♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ |...

By 123456gayu

14.8K 2.3K 1.7K

Daughter of the moon ❤️ More

හැදින්වීම
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
අවසාන කොටස
A/N

1 කොටස

1.5K 158 97
By 123456gayu

"මිස් කරුණාකරලා මේ පැත්තෙන් එන්න...මිස්ගෙයි සර්ගෙයි ඇදුම් බෑග් ටික මෙහෙන් තිබ්බා..." යනුවෙන් අපේ මිස්ටර් සමරනායක අන්කල් කතා කරන සද්දේ....

උදෙන්ම කාර් එකේ නැග්ග මට මතක් උනේ මගේ ඔප්පා කිව්ව කතාව...

"ගයූ පැටියෝ... අපිට හෙට උදෙන්ම අලුත් ගෙයකට යන්න වෙනවා "

"අනේ ඔප්පා.... ඇයි ඒ එකපාරටම ගෙවල් මාරු කරන්නේ...😪😪"

"මේකයි නංගියෝ.... අපි මේ දවස් වල ලංකාවට ආවා කියලා අපේ FANS ලා කොහොම හරි දැනගෙන ඒ නිසා අපිට මෙහෙන් කොරියාවට යන්න වෙනවා...ඒකයී නංගී..."

මගේ ජීවිතේ අනුව ඒ කියන්නෙ මගෙයි ඔප්පගෙයි ජීවීතේ අනුව අපි දෙන්නා ලෝකේම දන්න ගායක සහ නර්තන ශිල්පීන් වීමයි... අපි දෙන්නා ඉපදුනේ ශ්‍රී ලංකාවේ... අපේ Agreement වලට අනුව අපි දෙන්නා පවුලෙන් ඈත් වෙලා ඉන්න ඕනේ අවුරුදු 10 ක්... ඒ නිසා එලියට නිදහසේ බහින්නත් බෑ fans ලා කඩාගෙන බිදගෙන දුවන් එන නිසා... මේ ජීවීතේ දැන් පුරුදු වෙලා මට මූන පේන්නෙ නැතුව ඇදුම් ඇදගෙන හැමතැනම යන එක , බොඩි ගාර්ඩ්ලාත් එක්ක යන එක වගේ දේවල් නිසා...

Ashley

මේ ඉන්නේ ගයූගේ ඔප්පා...නම Ashley Perera... ගයූගේ බලයන් ගැන මෙයා විතරයි දන්නේ ඒ නිසා තමන්ගේ නංගිව පන වගේ ආරක්ෂා කරනවා....

උදේම ඇදුම් බෑග් ටික සමරනායක අන්කල් අරන් බිග් හිට් එක ගාවින් මාව බැස්සුවා මොකද මට ඒකේ ඉන්න main director ව හම්බවෙන්න කියපු නිසා...ඔප්පා ලංකාවේ තාමත් ඉන්නෙ වැඩ වගයක් තියෙන නිසා සමරනායක අන්කල් එක්ක මාව කොරියාවට එව්වා..

Jeon Jungkook Pov °^°

උදේ පාන්දරම අදත් හියුන්ලා වලියක් ද කොහෙද වලියක් වෙන්න ඇති ඒකනේ ඔය සද්දේ... මම හිත හිත යද්දී මන් දැක්කා ජින් හියුන්ග් කෑගහනවා එයාගේ සෝස් පෑන් එක කඩපු එකා කවුද කියලා 😹😹 මට ඉතිම් හිත් කියවන්න පුලුවන් හින්දා හීමීට ආරෙම් හියුන්ගේ පැත්ත බැලුවා.. මිනිහා දමාගෙන හිතනවා බය වෙලාද කොහෙද 😹😹 බලමුකෝ කියවලා..

"අනේ දෙයියනේ වැරදිලා නේ කැඩුවේ දැන් ඉතිම් ජින් හියුන්ග් දැන ගත්තා කියන්නෙ මන් ඉවරයි කියන එක තමා.. ඇයි දෙයියනේ මට අඩු වයසින් මැරෙන්න බෑහ් 😭😭😨" නම්ජූන් හියුන්ග් හිතන විදිහ දැක්කම මට හයියෙන් හිනා ගියා... කට්ටියම මගේ දිහා බැලුවේ නැතැයි....

