ලසෝවේ - 17 💛☁️

11 4 0
                                        


" අනේ ඉතිං මගේ නිසා
බලාන ඉන්නවා සිතා
මගේ නැතත් අනේ ඔයා
හිඳින් සිනා සිලා

මේ හිත සනසාම ඇදෙනා
නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා
නුඹ මගෙ කියු කවියේ මා
සනසාලන රූ චායා..

මේ හිත සනසාම ඇදෙනා
නුඹ ලඟ හිඳ නෙතු සැලෙනා
නුඹ මගෙ කියු කවියේ මා
සනසාලන රූ චායා.."

" අනේ හු#තෝ නවත්තගනින්.. කවුද කිව්වේ උඹට සිංදු කියන්න පුළුවන් කියලා? "

පොහොර උරයක් අතේ තියාගෙන එහෙට මෙහෙට වැනී වැනී සිතිජ සිංදුවක් කියන ගමන් ඉද්දි , එයා ළඟින් ඉඳගෙන හිටපු චමිඳුටයි කේසරටයි සිතිජගේ කන්දොස්කිරියාව අහන් ඉන්න බැරි නිසා ඉඳන් හිටපු තැනින් නැගිටලා චමිඳු සිතිජගේ ඔලුවට පාරක් ගැහුවා..

" ඇයි බන් ගැහුවේ? "

" ඔය සිංදු කියන එක නවත්තපන්.."

" ඇයි උඹලාට අපි සිංදු කිව්වාම අහන් ඉන්න බැයිද? "

" උඹ සිංදු කියනවා නෙමෙයි කනට රෙනවා.."

" අඩේ ඕකාගේ මූණටම ඔහොම කියන්න එපා බන් පව් චමිඳු.."

කේසර හිනාවෙන ගමන් චමිඳුට එහෙම කියද්දි චමිඳු සිතිජගේ මූණ දිහා ටික වෙලාවක් බලන් ඉඳලා සිතිජගේ මූණ ළඟට එබුනා..

" සුදුඅම්මිට දුක හිතුණාද? "

" අනේ පලයන් යන්න.."

" උඹ විදුකාට ගිහින් කියපන් බන් උඹට බොරු බලාපොරොත්තු දෙන්න එපා කියලා.. ඒකි තමා උඹට කියන්නේ උඹ සිංදු කිව්වාම හරි ලස්සනයි කියලා.."

" කමක් නෑ.. ඒකි හරි මට කියනවනේ මන් සිංදු කියනවා ලස්සනයි කියලා.. උඹට තියෙන්නේ වෙන මුකුත් නෙමේ පැලියාව චමිඳුවා.. මොකද මටයි කේසරටයි සිංදු කියන්න පුළුවන්.. උඹනේ අපේ සෙට් එකෙන් සිංදු කියන්න බැරි.."

සිතිජ හෙන නෝන්ඩියක් දාලා චමිඳුට එහෙම කියනකොට චමිඳු මූණ දෙක කරගනිද්දි කේසර පැත්තක ඉඳන් මේ දෙන්නා දිහා බලාගෙන බඩ අල්ලගෙන පණ යනකන් හිනාවෙනවා..

" සිතිජයා හරි චමිඳු.. උඹට තියෙන්නේ පැලියාව.."

කේසර කිව්වේ සිතිජට හොරා චමිඳු දිහා බලලා ඇහැක් ගහන ගමන්.. මොකද සිතිජ ඉන්නේ හොඳටම මූණ ඇඹුල් කරන් නිසා..

ලසෝවේ ( Ongoing )Onde histórias criam vida. Descubra agora