snowflake || JJK ✅

Door KIMvikii04

16.4K 2.7K 178

ලෝකෙට හම්බවෙන කිසිම හිම පියල්ලක් තවත් එකකට සමාන වෙන්නෙ නෑ...මුලු ලෝකෙටම ඒ වර්ගෙන තියෙන්නෙ එක හිම පියල්ලයි... Meer

CHAPTER - 1
INTRO
CHAPTER - 2
️CHAPTER - 3
️ CHAPTER - 4
CHAPTER - 5
CHAPTER - 6
CHAPTER - 7
CHAPTER - 8
CHAPTER - 9
CHAPTER - 10
CHAPTER - 12
EPILOGUE

CHAPTER - 11

929 180 9
Door KIMvikii04

After three days

" doctor ...මොකද අපේ ජංකුක්ට තාම සිහිය නැත්තේ......දැන් දවස් තුනක් වෙනවා......ඔයාලා කියනවා බලමු බලමු කියලා...අපි කවද වෙනකම් බලාගෙන ඉන්නද අපේ මල්ලි මෙහෙම ඉන්නවා..."

" යුංගි....මම කතා කරන්නම් doctor එක්ක......හොබී යුංගි එක්ක ටිකක් එලියට ගිහින් එන්න.."

"හොදයි හියුන්"
.
.

" doctor කුකීට මොකද වෙලා තියෙන්නෙ ඇත්තටම"

" මිස්ට කිම්,ඔයා මෙතන වැඩිමලා විදියට මේ මම කියන දේ සංසුන්ව තේරුම් ගනීවි කියලා මම හිතනෝ.....මේකයි...ජංකුක්ගෙ මොලේට ලොකු කම්පනයක් ඇති වෙලා තියෙනවා.....ඒක නිසා තමයි මෙයාට තාම සිහිය ආවෙ නැත්තෙ.....අපේ පැත්තෙන් අපි පුලුවන් හැමදේම කරනවා ....කාලයට ඉඩ දීලා පොඩ්ඩක් බලාගෙන ඉමු......ඒකයි දැන් කරන්න තියෙන හොදම දේ.."

"Ok,ok doctor thank you very much "

"පේශන්ට ඉන්න දීලා අපි දැන් යමු "

" හොදයි ඩොක්ට"
.
.
.
.

ජංකුක් පැහැරගෙන වෙච්ච අනතුර වෙලා දැනට දවස් තුනක් වෙනවා...ජංකුක්ගෙ ශරීරෙට නැගිටින්න ඕනි උනාට එයාගෙ හිත විසින් පිටත් ලෝකයෙ යාතාර්තය ප්‍රතික්ශේප කරනවා......BTS කන්ඩායමේ හැම සාමාජිකයෙක්ම වගේම bighit එකේ ස්ටාෆ් එකත් මේ වෙනකොට හුගක් දුකින් ජංකුක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ........

ඒත් තුන්වෙනි දවසෙ හවස් වෙද්දි ජංකුක්ට තමන්ගෙ ඇස් ඇරගන්න පුලුවන් උනා....ඇස් ඇරපු ගමන්ම ආයෙ ජංකුක් ඇස් වහගත්තේ මින්ජි වගේ ඇදගත්තු ගෑනු ලමයෙක් වෝකි ටෝකි එකකින් මොනව හරි කියනව ජංකුක්ට ඇහුන නිසා.....

" ok captain ....මම එයාට සිහිය එනකම්ම හොස්පිටල් එකේ ඉන්නම්..ඔව් ....හොදයි"

ජංකුක් කොහොමහරි ගෑනු ලමයගෙ මූන මතකයෙ රදවගත්තා......ඒත් එක්කම වගේ ජංකුක් තමන්ට සිහිය එන වග අගවන්න ටිකක් කෙදිරිගාන්න ගත්තා....ඒත් එක්කම අර ගෑනු ලමයා කලබලෙන් වගේ රූම් එකෙන් පැනගත්තා.....විනාඩි විස්සකට විතර පස්සෙ ඩොක්ට එක්ක නර්ස්ලා දෙන්නෙක් කලබලෙන් වෙගේ රූම් එකක් ආවා.....එතකොටත් ජංකුක් හිටියෙ ඇස් ඇරගෙන.....ඩොක්ට ජංකුක්ව චෙක් කරලා බැලුවා.....අන්තිමේ ජංකුක් දැන් සාමානය තත්වයට පත් වෙලා කියලා ඩොක්ට ගොඩාක් සතුටින් කිව්වා.....ජංකුක් මේ කිව්ව හැම දේකටම වඩා ගොඩාක් උනන්දුවෙන් බලාගෙන හිටියෙ එතන හිටපු එක නර්ස් කෙනෙක් දිහා.....ඒ වෙන කවුරුවත් නෙමෙයි දැන් ටිකකට කලින් රූම් එකෙන් ගිය ගර්ල් හිටියෙ.....