"කුකී මොකො😒 ඔයා හිනාවෙන්නෙ... ඒ පාර කාගේ හරි හිත කියෙව්වා වත්ද..." ජින් හියුන්ග් කෑගහනවා මට.. "යා හියුන්ග්... මන් දන්නවා ඔයාගේ ඔය සෝස් පෑන් එක කඩපු කෙනාව" කිව්ව ගමන් නම්ජූන් ඉස්සරහට පැන්න ගමන් "අනේ හියුන්ග් මියානේ හියුන්ග් මගෙන් අතින් බැරිවෙලා කැඩුනේ හියුන්ග් 😭😭😭😨😨" අප්පා මේකා වැඩේ කාගත්තා නේ මන් කිව්වෙවත් නෑ 😒😂 දැන් නාගනිම්කෝ කියලා මන් හිතලා කටවගෙන හිටියා...

"නම්ජූනාආආආආහ්හ්.... කමක් නෑ අපි අලුත් එකක් ගමුකෝ..." ජින් හියුන්ග් කෑගැහුව විදිහට මන් හිතුවේ නම්ජූන් හියුන්ග් ඉවරයි කියලා ඒත් හිතන්නවත් බැරි දෙයක් කරලා😆 ජින් හියුන්ග් මගේ පැත්තට හැරිලා " යා... කුකී මට තමුසෙට කිව්වා නේද හිත් කියවන්න එපා කියලා 😒😶 බලනවා මූ බය වෙලා තියෙන තරම... ඒක නෙමෙ බිග් හිට් එකේ Main director කිව්වා ඔයාට එයාව හම්බවෙන්න කියලා යනවා දැන්" හප්පා දැන් යමන් කෝ කියලා මන් මගේ හූඩියයි sunglasses දාගෙන කාර් එකට නැග්ගා...

Gayu's Pov °^°

මොන මරාලයක් ද දන්නේ නෑ ඩිරෙක්ටර්කාරයා කතාකරන්නෙ හදිසියේ මට කිය කිය මන් හිත හිත යද්දී ලිෆ්ට් එක වැහෙන්න ඔන්න මෙන්න යද්දී කෙනෙක් ගේ ඇගේ හැප්පිලා දුවගෙන ගිහින් දොර අල්ලගත්තා...😅😅 "ඇතියන්තම්" කියලා කිව්වා විතරයි ඇගේ හැප්පුන මනුස්සයා හැටට හැටේ රවලා මට එයාත් ආවා ලිෆ්ට් එකට....

"හයියෝහ්.... ඔප්පා ඔයා එන්නකූ මාව බලන්නවත් මට කම්මැලි... මේ දුස්ට ලෝකේ මා තනිකරලා ගියාදෝ..." කිය කිය මන් තනියම හිතේ බයිලා සින්දුවක් ගහ ගහ හිටියේ එහා පැත්තේ ඉන්න ඔරවපු එකා හිනා උනා මට...🙄"මේ මොන සමයමක්ද ඇයි මෙයා මට හිනා වුනේ... මන් කිව්ව එක ඇහිලවත් ද..." කියලා හිතුවා විතරයි ලිෆ්ට් එක ඇරුනා මම එයාටත් ගස්සගෙන එලියට ආවා..

Jeon Jungkook Pov °^°

මන් කාර් එකෙන් බැහැලා පෝන් එක ඔබ ඔබ යද්දී ඈතින් කෙල්ලෙක් හිත හිත දුවගෙන ඇවිත් මගේ ඇගේ හැප්පිලා ලිෆ්ට් එක අල්ලන්න දිව්වා... මම සින්දුවක් අහ අහ යන්නෙ හැමතිස්සේම මොකද මිනිස්සු හිතද්දී මට ඇහෙන නිසා😒💔 ඒකවෙලාවකට මහ කරදරයක්.... ඒ ගෑනු ලමයා ලිෆ්ට් එක අල්ලගත්තා.. ඕන් ඊට පස්සේ එයා "ඇතියන්තම්" කියලා හිතෙන් කිව්වා මන් ඊට පස්සේ ඇගේ හැප්පුන එකට රිටන් එක වශයෙන් එරෙව්වා..

ටික වෙලාවක් ලිෆ්ට් එකේ ඉද්දී කවුදෝ විරහ ගීතයක් කියනවා වගේ ඇහෙද්දී මන් බැලුවේ එහා පැත්ත ඒ ගෑනු ලමයා "හයියෝහ්.... ඔප්පා ඔයා එන්නකූ මාව බලන්නවත් මට කම්මැලි... මේ දුස්ට ලෝකේ මා තනිකරලා ගියාදෝ..." කියලා කියනවා😂💔 මට හිනා යන්න ආවා හයියෙන් තැනේ හැටියට බොහොම අමාරුවෙන් පාලනය කර ගත්තේ... මෙන්න වැඩක් එයා ඒක දැක්කද කොහෙද මන් හිනා වෙන එක ඊට පස්සේ තවත් මොනාදෝ හිතින් හිතනවා බලමු මොනාද හිතන්නෙ කියලා 🙄🙄

(Author :- කුකී ඉල්ලන්කන්න එපා😂✋ හිත කියවලා....

