3

473 106 153
                                    

මුහුදු අහසෙ ලස්සන සුදු පරවියෙක්... ඌ ඈතට ඈතට ක්ෂිතිජය දිහාට පියාඹලා යන දිහා ස්වප්න අතදරු මුහුදු රළ පාගන ගමන් බලන් හිටියා...

පාන්දර රළ හඬ ඇහෙද්දි ස්වප්නගෙ ඇස් හෙමින් හෙමින් විවෘත වුණා... එළි වෙලා... ස්වප්න ඇඳෙන් පහළට බැහැලා ඉක්මනට බාතෲම් එකට ගියේ, අද එයාට ලෙක්චර්ස් තියෙන නිසා ඉක්මනට කැම්පස් එකට යන්න ඕනකමට...

රුක්ෂාන් ඒ වෙද්දිත් නිදි... ස්වප්න ලෑස්ති වෙලා රුක්ෂාන්ව ඇහැරවන්න ගියා... මොකද පොරටත් අද ලෙක්චර්ස්...

"ඒ රුකී... නැගිටපං... තොට අද ලෙකක් තියෙනවා..."


"නැගිටපං බල්ලෝ !!!!!"


ස්වප්නගෙ බෙලෙක් කටහඬට හොස්ටල් කාමරේ දෙදරලා යද්දි රුක්ෂාන් විතරක් නෙවෙයි, සැපට නිදාගෙන හිටපු අනිත් කොල්ලා මහීමත් උඩ ගිහින් ඇහැරුණා... ස්වප්න අහිංසකයො දෙන්නට රවන ගමන් පොත් මේසෙ ගාවට ගිහින් තමන්ගෙ නෝට්ස් ටික ෆයිල් කවරයක් අස්සට එබුවා...


"ඉක්මනට වරෙං මම යනවා... මහී උඹ නිදාගනිං මාන්දම්කාරයා වගේ මොංගල් වෙලා ඉන්නෙ... උඹට හවසට තියෙන්නෙ..."


මහීම කටින් චික් ගාලා ආයෙම රෙද්ද පොරවන් නිදාගනිද්දි ස්වප්න රුක්ෂාන්ට රවාගෙනම හොස්ටල් රූම් එකෙන් එළියට ගියා...



















වෙලාව දවල් 11.00...

ඩං.....ඩං......ඩං........



පන්සලේ ඝණ්ටාරය සද්දෙට නාද වෙද්දි මහ දේවාලෙ පූජාව පටන්ගත්තා... දෙවුන්දර දේවාල හතේ කපුවො අඩුක්කුව අරගෙන දේවාලෙ ඇතුළට පය තියද්දි , දේවාලෙ දෙපැත්තට වෙලා පූජාවට හිටපු මිනිස්සු අත් නළලට තියන් වඳින්න ගත්තා...

"ඒ බොනියයියෙ ආං එනව-"


"ශූඌඌ.... මෝඩයා... වැඳගනිං...."


බොනීයි, බොනීගෙ ඇටිකිචි යාලුවා කබියයි දැන් විනාඩි දහයක ඉඳන් ඉස්සරහ හරියෙ තැනක් අල්ලගෙන බලන් ඉන්නෙ පූජාව පටන්ගන්නකන්... කපුවො පූජාව පටන්ගනිද්දි උන් දෙන්නත් වැඳගත්තා...


කබියා බොනීගෙ ඉණ ගාවට විතර උස... මූ බොනීගෙ ඉස්සරහ ඉඳගෙන චකබඹරෙ වගේ කැරකි කැරකි, ඒත් වඳිනවා... ඉණ හරියෙන් මොකක් හරි රවුම් දෙයක් හෙලවෙන බව දැනුනම බොනී වැඳගෙනම එක ඇහැක් ඇරලා ඒ දිහා බැලුවා...


සිලිලාර || NONFICTION Where stories live. Discover now