"කොහෙද වෙට්ටපාසෝ ඉන්නේ..."
"නිදාගනින් බං වද නොදී..."
හාන්සි පුටුවක් වගේ අයිටම් එකක් සෙට් උන නිසා තිබ්බ මහන්සියටත් එක්ක ඒකේ හොඳට දිගෑදිලා හිටිය මං ලාවට වගේ ෆෝන් ස්ක්‍රීන් එක ඔන් වෙනවා දැක්ක නිසා ෆෝන් එක අතට අරන් බැලුවෙ කවුද මේ වෙලාවෙ කෝල් ගන්න ඉන්නෙ කියලා... කෝල් අයිඩී එකේ 'හිච්චි ඉනෝකා' කියලා පෙනෙද්දි මම ඒක අන්න්සර් කරලා කනේ තියාගත්තේ මොකද අහන්න...
"නිදියන්න නෙවෙයි වෙන්නෙ තව ටික මොහොතකින් උඹ ගෙදරද..."
" සෙට් එකේ... මොකෝ කේස් එක..."
" මෙච්චර රෑ වෙනකල් ශූටිංද බල්ලෝ..."
ඌ ඒක කියද්දි මං ෆෝන් එක ආපහු අතට අරං වෙලාව බැලුවේ මූ මේ කියන තරං රෑ වෙලාද කියලා බලන්න... තාම අටටවත් නෑ...කොහොමත් මුට උපතින්ම ගිනිපුග්ගාය තියෙන නිසා මම සාමකාමීව උත්තර බඳින්න ගත්තා...
" ඔව් ඔව් ඉතින් නැතුව සෙට් එකට ඇවිත් මං මල් කඩන්නෙ නෑ නේ... මොකද වෙලා තියෙන්නේ..."
"මේ අපේ අම්මා නිවුස් බලනවා... අහ් හිටහංකෝ...
202* අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙල විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වන්නන්ට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි...
ඇහුනා නේ... ඇහුනා නේ... ඔය නිවුස් එක මං දැං දහා පාරකට වඩා රිපීට් කර කර අහන්නෙ ශානෝ... උඹ එම් කේ..."
"මොනා කරන්නද එන එකක් එන්නැතෑ..."
ඔව් ඉතින් මොනා කරන්නද මීට මාසකට කීපෙකට කලින් ලියපු විභාගෙනේ... රිසාල්ට් එකත් එන්න එපැයි...
"එන්නැතෑ එන්නැතෑ උඹ නං කියයි අපේ මදර් කොස්ස මුවහත් කර කර ඉන්නේ අනේ ශානෝ මාව බේරගනින් මයෙ අම්මා..."
අනේ අම්මපා කාගෙ දරුවෙක්ද මං අහන්නෙ මූ... මූද නළුවා මමද නළුවා... අපේ ශිරෝ ආන්ටිගෙ ළමයෙක් නං වෙන්න බෑ... මුගෙ මේ මරිසිය නං කවදාවත් නතර වෙන එකක් නෙවෙයි...
"උඹේ මරිසි මට නොදා හිටපං සඳළු..."
"බය කරාම චුට්ටක් බය වෙයල්ලකො ඇයි වදේ..."
YOU ARE READING
Offside ( Upcoming )
Non-Fictionඉර උනත් තදට පායන්නේ වැස්ස ඕනෙම තැං වලට...ඉතිං එහෙම තැං වලට වැහි වලාකුළක් කියන්නේ දේදුන්නක් වගේ... හරියට සමහර මිනිස්සු වගේ .. 2026/01/18