Jk♥️ :- Author GAYU පාඩුවේ කතාව ලියාන්නකෝ... මම ඒක බලාගන්නම්..

Author :- හාම්🌚🌚 ඔයා ඉල්ලන් කාගන්නේ හුදේ.... )

"මේ මොන සමයමක්ද ඇයි මෙයා මට හිනා වුනේ... මන් කිව්ව එක ඇහිලවත් ද..." හප්පාහ් මෙයා කිව්ව කැත නෑ නෑ මේ කෙල්ල හිතුව කැත... හහ් හිතන් ඇති මම සමයමක් කියලා... ඔයා දැනගත්තොත් මන් කවුද කියලා මේ ලෝක ප්‍රසිද්ධ ජියෝන් ජන්කූක් කියලා දැනගත්ත දාට ඇවිත් වදී 😏😏 ලිෆ්ට් එකේ දොර ඇරුන ගමන් මෙයා මට ගස්සලා ගියා... මට මොකො... 😒😏

Third Person Pov °^°

"ආයිශ් අර Ashley කාරයගේ නංගි ඉන්නවා නේද ගයූ කියන හැමෝම ගරුකරන කෙල්ල ඒ කෙල්ලව කොහොම හරි මගේ කරවගන්න ඕනේ තේරුනාද..."

Director's Pov ^°^

"ඕකේ ඕකේ සර්... ඒක නෙමෙ සර්.. සර්ර්ර් යොබුයෙසෝ...." අයිශ්... මේ මිනිහා නම් අර අහිංසක කෙල්ලට ඉන්න දෙන්නෙ නැති වැඩක් කරන්න යන්නේ😤😤 මන් මේක මිස්ටර් Ashley ට කියලා තියෙන්න ඕනේ...

"හෙලෝ ඩිරෙක්ටර් අන්කල්...." අම්මෝහ් මේ ගයූනේ ඉන්නෙ මම කිව්ව ඒවා ඇහුනවත්ද දන්නෙ නෑ කමක් නෑ කතා කරමු කෝ මෙයාත් එක්ක... පොඩි කාලේ වගේමයි හරිම හුරතල් එයා දන්නවෑ මම තමා එයාගේ පොඩි කාලේ බලාගත්ත කිම් අන්කල් කියලා 😪😪

"හලෝ ගයූ... කොහොමද ඉතිම් ඔයාට මේ දවස් වල තනියම නේ... අන්න ඒක නිසයි මන් මේ කතා කලේ ඔයාට " කියලා මම කතාව පටන් ගත්තා...

"ආහ් කියන්න ඩිරෙක්ටර් අන්කල්... මොකක්ද අපි කරන්න යන්න ස්පෙශල් ප්‍රෝග්‍රෑම් එක.."

"මෙහෙමයි ඔයාගේ ඔප්පා එක්ක මන් කතා කලා ඒ ගැන... එයා නම් කිව්වෙ කොරියාවේ popular band team එකක් හෝ දෙකක් අරන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරමු කියලා " මන් කිව්ව ගමන් මිස් ගයූ හිතලා හිතලා හොදම අයිඩියා එකක් දුන්නා...

"මෙහෙමයි ඩිරෙක්ටර් අන්කල්.... අපි එක Popular Band Team එකක් තෝරගෙන මගෙයි ඔප්පගෙයි singing & dancing path ටික තෝරගෙන එයාලට practice කරවලා ලංකාවේ ඉන්න popular Singers ලා දෙන්නෙක් ගෙන්නව ගමු... පොඩ්ඩක් අපි වෙන සංස්කෘතික දේවලුත් ඉදිරිපත් කරමු..."

"Wooow super Idea Gayu..." අනේ මේ මගේ පොඩි කෙල්ලගේ හොද අයිඩියා ඔයා ඉක්මනටම මේ කිම් අන්කල් ගැන දැනගන්න ගයූ 😞😞 කියලා මන් දෙලොවක් අතර තනි උනා....

