MEOW MEOW || MYG ✔️

بواسطة _nim_nim_

17.8K 4.4K 453

✨️🥀දෛවය දඬුවමක්.. දෙවියන් විසින් ලියූ 🥀✨️ Started Date - 28.05.2021 Ended Date - 25.06.2021 All... المزيد

DISCLAIMER
PREFACE 🥀
1st Meow🥀
3rd Meow🥀
4th Meow🥀
5th Meow🥀
6th Meow🥀
7th Meow🥀
8th Meow🥀
9th Meow 🥀
10th Meow🥀
11th Meow🥀
12th Meow🥀
13th Meow🥀
14th Meow🥀
15th Meow🥀
16th Meow🥀
Last Meow🥀
EPILOGUE

2nd Meow🥀

1K 239 24
بواسطة _nim_nim_

#𝗠𝗲𝗼𝘄_𝗠𝗲𝗼𝘄 😻💙💜️

🍁🥀 දෛවය දඬුවමක්
දෙවියන් අතින් ලියැවුනු🥀🍁
-------------------------------------------------------------

2nd Meow 🥀

" මරණයේ දෙවියෙක්? "

යුන්ගි ඇහුවෙ ඇසුත් ලොකු කරන්...
___________________________________________

Few moments ago

Yoongi pov~

" ඔමෝ...!! අද නම් මං යන එක යනවාමයි... කාලෙකින් එහේ ගියේ නෑ ... ගමියා මම ආයෙ එන්නේ ඊලඟ පුරහඳ දවසට... එතකන් මෙහේ වැඩ බලාගන්න පුලුවන් නේ..? "

මම ගමියාගෙන් ඇහුවේ ලෑස්ති වෙනගමන්... ගමියා එහෙම නැත්තං පාර්ක් බෝ ගම් කියලා කියන්නේ මගේ හොඳම යාලුවා...එයා කලින් ආත්මේ වගේම මනුස්සයෙක් ... කාලෙකට පස්සේ මට මගේ පරණ රූපෙන් ඉන්න පුලුවන්...

" ඒත් සුගා .... "

" ඇයි?? "

" අදත් අර ගහා දිලිසෙන්න අරන්... මං හිතන්නේ යන්න වෙන්නෙ නෑ... "

ගමියා කියද්දි මම ඇද ඇද හිටපු බ්ලේසර් එක ගලවලා පැත්තකට විසි කරලා දැම්මේ කේන්තියෙන්.... කෙලින්ම බෝ ගම්ගේ පස්සෙන් ගාඩ්න් එකට ගියපු මං නැවතුනේ පීච් ගහක් යට.. මම අත උඩට කරලා උස්සද්දි ගහෙන් ගිලිහුන කොලයක් මගේ අතේ රැදුනා...

" තේ සුල්... ස්ථානය බුසාන්... වෙලාව රාත්‍රි 9.30 "

මම ඒ කොලේ ලියවිලා තිබුන දේ කියවන්න ගත්තා... ඇත්තටම මේ පැනලා යන ආත්ම අල්ලන එක නම් එපා වෙනවා.... මොන කරුමෙකට මම මේ දොරටුව බලාගන්න කෙනා උනාද මන්දා... ශිට්... එහෙනම් අදත් යන්න වෙන්නෙ නෑ මට...

" සුගා... වෙලාව දැනටමත් 9.20යි වෙලා මදි නේ..."

" ම්ම් අනික් ක්‍රමේ පාවිච්චි කරන්න වෙයි.... මාව සාමන්‍ය මිනිස්සු දැක්කේ නැත්තං ඇති..."

බෝගම් අහද්දි මම කිව්වා... මම සාමාන්‍ය ලෝකයට The cats' eye art galary එකේ අයිතිකාරයා උනාට සාමාන්‍ය ලෝකයට නොපෙනෙන මානයක, එහෙම නැත්තං දිව්‍යමය ජීවින්ගෙන් කෙනෙක් මං... මට වයස මේ වෙද්දි 1532 යි... ගොඩ දෙනෙක් මාව දන්නේ blue spirit එහෙම නැත්තං නිල් බළලා කිව්වම... ම්ම්ම් ඔව් මම පූසෙක්... සාමාන්‍ය මිනිස්සුන්ට මම පුරාවෘත්තයක්... ඒත් ඇත්තටම මං දෙවියන්ගේ සෙල්ලමකට අහුවෙලා මගේ පොරොන්දුව ඉශ්ට කරන්න බලන් ඉන්න පූසෙක් ... ඒ වගේම ආත්මීය දොරටුව භාර වෙලා තියෙන්නේ මට... ඒ මං කරපු එක පවක් නිසා

