මින්ජි කා එකට නැගලා ජංකුක්ගෙ අතින් අල්ල්ලා තද කරනකම්ම ජංකුක් හිටියෙ හීන ලෝකේක....
මින්ජි කරපු දේ නිසා තමයි ජංකුක් පියවි සිහියට ආවෙ....
" මින්ජි ඔයාඅද වෙනදටත් වඩා ලස්සනයි...."ලැජ්ජාවෙන් රතුවෙන මින්ජි දිහා බලපු ජංකුක් කිසිම සද්දයක් නැතුව ඩ්‍රයිව් කර්න්න ගත්තා.....
පැය තුනක විතර ගමනකින් පස්සෙ තමයි ජංකුක්ට ඕනි තැනට ආවෙ....ජංකුක් ඉක්මනට කා එකෙන් බැහැලා මින්ජිටත් කා එකෙන් බහින්න ඩෝ එක ඕපන් කලා..
එලියට ආපු මින්ජිටනම් ජංකුක් ගැන සිහියක් නෑ.....එයා පුදුමෙන් වගේ වටේ බලනවා.....ඒක තැනිතලාවක්....සම්පූර්න සුදුම සුදු තැනිතලාවක්.....ඒකෙ මැද පුංචි කැලැවක් වගේ එකක් තිබ්බා....
ජංකුක් මින්ජිගෙ අතින් අල්ලගෙන පලවෙනි අඩිය තියද්දිම අර පුංචි කැලෑව ලයිට් එලියෙන් පිරුනා....මින්ජිගෙ අතින් අල්ල ගත්ත ජංකුක් ටික ටික කැලෑව පැත්තට යන්න ගත්තා....
ඒක පොඩිම පොඩි ගස් කිපයක් තිබ්බ තැනක්....ජංකුක් මින්ජොව ගස් ටික මැද්දෙන හිටවලා උඩ බලන්න කිව්වා....
මින්ජිගෙ ඇස් පුදුමෙන් පිරෙන්න තත්පරයයි ගියේ....වේලිලා ගියපු ගස් වල උසම කොන් එකතු වෙලා ලස්සන හදවතක හැඩයක් මවලා.....මින්ජි තාමත් ඉන්නේ ඒ හදවත දිහා බලාගෙනමයි
.....කුක් මින්ජිගෙ අත් දෙක තමන්ගෙ අත් දෙකෙන් අල්ල ගත්ත එකට තමයි මින්ජි ජංකුක් දිහා බැලුවෙ .....දෙන්නා දෙන්නගෙම ඇස් වල අතරමං වෙලා....ටිකකින් ජංකුක් කතා කරන්න ගත්තා.....
" මින්ජි මට ඔයාට කියන්න ලොකූ කතාවක් තියෙනවා....ඔයාව මුලින්ම හම්බවෙලා මම ගෙදර ගියාට මගේ හිත මම ඔයා එක්ක තියලා ගිහින් ...දැන් ඒක ඔයා ලග....මම ඒ මුලු සතියෙම ඔයා ගැන විතරයි හිතුවෙ මින්ජි.....ඔයා කිව්වා හරි හැම හිම පියල්ලක්ම විශේශයි.....අපි හැමෝටම අපිටම කියලා හිම පියල්ලක් තියෙනවා....ඉතින් මම හිතන්නෙ ඔයා තමයි මගේ හිම පියල්ල...නැත්තන් මම ඔයාගෙ හිම පියල්ල.....මට ඒ උනුසුම හොයාගන්න උදව් කරන්න.....මින්ජි මම ඔයාට ආදරෙයි...මට හිතාගන්න බැරි තරම්...ඔයා සරලයි ලස්සනයි පුංචි හිම පියල්ලක් වගේ....මගේ ලගින් ඉන්න කැමතිද මින්ජි...."
ජංකුක් එක හුස්මට මින්ජි දිහා බලාගෙන කිව්වා...මින්ජි තාමත් ජංකුක් දිහා බලාගෙන හිටියෙ...දෙන්න තාමත් දෙන්න දිහාම බලාගන ....ජංකුක්ගෙ හදවත් එලියට පනින්න වගේ දැන්නම්.....එකපාරටම මින්ජි ජංකුක් දිහා බලලා ඇස් පුංචි කරලා හිනාවුනා අත් දෙකක් තද කරලා අල්ලගෙන....ජංකුක්ට හිතාගන්නවත් බැරි උනා....ජංකුක් ඇස් පිය ගහන ක්ශනිකෙට මින්ජිව තමන්ට තුරුල් කරගත්තා.....විනාඩි ගානක් ජංකුක් මින්ජි ඒ විදියටම හිටියා.....ඒත් මින්ජි එක පාරටම බිම බලාගෙන තමන්ගෙ තොල් දෙක අතගෑවා....ජංකුක් මින්ජිව තවත් තුරුල් කරගත්තා
" මින්ජි ඔයා ඒ ගැන හිතන්න එපා....මම කවදාවත් ඒ ගැන හිතන්නෙ නෑ...ඔයාට කතා කරන්න පුලුවන් වෙනව අනිවාරෙන් ....ඒ ගැන හිතන්න එපා....මම ඔයාව හැමදාමත් සතුටින් තියන්නම්...ගොඩාක් ආදරේ කරන්නම්...හැමදාම ඔයාගෙ හදවත් උනුසුම් කරන්නම්....මාත් එක්ක ඉන්න..."
