🌿46 හමුව🌿

1.8K 347 957
                                    

රෙහාන් ෂදිල් දෙන්නා ෂදිල්ගේ ඉල්ලීම පරිදි යන්න ලෑස්ති වුනා කොන්ඩයාව මුණගැහෙන්න...

රෙහාන් ප්‍රශ්න අහන්නේ නැතුවම ෂදිල්ට එකඟ වුන එක ගැන කොල්ලාට පුදුමයක් ඇති වුනත් එයා අරාෂ් ගැන හිත වෙහෙසමින් හිටි නිසා රෙහාන්ගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ.....

ප්‍රශ්න කරන එක වෙලාවකට හොඳ වුනත් තවත් වෙලාවකට ප්‍රශ්න ඇහිල්ල අඩු කරගන්න එකෙන් නැති ප්‍රශ්න ඇතිකර නොගෙන ඉන්න ඉඩ ලැබෙනවා.....

කැම්පස් යන කාලේ රෙහාන් ලඟින්ම ආශ්‍රය කරපු එකෙක් තමා දිලුක හෙවත් කොණ්ඩයා...ඒත් පහුවෙනකොට ඒ ආශ්‍රය දුරස්වුනා බොහොම.....

ඒකට හේතුව රෙහාන්ට කොන්දේසි රහිතව කොන්ඩයා උදව් කරපු එකෙක් වුනත් එයා ෂදිල්ගේ බෝඩිමේ බොන පාටිය දවසේ ෂදිල්ට අනන් මනන් නුසුදුසු විහිළු කරපු එක...

එදා රෙහාන්ගෙන් කනේ පාරක් කාපු කොන්ඩයායි රෙහානුයි අතර ලොකුවටම නැතත් යම් හිත් අමනාපකමක් ඇතිවුනා...

ඒක මිත්‍රත්වයේ ඇති වුන පලුද්දක්...ඒ පලුද්ද හැදුනේ නෑ ආයේ කවදාවත් එයාලා අතර දුරස්වීමක් ඇති වුනා මිසක.....

කාලයා විසින් අවශ්‍ය අයව අපි ගාව ඉතුරු කරලා අනික්වුන්ව ඈත් කරනවා...මේ අතර අපි කැමති හොඳ අය වුනත් අපෙන් ඈත් වෙන්න පුළුවන්...

නොගැලපෙන අය ජීවිතෙන් අයින් කරගන්න එක සතුටින් ඉන්න පාර කපනවා.....

වචනෙන් නොකියා ගත්තත් රෙහාන් කොන්ඩයාව සූක්ෂමව එයාගේ මිතුරු කල්ලියෙන් ඉවත් කලා....

කොන්ඩයා කැම්පස් යන කාලෙම දේශපාලනයට යොමු වුන කෙනෙක්...කොන්ඩයාගේ තාත්තා අමාත්‍යාංශ ලේකම් කෙනෙක්....ඒ හින්දා අද පලාත් සභා මන්ත්‍රී පදවියක් දක්වා වේගවත් ගමනක් එයා ඇවිත් ඉන්නවා....

ෂදිල්ව දැකපු දා ඉඳන්ම රෙහාන්ට ෂදිල් ගැන තිබුනේ අයිතිකාරකමක හැඟීමක්...ඒක ආදරය ලෙස හඳුනාගෙන නොතිබුනාට එයාටම නොතේරෙන විදිහේ ආකර්ෂණයක් ලෙන්ගතු බවක් ෂදිල් ගැන එයාගේ හිතේ හටගෙන තිබුනා......

ප්‍රමාදය පසුතැවීමට හේතු වෙනවා කියන්නා සේ රෙහාන් එයාගේ හැඟීම් තේරුම් ගන්න ඉක්මන් නොවීමම ඉන් පස්සේ එයාලගේ ජීවිතේ වුන හැම ව්‍යසනයක්ම හේතුවුනා කියලා කෙනෙක් උපකල්පනය කලත් වරදක් කියන්න බැහැ....

සිධාරණ්‍ය (Ongoing)Onde as histórias ganham vida. Descobre agora