" සුගා එහෙනම් පරිස්සමෙන් ... "

" ම්ම් හරි... මට පාර පෙන්නන්න... "

මම ඇස් වහන් කියද්දි මම ආයෙම මගේ ඇත්තම ස්වරූපෙට ආවා... ඒ එක්කම නිල්පාට පුංචි ජීවින් කීප දෙනෙක් මාව වටකරන් අරගෙන ගියේ බුසාන් වලට... එක ක්ශනයෙන් මම සෝල් වලින් අතුරුදන් වෙලා බුසාන් වලින් මතු උනා..

" වෙලාවට කවුරුත් නෑ... ඉක්මනට මේ යකාව ඉවරයක් කරලා දාන්න ඕනේ .."

මම මතු උනේ බුසාන් වල පාලු පාරකින්... ඒ එක්කම මං දැක්කේ ඈතෙන් හිටපු තේ සුල්ගේ ආත්මය... තේසුල් කියලා කියන්නේ මිනිස්සුන්ගේ වෛරී සිතුවිලි වලින් ජීවත් වෙන අඳුරු ආත්මයක්... කාලෙකට කලින් මං කරපු දෙයක් නිසා ආත්ම ගනනාවක්ම එලියට ආවා... ඒ නිසා එයාලව මනුශ්‍ය ලෝකෙන් නැති කරලා දාන එක දැන් මගේ වගකීම... ඒ වගේම ඒක මගේ දඬුවම

Pov end ~

___________________________________________________

Author pov~
Back to the future 🌿

" මරණයේ දෙවියෙක්? "

යුන්ගි ඇහුවෙ ඇසුත් ලොකු කරන්...

" හ්ම්ම්... ඔයා දන්නවා ඇතිනේ දැන් කාලේ හරි කියලා යන්න... ඔයා දැන් මනුශ්‍ය ලෝකේ හිටිය කාලේ හොඳටම ඇති ..."

" හෝව් හෝව්ව්.... මරණ නිවේදනයක්? ඒකත් මට? මං හිතන්නේ ඔයාට අමතක වෙලා මම අමරණීයයි කියලා ..."

යුන්ගි කිව්වේ කට කොනෙන් හිනා වෙනගමන්... යුන්ගිගේ ඇස් වල නම් බයක් ගෑවිලාවත් තිබුනේ නෑ...

" ඔව් ඒකයි දෙවියන් වහන්සේ මාව එව්වේ... "

" හහ්..!!! ඔයා කවුරු උනත් කමක් නෑ... මම මෙහේ නතර වෙලා ඉන්න හේතුවක් තියෙනවා... මං කෙනෙක්ට පොරොන්දු උනා එයා එනකන් ඉන්නවා කියලා... එයාව හම්බවෙනකන් මට එන්න බෑ..."

" ඔයාට බෑ දෙවියන්ට පිටුපාන්න... කාලේ ආවහම යන්න වෙනවා... මේ සේරම උන්වහන්සේගේ තීරණ.."

" මොන වදයක්ද මේ? ඔයාගේ මහලොකු දෙවියන් ගැන තිබුන විශ්වාසේ මට නැති වෙලා දැන් අවුරුදු දාහකටත් වැඩී..."

යුන්ගි කිව්වේ අවුරුදු ගානක වේදනාව හිතේ හිරකර ගෙනයි..

" ඒක දෙවියන්ගේ තීරණය .."

