♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ |...

By 123456gayu

14.8K 2.3K 1.7K

Daughter of the moon ❤️ More

හැදින්වීම
1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
අවසාන කොටස
A/N

13 කොටස

469 86 149
By 123456gayu

ඊයේ පාටි එක නිසා අස් කරලා හැමෝම ගියා නිදාගන්න... දැන් ගයූත් උන්නිලා එක්ක දොයියන්නේ ඉස්සර වගේ..

ගයූ මිනුවව බදාගෙන නිදි ... මිනුවා ගයූගේ කකුල් දෙක බදාගෙනම නිදි...

හැල්මොනිව මින්සුවා බදාගන්න එද්දීම හැල්මොනි නින්දෙන්ම තල්ලු කරනවා මින්සුවව...

හියුවා අනිත් පැත්තෙන් ගයූව බදාගෙන නිදි... ගයූ දැන් දෙන්නෙක්ගෙන් තැලිලා පොඩි වෙලා නිදි හරි හරියට...

ලෙයායි ලෙඩායි කොහොමත් කපල් එක වගේ පස්සත් උඩ දාන් නිදි...

උදේම කුකුලා කෑගහනවා වගේ එලාම් රාජයා කෑගැහුවා..

"නැගිටපාන් නැගිටපාන් නැගිටපාන්"

කියන සද්දේ ඇහිච්ච ගමන් ලෙඩා "අන්න අඩූ පාන්කාරයා යනවා නවත්තපල්ලා ඔය මිනිහව බනිසක් කන්න..."

ඒ වෙලාවෙදී හැල්මොනි කොහොමත් නැගිටලා කොස්සත් අරන් කට්ටියව නැගිට්ටවන්න යන්න හිටියේ...

Halmoni :- "හැමෝම නැගිටපියව්... ඉස්සර වගේ සෙල්ලම් බෑ... නැගිටපියව්..."

Minu :- "තා සුට්ටක් ඉන්න හැල්මොනි..."

Hiyu :- "ඔව් හැල්මොනි මගේ හීනේ කුමාරයා තාම ආවේ නෑ මාව එක්කගෙන යන්න පොඩ්ඩක් හිටුකෝ..."

අනේ අම්මපා මුන් ඉස්සර වගේමනේ නැගිට්ටවන්න කොස්ස එපැයි🤐😒 දවසක මම මැරෙන්නේ මුන්ට කොසු වලින් තලලා මහන්සියටම😒 හැල්මොනි තනියම කියව කියව ඉද්දී බෙල් එකක් වැදුනා... හැල්මොනි ගියා දොර අරින්න දොර ඇරියා විතරයි...

"හී හායි ගුඩ් මෝර්නින්😁😁" හෑ🙄 මේ කුකී නේ උදේ පාන්දරම  ඇවිත් තියෙන්නේ හැල්මොනි හිතුවා විතරයි කුකී "ඔව් ඔව් මන් උදෙන්ම ආවේ ගයූට මෙසෙජ් දැම්මා කෝල් ගත්තා ආන්සර් කලේ නැති නිසා..."

Halmoni -: "ආහ් ඒකනේ මන් බැලුවේ කුකුලත් අතින් අරන් ආවේ මොකො කියලා.."

Jk -: "අයිගෝ මන් එද්දී චිකන් ගෙනාවේ නෑ.. මොකද ගයූ Vegetarian නිසා මන් ගේන්නෙවත් තියා හිතන්නෙවත් නැ 😁"

Halmoni :- "ආයිශ් මට මුන් එක්ක ඉදලා පිස්සු හැදෙයි ලගදීම..."

"මටත් එහෙම්මමයි..." කියලා කෙනෙක් කිව්වම හැල්මොනි ඒ පැත්ත බැලුවා විතරයි දැක්කේ පූසෙක් වගේ මූනක් තියෙන සුදුම සුදු හිම වගේ කොල්ලෙක් දොරේ හේත්තු වෙලා ඉන්නවා මොන වදයක්ද ගානට ලුක් එකක් දාගෙන කුකියට😂

ඒත් එක්කම ජේකේ "මන් යනවා ගයූව බලන්න..." කියලා අහන්නෙවත් නැතුව ඇතුලට ගියා කඩන්...😑හැල්මොනි මූ යකෝ කියලා පස්සෙන්ම ගියා...

