කල්පනා කරන්න නං කීයක් දේවල්ද... කොහොමත් මාෆියා වල ලොකූ ඩීල් එකකට ඇරෙන්න මං අනිත් ඒවට මගෙ මැනේජල යවන නිසා මට මාෆියා බොස් කෙනෙක් විදියට තිබ්බෙ අන දෙන්නයි අනික මං ආසම වැඩේ... ගහගන්න මරාගන්න එකයි විතරයි... ආහ් තව වැඩක් වැරදුනොත් ඒක බලන්නත් ඕන... දිගටම මං ඉඳගන කල්පනා කරා.... මතීශ ඒ අස්සෙන් දුව දුව වැඩ... මේ කොල්ල මහන්සි වෙන තරමක්... ගිහින් මැන්ශන් එකෙන් තියාගන්න තිබ්බ නං... මට මතක් උනේ අහස්ගෙ ඇඳ යට තිබ්බ චිත්‍රෙ... මොකක්දෝ හුරුවක් ඒකෙ දැනෙද්දි මං ඇස් වහන් ඒක මතක් කරා... ලාවට බොඳ කරල උනත් අපි හැමෝම පැහැදිලිව ඇඳල තිබ්බා... සමහරවිට හිතළුවක් වෙන්න ඇති.... කල්පනාවෙ ඉද්දි මට ඇහුනෙ මං ඉස්සරහ පිඟන් වදින සද්දයක්... ඇස් අරින්න කම්මැලිකමේ උනත් මං ඇස් ඇරිය.. මං ඉස්සරහ හිටගන හිටියෙ මතීශ... සුවඳ ගහන බ්‍රෙක්ෆස්ට් එකත් එක්ක මං ඉල්ලුව ලාතේ එක තිබ්බා... කොල්ල දිගටම මං දිහා බලන් ඉන්නව...

ස්-සර්...ම්-

මට විනෝද් කියන්න... අනික තමා ලෙඩ තියාගන පැනල වැඩ කරන්න ගියොත් මං තමුසෙට වෙඩි තියනව

මතීශ ඉක්මනට එතනින් දුවද්දි මං හිනාවෙවීම කන්න පටන්ගත්තා... රයන් නං හරකා තණකොළ කනව වගේ හප හප කනව... දකිද්දිත් හිනා යනව.. කෑම කන එක කෙසේ වෙතත් මගෙ ඇස් දිගටම තිබ්බෙ මතීශ ගාව... අනේ ඒකා ඉඳගන ඔහේ බලන් ඉන්නවා..... ඇත්තටම දෙමව්පියන්ගෙ ප්‍රශ්න වලට ළමයි පළිනෑ... මට ඒක දැන් තේරෙනව.. මොකද මතීශ කියන්නෙ ඒතරම් අහිංසක කෙනෙක්...

උඹ කනවද නැත්තං අරූ දිහා බලන් බාවනා කරනවද ?

රයන් කතා කරද්දි සිහියට ආව මං ආය කන්න ගත්තා...... මතීශ දිහා බලන් ඉන්න ලෝබයි... එයා නැගිටල වොශෲම් එක දිහාට යද්දි මාත් කාල ඉවර උනා... මාත් අත් හෝඳගන්න කියල යද්දි මං දැක්කෙ....

උඹද මතීශ කියන්නෙ...

ඔ-ඔව් කවුද ඔයාල ?

හහ්...මූ බලපන්කො කවුද කියලත් අහනව... අපි උඹව මරන්න ආව අය කිව්වොත්

අ‍ලු ඇඳගත්ත පච්ච ගහපු සෙට් එකක් හිටගන හිටියා.... මගෙ අයගෙ ඩ්‍රෙස් එක කළු... එතකොට මේ අ‍ලු කාගෙද ? තවත් කෙනෙක් ඇවිත්ද ?

Mr. Mysterious! || yizhan (slow update)Where stories live. Discover now