" ම්ම්...මිස්ට ජංකුක් ඔයාට දැන් හොදටම හොදයි එහෙනම්....ඒත් තව දවස් තුනක් හතරක් විතර ඔයාට හොස්පිටල් එකේ ඉන්න වෙනවා.....මේ ඉන්නෙ නර්ස් මින් ......ඔයාට මොනව හරි ඕන උනොත් එයාට කියලා කරගන්න පුලුවන්.....නර්ස් මින් ජංකුක්ගෙ අයියලා ටිකට එන්න කියන්න....හොදයි එහෙමනම් මම යන්නම් ජංකුක්...හොදට රෙස්ට් කරන්න එහෙනම්"

ඩොක්ට ජංකුක්ට අදුන්නලා දුන්නේ අර ගර්ල නර්ස් මින් කියලා.....ජංකුක්ට වැඩි වෙලාවක් ඒ සිතුවිල්ලෙ ඉන්න වුනේ නෑ ...මොකද ජංකුක්ගෙ හ්‍යුන්ලා ටික ඉක්මනටම රූම් එක ඇතුලට ආවා....ජින්,නම්ජූන් ඩොක්ටට ස්තූති කරන අතරෙ අනිත් අය ඉක්මනට ජංකුක්ගෙ බෙඩ් එක ගාවට ආවා....

" කුකී මම ජිමින් හියුන් ඔයාට මාව මතකයි නේද....."

" ඔයා තව කොට වෙලාද කොහෙද හියුන්"

" යාහ්...මෙයාට අවුලක් නෑ...ඇතියන්තම්"

" යාහ් ...ජංකුකා ප්‍රශ්නයක් නෑ නේද මොනව හරි අමාරුවක් වුනොත් කියන්න හොදද...."

" නෑ ජින් හියුන්.....මට ප්‍රශ්නයක් නෑ....මම කොච්චර දවස් මෙහෙම හිටියද"

" දවස් තුනයි ජංකුකා"

" මොකක් දවස් තුනක්....හියුන් මාව පැහැරගත්ත අය කෝ.....එතකොට ඒ දවස් තුනටම මින්ජි මාව බලන්න ආවෙ නැද්ද"

ජංකුක් මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ එයාට සිහිය නැතිවෙලා ඉන්න ඇත්තෙ පැය පහක් වගේ කාලයක් කියලා....දවස් තුනක් කිව්ව ගමන් වගේම අයියලා එක්ක මින්ජි පේන්න හිටපු නැති නිසා ජංකුක් පුදුම විදියට කලබල වුනා.....ඇදෙන් බැහැලා රූම් එකෙන් එලියට යන්න ගිහින් තව ඩින්ගෙන් සේලයින් එකත් පෙරලගන්නවා.....ජංකුක් පිස්සෙක් වගේ මින්ජි ගැනම විතරක් අහන්න ගත්තා....කට්ටියම එකතු වෙලා ජංකුක්ව බදාගත්තේ එතකොටවත් ජංකුක් සංසුන් වේවි කියලා....ඒ වුනේ වෙන දෙයක්...මෙච්චර වෙලා ජංකුක්ගෙ හිතේ තිබ්බ බය වේදනාව කදුලු වෙලා ජංකුක්ගෙ ඇස් වලින් එලියට එන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...ජංකුක්ගෙ කදුලු වලින් අයියලගෙ උරහිස් තෙත් වෙන්නත් වැඩි වෙලාවක් ගියෙ නෑ....ජංකුක් අඩන තරමටම එයාගෙ අයියලා හිත ඇතුලෙන් කෑ ගහලා ඇඩුවා...ටික වෙලාවකින් ජංකුක්ව ඇදේ වාඩි කරලා තියාගන්න පුලුවන් වුනා...

"හියුන් මින්ජි කොහෙද කියලා මට කියන්න ....ඇයි එයා මාව බලන්න ආවෙ නැත්තෙ"

"යුංගියා...ඔයා කුකීට වෙච්ච දේ තේරුම් කරලා දෙන්න...මම අනිත් අයව එක්කගෙන ඩෝම් එකෙට යනවා...එයාල දවස් ගානකින් හරියට කාලවත් නෑ....ඔයා එන්න සේජින්ශි එක්ක...."

"හොදයි ජින් හියුන්.....මම එහෙම කරන්නම්"

ජින් ජංකුක්ක්ට වෙච්ච දේ කියන්න යුන්ගිට බාරදුන්නෙ ජංකුක්ව ඕන වෙලවක සංසුන් කරන්න යුංගිට පුලුවන් කියලා දන්න නිසා.....ඒ නිසා ජින් අනිත් අයවත් බලෙන්ම වගෙ ඇදගෙන ඩෝම් එකට ආවා.....