" පොඩ්ඩක් ඉන්න.... ඔයාට බෑ මට ඔහොම කාඩ් එකක් පෙන්නන්න.... තමුන් කවුද? "

යුන්ගි ඇහුවේ මරණයේ දෙවියෙක්ට තමන්ට ලැබෙන කාඩ් එක ගැන හෙලි කරන්න තහනම් නිසයි... ඒ වගේම යුන්ගි දැනන් හිටියා කවදාවත් යුන්ගිට එහෙම කාඩ් එකක් නොලැබෙන බව

" ඔහේ කවුද? "

ලද අවසරෙන් යුන්ගි ආයෙම තමන්ගේ අත දික් කරද්දි යුන්ගිගේ අතේ රැඳුනේ එයාගෙ රිදී කඩුව.. ක්ශනයෙන් කඩුව ඉහලට එසවපු යුන්ගි පාරක් එල්ල කලේ තමන් ඉදිරියෙ හිටපු කෙනාට... ඒ උනත් යුන්ගි නොහිතපු විදියට අඩියක් දෙකක් පස්සට ගියේ ඉදිරියෙන් ආපු ලොකු හුලන් පාරක් නිසා... ඒ එක්කම මරණයේ දෙවියෙක් විදියට පෙනී හිටපු කෙනා හිනා වෙද්දි එයාගෙ වටා මැවුනේ සුදුපාට පුංචි එලි කීපයක් එක්ක දීප්තිමත්ව දිලිසෙන සමනල්ලු රෑනක්... ඒ වගේම ඒ කෙනාගේ ඇගෙන් ආවේ අමුතුම දිස්නයක්..

" මගෙ දරුවෝ... ඔයාමයි මේ පාර තෝරගත්තේ..."

" පියාණනි....!!! එහෙනම් අපි හම්බුනා? ඇයි මට මෙහෙම කලේ? "

යුන්ගිට ඒ උන දේවල් එක්ක තමන් ඉස්සරහට ඒ ආවේ දෙවියන් බව අඳුරගන්න වෙලා ගියේ නෑ ... ඒ වගේම යුන්ගිට ඇති උන ඊලඟ ප්‍රශ්නේ තමයි මේ අවුරුදු දාහටම තමන් ඉස්සරහට නොආපු කෙනා හදිස්සියේම ආවේ ඇයි කියන එක..

" ඒපාර මොකද? මගේ දඬුවම් ඉවරද?? නැත්තං ඔයා කල්පනා කරන්නේ ආයෙම මාව සෙල්ලමකට ගන්න හැටි ද? "

"මම ඔයාට අනතුරු අඟවනවා... තවත් ජීවිත හානි වෙන්න කලින් ආයෙම එන්න... මං ඔයාට සතියක් දෙන්නම්..."

" මට බෑ...!!!! මම එන්නේ හේසුව හම්බවුනාම... "

" හේසු දැනටමත් ඉපදිලා ඉන්නේ.... ඒ වගෙම කුමාරයගේ ආරක්ෂකයත්... "

" දෙන්නම? කොහෙද කියනවා....!!! "

යුන්ගි කෑගහද්දි ඒ ඇස් නිල් පාටෙන් දිලිසුනා... ඒ වගේම ඒ ඇස් වල අමුතු සතුටක් එක්ක බයකුත් තිබුනා...

" හ්ම්ම්... ඒ අයගෙන් කෙනෙක්ට ජීවිතෙන් සමුගන්න වෙයි ඔයාගේ මේ තීරණේ එක්ක... මතක තියාගන්න ඔයාට බෑ ලෝකේ සමතුලිතතාව බිඳින්න... දැන් එන්න දරුවො... මම ඔයාව මැවුවේ මේකට නෙමෙ..."

" එහෙනම් ඔයා මාව මැවුවේ දුක් විඳින්නද? ඔයාට මදි නැද්ද මේ කරපු දේවල්? "

" යුන්ගී... ඔයාගේ දෛවය වගේම හේසු, ලී සන්, ජන්ග්... ඒ වගේම නම කියන්න අකමැති කෙනාගෙත් දෛවය ලියවිලා හමාරයි... තීරණය ඔයාගෙ අතේ.... මතක තියාගන්න... ලොකු කුනාටුවක් ඉදිරියෙන්...එනවද නවතිනවද කියලා තීරණය කරන්න... "

" ඒ කිව්වේ....? ඉන්න...!!! මට උත්තර දෙන්න..."

