25th chapter

253 62 64
                                    

"මොකද දැන් බුම්මගෙන ඉන්නේ "

Flight එක පිටත් වෙලා මොහතකට පස්සේ ටේහ්‍යෙන්ග් ජන්ග්මී ගෙන් ඇහුවේ ජන්ග්මී මූන පුම්බගෙන තනියම කියවනවා දැක්ක නිසා....

"එයාලා හරිම නරකයි ටේහ්‍යෙන්ග්!!"

"කව්ද?"

"කුකී ජිමිනුයි සන්ග්හීයි!! එයාලා ඊයේ උදේත් මට කිව්වා එනවා කියලා,  ඒත් අද උදේ කියනවා එන්න වෙන්නේ නෑ වැදගත් වැඩක් තියනවලු!"

"ඔහ් ඒකනේ පැටියෝ මං ඔයාට කලින්ම කිව්වේ, අපි දෙන්නා විතරක් යන් කියලා....!!"

ටේහ්‍යෙන්ග් හිනාව හන්ගලා කිව්වා...

"මට හිතාගන්න බැරි ටේ, එයාලා තුන් දෙනාටම එකටම වැටුන වැදගත් වැඩේ මොකක්ද කියලා..."

ජන්ග්මී ඇස් හීන් කරලා ටේහ්‍යෙන්ග් දිහා සැකෙන් බලන ගමන් කිව්වා....

"එ..ඒක තමයි, අපරාදේ මං හොටෙල්ස් බුක් කලත් එක්ක,  ඔයාගේ ග්රෑන්ඩ්පා කම්පැනි එක බලනවට මට දෙන සොච්චම් සැලරි එක ඒකටම ඉවරයි!!"

ටේහ්‍යෙන්ග් තොල් උල් කරගෙන ඇස් යටින් ජන්ග්මී දිහා බලලා කිව්වා....

"ආහ්,  මං අල්ලගන්නම්කෝ එයාලව,  මං හිතුවේ ඔයා එයාලට එන්න එපා කියලා තර්ජනය කරලා කියලා...."

"අයියෝ!! මං මොකටද එහෙම කරන්නේ... ඇයි එයාලා එහෙම කිව්වද?"

ටේහ්‍යෙන්ග් ඇහුවා...

"ආනී!! ඒත් ඔයා මුල ඉදලම එයාලා එනවට කැමති වුනේ නෑනේ..."

ජන්ග්මී කියනකොට ටේහ්‍යෙන්ග් උගුර පෑදුවා.....
____________________________________

"මෙහේ!! ඔයාට තිබුනා මට කලින්ම කියන්න ටේහ්‍යෙන්ග්!!"

කලින් දවසේ රෑ ස්විස් වලට ගොඩ බැහැලා, එහෙමම නගරාසන්නයේ හෝටලයක නවාතැන් අරගෙන පසුවදා උදේම ටේහ්‍යෙන්ග් ජන්ග්මී එක්ක සුපුරුදු ගමනාන්තය වෙත පිටත් වුනා.....

කලින් දැකලා පුරුදු නිහඩ පරිසරය ඇහැ ගැටෙන කොට ජන්ග්මී ට තවදුරටත් ගමනාන්තය රහසක් වුනේ නෑ......

"කලින් කිව්ව නම් අගයක් නෑනේ.... ඒත් මට පස්සේ නම් හිතුනා නොකියා කරගත්තු මෝඩ කම කියලා...."

____ꪶꪮꪜꫀ ꪑꫀ ꪖᧁꪖ𝓲ꪀ____ 𝚝𝚑𝚟 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗Where stories live. Discover now