අනේ ඉතින් මොකද්දෝ සිදුවෙමින් පවතිනව කියල මට පේනව ඉතින්

පේනව නං ඒක ඇත්ත ඉතින්

උඹ ඌට ඇත්තටම ආදරෙයි ද?

ම්ම්

එහෙනං එලියෙ තියන එක අනතුරක් කොල්ලට..

ඔව් ඒත් එකපාරට එක්කන් යන්න බෑනෙ... හිමීට ගෙන්නගමු

ම්ම්..

රයන් දිගටම කාර් එක ඩ්‍රයිව් කරද්දි මං ෆෝන් එකට ආව මැසේජ් එක බැලුව...

0###########
*parissmta ynna.. aye enna.. mata palui*

.
.
.

අපි හිටියෙ ගේ පිටිපස්සෙ කැළේ ගාව.. එතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම පොළවට තියෙන දොරක් ඇරල පඩි විස්සක් විතර පල්ලෙහට බැස්ස...  ම්ම්හ්... ආව ලේ සුවඳට ඉව කරන ගමන් මං පල්ලෙහට බැස්ස... කාලෙකින් සේරම වැඩ ආය පටන් ගන්නයි යන්නෙ..... මං අත් දෙකත් එකට පිරිමදින ගමන් එතන තිබ්බ මිටියක් අතට ගත්ත මගෙ පළවෙනි ආයුධේ තමා මිටිය.. කාටහරි රිදෙන්න ඒත් විඳවන්න වැඩ කරන්න ඕන නං මං පාවිච්චි කරන්නෙ මිටිය... මගෙ අයූට රිද්දපු උන්ට මිටියත් හොඳ වැඩී කියල හිතෙද්දි මං ක‍ලුවර කොරිඩෝ එකේ ඇවිදන් යන ගමන් ඒ සීතල පාසි බැඳිල තිබ්බ බිත්තියට පාරවල් කීපයක් ගහගන ගියා.....

කුටීර කීපයක් තිබ්බ එතන මං ගිහින් හිටගන රයන් දිහා බැලුව...

තුන්වෙනි එක..

එතන තිබ්බ තුන් වෙනි දොර අරිද්දි සැර ලේ ගඳකුත් එක්ක මං දැක්කෙ උදේ මතීශටගහන්න ආව එකෙක් එතන ජොකා පිටින් කකුල් දෙකෙන් එල්ලල තියනව... අපෙ උන් ඌට නැති වෙන්නම ගහල තියෙද්දි ඌට සිහි නැති වෙලා තිබ්බ...

මූට වතුර එකක් ගහපන්

ගාඩ් කෙනෙක් අයිස් වතුර බාල්දියක් ගෙනල්ල ගහද්දි ඒකා කහින ගමන් ඇහැරුන..

මට යන්න දීපන්...ආර්ග්.........

නිශ්ශබ්දතාව අගේ කරපු මං ඌව ලෙහල දැම්ම... නැත්තං එව්වෙ කවුද අහගන්නත් කලින්ම මට මූව මරල දාන්න වෙයි...

මං ඌ ගාවට ඇවිදන් යද්දි එතන ඌ බයෙන් කෙඳිරිගාන සද්දෙයි මගෙ අඩි සද්දෙයි විතරක් ඇහුනා..

Mr. Mysterious! || yizhan (slow update)Kde žijí příběhy. Začni objevovat