ඒත් එක්කම දැක්කේ පිටිපස්සෙ තව දෙන්නෙක් ඉන්නවා කියලා...

Yoongiiii :- "ඒයී කුකීයෝ මෙහෙ එනවා ඔතන girls ලා නිදාගන්න රූම් එකක් මනුස්සයෝ..."

Hobi :- "ඒයී මෙහෙ එනවා...."

කුකීයා ඇහුනේ නෑ වගේ ඇතුලටම කඩාගෙන යද්දී දැක්කා ඒ සුමිහිරි දර්ශනේ කට්ටිය නිදාගෙන ඉන්න විදිහ...

කුකීගේ පස්සෙන් ගිය හොබීයී ටේටේයී යුන්ගීයී ඒක දැකලා හිනා වෙනවා හයියෙන්...

කට්ටියම හිනා වෙවී ඉද්දී එකපාරටම මිනුවා හයියෙන් ගයූව බදාගත්තා...දැන් නම් ගයූ හුස්ම ගන්න බෑවගේ සීන් එකක ඉන්නේ😶 කුකී අඩියට දෙකට දුවලා මිනූව පොඩ්ඩක් ඈත් කලා ආයේ ඒ යෝදී බදාගත්තා ගයූව😂

Jk -: "ආයිශ් ආයේ බදාගත්තා නේද😑"

Halmoni :- "ආහ්😂 ඔහොම තමා කුකී අක්කා නගාලා සැට් එකම...ඒක නෙමෙ පොඩ්ඩක් ඉන්න අර දෙන්නව අයින් කරමු නැත්තම් ගයූවට හුස්ම ගන්න බැරුව මැරෙයි😂😂"

හැල්මොනි යද්දී යුන්ගීත් ගිහින් අර කෙල්ලො දෙන්නව දෙපැත්ත කරද්දී කුකීයා හැරෙන තැපෑලට ගිහින් ගයූව උස්සගත්තා🤐 (A/N :- මේ දවස් වල හරිම රස්නෙයි නේද😶🤐)

Jk -: "කෝ නැගිටින්න ඒන්ජල්"

කුකී ගයූගේ කනට කරලා කියද්දී "යනවකෝ වදේ මොන කරදරයක් ද... ආයේ කරදර කලොත් හැල්මොනි ඇත්තමයි මන් ඔයාගේ කොස්ස පුච්චලා දානවා😤😤"

යුන්ගීයාට නම් හොදටම හිනා... ටේටේ උලුඅස්ස දිහා බලාගෙන හිනා වෙනවා..හොබියා නම් වෙන කල්පනාවක...

Halmoni -: "මන් ආයේත් කියන්නෙ ඔය හයදෙනාට නැගිටිනවද ගුටි කනවද😑"

හැල්මොනි ගේ කටේ සද්දේ නිසාම සැට් එක උඩ ගිහින්,

Leda :- "පස්වාන් දහසට දේවයන් වහන්ස මේ ගැත්තාට සමාව දෙන්න...ඕන් මන් ගියා..."

ලෙඩා දුවගෙන එලියට යද්දී තා පොඩ්ඩෙන් හේසෝකගේ ඇගේ...

Halmoni -: "ලෙයා තී ඇහැරෙන්නෙ නැද්ද😑😑"

Leya -: "හච්චෝන්න්න්න්🤧🤧 හරි හරි මේ නැගිට්ටා වදේ..."

ඔන්න දෙන්නෙක් නැගිට්ටා... ඔන්න අනිත් අමාරුකාරයෝ ටික තමා ඉතුරු...

Halmoni -: "හියු මිනු නැගිටිනවා දෙන්නම.... දැන් ඇති ඔය හීන බැලුවා නැගිටිපියාව්ව්ව්ව්..."