යුන්ගි අහද්දි මෙච්චර වෙලා වටේ රැදිලා ඉදපු සමනල්ලු කීපදෙනා වගේම පුංචි ආලෝකයන් කීපයත් ලොකු සුළඟක් එක්ක යුන්ගිව පහු කරන් ගියේ තමන්ට කියන්න තිබුන දේවල් කියලා ඉවරයි කියලා හඟවන්නයි... ඒත් එක්කම දෙවියන් ආරූඪ වෙලා හිටපු මරණයේ දෙවියා බිම ඇදන් වැටුනා... ඒ එක්කම යුන්ගිගේ දෙපා මුලට ගහගෙන ආවේ හිස් කාඩ් තුනක්...

" ඇයි ඒවා හිස්? මං දැන් කොහොමද එයාලා හොයාගන්නේ..? ඇයි මෙතන කාඩ් තුනක්....? ආයිශ්..... මේ පාර මං ඔයාට ඕනේ දේ කරන්න දෙන්නේ නෑ..."

යුන්ගි කිව්වේ අත මිට මොලවන් හිස් කාඩ් තුනත් සාක්කුවට දාගෙන එතනින් අතුරුදහන් වෙලා යන්න ගියා..

___________________________________________

Meanwhile Hana & Hoseok 🌿
Hana pov~

" ලේ...? අනේ ඔප්පා ඉක්මනට එන්න මට බයයි..."

මම ඇදේ කෙලවරකට වෙලා ඇස් පියාගෙන කන්දෙකත් අතෙන් වහගත්තේ ආයෙම අමුතු රූප කීපයක් මගේ ඉස්සරහා මැවෙද්දියි ...

" ඔම්මා..... "

ඇද කෙලවරේ ගුලි වෙලා හිටපු මම දැක්කේ ඇඳ යට ඉඳන් මගේ දිහාවට ආපු අමුතු අමුතු විකෘති රූපින් කීප දෙනෙක්... මගේ හිතලුවක්ද ඇත්තක්ද කියලා තේරුම් ගන්න පුලුවන් කමක් තිබුනේ නෑ මට... ඒ එක්කම තෙත ගතියක් දැනුන නිසා මං බැලුවේ මගේ බඩ හරිය... ගැඹුරට තුවාල වෙලා තිබුන මගේ බඩෙන් නොනැවතීම ලේ ගලන් යද්දි මගේ වටේ හිටපු විකෘති රූපින් ලේ පිපාසාවෙන් මට ලන් වෙද්දි මම තදින් ඇස් වහගත්තේ බයටමයි... ඊටත් බඩෙන් දැනුන වේදනාව මට කියාගන්න බෑ

" හොබා..... අනේ....... ඉක්මන් ....... කරන්න ...."

මම අමාරුවෙන් වචන ගැට ගහන් ලග තිබුන බෙඩ්ශීට් එක අරන් තුවාලෙට තියාගත්තේ ලේ ගැලීම වැඩි වෙද්දියි...

" අ...අතාරිනවා ...... අහකට......"

මම බැරි බැරිගාතේ එකෙක් මගේ කකුලෙන් එල්ලෙද්දි තදින් පාරක් ගහලා බිත්තියට හේත්තු වෙද්දි උන් මං දිහා බලන් ඉඳියේ වියරුවෙන් වගෙ.... ලඟ තිබුන කතුරක් අරන් මම ඇනගන්න හිතුවේ ඒ වෙලේ මගේ හිතට ආපු එකම අදහස මැරෙන එක විතරක්ම උන නිසයි

ඒ එක්කම

" ටුටූ....!!! මියානේ මැණික මම පරක්කු උනා..."

ඒ එක්කම කලබලෙන් ආවේ හොබා....හොබා මං ලගට ආවේ එතන හිටපු විකෘති රූපින්ගේ ඇග හරහා යන ගමන්.... මොකද හොබාට එයාලව පේන්නෙ නෑ... එයාට පේන්නේ මගේ නිල් පාටෙන් දිලිසෙන කොන්ඩේ විතරයි ... මගේ තුවාල පේන්නේ නෑ.... මගේ අතේ තිබුන කතුර විසි කරලා දාපු හොබා මාව තුරුල් කරගත්තා

" ඔහොම ඉන්න... කෝ මං දිහා බලන්න... හෙමීට හුස්ම ගන්න.. බය වෙන්නෙපා මං ඉන්නවනේ ..ම්ම්ම්ම් "

හොබා ජනේලේ ඇරලා මාව එයාගේ උකුලට අරගත්තා...ඒ එක්කම එයා මාව සනසන්න ගත්තේ මගේ ඇගේ තියෙන තුවාල මං හිතෙන් මවාගත්තුවා කියලා හිතාගෙනයි... කොහොම උනත් මට ඇස් ඇරන් ඉන්නවත් පණ තිබුනේ නෑ...