" ජංකුක් මම කියන දේ කලබල වෙන්නෙ නැතුව අහගන්න"

" හොදයි හියුන්"

"මේකයි එදා ඔයා ඩිනර් එකට යන්න ඩෝම් එකට ගිහින් පැය දෙකකට විතර පස්සෙ අපි හැමෝටම සිහිය නැතිවුනා...හැමෝටම කිව්වෙ අපි හය දෙනාටම.....ස්ටාෆ් එකේ අය මුලින් හිතලා තියෙන්නෙ අපි ප්‍රැක්ටිස් රූම් එකේ නිදි කියලා....ඒත් පස්සෙ බලද්දි අපි කාටවත් සිහිය තිබිලා නෑ.....හැමෝම හුගක් බයවෙලා තිබ්බා.....ඊට පස්සෙ පැය තුනකට විතර පස්සෙ අපිට සිහිය ආවා...ඩොක්ටස්ලා අපිව චෙක් කරලා කිව්වෙ අපිට මොනව හරි නින්ද යන බෙහෙතක් ශරීරගත් වෙලා කියලා...අපි හැමෝම එකට පාවිච්චි කරපු එකම දේ වුනේ ටේ අපිට ගෙනත් දුන්න බීම ටිකනේ....ඒත් එක්කම අපිට මතක් වුනේ ඔයාව.....අපි බයවුනා හොදටම්...සමහර විට ඔයා මින්ජි එක්ක ඉන්න ගමන සිහිය නැතිවෙලානම් ඒ කෙල්ලත් හොදටම බය වෙන්න ඇති කියලා අපි හිතුවා...වාසනාවට ඔයාගෙ car එකේ gps ඔන් කරලා තිබ්බ නිසා අපි ඔයාගෙ වාහනේ හොයාගත්තා බූසාන් හරියෙන්....ඒත් ඔයාව හොයාගන්න විදියක් තිබ්බෙ නෑ.....ටේ අපිට කිව්වා මින්හු තමයි එයාට බීම ටික දුන්නෙ කියලා....අපි මින්හු ගැන හෙව්වත් එයාව හොයාගන්න බැරි වුනා....අදටත් එයා අතුරුදහන්...ඔයා අතුරුදහන් වුන දවසට පස්සෙ දවසෙ අපිට කෝල් එකක් ආවා හොස්පිටල් එකෙන් ඔයා හොස්පිටල් එකේ ඉන්නවා කියලා.....අපි මින්ජි ගැනත් හෙව්වා ඒත් එයා ගැනත් කිසිම හෝඩුවාවක් නෑ....අපි උපරිමෙන්ම මින්ජි ගැන හෙව්වත් අපිට හොයාගන්න තාම බැරි වුනා......සමාවෙන්න කුකී...."

ජංකුක් මේ හැමදේම අහගෙන් හිටියෙ හීනෙන් වගේ...මින්ජි ගැන් තාම තොරතුරක් නෑ කිව්ව ගමන් ජංකුක් කේන්තියෙන් ගිනිගත්තා...ඒත් එක්කම ජංකුක් මහ හයියෙන් කෑ ගැහැව්වා....

"නර්ස් මින්....නර්ස් මින්...එනවා ඉක්මනට ...."

එතකොටම වගේ නර්ස් මින් කලබලෙන් වගේ ඇතුලට ආවා.....

" මොක්ද සර්....මොනව හරි ගෙනත් ඕනෙද....."

" ඔව් ....මට මගේ මින්ජිව ගෙනත් දෙනවා...මම දන්නවා තමුන් කවුද කියලා මට මගේ මින්ජිව ගෙනත් දෙනවා....මට කියන්න එයාට මොකද වුනේ කියලා.....ඉතින් කියනවා.....යුංගි හියුන් එන්න මාත් එක්ක...මම දන්නවා මින්ජි ඉන්න තැන් ඒ බිල්ඩින් එකේමයි ඉන්නේ මින්ජි.....අපි ඉක්මනට යමු එන්න...තමුසෙ ....තමුසෙත් එනවා යන්න...මට මගේ මින්ජිව හොයාගන්න තමුසෙත් උදව් කරන්න ඕනෙ තේරුනානේ.....යමු හියුන්"

ජංකුක්  නර්ස් මින්ගෙ අත තදකරන් කෑ ගැහැව්වෙ පිස්සෙක් වගේ....ජංකුක්ගෙ ග්‍රහනයෙන් ඒ කෙල්ලව බේරගන්න යුංගිට ගොඩාක් මහන්සි වෙන්න වුනා...ඒත් ජංකුක් පිස්සෙක් වගේ රූම් එකෙන් එලියටමයි යන්න හදන්නේ....

" ජංකුක් නවත්තනවා....මම කිව්වනේ සංසුන් වෙනවා....ඒ ගොඩනැගිල්ලේ බෝම්බයක් පිපිරුවා....එතන හැමදේම විනාශ වුනා....දැන් වත් සංසුන් වෙනවා...."

