0094

1.2K 267 81
                                    

**කතාව අන්පබ්ලිශ් කරද්දි චැපි 92ක් තිබ්බා...93 දවස් දෙකකට කලිම් දුන්නේ...මගහැරුනු අය ඒක කියෝලා මේකට එන්න..ගොඩ දෙනෙක්ට මග ඇරිලා...ඒ චැපිය මගඇරගන්න එපා හුගක් වටින එකක්...**

..

94 වන කොටස.........








..ලොකූ...හ්...මේන් මෙහෙ වරෙන්කෝ..මේ ඇන්ටනාව පොඩ්ඩක් කරකලා දියන්...

..ම්හ්ක්..බෑනේ මේ අප්පච්චියා එක්ක කරන්න..අනේ බෑනේ දතාස්..




   තීනු එයාගෙ කකුල් දෙක ගැසුවා..සිමෙන්ති බැම්ම උඩ ඉදන්ම එහෙට මෙහෙට ඇබරුනා....තදින් වැලගදගෙන හිටිය ධතාශ්ව තවත් තදින් වැලදගෙන..ඒ බෙල්ල බදාගෙනම දැගලුවා....ඒ උරහිස මත මූන හංගන් හිටිය ධතාශ්ට හීනියට හිනාවක් යනකොට තීනු අප්පච්චිටත් අවලාද තියාගෙන කේන්තියටදෝ ධතාශ්ගෙ උරේ දත්වලින් අල්ලලා හැපුවා...හැපුවා නෙවේ එතන දත්වලින් අල්ලගෙනම කකුල් දෙක ගසාගෙන ගසාගෙන ගියා....සිමෙන්ති බැම්ම උඩ වාඩිවෙලා ඉන්න නිසාම ඒ ඇබිති කකුල් දෙක බිම ගෑවෙන්න හිතලවත් නැතිවෙද්දි....කකුල් ගසපු පාර කොහෙහරි වද්දන් තුවාල කරගනීදෝ හිතලා ධතාශ් ඉක්මනටම තිනුගෙ උරහිසෙන් මූන අහකට ගත්තා...

..ඇත්තද..ම්ම්..දැන් මොනාද අප්පච්චි එක්ක කරන්න බැරි ම්ම්...මොනාද මගෙ වස්තුවට බැරි...

..මොනාහරිනේ...මොනාහරිනේ...!

   තුරුලෙන් අයින් උනා උනත්....ධතාශ් තවමත් හිටියේ තීනුගෙ කකුල් අතර වෙනකොට ..ඒ ඉන දෙපැත්තෙන් අත් තියලා සිමෙන්ති බැම්මට බර වෙලා අහපු දේත් එක්ක චූටි වස්තුවට තරහා ගියා....එල්ලෙන බෝල කම්මුල් රෝසම රෝස පාට වෙලා ගියා....හීන් ඇහිබැම ඇකිලිලා ලන් වෙන්න මහ අමාරුවෙන් උත්සහයක් දරද්දි තීනු අත මිටිමොලෝලම ධතාශ්ගෙ උරේකට පාරක් ගැහුවා...මොනාද බැරි කියලා අහන්නෙ ඉතින් ඔහොම මූනටම...දන්නෙ නැද්ද එව්වා කියන්න බෑ කියලා...කලා උනාට කටක් ඇරලා කියන්න බෑ කියලා....මහ මෝඩයෙක් මේ දතාස්නම්...එන්න එන්නම කට හොද නැතිවෙනවා.....

..රවනකොට තමා වැඩියෙන්ම ලස්සන...

..ම්හ්ම්...ඕන්නෑ මට...

   ඒ රෝසපාටකට හැරුනු කම්මුලක් ඇගිලිතුඩුවලින් මිරිකන ගමන් ධතාශ් හිනා උනා....ඒත් ඒ හඩ බරයි....හිනාවක් ඇදුනත් තවමත් ඒ ඇස් අග කදුලු කැට දිලෙනවා....කම්මුල් දිගේ රූරලා තීනුගෙ උරහිස සිපගත්තු කදුලු පිනිවලට අයිති තවත් ශේශ මාත්‍රයක් ඒ ඇස් අග දිලෙනවා...කඩාවැටෙන්න අවසර නැති නිසාදෝ තීනුගෙ බැල්ම ලග ඒ පිනි කැට ධතාශ්ගෙ ඇස් අස්සෙම හිරවෙලා තියෙනවා....දැක්කත් නොදැක්ක ගානට....තීනු එයාගෙ කම්මුල් මිරිකපු ධතාශ්ගෙ අතට පාරක් ගහද්දි...ධතාශ්ගෙ ඇස් කදුලු අස්සෙන්ම හිනා උනා...

🍁නූශ්🍁(Zhanyi)Dove le storie prendono vita. Scoprilo ora