Hiyu :- "අපි 😴 නිදි... ඔබට යමක් පැවසීමට ඇත්නම් කරුණාකර මද වෙලාවකින් නැවත අමතන්න...😴😴"

Minu :- "ම්ම්ම්ම්හ් හැල්මොනි මෙතන හිටිය ගයූවා කෝ😴🙁 අනේ එයාව ඊයේ රෑ කවුරු හරි උස්සන් ගීන් 😭😴"

මිනුවා නින්දෙන් අඩනවා හියුවා නින්දෙන් කියෝනවා... හැල්මොනි ඔලුවේ අත ගහගෙන ඉන්නවා... යුන්ගී ගිහින් එකපාරටම බෙඩ් ශීට් එකම ඇද්දා අරුන් දෙන්නම බිම😂😂

Yoongiiii -: "යාහ් නැගිටිනවකෝ... හරිම කරච්චලේ මුන්ව නැගිට්ට්වන්න...හැමදාම ඔහොමද😑😤 මගේ කනත් රිදෙනවා 😤😤"

Minu හොද සිහියට ඇවිත් යුන්ගී දිහායි හැල්මොනි දිහායි යකො මුන් කවුද ලුක් එකෙක් දාගෙන අත් දෙකත් බැදගෙන ඉදගෙන ඉන්නවා...

Jk -: "අම්මෝහ් මෙයා නම් අපේ කොටාටම ගැලපෙනව😂"

Minu :- "මොකක්ද කිව්වෙ😑😤 කවුද අර කොටා... අනේ මගේ කට මන් මොනාත් කියන්නේ නෑ ඔය ගැන😤 ඒක නෙමෙ කුකී ගයූව උස්සන් ඉන්නෙ මොකද බිමින් තියනවා..."

මිනුවා කෑගැහුව තමා කට්ටියට මීටර් උනේ තාමත් කුකී ගයූව වඩාගෙන ඉන්නවා කියලා...ගයූත් හොදට නිදි ආදර මල් පවනේ සෝන්ග් එකත් මනෝ ලෝකේ දාගෙන...

Tae :- "කෝ නැගිටින්න හියූ... තාම බිම මොකො... නැගිටින්න..."

ටේටේ නැගිටෙව්වා හියුවව... ඔක්කොම දැන් හරි හැල්මොනි ගණන් කරනවා කට්ටිය ඇහැරිලද කියලා...

එතකොට තමා එකෙක් මිසින් කියලා තේරුනේ වෙන කවුරුත් නෙමෙ😂 ඉතිම්,

"මින්සුවෝඕඕඕඕඕ😑🙄🙄🙄"

හැල්මොනි කෑගහද්දී කෙල්ලගේ සද්දයක් නෑ... පස්සේ දැක්කේ පොඩි චිට් එකක් තියනවා කියලා... හැල්මොනි ඒක බලද්දී හැමෝම ගියා හැල්මොනි ගාවට...

ආදරණීය හැල්මොනි වෙත,

උන්නී මේකයී මන් යනවා පොඩි ගමනක් අර කවුද ජූන් ද මොකාද කියලා එක්කෙනෙක් එක්ක ඒ මනුස්සයා කෑගැහුවා එකපාරටම හාට් ඇටෑක් හැදුනා වගේ... ඉතිම් මට යන්න වෙනවා හැල්මොනි...

මේ ඒක නෙමෙ කාටවත් කියනවා එහෙම නෙමෙ😒 විශේෂයෙන් අර තුන් කට්ටුවට හොදේ😶😒

හැල්මොනි බලද්දී ඕන එපා කරපු සෙට් එකම බලලත් ඉවරයි 🙊😂

Yoongiiii -: "ආහ් ඔය අද අපේ ජූනා ආදරේ ප්‍රකාශ කරන්න යන්නේ..."