ගොඩනැගිල්ලෙ බෝම්බයක් පිපිරුනු එක ගැන් යුංගි ජංකුක්ට නොකියන්න හිතාගෙන හිටියත් යුංගිගෙ කටින් ඒක කියවුනා....ඒක කිව්ව ගමන් ජංකුක් එතනම බිම දනගහගත්තේ හිටගෙන් ඉන්නවත් ජංකුක්ට මේ වෙලාවෙ බැරි නිසා....යුංගි ඉක්මනටම ජංකුක්ව බදාගෙන "සමාවෙන්න " කියලා කිව්වා...ඒත් එක්කම ජංකුක් යුංගිවත් බදාගෙන අඩන්න ගත්තා....පැය දෙකකටත් වඩා ජංකුක් ඇඩුවා අන්තිමට අඩලම කොල්ලට නින්ද ගිහින් තිබ්බා....

ඒ ජංකුක්ගෙ පැහැරගැනීම ,මින්ජි,මින්හු හැමෝම මේ සිද්දියට සම්බන්ද බව විතරක් යුංගි තේරුම් ගත්තා....ජංකුක් දැන් ඉන්න තත්වෙත් එක්ක මේ කිසිම දෙයක් ගැන් හරියට දැනගන්න වෙන්නෙ නැති නිසා ජංකුක්ට මේ ගැන හැමෝටම ඇත්ත එලි කරන්න කාලෙ දෙන්න ඕනි කියන එක යුංගි හිතේ තියාගත්තා

.
.
.
.

ජංකුක් ගොඩාක් අඩපු නිසා ජංකුක්ට ආයෙ ඇහැරුනේ රෑ එකට විතර....නැගිට්ට ගමන්ම ජංකුක් නර්ස් මින්ව හොයන්න ගත්තෙ මින්ජි ගැන තොරතුරක් හොයාගන්න....ඒත් නර්ස් මින් ගැන කිසිම හෝඩුවාවක් ඉතුරු නොකරම කෙල්ල අතුරුදහන් වෙලා තිබ්බා....කෙල්ල හිටපු cctv video එකක්වත් කොල්ලට හොයාගන්න බැරි වුනා....ජංකුක් එදා මුලු දවසම කලේ ඔහේ බලාගත්තු අත බලාගෙන හිටපු එක....ජින් බලෙන්ම කෑ ගහල සුප් හැදි දෙක තුනක් පොවාගත්තෙ බොහොම අමාරුවෙන්...එදා හවස ජංකුක්ට රිලැක්ස් එකේ ඉන්න දීලා හැමෝම ආයෙ ගියෙ ජංකුක්ගෙ ඉල්ලීමටමයි....

හැමෝම ගියාට පස්සෙ ජංකුක් මූන හෝදගන්න වොශ් රූම් එකට ගිහින් එනකොට ජංකුක්ගෙ ඇද ලග පොඩි කඩදාසි කොලයක් තියලා ගිහින් තිබ්බා....

" මින්ජි ගැන කියන්නම් .......අද රෑ අටට විතර හොරාට හොස්පිටල් එක පිටිපස්සෙ පාර්ක් එකට එන්න
මින්"

තමන් මෙච්චර දවස් හොයපු කෙනාම කිසිම පැකිලීමක් නැතුව අවශ්‍ය තොරතුරු දෙන එක ගොඩාක් අමුතුයි කියලා හිතුනත් මේ වෙලාවෙ හැටියට කරන්න වෙන දෙයක් නැති නිසා රෑට මින්ව බලන්න යනවා කියලා ජංකුක් තීරනය කලා.....ඒ නිසාම බොන්න තියෙන බෙහෙත් වලින් නිදි පෙත්ත නොබී අනිත් ටික බීලා තමන්ගෙ ආරක්ශාවට ඉන්න ගාඩ්ලටත් තමන් නිදාගන්න යනවා කියලා ජංකුක් නිදාගන්නවා වගේ රගපෑවා......ඇතුලෙන් කාමරේ ලොක් කරපු ජංකුක් ඉක්මනට ඇදුමක් දාගත්තා....

" හොද වෙලාවට ජින් හියුන් ඇදුම් දෙක තුනක් ගෙනාවෙ....මින්ජි මැනික ඉවසන්න මම ඉක්මනටම ඔයාව හොයාගන්නම්...ඔයා මගෙන් ඈතට දිව්වට මම ඔයාව හොයාගන්නම්"

සම්පූර්නෙන්ම කලු පාට ඇදුමක් දාගත්තු ජංකුක් වොශ් රූම් එකේ ජනේලෙ ගාව තියෙන පීප්පයක් උදව් කරගෙන පල්ලෙහට ආව....පොඩි සීරිම් ටිකක් විතරක් වෙලා තිබ්බ නිසා ජංකුක්ට මේ වැඩේ කරන්න එච්චර අමාරු වුනේ නෑ....ඉක්මනට මාස්ක් එකකුත් දාගෙන ජංකුක් පාර්ක් එක පැත්තට ඇවිදගෙන ගියා....පාර්ක් එකේ මේන් ගේට් එක් ලග කලුපාට හුඩ් එකකු‍යි කලු කලිසමකුයි ඇදගත්ත කෙල්ලෙක් වට පිට බල බල හිටියා.....ජංකුක්ව දැක්ක ගමන් ඒ කෙල්ල ඉකමනට ජංකුක්ට අත වනලා උඩ පැන්නා...ඉක්මනටම එතනට ගියපු ගමන් ජංකුක්ගෙ අතින් අල්ල ගත්ත කෙල්ල ජංකුක්වත් ඇදගෙන පාර්ක් එකෙ පාලු පැත්තකට ඇදගෙන ගියා.....දෙන්නම එතන තිබ්බ බංකුවකින් වාඩිවුන ගමන් කෙල්ල කතා කරන්න ගත්තා....

