Part 08

517 23 2
                                        

        මම බෑග්ස් ටිකත් උස්සන් යනකොට පාරින්දි එයාගේ මේසෙ ලග ඉදන් ලිප්ස්ටික් ගානවා.

"ආ ආ මෙයාගේ ලස්සන බලන්නකෝ.නිළියක් වගේ .ආ මෙන්න ඔයාගේ බෑග් ටික  .ඔයා කිව්වේ නම් එකක් කියලා .හැබැයි මෙතන තුනක්ම තියෙනවා."

"අහ් ඔව් අනේ .මම අද උදේ ගිය වෙලේ  ජේසන් මට මේ තෑගි දුන්නා. හරිනම් ඉතින් මමයි දෙන්න ඕනේ .ඒ උනාට එයා තමා දුන්නේ"

පාරින්දි එහෙම කිව්වේ කුනාල් දිහා බලාගෙන නෝන්ඩියටයි, හරි උද්දච්ච විදියටයි.මටනම් දැන් පාරින්දි ව ප්‍රෙහෙලිකාවක් වගේ. එදා මම වැටුන දවසෙත් මාව සික් රූම් එකට අරන් ගියේ කුනාල් උනාට මෙයා කිව්වෙ සිකියුරිටි කියලා.අනේ මංදා හරිමි ගුප්තයි.

ඔෆිස් එකේ වැඩ පටන් ගන්න වෙලාව හරී.හැමෝම තමන්ගේ වැඩ ටික පටන් ගත්තා.තාම අපේ අලුත් බොස් නම් ආවේ නෑ.මටත් එයාගේ මූන බලාගන්න ඕනේ.මාව හප්පන්න ගිහිල්ලත් මගෙන් සමාවවත් ගත්තේ නැති ඒ අනුවනයා මොන වගේද කියලා.

"ඊඊඊඊඊඊ....... අනේ එයා ආවා.ජේසන් සර් ආවා" පිස්සියක් වගේ ජනේලෙන් එලිය බලල කෑගැහුවේ අමා කියන ගෑනු ළමයා.
මේ මොන කෝලමක්ද ..

පාරින්දි දුවගෙන එලියට ගියා

ඒත් එක්කම කලු පාට අත් දිග ෂර්ට් එකක් ඇදලා ,කලු පාට ටයි එකකුත් දාලා,කලු පාට කලිසම...... හුටා මේ අර චිම්පන්සි ඩ්‍රයිවරයා නේද.ඒ කියනේ........ ඒ ඩ්‍රයිවර් ද එතකොට ජේසන් කියනේ ....මොනවා...... මටනම් මේ මොකුත් හිතාගන්න බෑ

" ගුඩ්මෝර්නින්ග් සර්"
හැමෝම කිව්වත් මේ යකා නෙමේ එකෙක් දිහා බැලුවේ.අඩුම තරමේ එයා බදින්න ඉන්න පාරින්දි දිහාවත් බැලුවේ නෑනේ.
"අනේ එයාගේ සුදූ...මාර   හැන්ඩ්සම් " සොනාලි රහසින් මගේ ලගට ඇවිල්ලා කෙදිරුවා.ඇස් පොට්ටද ගෙම්බියේ .බලනව මේකගෙ හැටි .කලුවට කලුවෙ ඇලි ගෝරිල්ලෙක් වගේ

කට්ටිය හිටගෙන මේ යකා වටේට එකතු උනේ අලුතෙන් වැඩ බාර ගත්ත එකට සුභ  පතන්න.
මේ අස්සේ මේ පොල් කාවයියා මාව දැක්කොත් මට එදා කනේ පාරට අස්වීමේ ලිව්ම නම් දෙනවා .ඒකෙ කතා දෙකක් නෑ.කෝකටත් මිනිහට පේන්නේ නැතුව ඉන්න ඕනේ සිද්දිය අමතක වෙනකං.

"ඒයි මොකද මේ හොරගල් අහුලන්නේ හොරපූසියෙක් වගේ" මම පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් කට්ටියට මුවා වෙන්න යද්දී මගේ පිටිපස්සේ කුනාල්...

"අ අ අ.....මම මේ පොඩ්ඩක් කට්ටිය වැඩි නිසා පිටිපස්සට ආවා"

"ආ ඒක මිසක්.මං කිව්ව වගේ පරිස්සමෙන් මේ යකා එක්ක වැඩ කරන්න"

"අ අනෙ මම නම් බයවෙයි"
එහෙම කිව්වට දැන්නම් ටිකක් බයත් වගේ.

හැමෝම බොස් ට සුභ පැතුවා.පාරින්දි නම් බොසාගේ ලගමයි.පුලුවන්නම් බොසාගේ කර .උඩින් ඉදගන්න සීන් එකේ ඉන්නේ
කුනාලුත් බොසාට සුභපැතුවා.හැබැයි දෙන්නා නිකන් තරහ වුන පාතාල නායකයෝ දෙන්නෙක් වගේ.ඒ ඇයි කියල මට හිතාගන්න බෑ.මම තාමත් මෙතන.මං කොහොමද දෙයියනේ මූන දෙන්නේ මේ යකාට.

"ඇයි තමුන්ට මම බුලත් දෙන්න ඕනෙද මට සුභපතන්න කියලා"
දෙයියනේ මුලු ඔෆිස් එකම හෙල්ලෙන්න මේ ජේසන් කාරයා කෑගැහුවේ කාටද .හැමෝම සයිලන්ට්.හරියට වැස්සක් වැහැලා පෑයුවා වගේ.මම නොදන්න ගානට තවත් පොඩ්ඩක් පාත් වෙලා හිටියා .

ටොකස් ..ටොකස් ..
දෙයියනේ ,ඒකනම් සපත්තු අඩි ශබ්දයන් . ඒ පාර හැමෝම මගේ පැත්තට හැරිලා.හැමෝම අයින් වෙලා මිනිහට පාරත් හදලත් දෙනවා.

"අදනම් මං ඉවරයි" ...මම තදින් ඇස්දෙක පියාගත්තා.විනාඩියක් විතර කිසි හැලහොල්මනක් නැති නිසා ඇස් ඇරලා බලද්දී දැක්ක දේ ..... මීට වැඩිය හොදයි..............








Please forgive meWhere stories live. Discover now