Jk -: "මොකක්🙄😶"

Hobi -: "වෙන්ඩ බෑහ්හ්😶😶"

Tae :- "ඔව් යුන්ගී හියොන්ග් හරි මිනිහා මල් පොකුරකුත් අරන් ගියේ😁😂"

Hiyu :- "හරි ඔය කට්ටිය ආවේ මොකද දැන්...🙄🙄"

Yoongiiii :- "අපිද අපි ආවේ ගයූව එක්කගෙන යන්න practice වෙන්න...
අනික සමරනායක අන්කල් කතාත් කලා ගයූට එන්න කියලා...ඒකයී මේ එක්කගෙන යන්න ආවේ..."

Halmoni -: "ආහ් ඒනම් ඉන්න මන් කට්ටියට මොනාව හරි හදන්න... කුකි ඔය ගයුවව ඇහැරවන්න..."

හැල්මොනි ගියා කස්ටියත් එක්කගෙන එලියට අර කොල්ලො හතර දෙනයි ගයූවයි තාම කාමරේ...

Tae :- " Little princess නැගිටින්නයි කිව්වෙ😒"

Gayu :- "කවුද අනේ ටේටේ වගේ කතා කරන්නේ🤧😴"

Yoongiiii :- "ටේටේ වගේ නෙමෙ ටේ තමා කතා කලේ කෝ කෝ නැගිටින්න"

යුන්ගී කුකීගේ අත්දෙකේ ඉන්න ගයූට කතා කරනවා...කුකී නම් වෙන ලෝකෙක ඉන්නේ ගයූගේ මූණ දිහා බලන සමථ භාවනාවේ යෙදෙන ගමන් වගේ...

යුන්ගී ඉතිම් කුකුල් කේන්තිකාරයෙක් නේ... කුකීගේ අතින් ගයූව උස්සලා හෙලෙව්වා...

කුකී හොද සිහියට ආවේ දැනුයි...
"යාහ් යුන්ගී හියොන්ග් මොනාද කරන්නේ😑😤😒"

ගයූවා දැන් තමා සුපිරියට ඇහැරුනේ...ඇහැරිලා බලද්දී යුන්ගී වඩාන් හොලවනවා😂

Gayu -: "හෑහ් ඔප්පා😒 මගේ නින්ද කැඩුවා නේද 😑"

Yoongiiii -: "අපිට practice කරන්න යන්න තියනවා මතක නැද්ද ගයූ😒🙄"

Gayu -: "ඒක නම් මට හොදට මතකයි ඇයි යකොව් මාව හෙල්ලුවේ ගහප් පයින්...😒😤"

ගයූ යුන්ගීව එලවගෙනම ගියා...යුන්ගී දුවනවා හරි හරියට... කුකී හිනා වෙලා අද ඉවරයි මූ නම් කියන බැල්මක් දාලා හිනා වෙනවා😂

Tae -: "අද ඉවරයි අපේ පුරු පුරු පූසා...ගයු හෙනට කොනිත්තනවා දන්නවා ද😂"

Hobi -: "ඔයා කොහොමද ඒක දන්නේ..."

Tae -: "දවසක් මතකද හියොන්ග් ඇහුවා කවුද මේ කොනිත්තලා තියෙන්නේ කියලා😒😂 අන්න එදා තමා මන් ගයුවගේ සැනැක් එක කාපු එකට වන්දිය ගෙව්වේ😒😒😂"

ඒත් එක්කම යුන්ගී හතිදාන් එනවා දුවලා... කුකීගේ ගාවින් නැවතුණ යුන්ගී "කුකී පරිස්සමෙන් ඉදාම් ඔයාගේ වෙන්න වයිෆ් හෙන කොටියෙක් වගේ🤐😂"

ගයූ ලෑස්ති වෙලා කෑමත් අරන්ම කට්ටිය එක්ක යද්දී අනිත් කෙල්ලො ටික බායි කිය කිය කෑගහනවා...

කොල්ලො ටික නම් හෙන කම්පියුස් මේ සැට් එක දැකලා...එයාලටත් හිතෙනවා එයාලා වගේම මෝඩ සෙට් එකක්මයි ඉන්නේ කියලා... කට්ටියම මාස්ක් දාගෙන හූඩි දාන් නැග්ගා කාර් එකකට...