" මිස්ට ජංකුක් මට සමාවෙන්න ඔයාලගෙන් හැංගුනාට.....මම දැක්කා ඔයා අපේ මින්ජි උන්නිට ගොඩාක් ආදරෙයි කියලා...ඉතින් ඒක නිසා තමයි මින්ජි උන්නි ගැන මම දන්න විස්තර ටික ඔයාට කියන්න තීරනය කලේ...මම දන්නවා මින්ජි උන්නි අනිවාරෙන් ඔයාට ඒ ගැන කියලා නැතුව ඇති කියලා...."

තමන්ට එහෙම කිසි දෙයක් නොකියවපු බව කියන්න ජංකුක් ඔලුව හෙල්ලුවා....

" හ්....හොදයි මම මුල ඉදන්ම පටන් ගන්නම්....මැදින් ප්‍රශ්න අහන්න එපා...."

" හොදයි"

" මින්ජි උන්නි කියන්නේ අපේ පරන අගමැතිගෙ දුව....ඇත්තටම අගමැතිට නිවුන් ගෑනු ලමයි දෙන්නෙක් හිටියා....ඒ දෙන්නගෙන් බාලම දුව තමයි මින්ජි කියන්නෙ....උන්නි තමයි ජිවෝ කියන්නෙ...ජිවෝට පොඩිම කාලෙ වෙච්ච දරුනු අනතුරක් නිසා එයාට සදාකාලිකවම ඇවිදින්න බැරි වුනා....ඒ වගේම කතා කරන්නත් බැරි වුනා....ඒ නිසාම අනතුර වෙච්ච කාලෙම නිවුන් ගෑනු ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් මැරුනා කියලා ප්‍රසිද්ද කලා.....එතකොට මිස්ට පාර්ක් කියන්නෙ අගමැති පවුලේ ලගම හිතවතෙක්...එතකොට ඒ පවුලේ කවුරුවත් ඒ නරුමයගෙ ඇත්ත තත්වෙ මොන වගේද කියලා දැනගෙන හිටියෙ නෑ.....

ඉතින් දවසක් මින්ජි උන්නිලගෙ පවුලම නිවාඩුවකට යන අතරෙ ලොකු අනතුරක් වුනා....ඒක මුලු රටේම ප්‍රසිද්ද වුනේ ඒ ආන්ඩුවෙම හිටපු මන්ත්‍රීන් කන්ඩායමක් කරපු වැඩක් විදියට....ඒකෙන් වුනේ ඇස් පනාපිටම ආන්ඩුව පෙරලුනු එක....ඇත්තටම එද වුනු දේ දැනගෙන හිටියෙ දෙන්නනයි එක්කෙනෙක් මින්ජි උන්නි...අනිත් කෙනා අගමැතිතුමාගෙ ප්‍රදාන උපදේශකයා.....එදා මින්ජි උන්නිලගෙ කාර් එක කදු පාරක යනකොටම car එකේ රෝද වල හුලං ගිහින් තිබ්බා....ඩ්‍රයිවර් කියලා ටික වෙලාවක් යාවි කියලා....ඉතින් මින්ජි උන්නිගෙ උන්නිව කාර් එකේ තියලා අනිත් අය ටිකක් එලියට ඇවිල්ලා

කට්ටියම කාර් එකෙන් එලියට බැහැපු ගමන් ඩ්‍රයිවර්ගෙ ඔලුවටම කෙනෙක් ශූට් කරලා....හැමෝම හිතාගන්න බැරුව බලාගෙන ඉද්දි අර තිරිසන් පාර්ක් සම්පූරන මැර කල්ලියක් එක්ක එතනට ඇවිත් මින්ජි උන්නිගෙ තාත්තගෙ ඔලුවට වෙඩි තියලා....එයා මොනවත් කියන්නත් කලින්ම මැරිලා ....මින්ජි උන්නිගෙ ඔම්මා මින්ජිව එයාගෙ පිටිපස්සෙ හංගගෙන ....එයාට කියලා හොරාට එතන තියෙන තැනකින් හැංගිලා ඉන්න කියලා එයාව කවුරු හරි බේරගන්නකම්...මින්ජි උන්නිට ඒ වෙන දේ ගැන කිසිම් තේරුමක් තිබ්බෙ නැතත් ඔම්මා කියපු දේ කලාලු.....මින්ජි උන්නි හැංගිලා වෙච්ච හැමදේම බලාගෙන ඉදලා....පාර්ක් ලගට එද්දිම මින්ජිගෙ ඔම්මගෙ අතේ හිටපු මින්ජිගෙ මල්ලි අඩන්න අරන්....ඒකට තරහ ගියපු ගමන් පාර්ක් ඒ ලමයගෙ කම්මුලට හයියෙන් ගහලා...උන්නි කියපු විදියටනම් එතකොට එයාගෙ මල්ලිට අවුරුදු දෙකක් විතරලු..ගහපු පාරට පොඩි එක්කෙනාට අඩාගන්නත් බැරිවෙලා...මින්ජිගෙ ඔම්මා අඩ අඩම කියලා තියෙන්නෙ එයාගෙ ලමයින්ට ඉන්න දෙන්න කියලා....ඉතින් පාර්ක් මින්ජිගෙ ඔම්මගෙන් බබාව උදුරලා අරගෙන මින්ජිගෙ ඔම්මට කියලා මම මේ ලමයට ආයෙ රිද්දන්නෙ නෑ කියලා....ඒත් එක්කම ඒ පොඩි කෙනාව කන්දෙන් පල්ලෙහාට දාලා....

