👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

Start from the beginning
                                    

"හ්..හහ්හා...අලි ඩඩාත්...ඩොං....දූනිගේ..අලි ඩඩාත් මඩ ගොඩේ ඩොං...හ..හා..හා...පාර කැඩිලා ඔක්කොම ඩොං...."

"අපොයි..ඇත්තටම කැඩිලානේ...අයියෝ....අලි අම්මාත් ඩොං..."

අඩන්න අමතකවෙලා පුදුම වෙලා බලන් උන්න කෙල්ල අනික් අතට මඩ ගොඩේ අත් ගහ ගහ හිනාවෙන්න ගද්දී ඇස් පියන් හරි නියර දිගේ යන්න පුළුවන් මාත් හිනාව නතර කරගන්න බැරිවම ලියද්දට වැටෙද්දී මං ලැජ්ජාවටත් එක්ක අර දෙන්නට දත් ටික විරිත්තන ගමන් කියද්දි ආපහු පළාතේම නිහඬ බව බිදින ගමන් හිනාවක් පුපුරලා ගියා...

හැමදාමත් ඔය වගේ...දවල්ට කාලා බීලා කලින්ම එළියට බහින්නෙ නාන්න යන්න උණත් හැමදාම අපිට අත් හදා බලන්න අළුත් වැඩක් සෙට් උණා...එක්කො තුන් දෙනාම ගස් නැන්ඟා...වඩු කුරුලු කූඩු හෙව්වා...ගොයම් කපලා ඉපණැල්ල තියෙන කාලෙට හා බෙටි ඇහින්දා...කිරල කූඩු බලන්න ගියා...එක්කො අම්මගෙ වළනුයි බාප්පගෙ සරම් ෂර්ට් හොරෙන් උස්සන් ඇවිත් පඹයෝ හැදුවා..කුරුල්ලෝ එළවන්න කුඹුරු පුරා පරණ කැසට් පීස් වල පටියි සීඩි තැටියි එල්ලුවා...උණ පතුරු අනම් මනම් හොයාගෙන මං දන්න දිය හොල්මන් රූම් පෙති හදන්න ඩඩාටයි දෝනිටයි කියලා දුන්නා...

ඉස්සර වගේ අනුන්ගේ කුඹුරු වල නටලා පාඩු සිද්ද කරා කියලා බනින්න කෙනෙක් නැති වෙද්දි එක යායට පේන අපේ කුඹුරු යාය මැද්දේ... මං පොඩිම කාලෙන් පස්සෙ මටවත් විඳින්න බැරි උණ නිදහසක් මං එයයි දෝනියි එක්ක වින්ඳා...මගේම තැන් පිට අයට දෙන්න උණ නිසා මට මඟ ඇරුණ , පිටරටක උපන් නිසා එයාට උරුම නොවුණ...දැන් අපේ නිසාම දෝනිට උරුම උණ මේ ජීවිතේ අපි හදවතින්ම වින්ඳා..

දරුවෙකුගේ වගකිම් දරණ කසාද බැඳපු පිරිමි දෙන්නෙක් කියන එක අමතක වෙලා දෝනි එක්ක අපිත් ඒ දඟකාර වයසෙ ජීවත් උණා...

ඒ දෙන්නවත් ඇදගෙන එරමිණියා ගාල් වලයි මල් හොයන්න මඩ වළවල්වලයි ගිහිං කටු ඇනගෙන ඇවිත් තාමත් අපි දෙන්නත් පොඩි උන් වගේ දෝනි එක්ක පෙළට හිටගෙන අම්මාගෙන් කෝටුපාර කෑවා...

ඉස්සර මන් පොඩි කාලෙ කොල්ලො කුරුට්ටෝ එක්ක බැලුන් එක පස්සෙ දිව්වා වගේ දැන් මන් දෝනි එක්ක එයා අරන් යන බැලුන් එක පිටිපස්සේ දිව්වා...

👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑  Complete 💚❤️ Yizhan ❤️💚Where stories live. Discover now