" ලේ....!!! ලේ එනවා.... අනේ මට බයයි...."

" නෑ නෑ මැණික මේ බලන්නකෝ ... ඔයා හිතෙන් මවාගෙන තියෙන්නේ ... "

හොබා කිව්වේ ඇස් වල කඳුලු පුරවන්... ඒ ඇස් වල කඩා වැටෙන්න අවසර ඉල්ලන පුංචි කඳුලු කැට කීපයක් එකතු වෙලා තිබුනා... හොබා හෙමින් හෙමින් මගේ ඔලුව අතගාන ගමන් මාව පරිස්සමෙන් ඇඳ උඩින් තිබ්බා... ඇද ලගම බිමින් වාඩි උන හොබා එක අතකින් මගේ අතත් අනෙක් අතෙන් මගේ ඔලුවත් අතගාන්න ගත්තා... ටික වෙලාවක් යද්දි මගේ ඇඟේ තිබුන ලේ පැල්ලම් වගේම තුවාලේ කැලලක්වත් පේන්න තිබුනේ නෑ...

( මියානේ ඔප්පා ඔයාට මේ තරම් වද දෙනවට..)

මම හොබා දිහා බලන් හිතුවේ කතා කරගන්නවත් ශක්තියක් නැති නිසයි...

" ඔ...ප්..පා...."

" ශ්ශ්ශ්...!!! නිදාගන්න... මං මෙතනම ඉන්නම්..."

හොබා මගේ ඔලුව අතගාන ගමන් කිව්වා... ඇගට දැනුන වේදනාවත් බයත් වැඩි නිසාත් හොබා දිගටම මගේ ඔලුව අතගාපු නිසත් මගේ ඇස් පිය වුනේ හිතට පොඩි සහනයක් දැනෙද්දියි... අවුරුදු තුනක් තිස්සේ මේ දේ වෙනවා... හැමදාමත් මගේ බඩේ ඇතිවෙන ගැඹුරු තුවාල, මේ සැරෙන් සැරේ මතුවෙන විකෘති රූපීන් එන හේතුවක් මං තාමත් දන්නේ නෑ..
.
.
.
.
.
.
.
.
Few hours later--------------------
In dream 🌙

" හේසූ.... හේසූ.... නුඹ මා සමඟ අමනාප වෙලාවත්ද...? "

" නැත උතුමාණනී... මා කෙසේ නම් කුමරු හා අමනාප වන්නද ... "

" සමාවෙන්න හේසූ... මා නුඹ රිදවන්නට සිතුවේ නෑ.. නමුත් මේ තනතුර තවමත් මා හට විශාල වගකීමක්.. මා හට නිදහසේ සැරි සැරීමට හැකි වන්නේ ලී සන් ලෙස පමණයි... ඔටුන්න හිමි කුමරු ලෙස නොවේ... එ නිසයි මා ඒ බව නොපැවසූයේ... මා හට නුඹ රැවටීමේ කිසිඳු අපේක්ෂාවක් තිබුනේ නෑ.... "

" සමාව ඇවැසි නොවේ කුමරුනි... "

" හේසූ මා හට ලී සන් ලෙස අමතන්න පෙර ලෙසම... වැටහුනාද? "

" එසේය .. "
.
.
.
.

" එපා... ඔහුව මරා දමන්නෙපා... ලී සන්... "

Dream end-
..........................................

" ඔමෝ.... බේරගනියෝ.... ආයෙම පාරක්....!! "

" කවුද කවුද ආවෙ...?? කොහෙද??? "

මගේ කෑගැහිල්ලට ඇද ලගම බිම නිදන් හිටපු හොබා දනිපනි ගහලා නැගිට්ටේ මට වඩා එයා බය වෙලා හිටපු නිසයි...