ඒක දැක්ක ගමන් මින්ජිගෙ ඔම්ම පිස්සෙක් වගේ ඔලුවට ගහ ගහ පාර්ක්ට ශාප කරන්න අරන්....ඒකට කේන්ති ගිහින් පාර්ක් ඔම්මට හොදටම ගහලා...පස්සෙ ඔම්මගෙ ඇදුම් ඉරලා දාලා අර මිනිස්සු ඉස්සරහම....මින්ජිගෙ ඔම්මට කරන්න පුලුවන් ලොකුම තිරිසන් වැඩේ පාර්ක් කරලා....ඊට පස්සෙ මින්ජිගෙ ඔම්මවයි තාත්තවයි කාර් එකට දාලා ඇතුලෙ පනපිටින් හිටපු මින්ජිගෙ උන්නිවත් එක්කම ගිනි තියලා....පාර්ක් මේ හැම දේම කරලා තියෙන්නෙ එයාගෙ ඔක්කොම ජාවරම් ටික අලුතින් පත්වෙන අගමැතිට කියලා කරගන්න....ඒ වගේම දැන් ඉන්න අගමැති ටික ටික පාර්ක්ගෙ ග්‍රහනයෙන් මිදෙන නිසා තමයි අර තිරිසනා එක පාරක් කරපු වැඩේ ආයෙමත් කරන්න හදලා තියෙන්නෙ....ඒ වගේම මේ පැහැර ගැනීම නිකම්ම බෝම්බ පිපිරීමක් විදියට පෙන්නලා දීලා තියෙන්නෙත් මේකට රටේ හුගක් ලොක්කො සම්බන්ද නිසා....හැබැයි දැන් ඒ ප්‍රශ්නෙ ඉවරයි කියලා අපි හිතාගෙන ඉන්නවා....හැමදාටම එහෙම වුනොත් හොදයි....ම්ම් හරි ...ඊට පස්සෙ....

වෙච්ච දේවල් දැකලා මින්ජි උන්නිට සිහිය නැති වෙලා....එයාව හොයාගෙන තියෙන්නෙ මම අර කිව්ව ප්‍රදාන උපදේශකයා තමයි...........අර සිද්දියෙන් ඇති වෙච්ච කම්පනේ නිසා මින්ජි අක්කට අවුරුද්දක් විතර කතා කරගන්න බැරි වුනා....මින්ජි උන්නිව හංගන්න ඕනි නිසා අර උපදේශකතුමා එයාව අනාත නිවාසෙකට දැම්මා....එතකොට මින්ජි උන්නිට අවුරුදු හයක් වගේ....අපි දෙන්නා හම්බවුනේ එහේදි................අපිට හිටපු පාලිකාව මින්ජි උන්නිට සැලකුවේ අන්තිම නරක විදියට...එයා ඕක අවුරුදු එක හමාරක් විතර ඉවසුවා.....අන්තිමේ එයා ඒකෙන් පැනලා යන්න තීරනය කලා.....මමත් එයා එක්ක ලමා නිවාසෙන් පැනලා ආවා...හේතුවක් නොතේරුනත් මම එහෙම කලා....කොහොමහරි උපදේශකතුමා අපිව සතියක් ඇතුලත හොයාගත්තා....එයා අපිව විශේශ තැනකට බාරදුන්නා.............

