Chapter 14

215 26 29
                                        




But you'll never be alone
I'll be with you from dusk till dawn
I'll be with you from dusk till dawn
Baby, I'm right here
I'll hold you when things go wrong
I'll be with you from dusk till dawn
I'll be with you from dusk till dawn
Baby, I'm right here
I'll be with you from dusk till dawn
Baby, I'm right here

(Dusk Till Dawn by Zayn)

ඉස්කෝලෙ යන්නෙ නැති දවසට පන්ති යනවා කියන්නෙ පට්ට කම්මැලි වැඩක් හරිද. ඉස්කෝලෙ දවසට නම් ඉතින් උදේ ගිහින් ඒ ගැම්මටම පන්තිත් ඉවර වෙලානෙ එන්නෙ. මහන්සියි තමයි හැබැයි වැඩේ වෙනවා කොහොමහරි. හැබැයි එහෙම නැති දවසට හවසට පන්ති යනවා කියන එක හෙනම කම්මැලි වැඩක්. අද අගහරුවාදා උනාට නිවාඩු දවසක් නිසා ඉස්කෝලෙ නෑ හැබැයි පන්ති තියනවා. ඒලෙවල් ක්ලාස් කවද්ද කියපන්කො එහෙම නිවාඩු දුන්නෙ. ඒකත් අද ෆිසික්ස් තියරි ක්ලාස් එක. මතක් වෙද්දිත් ඔළුව කැරකෙන්න ගන්නවා.

සතියෙ දවසක් නිසා ඩැඩා ඔෆිස්, තාත්තිත් හොස්පිට්ල් ගියේ උදෙන්ම. අක්කත් කැම්පස් ගිය නිසා අද මේ නිවස රජ කරන්නෙ මේ මම තමයි. එහෙමයි කියලා දවල් වෙනකල් නිදාගන්න හම්බුනේ නම් නෑ අර පිස්සු මෙවනයා උදේ පාන්දර කෝල් කරලා නින්දට කෙලෙව්වා. පස්සෙ ඉතින් ආයෙ නින්ද යන්නෙත් නැති එකේ නැගිටලා බයෝ ක්ලාස් එකේ මිස් වුන රෙකෝඩින් එකක් බැලුවා. පස්සෙ ඒ ගමන්ම ඒ පාඩමට ශෝට් නෝට් එකකුත් හදලම තමයි නැගිට්ටෙ. ඒ වැඩේ එවෙලෙම නොකරොත් පස්සෙ අමතක වෙනවයි ඒ අස්සෙ වෙලාවකුත් නෑනෙ. ඇයි ඉතින් හැමදාම ඉස්කෝලෙ ගිහින් එද්දි රෑ වෙනවනෙ. ඒ ඇවිල්ලත් ඉස්කෝලෙ වැඩයි ක්ලාස් වැඩයි කරද්දි ආයෙ අමතර දෙයක් කරන්න වෙලා නෑ. ආයෙ ඊලග දවසෙ උදේ පාන්දර යන්න ඕනෙ කියලා මතක් වෙද්දි තමා හිතෙන්නෙ බැජ් එකකුත් ගහගෙන විදින දුකක තරම.

හැබැයි මෙහෙමයි කොච්චර මහන්සි වුනත් ඒ දේවල් නොකර මගඅරින්න හිතෙන්නෙම නෑ. මොකද කියනවනම් ඉස්කෝලෙ කාලෙදි කරන්න ඕනෙ දේවල් මහන්සි නොබලා කරාම කවදාහරි ඉස්කෝලෙන් අවුට් වුන දවසට අපිට හරි තෘප්තිමත් හැගීමක් දැනේවි.

වැඩත් ඉවරකරලා ක්ලාස් යන්න ලෑස්ති වෙන්නත් ඕනෙ නිසා මම පහලට ආවෙ දවල්ට කන්න. තාත්ති උදේ උයලා ගිය නිසා මට තියෙන්නෙ කෑම රත් කරලා ගන්න විතරයි.

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: 3 days ago ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

මේඝාරධ්‍ය | ongoing Tempat cerita menjadi hidup. Temukan sekarang