මින්ජි ගොඩාක් සතුටින් ජංකුක් දිහා බැලුවා....ජංකුක් තවත් මින්ජිව තමන්ට ලං කරගෙන මින්ජිගෙ මූනට ලං උනා....දෙන්නගෙම හුස්ම දෙන්නගෙ මූනේ වැදෙනවා....දෙන්නගෙම හදවත් එලියට පනින්න තරම් වේගෙකින් ගැහෙන්න ගද්දි මින්ජි තාමත් ජංකුක් දිහා බලාගෙන ...ජංකුක් එයාගෙ සාක්කුවෙන් මොනව හරි දෙයක් එලියට ගත්තා මින්ජිට පෙනුනෙ නෑ ඒ මොකද්ද කියලා...මොකද ජංකුක් මින්ජිගෙ ඇස් වැහුවා....ඇස් අරිනකොට මින්ජිගෙ බෙල්ලෙ ලස්සන තෑග්ගක් තිබ්බා.....white gold necklace එකක් ...විශේශම දේ ඒකෙ shape එක ....ජක්කුක් මින්ජිට දීපු මාලෙ snowflake shape....ඒ මාලෙ ගොඩාක් චාම් මින්ජි වගේම ....ඒක මින්ජිට ගොඩාක් හොදට ගැලපුනා.....
" ලස්සනයි මින්ජි.....ඔයා තරම් නැතත් ඒකත් එක්ක ඔයා තවත් ලස්සනයි.....මම ඔයාව කවදාවත් තනි කරන්නෙ නෑ මගෙ ඈතට යන්න එපා මින්ජි....සරන්හෙ..."
මින්ජි phone එක අරගෙන පුන්චි වචන ටිකක් type කරලා ජංකුක්ට පෙන්නුවා
" මම හැමදාම ඔයාව ආරක්ෂා කරනවා...මම පොරොන්දු වෙනවා...ඔයාට කිසිම කරදරක් වෙන්න දෙන්නෙ නෑ.....මම ඔයාව බේරගන්නවා හැම කරදරේකින්ම"
" පොඩි කෙල්ල ...ඔයා මාව ආරක්ෂා කරනවද....කෝ මෙහාට එන්න ඔයාව ඈත් කරලා තියන්න ලෝබයි මට....."
ජංකුක් මින්ජි ගොඩාක් වෙලා එතනට වෙලා හිටියා....දෙන්නා දෙන්නවම තේරුම් ගන්න ගොඩාක් හොදට උත්සාහා කලා.....දෙන්නා දෙන්නට දුන්නු පොරොන්දු රකින්න දෙන්නම කැපවෙන්න තීරනය කලා....හුග වෙලාවකට පස්සෙ ජංකුක් මින්ජිව එපාර්ට්මන්ට් එක ගාවට දැම්මා....ඒ ජංකුක් මින්ජි හිටපු තැන දැකපු පලවෙනි පාර....පරක්කු වෙලා තිබ්බ නිසා මින්ජි ජංකුක්ව ඉක්මනට ගෙදර යැව්වා...
.
.
.
.
.
At bts dorm
" කට්ටිය මම ආවා...."
ජංකුක් බිමට හරව ගත්ත මූනකුත් එක්ක හ්‍යුන්ලා ගාවට ගියා....හැමෝම බය වෙලා....ජංකුක් එක පාරටම ඔලුව උස්සලා එයාගෙ බනී හිනාව දාලා හියුන් වැඩේ හරි මින්ජි මට කැමති උනා කියලා කෑ ගැහැව්වා
ඒක කිව්ව විතරයි ටේ ජිමින් බදාගෙන අඩනෝ....ජින් ජංකුක්ව යට කරගෙන....හොබිත් ජින්ට උදව්වට කුකීගෙ ඇගටම පැන්නා....සුගා නම්ජූන් ආඩම්බරෙන් බලාගෙන හිටියා....හැමෝම සතුට සමරලා ඉවර උනාම නිදාගන්න ගියා ......
.
.
.
.
.
මින්ජි වගේම ජංකුකුත් ගොඩාක් සතුටින් හිටියේ...දවසින් දවස දෙන්නගෙ ආදරේ තවත් ශක්තිමත් වුනා....
එක දවසක් coffee shop එකේ වැඩ කර කර හිටපු මින්ජි ලගට ආව ජීව් ඔන්නි කිව්වෙ මින්ජිව හම්බවෙන්න දෙන්නෙක් vip room එකේ බලාගෙන ඉන්නව කියලා....ඉක්මනට ඒප්‍රන් එක ගලවපු මින්ජි අඩියට දෙකට ජීව් ඔන්නි කිව්ව room එක ගාවට ආවා....ලොකු හුස්මක් පිට කරලා දොර ඇරගෙන ආව මින්ජි දැක්කේ......
°
°
°
°
°
°
°
ඔන්න මම ජංකුක්වයි මින්ජිවයි එකතු කලා හොදේ....මරන තරජන කරමු හැමෝම මේ සතුටට මට විස්කෝතුව ගානෙ දෙන්න හොදේ...මට හිතෙනෝ මේ කෑල්ල බොලද වැඩී කියලා...බොලදයි නේ ටිකක්.....ඉවසන් ඉන්න...ඉක්මනට ඒ ගතිය නැතිවෙලා යාවි....
_VIKII_