ඒක තමයි විශේශ රහස් බලකාය.....සාමාන්‍ය ජනතාව ඒ ගැන කවදාවත් දන්නෙ නෑ....ඒ තරමට ඒක අතිවිශිශ්ට තැනක්.........එහේදි අපිව පුහුනු කලා විශේශ මෙහෙයුම් වලට...එහේදි අපිට අපි වගේම ගෑනු ලමයි පහලොස්දෙනෙක් හම්බවුනා....ඒ අතරින් කෙනෙක් තමයි මින්හු උන්නි...ඔයා හිතාවි ඒ තැන බාලඅපරාද වෙන තැනක් කියලා....එහෙම හිතන්න එපා හොදද....ඒක නිසා තමයි අපිට ජීවත් වෙන්න අලුත් ජීවිතයක් ලැබුනේ.....අපේ පුහුනුවීම් වලින් අන්තිමේ ගෑනු ලමයි දහයකින් හැදුනු විශිශ්ටම ලමා රහස් නියෝජිත කන්ඩායමක් හැදුනා...අපේ පලවෙනි මිශන් එක කරද්දි මින්හු උන්නිට වයස දොලහයි වගේ.....අපි මිශන් පහලවකට වඩා සාර්ථකව කම්ප්ලීට් කලා......අපිට හම්බවුනු එක මිශන් එකක් තමයි පාර්ක්ව කොටු කරන්න ලැබුනු මිශන් එක...මින්ජි උන්නි හුගක් ඉකමනට මිශන් එකට කැමති වුනා...ඒකට හේතුව දැනන් හිටියෙ මායි මින්හු උන්නියි...මොකද අපි තුන්දෙනා හුගක් එකතුයි....මින්හු උන්නි තමයි අපෙන් වැඩිමල්ම එයා අපි හැමෝම ගැන ඔම්මා කෙනෙක් වගේ හොයලා බැලුවා....මින්ජි උන්නි අපේ ටීම් එකේ කැප්ටන් විදියට අපිව උපරිමෙන්ම බලාගත්තා ...ශක්තිමත් කලා....ඒ වගේම ඒ වෙනකොට හිටපු දක්ශම නියෝජිතයෝ අතරින් එක්කෙනෙක් තමයි මින්ජි කියන්නෙ ......අපිට ඒ මිශන් එක ලැබුනේ මීට අවුරුදු එක හමාරකට කලින්.....

එතකොට තමයි අපි පාර්ක් ගැන හොදට හොයලා බැලුවෙ...අපිට තේරුනා මිනිහා ආයෙත් පැත්ත මාරු කරන්න හදන්නෙ කියලා....එයා තෝරගෙන තිබ්බෙ මේ වැඩේට ප්‍රසිද්ධත්දය...ඒ වෙන කවුරුවත් නෙමෙයි BTS BOYBAND එක ....ඒකෙනුත් ඔයාව..අපි ඒක හොයාගත්තෙ ඔය හත්දෙනාවම ෆලෝව් කරලා.....ඒක නිසා අපි big hit එකක් එක්ක බලෙන්ම ගිවිසුමක් අත්සන් කලා...මුලදි එයාලා බෑම කිව්වා ඒත් අපි තත්වය තේරුම් කරලා දීලා එයාලව කැමති කරගත්තා....ඉතින් අපි ඔයාව වගේම අනිත් අයවත් අප්‍රසිද්ධව ආරක්ශා කලා....මින්ජි ඔන්නි ඔයාව ලගින්ම ආරක්ශා කලා...මොකද ඔයානෙ ප්‍රදාන ඉලක්කය.....මින්හු ඔන්නි මාත් එක්කම ටීම් එකේ අනිත් අය අනිත් මෙම්බර්සලව ආරක්ශා කලා....හැමෝම bighit එකේ වැඩ කරන්න ගත්තා....

ඒ අතරෙ අපේ රහස් පිටට සපයන කෙනෙක් ඉන්නව කියලා අපි හොයාගත්තා....මින්ජි ඔන්නි ඒක කියලා මාසෙකින් විතර ඒ කෙනාව හොයාගත්තා කියලා මට කිව්වා....ඒත් ඒ කවුද කියලා මට කිව්වෙ නෑ...ඒ අතරෙ තමයි ඔය දෙන්නා ලං වෙන්න ගත්තේ....මින්ජි ඔන්නි coffee shop එකේ ජොබ් එකක් ඉල්ලන් තියෙන්නෙ එයාට කතා කරන්න බෑ කියලා.....එයා ගොඩාක් දුක් වුනා ඔයාට බොරු කියන්න සිද්ද වුනු එකට....ඔයා එයාව පලවෙනි දවසෙ එලියට එක්කගෙන යනවා කිව්ව දවසෙ අපේ අපාට්මන්ට් එක ඇතුලෙ යුද්දයක් වගේ තිබ්බා....කෙල්ලො නවදෙනෙක් එකතු වෙලා තමයි මින්ජි ඔන්නිව රෙඩි කලේ....එයා ඔයාට ගොඩාක් ආදරේ කලා.....හිතාගන්නවත් බැරි තරම්....එයා ඒ වෙනකම්ම කිසිම හේතුවක් නැතුව ජීවත් වුන කෙනෙක් .....ඒත් ඔයා හම්බවුනාම එයාට ජීවත් වෙන්න හේතුවක් ලැබුනා කියල තමයි එයා කිව්වේ.....ඔයාගෙ උපන්දිනේ දවසෙ එයා අපිත් එක්කමයි ඒ ඩොනේට් එක කලේ....ඒ වගේම එයාගෙ උපන්දිනේ දවසෙ ඔයාව බලන්න හුගක් ආසාවෙන් හිටියෙ....ඒත් අපිට ඔයාව පැහැරගන්න පැයකට විතර කලින් තමයි ඒ ගැන ස්තිරම ඔත්තුව ලැබුනේ......ඒකයි අපිට ඔයාව බේරගන්න එන්න පරක්කු වුනේ....අපි හැමෝම එතන හිටපු අයත් එක්ක හොදටම ෆයිට් කලා.....ඒත් අපිට ඕඩර් ලැබුනා ඉක්මනටම ගොඩනැගිල්ලෙන් එලියට එන්න කියලා අපි එලියට එනකොටම බෝම්බ දෙකක්ම පිපිරුවා....මම මින්ජි උන්නිව හැමතැනම හෙව්වත් හොයාගන්න බැරිවුනා....අපි කාටවත්ම එයා ගැන හොයාගන්න බැරි වුනා.....එයාගෙ හැම ෆයිල් එකක්ම අතුරුදහන් කරලා.....හැම එකක්ම......සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ එයාව අස් කලාම හරි...............ඒ...එයා ම්.මැරුනම හරි.............."

