"සර්...සර් ට තාම හොදනෑ.මෙහෙම බලෙන් ටිකට් කපන් යන එක හරිද..?"
"සිරිසේන ...මං එක්ක ගමනක් යන්න එන්න."
"හරි සර් ."
ජේසන් හොස්පිට්ල් එකේ ඉදලා කෙලින්ම ගියේ ධූර්යා ගේ ගෙදර .
"ආ සර්,මට ධූර් කිව්වා සර් ට වුන කරදරේ"
"අම්මා කෝ ධූර්යා ..?"
"ඉන්නවා සර්..එයා මේ ටිකේ වෙඩින්ග් එකේ වැඩ නිසා බිසී වෙලා ඉන්නේ.ඉන්නකෝ මං කතා කරන්නම්.එන්න සර් ඇතුලට "
"නෑ කමක් නෑ."
"ධූර්යා ඔයාලගේ සර් ඇවිල්ලා "
අම්මා ධූර්යා ගේ කාමරේට ඇවිත් කිව්වා.
"මොනවා.....සර්..."
ධූර්යා එලියට ගියා .
"ඇයි?"
ධූර්යා ජේසන් ගෙන් ඇහුවා.
"ධූර්....මං ආදරෙයි ඔයාට.ඔයා නැති වුනොත් මං පිස්සෙක් වෙයි"
"සර් මේ මොනාද කියනේ...මායි කුනාලුයි බදින්න ඉන්නේ. තව දවස හතකින් අපේ වෙඩින්ග් එක."
"අනේ ඒක නවත්තන්න ධූර් .ප්ලීස් එකපාරක් මට ආදරෙයිද කියන්න."
"නෑ සර්,නෑ....අනේ කරදර නොකර යන්න්න.මට සතුටුයි ඔයාට හොදවුන එකට"
"ධූර්යා....ඔයාට මං කියන දේ අහන්න බෑ නේද....ඔයා මගේ විතරයි.මේක දැන් මගේ විදියට මං විසදගන්නම්."
ජේසන් එහෙම කියලා කාර් එකට නැගලා යන්න ගියා.
"මොන මගුලක් ද මේ.....ඇයි මේ මිනිහා මෙහෙම මට වද දෙන්නේ...?
"තාත්තා.මට ඇමරිකා යන්න ඕනේ ආයේ.... .හෙටම හරි කමක්නෑ"
"ඔව් පුතා ඒක හොදයි..මාත් කියන්න හිටියේ....මං ඔක්කොම ලෑස්ති කරන්නම්.ඔයාට මෙහෙ ආරක්ෂාවක් නෑ.මං ඔෆිස් එක ගැන බලාගන්නම්."
ඔන්න ධූර්යා ගෙයි කුනාල්ගෙයි වෙඩින්ග් දවස ආවා.ලස්සනම ලස්සන සුදු වෙඩින්ග් ඩ්‍රස් එකක් ඇදලා ධූර්යා හරියට සුරංගනාවියක් වගේ.ඊට දෙවෙනි නෑ කුනාල්.ඔෆිස් එකේ අය,ධූර්යා ගේ නෑදෑයෝ,කුනාල් ගේ නෑදෑයෝ,හැමෝම වෙඩින්ග් එකට ඇවිත්.කුනාල් කතෝලික නිසා වෙඩින්ග් එක කතෝලික විදියට කරන්න සූදානම් කරලා.
"අක්කේ බොරු කියන්න ඕනේ නෑනේ ත්මුසෙ අදනම් මාර ලස්සනයි..."
"අනේ තැන්ක්ස් මගේ මෝඩ නංගියෝ......
"අනේ ඔව් මගේ කෙල්ල සුරංගනාවියක්"
ධූර්යා ගේ අම්ම අඩන ගමන් කිව්වා.
"අනේ අම්මා....අඩන්න එපා අප්පා..මටත් ඇඩෙනවා..."
"නෑ නෑ මං අඩන්නේ නෑ...යමු නේද එහෙනම්"
හැමෝම පල්ලියේ විවාහා මංගල්‍යය ට සූදානම් වෙලා.දැන් තියෙන්නේ මනාලිය ඇතුලට එන්න.
ධූර්යා වේල් එකත් දාගෙන දොරටුවෙන් එනවා...
කුනාල් ඉස්සරහා ඉදන් ඇස්වල සතුටු කදුලු පිරිච්චි ඇස් වලින් ධූර්යා දිහා බලන් ඉන්නවා.හැමෝම අසුන් වලින් නැගිට්ටා.
විවාහ චාරිත්‍ර හැමදේම හරියට දෙන්නා කලා.දැන් තියෙන්නේ මුදු මාරු කරන්න.
*දැක්ක පළවෙනි දවසෙම මගේ හිත හොරකම් කරපු කෙල්ල,අද මගේම වෙනවා.මට හිතාගන්නවත් බෑ ධූර් ...
කුනාල් ධූර්යා ගේ මූණ බලන් හිතුවා..
මුදු මාරු කරන චාරිත්‍රය කරන්න හදද්දිම එකපාරට එලියෙන් වෙඩි සද්ද වගයක් ඇහෙන්න ගත්තා.
YOU ARE READING
Please forgive me
Romance"සමහර විට අපිට මුරණ්ඩුකම් පෙන්නන අපි එක්ක තරහ ගන්න අය එහෙම කරන්නේ එයාලගේ ආදරේ පෙන්නන්න දන්නේ නැති නිසයි..හැබැයි ඒ අයගේ ආදරේ ගොඩක් අවන්කයි .ඔයාලා එයාලගේ ආදරේ ගැන දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩි වෙයි.....හරියට මේ මං වගේ"
