06🖤

42 8 3
                                    

.

.

එයාගෙන් සමාව ගත්ත මම..මගෙ ඇස් අගින් වැටෙන්න ගිය මගෙම හැගීම් පොරකන කදුලු බින්දුව මගෙ නිදහස් අතින් පිහදා ගත්තා..මෙ කදුලු වලට හේතුව එයාගෙ කටින් පැන්න වචන විතරක්ම නෙවෙයි කියලා පිලි ගන්න  මගෙ හිත අදි මදි කරා..ලොකු හුස්මක් අරගෙන පහලට දාපු මම මගෙ අත එයාගෙ ඇස් දෙක උඩින් අයින් කර ගත්තා..හැබැයි එයා ඇස් ඇරියෙ නෑ..

මම එයාගෙ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා එයාගෙ කන ගාවට පාත් උනා..මොකද නිදි මනුස්සයයි නිදි වගේ රගපාන මනුස්සයයි අතර ලොකූ වෙනසක් තිබුනා...

කන ගාවට පාත් උන මම කට කොනින් හිනා උනා..අපේ අතර තිබුනෙම හුස්මක දුරක්...

"තුවාලයක් උනාම හොද කරන්න බේත් තියනවා..හැබැයි හිතක් තැලුනම තැල්ම යවන්න බේත් කොහෙවත් නෑ..අදාල නැති දෙයක් වෙන්න ඇති මම කරේ..
ඒකට මට අනිවාරෙම්ම සමා වෙන්න..
ඒක නෙවෙයි කියන්න ඕනෙ උනේ..
ඔයාට පුලුවන්නම් ඔයාගෙ වචන පරිස්සම් කරගන්න..මොකද පිහිතුඩු වගේ වචන එලියට එද්දි..තව අයගෙ හිත් වල ඒවා දරුනුවටම ඇනෙන්න පුලුවන්..හිතන් නැතුව කියන වචනයක් ඇති කෙනෙක්ට ජීවිතයක් උනත් එපා කරවන්න..එහෙම වෙන්න දෙන්න එපා..
මම මගේ සීමාවෙ ඉන්නම්..මෙතන ඉදන් මම ඔයාගෙ ඩොක්ට ඔයා මගේ පේශන්..."

"පුලුවන්නම්..ඔයාගෙ පව්ලෙ කාට හරි හෙට එන්න කියන්න..මොකද මම මේ සතියම ගෙදර ගියේ නෑ..මම සීමාව පැනලා රකින්න ගියානෙ ඉතින් මට ගෙදර යන්න උනේ නෑ..ඔයා ලගම ඉන්න උනා මට..ඒ නිසා හෙට කාට හරි එන්න කියන්න.."

එයාගෙ කනට කොදුරපු මම යන්න හැරුනා..ඒ උනත් ඉස්සරහට තියපු අඩිය මම ආයෙත් පස්සට ගත්තා...සීමාව පනින්නෑ කිව්වට සීමාව පනින්න වෙන තැන් තියනවනෙ..මොකද මම හිතක් පපුවක් නැති මනුස්සයෙක් නෙවෙයි..

එයාගෙ දිහා තප්පර පහක් විතර බලන් හිටපු මම එහෙම්මම බාතෲම් එකට ගියා..බාජනේකට වතුර ටිකක ගත්ත මම බාජනේත් අරන් එයා ගාවට ආවා..ගෝස් කෑල්ලක් අරගෙන ඒක තෙමපු මම එයාගෙ අතේ තිබුන ලේ ටික පිහදාලා දැම්මා..වැඩිය කතා කරන්නෙත් නෑ...පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙ..අනේ මන්දා මේ මනුස්සයා ගැන ඇත්තටම හිතාගන්න අමාරුයි..

EVIL LOVE  (yizhan) 🖤Where stories live. Discover now