0100

955 239 62
                                    


..

..

..




     හැමදේම නිහඩ වෙලා...මොහොතකට කලින් රන්ඩු වීමක්...බහින්බස් වීමක් තිබුනා උනත්..දැන් ඒ හැමදේම නැතිවෙලා ගිහින්....නිහඩතාවය විතරක් ඉතිරි වෙන්න බැලූ බැල්මට පිටතින් හැමදේම නිහඩවෙලා යන්න ගිහින්.....

    

..මගෙ වස්තුව...

    ධතාශ්ගෙ දෙතොල් එයාටම මුමුන ගන්න ගමන් කීවෙනි වතාවටදෝ තීනුගෙ හිස් මුදුන මතට තද උනා...ඒ දෙන්නා විතරක් තනි උනු.....බැහැර කල යුතු මිනිස්සු ආපිටවත් නොබලා යන්න ගිහින් තිබුනු මොහොතක...වැව් ඉස්මත්තට හාදකම් කියන හුලන් රැල්ලටවත් චූටි වස්තුවට අනවසර හාදු තියන්න ඉඩ නොදී පිටිපස්සෙන් තුරුලු කරගත්තු ධතාශ් මොකක්දෝ හිර කරගත්තු හැගීමකින් හිස් මුදුනට හාදු තවරන ගමන් ඒ වම් අත අල්ලන් හිටියා....


   කෑ ගහපු දගලපු චූටි වස්තුව නිහඩ වෙලා.....ධතාශ්වත් තල්ලු කරන් විශාල් පස්සෙන් පැනගෙන යන්න හැදුව තීනු සන්සුන් වෙලා...නොකඩවා ලැබෙන හාදු නිසාදෝ..නැත්නම් ඒ පමනට වඩා නිහඩකම නිසාදෝ එයාටත් ඒ නිහඩතාවය රකින්න හිතිලා....

...තීර්ථ අක්නුල්ගේ නිලස් අකින්ස!..

..ම්ම්....

..පුලුවන්ද මන් වෙනුවෙන් ඉවසන්න....ම්ම්...මේ ඇගිල්ලට මගෙම දාඩිය මහන්සියෙන් රත්තරන් මුද්දක් දාන දවස වෙනකම් මන් වෙනුවෙන් මේ ඇගිල්ල පාලුවට අරින්න...

   තීනු ඔලුව උස්සලා බැලුවා....එයාට හරියට ධතාශ්ගෙ මූන පෙනුනේ නෑ....ඒත් යාන්තමට වගේ ඒ හැගීම් පිරුනු ඇස් කෙවෙනි දකිද්දි....ධතාශ් අල්ලන් හිටිය වම් අතින්ම තීනු ධතාශ්ගෙ දකුනු අත අල්ලගත්තා....

..බලාගන්නම්කෝ තීනුත් මේ ඇගිල්ලට වෙන මුද්දක් දාලා තිබ්බොත්....කලු ගලක් උඩ තියලා චොස් ගාලා තලන්නේ ආයේ වෙඩින්ග් රින්ග් එකවත් දාන්න බැරි වෙන්න....

..දෙයියනේ ....ඔච්චර නපුරු වෙන්න එපා බන්.....ඉක්මනට නාකි වෙයි...

..කමක් නෑ මන්නෙ..මේ තීනුනේ....

   ධතාශ්ගෙ අතත් ගසලා දාලා කොල්ලා තරහ වෙලා පපුවට අත් දෙක බැදගද්දි....සද්දෙන් හිනා උනු ධතාශ් චොක් ගාලා එබෙන්නම සද්දෙට ඒ පිරුනු කම්මුලකට හාද්දක් තිබ්බා...බොරුවනේ ඉතින් ...තනිකරම බොරුවනේ...හොර කොල්ලා ඇස් යටින් බලලා හොර ගෙඩියෙක් වගේ අනිත් මූනත් උඩට උස්සන් ඇබිත්තන් නහයත් පුම්බගෙන අනිත් කම්මුලත් හරවද්දි....පනින්න ආව හිනාව හිර කරගෙන ධතාශ් හාද්දක් තියනවා වෙනුවට ඒ කම්මුල හැපුවා...දත්වලින් අල්ලගෙනම තද කරන් හිටියා..




🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now