💔~~~ මුලාවේ 11~~~💔

272 46 69
                                    

~~~ මතක ~~~

අපි..අපි කිව්වේ මමයි ජානුයි අක්කි සුදූයි..මයුර අයියයි උන්නේ වැවට යන ගමන්...සජී අයියත් වීල් එකේ ඇවිත් මයුර අයියාව දාලා පුංචි නැති නිසාදෝ මූණත් එල්ලන් ආපහු ගියා..අපි ලියුම් නොදී උන්නට මොකෝ තරු මයුර ඩබල කොහොමහරි සෙට් වෙලා..මයුර අයියා ටික දවසක් පාර දිගේ වැඩ දාලා දවසක් අප්පච්චිගෙ ගෝලයෙක්ය කියන් ගෙදරත් ආවා..නංගිට කැම්පස් එකේ වැඩ වලට මොනාහරි උදව් ඕනා නම් කියන්න සර් කිව්වම... උදව්නේ...හා දැනට ඔය තියෙන උදව්වක් බලලා කරන්නකෝ....අනික් දේවල් ගැන පස්සෙ කතා කරමු කියලා අප්පච්චි කිව්වේ ඇස් යටින් බලන ගමන්....

අක්කි දන්නේ නැතිවට මං අහගෙන අප්පච්චි අම්මා එක්ක කියනවා සුදූට පේරාදෙනියෙ දොස්තරලා හරි යන්නෙ නෑ වගේ ආන් රුහුණෙන් ඉංජිනේරුවෙක් හොයන් කියලා...ඇහුවා විතරයි අම්මා නම් කලබල උණා...අප්පච්චි කිව්වේ කොල්ලව මං හොඳට දන්නවා නරක කෙනෙක් නෙමෙ සුදුත් දැන් පොඩි ළමයෙක් නෙමෙ නේ අහන්න යන්න එපා කතා බහ කරලා හොඳයි නම් එයාම කියයි කොහෙහරි යන්න ඇහුවොත් පුංචි හරි මං හරි අක්කි එක්ක යවන්න කිව්වා....

ඉතිං දැන් මේ යන්නෙත් එහෙම ගමනක්...අක්කි ඇඹරි වැවට යන්නද අහද්දී අප්පච්චි ඇස් යටින් බලන් ඉඳලා කිව්වා අපිත් එක්ක යන්න කියලා...ඉස්කෝලෙ ළඟ ඉඳන් ලොකු දුරක් නෑ...බොරලු පාරේ අක්කිලා ඉස්සරහින් යද්දි අපි ගියේ ටිකක් පිටිපස්සෙන්...

"ඇයි පුංචි ආවෙ නැත්තේ.."

"සජී අයියා එයි කියලා එන්න බෑ කිව්වේ.."

"හ්ම්..අපි හිතුවෙ එයි කියලා...අයියා අවුලෙන් ගියේ පවු.."

"හ්ම්."

"ඇයි පුංචි ඔය තරම් සජී අයියාට අකමැති..වීල් කාරයෙක් නිසාද.."

"එහෙම නෙමෙ..එයා කියන්නේ පිරිමි කියන්නේ විස්වාස කරන්න බැරි ජාතියක්ලූ.."

"එහෙම කියන්නේ බූටක්වත් කාලද.."

"ඒ වගේ...ඇහුවාට මට කියන්නෙත් නෑ..."

"ටිකක් තේරුම් කරන්න එයාට...සජී අයියා නරක කෙනෙක් නෙමෙ..අනික වීල් එකක් පදින්නේ උගත් කමක් නැතිවත් නෙමෙ...පොලිසියටත් යන්න ඇවිත් තියෙද්දී මාමා එකතැන් උනාම නොයා නතර උණේ..එතකොට නංගිලා මල්ලිලා පොඩියි..නැන්දත් නැති නිසා එයාලව දාලා පිට යන්නත් බෑ...අර පොඩි උන්ට මාමා බලා ගන්නත් බෑ...ඒ නිසා එයාට ගෙදර ඉඳන් පවුල බලාගන්න මාමගේ රස්සාවම කරන්න උණා...පොරත් ඒ කාලේ දාර බූටක් කෑවා...අවුරුදු ගාණක ලව් එක..විල් පාර්ක් එකට ගියා කියලා තමා ඒකිත් දාලා ගියේ...දැන් ආන් කුඩ්ඩෙක් එක්ක ගිහිං දුක් විදිනවා..අවුරුදු ගාණක් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ..හැමෝම කිව්වේ කසාදයක්වත් බඳින එකක් නෑ කියලා...ඒත් පුංචි දැක්ක දවසේම කතා කරලා කිව්වේ...ආයි මල් සරා විද්දා වගේ බන්...පණ ටික යන්න හරි මේ පාර මඟ ඇරගන්නෙ නෑ කියලා...දැන් නංගිලා මල්ලිලාත් ලොකුයි නේ...පුංචි කියනවා නම් එයා වෙන ජොබ් එකක් හොයා ගනී..අනික ඔයාලගෙ අප්පච්චිත් හොඳට දන්නවා මනුස්සයා කවුද කියන්න..කුමාර සර් එක්ක ඕනා නම් අප්පච්චි කතා කරාවිනේ..."

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now