුත් දාන් බැල්කනි එකට ගියා.. ඒ එක්කම මං දැක්කේ ඤාව්වා ආයෙම ගහා යටට වෙලා නිදන් ඉන්න හැටි... ඒ පීච් ගහා හරිම අමුතුයි... ඒ වගේම හුඟක් ලොකුයි... රෑ වෙලා නිසා දිස්නේ ගහනවා වගේ පේන්නේ... ඒකටම හරියන්න මේ සුගතන් ඔප්පා ගහ යටට වෙලා නිදි .. සැරෙන් සැරේ වැටෙන පීච් මල් වල පෙති, සීතල හුලඟට ගහන් යන ඒ කොන්ඩේ, හිම වගේ මූන දකිද්දි මට මහා අමුතු හැඟීමක් දැනුනා.. මම දන්න කෙනෙක්ද කියලත් හිතෙනවා වෙලාවකට... අනේ මන්දා...

ටිකක් රෑ වෙනකන් එයා දිහා බලන් ඉදලා මාත් නිදාගන්න ගියා.. මගේ ඔලුව ඇතුලේ ප්‍රශ්න කෝටියයි.. ඒ සේරටම උත්තර හොයාගන්න හිතාගෙන මම ඇඳට වැටුනේ හෙට දවස හොඳ එකක් වෙන්න කියලා හිතන ගමන්...
_______________________________________

Time passed
Next day morning

" මේ දොර අරිනවා.... ඒයි ඇහෙන්නේ නැද්ද...."

" ආයිශ් මොකාද මේ දොර කඩන්න යන්නේ..."

කවුදෝ දොරට ගහන සද්දයක් ආපු නිසා මම ඒ පැත්තට ගියා... එවේලේ මම පහල හිටපු නිසයි ගියේ.. නැත්තං මම යයි.. පුහ්... නිදිමතේම ඈනුම් ඇර ඇර මම දොර ලගට යද්දි එහා පැත්තෙන් ඉන්න එකා මොකා උනත් දොර ගැලවෙන්නම ඌ තට්ටු දානවා..

" ඉන්න ඉන්න මේ එනවා..."

මම දොර අරිද්දිම ඒ යකා කඩාගෙන බිඳගෙන ඇතුලට ආවා..... පෙනුම මහා අමුතුයි... සුදුමැලි වෙලා තිබුන හමක් එයාට තිබුනේ.. ඒ මදිවට කලුපාට ඇදන් කලු හැට් එකකුත් දාලා..

" කෝ මේ ගෙදර ඉන්න අර පූස් තඩියා..??? "

" පූසෙක්? මෙහේ පූසෝ නෑ... ඔයා කවුද...? "

" හහ්.. මනුස්සයෙක්??? මෙයාවගේ අස්සේ දාන් අර යකා මොකද්ද නටන්න යන්නේ ඒ පාර..."

" අජුස්සී ඔයා කවුද..?? "

මම අහද්දි එයා ගනන් ගන්නේ නැතුවම ගේ ඇතුලටම ගියා ... බෝගම් ඔප්පා ඒ වෙලේ පහලට එන ගමන් හිටියේ.. එයත් බය උනා මේ මනුස්සයව දැකලා... ඔප්පා මගේ දිහා බලද්දි මම උරහිස් ඇකිලුවේ මම දන්නේ නෑ කියන්න වගේ...

" මින් යුන්ගි!!!!!!! "

" ආයිශ් කවුද මේ....??? "

ඒ එක්කම ආවේ ඤාව්වාගෙ කටහඬ... මිනිහා කාමරේ ඉඳන් බෙරිහන් දෙනවා විතරයි පහලට ආවේ නෑ....

" මේ ඔහේ ඕනේ ඕනේ දේවල් කරන්නේ කවුරු කියලා හිතන්ද... දෙවියන්ගේ තීරණ වෙනස් කරන්නේ කවුරු කියලා හිතන්ද.. එලියට එනවා..."

" ආහ්.. මොන වදයක්ද..?? ............. "

ඤාව්වා එලියට ඇවිත් ඇහුවා..මිනිහගෙ මූන අටපට්ටම් වෙලා ගියා ආපු කෙනාව දැක්කා විතරයි ... ඒ මූනේ තිබුනේ තරහවක්...

" නම්ජූන් ඔහේ...??? "

To be continued .....

කට්ටියට කතාව තාම තේරෙන්නෙ නෑ නේ 😁😁 තව එපියක් දෙකක් යද්දි තේරෙයි... දිගටම කතාව එක්ක ඉන්න ❤️❤️❤️ අදහසක් කියාගෙන යන්න පුලුවන් නම් ඒක ලොකු උදව්වක් .. මේක දිගටම ලියන්නද එපාද?

වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම හුගාක් ස්තූති 😘😘😘😘😘😘
සරන්හේ ❤️❤️
✍️ Nim

Continue Reading

You'll Also Like

19.6K 4.7K 17
🖤🖤underworld king මින් යුන්ගි අතැරලා ගියපු ආදරේ වෙනුවෙන් හැමදාම ආදරේට වෛර කරයිද? 🖤🖤ඇමති පියාගේ ආදරේ මැද්දේ හුරතලේට හැදුනු මුරන්ඩු කෙල්ල නිවී ට ය...
41.7K 2.9K 72
ဖတ်ကြည့်နော်😉😉
82.4K 20.3K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
79.2K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။