මම දාඩිය පෙරන් නැගිට්ටේ දැකපු හීනයක් නිසයි.. දැන් අවුරුදු තුනක ඉදන් මට එකම හීනේ පේනවා.. ඒ උනත් එතනින් එහාට කිසිම දෙයක් පේන්නෙ නැත්තේ ඇයි කියලා මං දන්නේ නෑ... ම කවුදෝ ලස්සන පිරිමි ලමයෙක්ට ලී සන් කියලා කතා කලා... ඒ වගේම නිල් පාටෙන් දිලිසෙන කෙනෙක් අපිව මරන්න හැදුවා... ඒ ඇයි කියලා මං දන්නේ නෑ.. හරියට historical drama එකක් වගේ... අනේ මන්දා ඔලුවත් විකාර වෙනවා... ලග තිබුන වතුර එකෙනුත් ටිකක් බීලා මම හෙමීට හුස්ම ගත්තේ ඒ රූප මගේ ඔලුව පුරාම සක්මන් කරද්දියි...

" හොබා.... ගුඩ් මෝනින් ..."

මං නිදිමරගාතෙම කියද්දි හොබා මං දිහා බලන් හිටියේ පුරාවිද්‍යාඥයෙක්ට කාලෙකින් හම්බුන පොසිලයක් දිහා බලනවා වගේ බලන් ඉඳියේ...

" දැන් මොකේටද බෙරිහන් දුන්නේ?? "

" ආයෙම අර හීනේ දැක්කා..."

" මොන...?? "

" දන්නේ නෑ අර මරන්න එන එක තමා.."

" පිස්සු හුචක්කුව මං බය උනා ඕයි.."

" තවුසෙට බය වෙන්න කිව්වේ නෑනේ... හැලි වඳුරා..."

" අනේ...ඔප්පා...ලේ...ලේ....අම්මෝ බඩ.... මාව කන්න එනෝ...අම්මො..... ආව්...ඌයීඉ....ආහ්... මාව ගෝනිබිල්ලෙකවත් උස්සන් පලයල්ලා... මට මැරෙන්න දීපල්ලා ... "

හොබා එක පාර බිම බඩගාගෙන මම ඊයේ රෑ හිටපු හැටි ඇද කරලා පෙන්න්නන්න ගත්තා... මට හිනා යන්න ආවත් ඊට වඩා කේන්ති ගියේ මේකට හැමදාම මේක කරන නිසයි... මං දන්නවා මාව හිනස්සන්න කියලා ඒක කරන්නේ... ඒ උනාට පලිගන්න ඕනේ ඕකගෙන්... බුහ් හහ් හා... නැත්තං මං හනා නෙමේ...

" ඔම්මාආ..... එහාට පල යස්සනී.... ආඅහ්හ්හ්..... "

හොබා බිම ඉද්දිම මම කෙලින්ම wrestling වල වගේ කොට්ටෙකුත් අතේ තියාගෙන හොබාගේ ඇගට පැන්නා.. පව් මිනිහට බීපු කිරි මතක් වෙන්න ඇති

" අනී... මට ඇද කරානේ.... මරනෝ අද ඔහේව..."

" යාහ්... එහාට යනවකෝ.... මට පරක්කු වෙනවා...."

හොබා මාව උස්සලා බිමට දාලා දුවන් ගියා... ඒ දුවන්න කලින් පයින් එකකුත් මට ගහලයි ගියේ... වැදුන පාර පස්සේ පොට ගියාද මන්දා... සැක්...

" ඔහ් ශිට් පලියගන්න බැරි උනා... හොබාරීඊඊඊඊඊඊ .... ඔහේ අද ඉවරයී "

මගේ යක්ෂයාරූඪ මොලරාජයාට ආපු ටින්කිරියි බෝල්ට් ඇණයි වගේ සුපිරි අයිඩියාවක් නිසා මම ඉක්මනට මූණත් හෝදගෙන පහලට ගියා... හොබා ලෑස්ති වෙන්න ගිය නිසා මම උදේට කෑම හැදුවා... ඒ අතරේ මගේ වැඩේ කරන්නත් මං අමතක කලේ නෑ...

" හොබා... එන්න බබෝ අපි කමු...."

මං දත් තිස්දෙකම දාලා කිව්වා... හොබා නම් නලලත් රැලි කරන් බලන් හිටියේ මගේ හිනාව මිනිහට ඇල්ලුවේ නැද්ද කොහෙද... හොබාත් සද්ද නැතුව වාඩි වෙලා කන්න පටන් ගත්තා ...

