Episode 01👑️

2.1K 176 15
                                    

KINGDOM ~×

Episode 01~~~

•••kim yein dil's pov•••

👑️ " එන්න...ඉක්මනට දුවමු ..... " මම කිව්වේ කකුල් පන නැතුව ඇදගෙන වැටුනු ඉයුන්හාව නැගිට්ටවන ගමන්...

🌼 " මොකද කරන්නේ...ඉක්මනට යමූ..." වින් ශා එයාගෙ කළුපාට ජැකට් එක ගලවලා වීසි කලා.

🌸 " අනේ...මට...තවත්...දුවන්න...බෑ..." ඉයුන්හා අමාරුවෙන් හුස්ම ගන්න ගත්තේ අඩන්න ඔන්න මෙන්න වගේ... ආයිශ්...දැන් මොකද්ද කරන්නේ...මම මගේ අතේ තිබුනු මලු කීපය දිහා බැලුවා...සල්ලි වලට වඩා එකට ඉන්න යාළුවව වටිනවා..මම අතේ තිබුනු සල්ලි පිරුණු මලු කීපය පැත්තකට විසි කරලා ඉයුන්හාව වත්තම් කර ගත්තා.

🌼 " කිම් යෙන් දිල්!!! මොකද මේ... ඔයා දන්නවා අපි කොයිතරම් මහන්සි උනාද කියලා මේවා ගන්න..." වින් ශා කෑ ගැහුවේ එයාගෙ අතේ තිබුනු මලු උඩට උස්සලා මට පෙන්නන ගමන්. ඈතින් පොලිස් වාහන වල හඩ ඇහෙනකොට මම අසරණ උනු ඇස්වලින් වින් ශා දිහා බැලුවා.

👑️ " අහන්න...සල්ලි වලට වඩා මට ඉයුන්හාව වටිනවා..." මම වින් ශා දිහා කෙලින් බැලුවා. පොලිස් වාහනවල හඩ ලගින්ම ඇහෙද්දි වින් ශා එයාගෙ අතේ තිබුනු මලු විසි කරලා අනිත් පැත්තෙන් ඉයුන්හාව අල්ලගත්තා. මම සෑහිමකට පත් උනු ඇස්වලින් වින් ශා දිහා බලලා ඉයුන්හාව වත්තම් කරගෙන ලගින් තිබුනු කටු කම්බි වැට අස්සෙන්  කැලෑව ඇතුලට යා ගත්තා.

___________________________

          මම කිම් යෙන් දිල්. කොරියාවෙ සෝල්වල මුඩුක්කුවක ඉන්න තවත් එක මුඩුක්කු කෙල්ලක්. මගේ ට්වින්...ඒ කියන්නෙ මගේ එක කුස උපන් සහෝදරී කිම් වින් ශා. අපි දෙන්නා පෙනුමෙන්නම් කිසි සේත්ම එක සමාන නැහැ. දිග කොණ්ඩයක් රවුම් මූණක් දිග ඇගිලි ලොකු ඇස් තිබුනු මම මොලෙන් ඕනි ගේමක් ගහන්න පුලුවන් කෙල්ලෙක්. ඒත් වින් ශා කොට කොණ්ඩයක් සම්පූර්නෙන්ම කොළු ගති  චූටි කල්පනාකාරී ඇස් තිබුනු කෙල්ලෙක්...ඉතින් මට කවදාවත් කොළු ගති නොතිබුනත් වින් ශා ඒවගේ නිසා මාත් එහෙමයි කියලා අනිත් අයට පෙන්නුවා...එතකොට පාක් ඉයුන් හා....මගේ දුකට සැපට හිටපු එකම යාළුවා...එයා ගොඩක් අහින්සක ලස්සන චූටි කෙල්ලක්... අපි හැමෝම හිටියේ සෝල්වල තවත් එක මුඩුක්කුවක...

Kingdom ( Completed)Where stories live. Discover now