55🌈️

2.8K 604 658
                                    

".......මා....."

මගෙ ඇස් වලින් කදුලු වැටුනා...මෙච්චර කාලෙකට කලු වෙයිට්ටිය හැමදාම උන්නෙ තට්ට තනියෙන් ...එක්කො අඩුවයසින් මලගම් ගියපු නොදරුවා එක්ක වෙනකොට කවදාවත් නැතුව අද ඒ කලු වෙයිට්ටියෙ තනියට රත්තරන් බෝඩරේ ගියපු සාරියක් ඇවිදින් උන්නා......

.අතේ උන්න චූටියා එක අතකින් මගෙ බෙල්ල බදාගන වචන අහුල අහුල අන්න අන්නා ගගා පෙන්නුවෙම මලගම් ගිය ගෙදර බුදුන්වත් දොරෙ බුදුන්වත් වෙනකොට මුලු බන්සාල් මන්ධීරෙම නිදි කුමාරි තුරුල්ලෙ සැපටම ගිලුන වෙලාවක මැද මිදුල හරහා ඇදීගන ගිය හීන් හුලන් රැල්ල යන්න ගියේම කට්ටකුම්ංජල් සාම්බ්‍රානි සුවද විසි හතර පැයම විහිදෙන කපුරු තෙලින් පහන් ඇවිලෙන මුරුගගෙ වාසභවනෙ සීනුවට හාදුවක් තියාගන වෙනකොට මලවුන්ගෙ බලවත්ම හෝරාවෙදි මුරුගගෙ සීනුව සද්ද උනා....මුරුගා දිහා බලපු මං දරුවවත් වඩාගන ඉස්සරහට තිබ්බ අඩිය ආපිට පස්සට ගත්තා..

බන්සාල් පැටව් අම්මගෙ උනුහුම විදිනකොට ඇස්වල කදුලු පුරාවන් එලි බැහැපු මගෙ ගැන මුරුගටම දුක හිතිලද කොහෙද මගෙන් උදුරගන දිවිය විමානෙට අරන් ගියපු අම්මව ආපිට එවලා තියනකොට මන් හිතට ආව සතුට දරාගන්න බැරිම තැන අත උඩ ඉන්දවගත්ත කොල්ලව එක උරහිසක් උඩ ඉන්දවගත්තු මං  ඇදන් උන්න වෙයිට්ටියත් එක පැත්තකින් උස්සගන පඩි පෙල බහින්න ගත්තා .....

වෙනකොහෙටවත්ම නෙවෙ.....ඇවිලෙන පහනෙ අඩුවේගන යන තෙලට තව තෙල් එක්කාසු කරන්න....

විසි හතර පැයම ඇවිලෙන පහන ඇවිලෙනවා...හීන් හුලන් රැල්ල ඇවිදින් සීනුවට හාදු තියන අස්සෙම කෙරුවෙ හොර හොරාවට මුරුගගෙ විමානෙට එලිය දෙන පහන් දැල්ලත් හුලන් කැටිය එක්කම එක්ක යන්න වෙනකොට ලමයව උරහිස උඩ ඉන්දවගන උන්න මං පහන දැන් නිවෙයි...දැන් නිවෙයි කියන බයට පඩි දෙකෙන් දෙකට අඩිය තිය තිය පහලට බැහැපු වේගෙට මගෙ කන්වල තිබුන ‍රත්තරන් කරාබු පැද්දෙන පැද්දිල්ලට මන් හිතුවෙම කන ඉරාගන යයි  කියල උනත් කනට වඩා මට අද කවදාවත් නැතුව මුරුගා ගැන තිබුන භක්තිය වැඩි වෙද්දි පහලට දුවා ගන්න ඕන උනා............

මෙච්චර කල්ම අඩමානෙට වැදපු මට අද මුරුගා වදින්න ඕන උනා.......

යකා ආවේස උන තැනම වැරද්ද උනත්
" ඩේ...හ්...යෙන්නඩා ඩේ මුරුගා යෙන්නඩා" ගාලා  තරහ පිට කරන මං කාටත් නොකිව්වත් මගෙ අම්මව අරන්ගියෙ මුරුගා කියපු දා ඉදන් මුරුගත් එක්ක කෝන්තර පිරිමැහුවා....

🔱SINGAM🔱Where stories live. Discover now