Chapter 2

12 1 0
                                        

සිහෙනුව හම්බුණු දවසෙ ඉදලම මං හිටියෙ පුදුම සතුටකින්. අදට හරියටම අවුරුදු හතරකුත් ගිහින්. මං ස්කෝලෙ ආසාවෙන් ගියේ සිහෙනුව බලන්න ඕනි නිසාමයි. කලින් වගේ නෙවෙයි රෙජිස්ටර් එකේ මගෙ නම ඉස්සරහින් බිංදුවක් හොයා ගන්න දැන් අමාරුයි. මං නිසාම රූශිත් මාත් එක්ක හැමදාම ස්කෝලෙ ආවා. සිහෙනු දැන් ඉන්නෙ පහ වසරෙ. ඒ වගේම මං නවය වසරේ. ඒත් තාමත් හැමදේම ඉස්සර වගේමයි. කිසිම දෙයක් වෙනස් වෙලා නැ. වෙනස් උන එකම දේ නම් මම දැන් සිහෙනුගෙ ගෙදර යන්න පුරුදු වෙලා හිටපු එකම විතරයි. අම්මයි තාත්තයි වැඩට ගියාම ඉස්සර මම හිටියේ අත්තම්මා ගාව. ඒත් අත්තම්මා මාව දාලා යන්නම ගියා. ඉතින් මගෙ අම්මයි තාත්තයි වගේම සිහෙනුගෙ අම්මයි තාත්තයිත් කැමති උනා මම එහෙ යනවට. රූශිගෙ අම්මා එයාව අමතර ක්ලාස් වලට යවන නිසා එයාට මං තරමටම වෙලාවක් තිබුනෙ නැ. ඒත් එයා වෙලාවක් ලැබුන ගමන්ම මාත් එක්කම සිහෙනුගෙ ගෙදර යනවා.

අවුරුදු හතරක් තිස්සේ මම හැමදාම උදේට රූශි එක්ක සිහෙනු එනකම් ස්කෝලෙ ගේට් එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. ඉස්සර වගේමයි තාමත් මම එයාගෙ බෑග් එක අරගෙන එයාගෙ අතින් අල්ලන් ක්ලාස් එකට එක්කරගෙන යනවා. පහේදි මම හිතුවෙ සිහෙනුගෙයි මගෙයි අතරේ තියෙන්නෙ සහෝදර බැඳීමක් කියලා. ඒත් මට දැන් හිතෙනවා ඒකෙ ඊට වඩා වෙනසක් තියෙනවා කියලා. ඒත් මම දන්නෙ නැ මට දැනෙන හැගීම මොකද්ද කියලා. සිහෙනුගෙ නලලින් තියන හාදුව තියන්නෙ මම උනත් ඒක මටයි වැඩියෙන්ම දැනුනෙ. සිහෙනු තාම පොඩි දරුවෙක්. මුකුත්ම නොතේරෙන පොඩි දරුවෙක්. මගෙ හිතේ තිබ්බෙ එයාව පරිස්සම් කරනවා කියන අධිෂ්ඨානෙ විතරයි. ශිෂ්‍යත්වෙ ඉහලින්ම පාස් වෙලා හොඳම හොඳ ස්කෝලෙකට යන්න ආසාවෙන් හිටපු මගෙ හීන මම මකලා දැම්මේ සිහෙනු නිසා. මම මේ ස්කෝලෙම නතර උනේ සිහෙනු නිසා. ඒ මං නැති දවසකට මගෙ හා පැටියා තනි වෙයි කියන බය මගෙ හිතේ ලොකුවටම තිබුන නිසා.
අපිට ඉන්ටර්වල් එකේදි එයාලට උගන්නනවා. ඒත් මායි රූශි හැමදාම ඉන්ටර්වල් එකට ගිහින් කොරිඩෝ එකට හේත්තු වෙලා ජනේලෙන් මගෙ හා පැටියා යාළුවො එක්ක හිනා වෙවී වැඩ කරන දිහා බලන් ඉන්නවා. එයා හරි දක්ෂ පිරිමි ලමයෙක්.

It's Not Your Fault 🤍 Место, где живут истории. Откройте их для себя