ගයූ යද්දී ජින් , ජිමින් , නම්ජූන් තුන්දෙනාම ඉන්නවා... නම්ජූන්ගේ නම් මූණ හරි නැහැ කියලා දකිද්දී කට්ටියට තේරුනා වැඩේ ගැස්සිලා කියලා🤐😶

Jin :- "හරි එහෙනම් කට්ටියම practice කරමු ගයූ ආව එකේ...අපිට world tour එකත් තියනවා නේ☺️"

World tour එක නිසා මේ දවස් වල ගයූයි කොල්ලො හත්දෙනායි හෙනටම බිසී... ඒත් කෙල්ලො හයදෙනා නම් හෙන කම්මැලි ජීවිතේ ගෙවන්නේ... ගයූවත් නෑ නේ හෙන පාලු සීන් එකේ ඉන්නේ....

ඒත් එක්කම ඈශ්ලි ඇවිත් "නංගිලා හෙන කම්මැලි සීන් එකේ නේ ඉන්නේ මොකො කියන්නේ වැඩක් කරමුද..."

Leda :- "අම්මෝහ් ඇති යන්තම වැඩක් හරි හම්බුනාහ්..."

Leya :- "ඒක තමා😁😁"

Minu :- "ඉතිම් ඈශ්ලි ඔප්පේ ඔයාත් world tour එක යන්න ඕනේ නේද🙁 ඒත් මොකක්ද අපිත් එක්ක කරන්නේ..."

Ashley :- "හරියටම හරි... මාත් යන්න ඕනේ... ගයූගේ බර්ත්ඩේ එක දවසේ ගයූව වෙනස් උනේ නෑ නේ... ඒ හින්දා මට බයයි එයා world tour එකේ දී මොනා හරි වෙයි කියලා..."

Halmoni :- "ඒකත් ඇත්ත නේ ඔප්පා අපි මොකො කරන්නේ🙁🙁"

Ashley :- "ඔව් අන්න ඒ නිසා ඔයාලත් අපිත් එක්ක රහසේ world tour එක යනවා..😎😁"

ඒක අපහු කෙල්ලො සෙට් එකම
"මොකක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්"

-------------------------------------------------------

හායී 😁🤗

ඔයාලා බලනවා ඇති නේ මේ පාඩම් කරන්න ගිය එකා මේන් බොලේ කතාව අප්ඩේට් කරලා කියලා...

ඇත්තටම කිව්වොත් අප්ඩේට් කලේ මන් මගේ එක ඔන්ලයින් විභාගෙග වැඩිම ලකුණු අරන් ගත්ත පස්වනක් ප්‍රීතිය නිසා මන් මේ අප්ඩේට් කලේ 😍🤩😋😎😁

කතාව ඉක්මනට ඉවර කරන්න ද ???

••
••
••
••
••
••
••
••
••
••
••
••
••
••
••
 
ඒනම් හැමෝටම බායී...
ඊලගට මන් එද්දී කතාවම ඉවර කරලා අප්ඩේට් දාන්නම්...මාසයක් දෙකක් තුනක් හතරක් යයි හොදේ 😁😁 ඔයාලව හම්බෙන්න...

ඒනම් මන් ගියා...බායී😁👋❤️

Continue Reading

You'll Also Like

734 85 6
බයික් පිස්සුව හොඳයි .... 🏍️ ගාණකට තියෙනකම් .... 😁
17.4K 685 8
peep into to know more😝
3K 771 19
දරුවා බලන්න ඉස්පිරිතාලෙට ආපු අය දැක්කේ ඇද උඩ හිටිය රෝස මලක් වගේ ලස්සන චූටි කෙල්ලව...එතන කෙල්ලගේ අම්මා හිටියේ නෑ... නිල් පාට ලස්සන ඇස් දෙක යූරාගෙන් චූ...
12.3K 520 21
'The whole question here is: am I a monster, or a victim myself?' |max mayfield x male oc| |stranger things|