" මේක මගේ..."

හොබා දිව දික් කරන ගමන් කිව්වේ ඔම්ලට් රෝල් ප්ලේට් එකම කටේ ඔබාගන්න ගමන්... තිබුන සේරම ටික කාලා ඉර මාමා වගේ තියෙන එයාගේ මෝඩ හිනාව දැම්මා.. හිනා වෙයන්කෝ මා දෙයියෝ... අද ටෝ ලැජ්ජ වෙලා මැරෙන්නෙ... බුහ් හහ් හා....

" ටුටූ....!!! "

" වේ..??? "

" තමුන් මොකේටද ලෑස්ති වෙන්නේ...??? "

" මම...??? පිස්සුද? "

" ඕක කියලා හිනා උන හැම වතාවකම මට මතකයි මම දෙනෝදාහක් මැද ලැජ්ජ උනා.."

" දැන් වෙන්න යන්නෙත් ඒක තමා... "

මම කිව්වේ හොබාට ඇහෙන්නේ නැති වෙන්න... පව්... මට මූන මැවිලා පේනවා... මට ගහපුවටයි ඇද කරපුවටයි මං පලි ගන්නවාහ්...

" හනා මං ගිහින් එන්නම්.... පරිස්සමෙන් ඉන්නවා හොඳේ... එලියට යනවා නම් මට කියලා යනවා..."

" දේ ඔප්පා.... සරන්හේ .... "

" නාදූ...."

" ටටා...."

ඒනම් හොබා ඔයාට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිටයි ආ...රක්ශාවයි.... මම හොබා කාර් එක ස්ටාට් කරද්දි එයාට අත වනලා ගෙට ගියා.... මට ඉතින් දැන් හැම තැනෙම්ම හිනා
.
.
.
.

Few moments later 🤧

( Author - පෙරදිනයක මා පෙම් කල යුවතිය තාලෙට කියන් යන්😂😂 )

" පෙර දිනයක මා පෙම් කල යුවතිය
රටකජු විකුනනවා..............
මගේම ලියුමක රටකජු ඔතලා
ඈ මට විකුනනවා............
ලියුම බලන්නද රටකජු කන්නද
හිත මගේ විමසනවා...........
මගේම ලියුමේ මොනා බලන්නද
මම රටකජු කනවා......... "

මම ගේ අතුගාන ගමන් කොස්සත් එක්ක ඩාන්ස්පාරක් දාලා කිව්වා... කොහෙද මේ හොබාගෙන් තාම කෝල් එකක් ආවේ නෑනේ.... මූව යන අතරමග අර කියනවා වගේ ගොනිබිල්ලෙක්වත් ඉස්සුවද? ආ මේ එන්නේ....

📞 " යෝබෝසෙයෝ "

📞 " හනාආආආආආආආආ........................"

To be continued
_______________________________________

හනා මොනවා කරන්න ඇතිද??? 😁😁😁

සරන්හේ චින්ගු 💜️❤️
✍️ Nim

واصل القراءة

ستعجبك أيضاً

3.6M 285K 89
|| Zaw & Uni || မေမ်ွာ္လင့္ထားေသာ အခ်စ္.... ဒါက fantasy အမိ်ဳးအစားေလးပါ။ Title မွာလိုမ်ိဳး ' မာနႀကီးတဲ့ကြၽန္ေတာ့္ ေယာက်ာ္းရဲ႕ကိုယ္ဝန္ရိွေနတယ္တဲ့ ' bl...
151K 26.1K 31
පිස්සු කෙල්ලෙක්.. නපුරු කුමාරයෙක්.. වෙනස් කතාවක්..❤
46.1K 6.3K 37
අඩනකොට ඔළුව තියාගන්න උරහිසක් නැති උනාම මිනිස්සු වැටෙනවා ඔළුව වදිනවා ඔළුව පැලෙනවා ලේ ගලනවා මැරෙනවා කතාව කියන මගේ, ස්ථිර අදහස ඒක... ඒත් මම කියන කතාවෙ...
1.9M 126K 82
ကိုယ့္ကိုမခ်စ္ဘူး အႀကိမ္ႀကိမ္ေျပာလည္း ကိုယ္ကေတာ့ ေနာင့္ကိုအၿမဲခ်စ္သြားမွာ❣️