මහ හඩින් පුපුරා ගියපු අකුණක් එක්ක ලෙනෝරා ඇස් ඇරලා බැලුවා. ඇයට තවමත් දැනෙන්නේ දරාගත නොහැකි හිස කැක්කුමක් එක්ක තමන්ගේ උදරයෙන් දැනෙන දැඩි වේදනාව. ආයෙමත් පුපුරලා ගියපු අකුණක් එක්ක ලෙනෝරා සීතල බිම වැතිරිලා ගියපු තමන්ගේම ඇඟිලි සොලවන්න උත්සහ කළා.
වේදනා දෙන දකුණු අතට තමන්ගේ මුළු ශරීරයේම බර දුන්නු ලෙනෝරා නැගිටින්න උත්සහ කලත් ඇය ආයෙමත් සීතල පොළොවට කඩාගෙන වැටුනා. දෑස් කොපමණ අඳුරට හුරු කරගත්තත් තමන් මේ මොහොතේ ඉන්න තැනක් ඇයට හරි හැටි අඳුනගන්න බැරි උනා.
ආයෙමත් මහ හඩින් පුපුරා ගීය අකුණක් එක්ක ලෙනෝරාගේ අඳුරට හුරු උනු දෑස් වලට පෙනුනේ තමන්ගේ ඇස් ඉස්සරහම ලේ වලින් නෑවිලා ගිහින් තියෙන සින්හාසනයක්. එසැනින් අකුනු සැරේ ආලෝකය සමඟ පෙනී නොපෙනී ගියත්, ඇය උත්සහ කලේ "මම මේ කොහෙද ඉන්නේ " කියලා දැනගන්න උනත් ඇයට බිමින් නැගිටින්න තමන්ගේ ඇඟටම පණ දෙන්න හැකියාවක් තිබුනේ නැහැ. ලෙනෝරා ආයෙමත් උත්සහ කළා.
වම් අත සමඟ දකුණු අත තෙත ,සීතල පොලොව මත තිබ්බ ඇය තමන්ගේ මුළු ශරීරයේම බර තමන්ගේ අත් දෙකට ගන්න උත්සහ කළා. ඇය ආයෙමත් පරාජිතයි. ආයෙමත් වතාවක් ඇය පොළොවටම ඇඳගෙන වැටෙනකොට දැනුනු අධික උදරයේ වේදනාව නිසා ලෙනෝරාගේ දෑස් අගින් ඒ සීතල පොළොවට උණු කඳුළු පටලයක් වැටුනා.
ඒ සමගම ඇයට ඇසුනේ වැසුණු දොරටුවක් විවර වෙන හඬ. පිටුපස හැරිලා බලන්න අපහසු උනත් ඇයට ඇසුනා ඇයගේ පිටුපස විශාල දොරටුවක් විවර වෙන හඬ. ඇය නිසොල්මනේ සීතල පොලොව මත වැතිරි සිටියා.
"ටොක්. ටොක්. ටොක්. ටොක්. ටොක්. .."
සපත්තු.... වේගයෙන් ඇය දෙසට ඇවිදගෙන එන හඬ ඇය අහගෙන හිටියා. දැන් ඒ හඬ ඇයට ඇයගේ ලඟින්ම ඇහෙනවා.
"ලූනා."
ලෙනෝරාට දැනුනා කව්රුන් හෝ තමන්ගේ ලඟට පහත් වෙන හඬ. ඒ පිරිමි කෙනෙක්. ඇය හිතුවා. ඇය තවමත් වේගයෙන් ගැහෙන පපුව සීතල පොළොවට තෙරපාගෙන වේදනාවෙන් කෙදිරි ගානවා. ඇයට දැනුනා ඔහුගේ ක්ලෝක් එකෙන් සුළං පහරක් ඇයගේ මුහුණට වැදෙනවා. ඔහු ඇයගේ ලඟින් බිම දණහිස තියලා වාඩි උනා.
YOU ARE READING
The forgotten one
Fantasyඅව්රේන්ගේ සිල්වර් පැහැති රුධිරය බිමට වැටුනා. නයිශා දෑස් වල කඳුළු බේරමින් ඒ දෙස බලා හිටියේ වේදනාවෙන්. අව්රේන්ගේ ඇස් වල කිසිම හැඟීමක් තිබුනේ නැහැ. කඩුව පැත්තකට විසි කරලා දමමින් ඔහු ශාලාවෙන් පිට වෙලා යන්න අඩි දෙක තුනක් විශාල දොර දෙසට ඇවිදගෙන ගියා. "ම...
