05🖤

45 7 0
                                    

______________________________________

මම හිටියෙ ලොකූ කල්පනාවක..එදා උන දේවල් එකක් නෑරම මට මතක් උනා..වෙලාව යනවවත් නොතේරුන මම හිටියෙ එදා උන දේවල් ගැන හිත හිත..අන්තිමට මට පුලුවන් උනා ඒදේ කරන්න..මම මේ දේ කරේ ජීවිත ගොඩක් අවදානමේ දාගෙන..මම දන්නෑ එදා මට මොන ජාතියේ හැගීමක් ආවද කියන්න...එයාව බේර ගන්න මට තිබුන උවමනාවට හේතුවවත්..අනේ මන්දා..ඒත් මම ඒ කරපු දේ වැරදී කියලා මට මේවෙනකම්ම හිතුන්නෑ..කලකිරීමක් වෙනුවට මගේ හිතේ තියෙන්නෙම සැනසීමක්..එයාව බේර ගන්න මට පුලුවන් උනා කියලා මතක් වෙන හැම වෙලාවකම මගේ හිත  සැනසීමකින් අමුතුම සතුටකින් පිරුනා..එයාගෙ විස්තර හෙව්වත් කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා..අන්තිමට එයාගෙ බාරකාරීත්වයත් මට ගන්න උනා...

හැබැයි බය වෙන්න කාරනාවක් තිබුනා..අපිව පැහැරගත්තු අයගෙ හෙන්චයියො අල්ල ගන්න පුලුවන් උනාට උන්ගෙ ලොක්කව මේවෙනකම්ම හොයා ගන්න බැරි වෙලා..

"ඩොක්ට.."

"ඩොක්ට.."

"ඩොකට ශනුක.."

මම ගැස්සිලා ගියා කල්පනාවක ගිලිලා ගිටපු මම එක පාරට ගැස්සිලා ගියා වගේම..මම පිටිපස්ස හැරුනා..

එතන හිටියෙ මලීශා..කෙල්ලෙක් උනත් මගේ හොදම යාලුවෙක්..මම එයාගෙ දිහා බලාගෙන ඉද්දි උඩට කරලා ගැටගහගෙන හිටපු කොන්ඩෙ අතින් හද හද කලබලෙන් වගේ මම හිටපු තැනට ආවා..

"ඩොක්ට..අර..පේශන්ට සිහිය ආවා..අනේ ඉක්මන්ට යමු එයා කලබල කරනවා.."

"අහ්.මොක්...ආ හරි..යමු.."

අතේ තිබුන කෝපි කෝප්පෙ එතන තිබ්බ ටේබල් එක උඩින් තියපු මම මලීශාගෙ පස්සෙන් දිව්වා..මට සතුටක් දැනුනා..මම මෙච්චර දවස් බලාගෙන හිටියෙ එයා වෙනුවෙන්..මම මෙච්චර දවස්ම බලාගෙන හිටියෙ එයා ඇස් දෙක අරිනකම්මනෙ..මගෙ මූනට හිනාවක් ආවා..එයාගෙ හැමදේම කරේ මම..එයාට බෙහෙත් පවා කරේ මම..එයාට වියදම් කරේ මම එයාව පිරිසිදු කරෙත් මම..මම ඒදේවල් කරේ ආසාවෙන්..එයාගෙ බාරකාරීත්වෙ තියෙන්නෙ මට නිසා එයාගෙ හැමදේම පැකිලීමක් නැතුවම මම කරා..මට බලා පොරොත්තු ගොඩක් තිබුනා..මම එයා එක්ක කතා කරන්න බලන් හිටියා..හැබැයි උන දේවල් එකක්වත් මතක්කරන්නවත් මම හිතුවෙ නෑ..මට ඕනෙ උනේ එකම දෙයයි..බය වෙන්න එපා ඔයා ලග මම ඉන්නවා කියන්න විතරයි..මට වත් හිතාගන්න බැරි අමුතුම හැගීමක් මට එයා ගැන තිබුනා..උදේ එයාලගට ගිහාම මම එයා එක්ක කතා කරා එයා මට උත්තර නොදුන්නත් මම හැම උදේකම එයා එක්ක කතා කරා..මම එයා ගාවින් ගියෙත් හරි ලෝබ කමකින් මම දන්නෑ ඇයි එහෙම මට හිතෙන්නෙ කියලා..

EVIL LOVE  (yizhan) 🖤Where stories live. Discover now