" මගේ පැටියෝ..... සොරි හොදද පරක්කු වුනාට.......කොහෙද ඉතින් ඔයා අපේ ගෙදර හදලා තියෙනේ මාර දුරකින් නේ.ඔයා හරි කෙනෙක් තමා ,මට නොකියා අපේ ගෙදර මගේ නමට ලිව්වා නේද.....කමක් නෑ... ඒක ඔයාගේ සතුට වෙන්න ඇති..ඔන්න මං මේ සැරෙත් ඔයාට නිල්පාට රෝසමල් ගෙනාවා.... මේ දැක්කද මම ඇදන් ඉන්නේ ඔයා ආසම ලා නිල් පාට මිල්ක්මෙයිඩ් ෆ්‍රොක් එක...ඔයා දන්නවද මගේ ජේසන් බේසමෝ... ඊයේ ආවනේ අපේ ගෙදරට අලියෙක්.... එයා ඇවිල්ලා අපේ ගාර්ඩ්න් එකේ ඉදගෙන හිටියා... ඔයා දන්නවද ඒ කවුද කියලා... එයා තමා එදා අපිව ගහ උඩ මුලු රැයක් ම තියපු හපනා.... ඔයා දන්නවද.එයා ටිකක් වයසයි දැන්.මං එයා ගාවටම ගියා... ඒත් එයා මට මොකුත් කරේ නෑ...ආ තව වැඩක් වුනානේ.....දවස් ගානක් එකදිගට වැස්ස නිසා දිය ඇල්ලෙන් වතුර වෙනදට වඩා ගොඩාක් වැටෙනවා..... මං ඔයාට තව ඕපාදූපෙකුත් කියන්නම්ද.....කුනාල්ට පාරින්දිව එයාගේ අම්මලා කසාද බන්දෝලා....ආ මේ බලන්නකෝ දැන් අපි දෙන්නගේ පුංචි ජේසන් ලොකු බබෙක් .....දැක්කද මං එයාට අන්දලා තියෙන ඇදුම.එදා ඔයා ඇදගෙන හිටියෙත් මේ වගේ ලා නිල්පාට ෂර්ට් එකයි සුදු පාට කලිසමයි.....ඔයා දන්නවද මගෙ පැටියෝ.....ඔයාගේ පුතත් ඔයා වගේමයි....හරි හිතුවක්කාරයි.හැබැයි ඔයා මට ආදරේ කලා වගේම මට ආදරෙයි. හොද වෙලාවට ඔයා මට පුංචි ජේසන්ව හරි දීලා ගියේ.....ඔයා හරි කපටියා....ඇදුම් මාරු කරනවා කියලා කොහොමහරි වෙන ඒවත් කරලා.....හා හා ඒකට කමක් නෑ....නැත්තම් ඉතින් මං කොහොමද ඉන්නේ මේවා දරාගෙන.ඔයා දන්නවද අදට ඔයා මාව දාලා ගිහින් අවුරුදු පහයි. ඔයා මාව දාලා ගියාට පස්සේ හැමදේම වෙනස් වුනා මගේ පන.... ඔයා ගිහින් මාස තුනකට පස්සේ මම ප්‍රෙග්නට් කියලා දැනගත්තේ.... අපේ පුංචි ජේසන් හම්බුනාට පස්සේ ඔයාගේ තාත්තා අපේ ගෙදර ඇවිත් බල කරලා කිව්වා DNA ටෙස්ට් එකක් කරන්නම ඕනා කියලා.අපේ අම්මලා එක්කත් රණ්ඩු වුනා....ඉතින් මං අවසර දුන්නා...ඉතින් මගේ පුංචි ජේසන් ගේ තාත්තා දක්ශයා..... ඔයාගේ තාත්තා හැම දේපොළක් ම පුංචි ජේසන් ට පැවරුවා..ඔයාගේ තාත්තම තමා අපේ පුතාට ජේසන් විධාෂ්වර කියලා නම තිබ්බේ ...මම පුතාට අවුරුද්දක් පිරුණම ගියා ඔයාගෙයි මගෙයි ගෙදරට.දැන් අපි ඉන්නේ එහේ.... මට ඒ ගෙදර ඉන්න හැම තප්පරේම ඔයාව මැවිලා පේනවා...ඔයා දන්නවද ...ඔයා අපි දෙන්නගේ කාමරේ හදලා තියෙන විදියට මම හරිම ආසයි..ඒ වගේම තමා අපේ පුතත් හරිම ආසයි ඒ කාමරේට.මේ බලන්නකෝ ඔයාගේ මාලේ අපේ පුංචි ජේසන් ට දැම්මා මම ලස්සනයි ද.....මේ අහන්නකෝ අපේ පුංචි ජේසන් බලු පැටියෙක් ඉල්ලනවා.... ඔයා මොකද කියන්නේ ..අරන් දෙන්නද එපාද.....?"
ඒත් එක්කම ජේසන් ගේ සොහොන ළග තිබ්බ මැයි ගහෙන් රතු මැයි මලක් පුංචි ජේසන් ගේ ඔලුවට වැටුනා...
"අම්මෙ....තාත්තා හා කිව්වා....මේ...."
පුංචි ජේසන් ධූර්යා ට මැයි මල දික් කරලා පෙන්නුවා.....
"අනේ අනේ ....කමක් නෑ ඔයා හා කිව්වනම් මං අරන් දෙන්නම් ......
"අද මගේ උපන්දිනේ.....මගේ උපදිනේ දවසෙම ඔයා මගෙන් ඈත් වුනා මගේ ජේසන් .මේ විදියට ඔයාව මං බලන්න එන පස්වෙනි වතාව මේක...මට ඔයාව කවදාවත් අමතක කරන්න බෑ මගේ රත්තරං ....මට සමාවෙන්න ,මං ඔයාගේ ආදරේ තේරුම් ගත්තේ නෑ..please forgive me ජේසන් ....."
ඒත් එක්කම ලොකු හුලගක් ඇවිත් ධූර්යාවයි ධූර්යා ගේ පුංචි ජේසන් වයි රතු මල් වැස්සකින් නෑවුනා.........
"සමහර විට අපිට මුරණ්ඩුකම් පෙන්නන අපි එක්ක තරහ ගන්න අය එහෙම කරන්නේ එයාලගේ ආදරේ පෙන්නන්න දන්නේ නැති නිසයි..හැබැයි ඒ අයගේ ආදරේ ගොඩක් අවන්කයි .ඔයාලා එයාලගේ ආදරේ ගැන දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩි වෙයි.....හරියට මේ මං වගේ"
__________සමාප්තයි___________.
ESTÁS LEYENDO
Please forgive me
Romance"සමහර විට අපිට මුරණ්ඩුකම් පෙන්නන අපි එක්ක තරහ ගන්න අය එහෙම කරන්නේ එයාලගේ ආදරේ පෙන්නන්න දන්නේ නැති නිසයි..හැබැයි ඒ අයගේ ආදරේ ගොඩක් අවන්කයි .ඔයාලා එයාලගේ ආදරේ ගැන දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩි වෙයි.....හරියට මේ මං වගේ"
