04🖤.

62 7 2
                                    

මම හිටියේ නිකම් ගල් ගිලපු හෝතම්බුවෙක් වගේ...ඇත්තටම මට මෙවලෙ මාව පැහැරගෙන ඇවිල්ලා තියෙන්නෙ කියන එකවත් ගානක් නැති උනා..මම හිටියෙ පුදුම කේන්තියකින්..මෙතන හිටපු ඔක්කොටම ඇනගෙන ඇනගෙන යන්න පුලුවන් තරම් කේන්තියකින්..ඒ වගේම අදහා ගන්න බැරි පුදුමෙකින්..

යකෝහ්..මට මෙහෙම එකෙක් ජීවීතේට හම්බෙලා නෑ..මම ඔපරේශන්ම කරලා ඇති ඉහේ කෙස් ගානට..හිරි වට්ටලා උනත් මැහුන් දාලා ඇතී සෑහෙන්න...උන් හිරි වට්ටලා තියෙද්දිත් මැරෙන්න හදනවා මැහුම දාද්දි...ඒත් මේකා..කෙදිරිවත් ගෑවෙ නෑ..මම මේකගෙ ලගට එද්දි මුට තුබුනු අමාරුවවත් දැන් නෑ..මම කොච්චර මැරෙන්න හැදුවත් හිරිවට්ටන්නේ නැතුව මැහුන් දාන්න බෑ මේ මනුස්සයා ඉන්න තත්වෙ එක්ක මැරිලා යයි කියලා..මුට මැහුම දාලා ඉවර වෙනකන් වත් ගානක්වත් තිබුනෙ නෑ..ඔහේ බලාගෙන හිටියා..හරි ඒක කමක් නෑ කියමු..මේ මැටි කිබුලා මම කියන කිසිම දෙයක් අහන්නෙ නෑ..අත හරවන්න කිව්වට එක දශමෙකින්වත් අත හෙලෙව්වෙ නෑ..මම ඒකත් කරන්න ඕනෙ..ඉතින් මට තරහා යන එක සාධාරන නැද්ද මම කියන්නෙ ඈ..
මේකගෙ අත හරෝ හරෝ අමාරුවෙන් මැහුම දාන්නත් ඕනෙ.මේකා කරපු එකම දේ තියන අමාරු ඔක්කොම පැත්තකට දාලා මගෙ දිහා බලන් හිටපු එක.. එහෙන් අර වටේ ඉන්න ඇඹලයිගෙ කිය විල්ල අහන් ඉන්න ඕනෙ මට උන් එක්ක ඊට වඩා තරහයි ඇයි යකෝ..

ඊටත් මට හරිම අපහසුතාවයි..අරුන් ටික මම වැඩේ ඉවර කරන කම්ම පිස්ටල් එක දික් කරගෙන හිටියා..මෙතන ඩොක්ට මම උනාට උනුයි මට උල් පන්දම් දෙන්න ගත්තෙ ඕක ඔහොම එපා මෙහෙම කරන්න ගගා..තමුසෙ දන්නවනම් කර ගන්නවකො කියලා දමලා ගහලා ඉන්න හැදුවත් මම මොකුත් නොකියා මගේ වැඩේ කරේ අර පිස්ටල් එකෙන් මොන වෙලාවෙ උන්ඩයක් එලියට එයිද කියාලා තිබුන බය නිසාම වෙද්දි..මම කට පියාග්‍රනම් අන්තිම මැහුමත් දාලා..තුවාල හැම එකකටම බෙහෙතුත් දාලා එතනින් නැකිට්ටා..

ඒත් මට බයයි..මේවට විසබීජ ගියොත් කොච්චර සර්ජිකල් සෙලයින් අනම් මනම් දාලා හේදුවත් මේවගේ අපිරිසිදු තැනක මේවගේ දේවල් කරන්න බැරි බව දන්න මම බය උනා..මොකද කොච්චර තුවාලයක් පොඩියට තිබුනත් බැරිවෙලාවත් ඕකට විසබීජ ගියොත් අතපය කපලම අයින් කරන තැනට තූවාලෙ දරුනු වෙන්න තියන ඉඩ කඩ වැඩි නිසා..

EVIL LOVE  (yizhan) 🖤Where stories live. Discover now