Chapter 02 💜

287 65 40
                                    

වසරකට පෙර-
මළවුන්ගේ දිනය දා.
2031 නොවැම්බර්.

මෙක්සිකානු සංස්කෘතියේ එන ඉතා වැදගත් උත්සව අවස්ථාවක් තමයි "මළවුන්ගේ දිනය" කියන්නේ. එදට සුසාන භූමි කරා යන ජනතාව තම මියගිය නෑ හිතමිතුරන් ආදිය සිහි කර විවිධ ආහාර පාන, පහන්, මල් ආදිය සොහොන් කොත් වෙත ගෙන යනවා. හියුගෝ සමග ව්වාහ වුණාට පස්සේ මමත් මේ උත්සව ගැන සෑහෙන උනන්දුවකින් කටයුතු කළා. එයා අපිව සදහටම දාල ගියාට පස්සෙත් මම ළමයි වෙනුවෙන් මේ දිනය සමරනවා. මේක සතුටු දායක දිනයක් හැටියටයි මෙක්සිකෝවෙදී සලකන්නේ. ඒකට හේතුව තමයි මළගිය නැදෑයන්, ජීවත් සිටින  නෑයන් හා හිතමිතුරන් දකින්නට මළවුන්ගේ ලෝකයේ සිට මෙලොවට පැමිනෙන බව ඔවුන් විශ්වාස කිරීම නිසා.

ඉතින් එදා දවසෙත් වෙනදා වගේම මම ජේසන් හා ඇනබෙත් සමග ක්‍රන්වෝල් සුසාන භූමිය වෙත ගියා. හියුගෝ ගෙ ප්‍රියතම ආහාරය වන ටෝර්ටියා ( Tortilla) සුප් බදුනක් ගෙන ගියා. ජේසන් ගේ අතේ ඉටිපන්දම් පිරවූ බෑගයක්. ඇනබෙත් රැගෙන ගියේ දාස්පෙතියා මල් පොකුරක්. මෙක්සිකානු ජන ප්‍රවාද වලට අනුව දාස් පෙතියා මල් සොහොන මත ඇතිරීම තුළින් මළගිය ඇත්තන්ට මිනිස් ලොවට එන පාර සොයා ගත හැකියි.

" අම්මා.. අද තාත්ත එයි නේද?" ඇනබෙත් ඇසුවේ සුරතල් හඩකින්. එයාට තිබුණේ මගේ වගේ කලු පැහැති සෘජු කොණ්ඩයක්. ඒත් ඇස් දෙක නම් තනිකරම හියුගෝගෙ වගේ තද කලු පැහැති දීප්තිමත් ඒවා. එ ඇස් වලින් මම දිහා දගකාර විදියට බලනකොට මට මතක් වුණේම මට ඒ තරම් ආදරය කරපු ඒ මනුස්සයා..

" ඔව් ඔව් පැටියෝ... අද එයා එනවා. ආවම ඔයාට කියන්න පූලුවන් නෙ ඔයා මේ පාරත් පන්තියේ පළවෙනිය කියල.. එතකොට ජේසන්.. එයා තවත් දැනගන්න ආසවෙයි ඔයා ඉස්කෝලෙ පාපන්දු කණ්ඩායමට සෙල්ලම් කරනව කියලා.. එයා ගොඩක් ආඩම්බර වෙයි.

ජේසන් මා දිහා බැලුවේ දුක්බර දෑසකින්. එයා නම් කිසිම අඩුපාඩුවක් නැතිවම හියුගෝගෙ කපාපු පළුව...මම බොහෝ විට එයා දිහා බැලුවම ගොලු වෙනවා. සමහරවිට එයාට ඒක තේරෙනවත් ඇති. ඒත් ඒ දරුවා ඒ ගැන මාත් එක්ක එක වචනයක් වත් කතා කරල නෑ.

"එන්න.. අපි යමු" මම ළමයි දෙන්නව දෙපැත්තෙන් අල්ලගෙන සොහොන් පිටියේ මැදට ගියා. කිරිගරුඩ පැහැයෙන් දිලෙමින් තිබූ හියුගෝ ගේ සදාකාලික නවාතැන අපි ඉදිරියේ දිස් වුණේ නොබෝ වෙලාවකින්.  මම එහි සදහන් ව තිබූ සමරු ඵලකය සියවෙනි වතාවටත් කියවූවා.

The Invisible Wings  ❤ [ COMPLETED ]Where stories live. Discover now