Gayu's Pov °^°

ආයිශ් අර කොල්ලට ගැස්සුවේ මම අද ගොඩක් තරහින් ඉන්න නිසා මොකද වෙනදට මගේ පස්සෙන් මගේ අතින් අල්ලන් යන ඔප්පා මේ වෙලාවේ ලංකාවේ ඉන්න නිසා.. මාව පොඩි ලමයෙක් වගේ බලාගන්නෙ මම තාත්තා වගේ ඉන්න ඔප්පා නැති උනහම මට තරහ යන්නෙ ගොඩක් එයා නැති වෙලාවට... ඒ අස්සෙ මේ ඩිරෙක්ටර්කාරයා 😒😒 මම යද්දී ඩිරෙක්ටර් අන්කල් කෝල් එකක් ඉවර වෙලා තියෙන ගමන් හිටියේ මන් දැක්ක ගමන් එයා බයවෙලා ගැස්සුනා... ඊට පස්සේ එයා කතා කරන්න පටන් ගත්තා....

"හලෝ ගයූ... කොහොමද ඉතිම් ඔයාට මේ දවස් වල තනියම නේ... අන්න ඒක නිසයි මන් මේ කතා කලේ ඔයාට " ඩිරෙක්ටර් අන්කලයා පටන් ගත්තා කතාව...

"ආහ් කියන්න ඩිරෙක්ටර් අන්කල්... මොකක්ද අපි කරන්න යන්න ස්පෙශල් ප්‍රෝග්‍රෑම් එක.." කියලා මමත් කතාවට මුල පුරන්න එපෑ😂

"මෙහෙමයි ඔයාගේ ඔප්පා එක්ක මන් කතා කලා ඒ ගැන... එයා නම් කිව්වෙ කොරියාවේ popular band team එකක් හෝ දෙකක් අරන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරමු කියලා " අන්කල් කිව්ව ගමන් ඔප්පා කිව්ව ගමන් එයාව මෙහෙට ගෙන්න ගන්න තියෙන සුපිරි අයිඩියා එකක් හිතලා දැම්මා ඩිරෙක්ටර් අන්කල්ගේ ඔලුවට 😏😏

"මෙහෙමයි ඩිරෙක්ටර් අන්කල්.... අපි එක Popular Band Team එකක් තෝරගෙන මගෙයි ඔප්පගෙයි singing & dancing path ටික තෝරගෙන එයාලට practice කරවලා ලංකාවේ ඉන්න popular Singers ලා දෙන්නෙක් ගෙන්නව ගමු... පොඩ්ඩක් අපි වෙන සංස්කෘතික දේවලුත් ඉදිරිපත් කරමු..."

"Wooow super Idea Gayu..." කියලා අන්කල් නැගිටලා අත්පුඩියක් ගහලා හිනා වුනා... මට මහ අමුතු හැගීමක් ආවා මම නිකන් අදුරන කෙනෙක් වගේ 🤷🤷🤷🤷

______________________________________

අම්මෝහ් ඔන්න මගේ දෙවනි ff එක දැම්මා....

කට්ටිය දැන්ම දාන්න කියලා කෑගහන නිසා දැම්මා.... ඒනම් අප්ඩේට් බලාගෙන සිටිමේ ඉවසීම ඕනේ හොදේ 😁😁

මොකද හිතන්නේ කිම් අන්කල්ව ගයූ අදුරගනී විද.....

ඇගේ හැප්පුන ජේකේ ගැන දෙයකුත් කොටාගෙන යන්න බලන්න ඔයාලගේ අදහස්.....

සමාවෙන්න අදම දැම්මා පලවෙනි කොටස... ආයේ සතියකින් අප්ඩේට් දෙන්න බලන්නම්...😁😁❤️

Continue Reading

You'll Also Like

2K 262 9
පළවෙනියයි තුන්වෙනියයි දඟයි හැබැයි දෙවනියානම් ගොඩක් දඟයි 😂😂😂😂😂😂😂😂😂😂😂
33.1K 4.7K 38
සහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිත...
1.6K 463 22
"අපි නැති කාලෙක මේ හැමදේකම උරුමක්කාරි ඔයයි ලියානා." ලියානා ෂර්ලි ලොකු ගෙදරක සොල්දරයේ හිර වෙලා හිටපු කෙල්ලෙක්, අන්තිමේදි බංගලාවක් වගේ ගෙදරක සහ ගොඩක්...
230 60 10
තාත්තා කෙනෙක් ගෙ ආදරේ දෙන වැඩිමල් සහෝදරයෙක්.. එකිනෙකාට හාත්පසින් ම වෙනස් ගතිගුන තියෙන නිවුන්නු දෙන්නෙක්... සැර උනත් ආදරනීය වැඩමල් සහෝදරයෙක්... එයාටම...