" මොනවද කියවන්නේ....මින්ජි එයා එලියට ආවෙ නැද්ද එතකොට"

" මම දන්නෙ නෑ මම දන්නෙ ඔච්චරයි...අපේ කන්ඩායම විසිරුවා....මින්ජි උන්නි ඔයාට ගොඩාක් ආදරේ කලා ඉතින් ඔයාට ප්‍රශ්නයක් නැද්ද කියලා බලන්නයි මම හොරාට හොස්පිටල් එකට ආවෙ.....මම අද රෑ චීනෙට යනවා....එහේ ඩොක්ට කෙනෙක් විදියට මගේ උපාධිය සම්පූර්න කරන්න....මම ආයෙ එන්නෙ නෑ කොරියාවට....ඉතින් මම යන්න කලින් ඔයාට මේ කතාව කියන්න ඕනි වුනා.........මම මෙහෙම කියනවට සමාවෙන්න....ඔයා අලුත් ජීවිතයක් අද ඉදන් පටන් ගන්න බලන්න...මින්ජි උන්නිට ඕනි වුනේ ඔයා සතුටින් ඉන්නව බලන්න....ඉතින් හොද ලස්සන ජීවිතයක් ගත කරන්න මින්ජි උන්නි වෙනුවෙන්වත්.....මේකයි අපේ ජීවිතේ අපේ අකමැත්තෙන් වුනත් සමහර දේවල් අතාරින්න වෙනවා ...ඉතින් අපිට ජීවිතේ ඉස්සරහට ජීවත් වෙන්න ඒ දේ කරන්නම් වෙනවා...............ඒක තමයි නීතිය....හැමදේම වෙන්නෙ එහෙමයි.........මම එහෙනම් යන්නම්....අපි ආයෙ කවදාවත් හම්බවෙන එකක් නෑ.....සතුටින් ඉන්න....මගෙන් අනාගතේට සුභපැතුම් මිස්ට ජංකුක්.....ඔයාට ඒක කරන්නම වෙනවා....එයාට යන්න දෙන්න වේවි ...."

කෙල්ල යන දිහා කිසිම හැගීමක් නැතුව බලාගෙන හිටපු කොල්ලා ටික වෙලාවක් ඔහේ බලාගෙන හිටියා.....

" මට ඒක කරන්න බෑ...ඔයාට යන්න දෙන්නෙ කොහොමද මම මින්ජි"

එවෙලෙම කොල්ලා නම්ජූන්ට කෝල් කලා

" නම්ජූන් හියුන්....මාව එක්කගෙන යන්න ....මට තවත් මේක දරාගන්න බෑ.....මම ඉන්නෙ හොස්පිටල් එක පිටිපස්සෙ පාර්ක් එකේ....ඇවිත් මාව එක්කගෙන යන්න....."

°
°
°
°
°

කොහොමද රීඩර් බබාලා 😅😅 අදහස් කියාගෙන යන්න හොදේ......ඊලග එපියෙන් හම්බවෙමු....

_VIKII_

Ga verder met lezen

Dit interesseert je vast

13.1K 2.9K 45
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
24.4K 5.9K 22
"එයා කව්ද මට එහෙම කරන්න...? එයා කවුරු උනත් එයාට බෑ මගෙ ජීවිතේ තීරණේ කරන්න.. මගේ දෛවය ලියන්නෙ මමයි.. මම විතරමයි..." Fanfiction only ❤️ ⚠️️කොපි කරන්න එ...
568K 35.2K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
564K 48.7K 21
Kookv yaoi fanfiction Language - Myanmar (unicode+zawgyi) Topkook/Vottom Started Date ~ August 11 , 2019 Ended Date ~ October 23 , 2019 Sorry if so...