𝟎𝟏

61 2 0
                                        

සිහී...

අයියේ. ඔයා ආවද...

ඔයා ඇවිත් ගොඩක් වෙලාද.

දැන් චුට්ටක් වෙලා අනේ...

ම්ම්...

ඔයා අවුලෙන් ඉන්නෙ මනීශා අක්කි නිසා කියල මං දන්නව.

සිහී...

මං දන්නෑ ඔයාට දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියල. ඒත් මට තේරුම් ගන්න පුළුවන්.

මොකද්ද ම්ම්...

මං ඔයා ළඟ හිටියෙ මාස තුනයි. ඒත් අක්කා ඔයා ළඟ අවුරුදු දෙකක් හිටියනෙ.

විහස් ඉතා අසරණව සිහිනි දෙස බලා සිටියි. ඔහුගේ ජීවිතයේ මනීශා යනු ඔහුට දෙවැනි මවක් වැනිය. නමුත් සිහිනි සමඟ ඔහුගේ හැඟීම ඊට වෙනස් ය. තමාට වඩා අවුරුදු 4 කින් පමණක් බාල වුවද ඔහුට ඇය ගැන දැනුණේ පියෙකුට තරම් වූ වගකීමකි. ඇයව නොදකින මොහොතක් වුවද සැනසීමක් නොවූ ඔහු ඇයව තම ජීවිතයෙන් කෙසේ නම් ඈත් කර දමන්නද...

මං ඔයාට වැරැද්දක් කියන්නෙ නෑ අයියෙ. මාස තුනක් ළඟ හිටපු මට වඩා... ඔයාට එයාව වටිනව කියල මං දන්නව. ඔය දෙන්න කොච්චර ආදරෙන් හිටියද කියලත් මං දන්නව. ඒ නිසා... මං බල කරන්නෑ අයියෙ ඔයාට මං ළඟ ඉන්න කියල. ඔයාව මං ළග බලෙන් තියා ගන්න ඕනි නෑ මට.

සිහී...

මට දුකයි තමයි... ඒත් මට පුළුවන් හිත හදාගන්න. ඒ නිසා මං ගැන හිතල දුක් වෙන්න එපා.

මුහුදු රළ වියැකෙන තරම් දිගු හා බරැති සුසුම් රැල් වලින් මුළු වෙරළම වැසී ගියේ දෙදෙනාගෙම නිශ්ශබ්දතාවයෙනි.
වෙනදා හරි හරියට සිහිනි සමඟ දොඩමළු වන විහස් අද නිහඬය. ඒ මුහුණ මැලවී ගොස් දෑස් රත් පැහැ ගැන්වී ඇත. සිහිනිගේ මුවගෙහිද ඇත්තේ මවා ගත් සන්සුන්කමකි. ආයාසයෙන් නවතා ගත් කදුළු බිඳු දෑස් මත පැටලී තිබුණේ ඇගේ දෑස් බොඳ කරමිනි.

සිහී... ඉක්මනට එන්න කැබ් එක ආවා.
ඒ සිහිනිගේ හොඳම මිතුරිය වූ චතුමි ය. රාත්‍රී 7 ට පෙර ඔවුන් විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ සිටීම අනිවාර්‍ය වේ. දැනටත් සවස 6.30 පසුවී ඇත. ඉතින් තව දුරටත් ඇයට මේ වෙරළ තීරය හිමි නැත.

මං යනව අයියෙ. ඔයා පරිස්සමට බෝඩිමට යන්න.

ඉද සිටි බංකුවෙන් නැගිට ගත් ඈ, විහස්ගේ කොපුලතක් මත අත තබා ඇගිල්ලකින් ඒ මුවඟ පිරිමැද්දෙ ඈ ඔහුගේ යැයි හිමිකම් කියන 'අවසන් වතාව' මෙය යන්න හදවතෙහි දරාගෙනය.
රතුවී තිබුණු ඒ දෑස් වලින් කදුළක් ගලා යනු දුටුවත් ඈට දැන් හැරෙන්නට මගක් නැත. දෙදෙනෙකු අතර අතරමං කර මගේ යැයි අයිතිවාසිකම් ඉල්ලා ඔහුව අසරණ කරන්නට වුවමනාවක්ද නැත. ඈට ඇවැසි ඔහුගේ සතුටම පමණි. ඉතින් ඒ සතුට වෙනුවෙන් ඔහුගෙන් ඈත් වන්නට වුවද ඈ දෙවරක් නොසිතයි.

Not you...🤍Tahanan ng mga kuwento. Tumuklas ngayon