Alpha ජන්ග්කුක් සහ Omega ජිමින් අතර විවාහය සිද්ධ වුණේ පවුල් දෙකක ව්‍යාපාරික ගිවිසුමක් නිසා. ජන්ග්කුක් කියන්නේ නගරයේ ඉන්න බලවත්ම, රළු වගේම තමන්ගේ නිදහසට උපරිමයෙන් ගරු කරපු Alpha කෙනෙක්. එයා හිතුවේ ජිමින් මේ විවාහයට කැමති වුණේ සල්ලි සහ බලය නිසා කියලා. ඒත් ඇත්තටම ජිමින් ජන්ග්කුක්ට එක පාරක් දැකපු දවසේ ඉඳන් ආදරය කළා.
විවාහයෙන් පස්සේ ගතවුණු මාස කිහිපය ජිමින්ට අපායක් වුණා. ජන්ග්කුක් නිතරම ගෙදර ආවේ රෑ වෙලා. සමහර දවස්වලට ජිමින් උයාගෙන බලාගෙන ඉන්න කෑම මේසය දිහා බලන්නෙවත් නැතුව ජන්ග්කුක් තමන්ගේ කාමරයට ගිහින් දොර වහගත්තා. හැබැයි ජිමින් කවදාවත් ජන්ග්කුක්ට දොස් කිව්වේ නැහැ. Male Omega කෙනෙක් විදිහට තමන්ගේ සිරුරේ සිද්ධ වෙන හෝමෝන වෙනස්කම් එක්ක ජිමින් ගොඩක් තනි වුණා.
වැඩි කල් යන්න කලින් ජිමින්ගේ කුස තුළ පුංචි ජීවිතයක් පිළිසිඳ ගත්තා. ඒක ජන්ග්කුක්ගේ දරුවෙක්. ජන්ග්කුක් ඒ ආරංචියෙන් ටිකක් මෘදු වුණත්, තමන්ගේ හිතුවක්කාර අභිමානය නිසා ජිමින්ගෙන් ඈත් වෙලයි හිටියේ. ජිමින් තමන්ගේ බර වුණු කුසත් අල්ලගෙන දවස පුරාම ගෙදර තනිවම කාලය ගත කළා.
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
