හතරවන කොටස

404 93 55
                                    

විකාරෙ ද ............. මන් කිව්වනෙ මන් එලියෙන් ඉන්නම් කියලා ඔයාට නිදාගන්න ඕනෙ නම් මන් එලියට යන්නම්

අයියෝ මේ මොකද මන්දීර් .................. ඇයි ඔය තරම් බයේ දගලන්නෙ ... මන් කලිනුත් කිව්වා වගේ අපි දෙන්නම පිරිමිනෙ මන්දීර් ..........බොරුවට අම්මට කෑ ගැහුවට මට පේන්නෙ අනිත් හැමෝටම වඩා මන්දීර්මයි මන්දීරට කාන්තාවකට වගේ සලකන්නෙ ඒකනෙ මේ බයේ දගලන්නෙ නේද.... ම්ම්...........

කාමරෙන් යන්න හදපු මන් නාග්‍රවගෙ වචනත් එක්ක ඉබේම නැවතුනා . ඒ කියන්නෙ එයා අම්මගෙයි මගෙයි කතාව අහන් ඉදල ද ඒත් එච්චර දුරකට ...........හොරෙන් අහන් හිටියා මදිවට කියන කතා. මොනා උනත් එයාට ඒ විදිහට මට අපහාස කරන්න දෙන්න බෑ . ඔව් මන්දීර් ............ ඔයා මොකට ද බය වෙන්නෙ . මේ මනුස්සයා දන්නෙ වචන බර කරලා කියවලා බොරුවට බය කරන්න විතරයි ..

ආපහු හැරුන මන් නාග්‍රව්ට ගස්සෙගන ගිහින් ඇද උඩට පැන්නා . අම්මා කියන දේ අහලා ගෙදර ගියා නම් අද තමුසෙට මෙහෙම දෙයක් වෙන්නෑ අස්විද ............. මුරන්ඩුකම ඉහට ගන්නවට හොද වැඩේ අස්විද

ලයිට් එක නිවුනා .... කහ පාටින් පාට වෙලා තිබ්බ කාමරේ කරුවල වුනා .කොට්ටෙ බදාගත්තු  මන් සීතල බිත්තිය මුල්ලට ගුලි වුනා . දහසමහ යෝදයෙක් ගානට ඇද බර කරගෙන නාග්‍රව් ඇදට නැග්ගා . ඔක්කොම සාමකාමී ............. ඒත් මට බයයි . මේ මනුස්සයා එක දවසට කියපු කරපු දේවල්වලට බය නොවී තිබුනොත් ඒකයි පුදුමෙ .  අප්පච්චි දැන්මම එන්නැතු වෙයි ද ආවනම් මට මගෙ නම්බුවත් රැකගෙන මෙතනින් පැනගන්න තිබ්බා  .

මන් හදිස්සියේම ඇදිලා ආව කස්තුරි සුවද ඉව ඇල්ලුව . මේ සුවද කොහෙන්ද මතුවුනේ ....... සුවදට ඉව අල්ල අල්ල උන්නු මගෙ නහය නැවතුනේ නාග්‍රව් ගාවින් වෙද්දි නහය පිස්සු වට්ටන අමුතුම සුවදි මන් මුලු නහයම පුරෝගත්තා .ඒ එන සුවද වෙද මහත්තයා ලග තියෙන කස්තුරිවලින් එන සුවදට වඩා එහා ගිය එකක් ඒක හරියට පොලොවට වතුර වැටුනහම එන පස් සුවදත් එක්ක සුවද විලවුන් බෝතලේක තියෙන පැනි රස , අලුත් ලී කුඩු සුවද එක්ක එකට මිඝ්‍රවුන අමුතුව සුවදක් වගේ උනත් ඊටත් එහා ගිය්ද් කියන්න බැරි විදිහෙ අමුතුම හැගීම් මතු කරන නහය කිති කවාගෙන යන සුවදක් වෙද්දි බිත්තිය පැත්ත බදු අරන් උන්න මන් ඇලිලා මැරෙන්න යන වග නොදෙන පැනි බෝතලේකට ඇදෙන ඇබලයෙක් ගානට නාග්‍රව්ට ලං වුනා .

නාග්‍රව් ⚕ ( sinhala bl )Where stories live. Discover now