ඩේහ්......චැහ්.........වායෙයි මූඩ ඩේ........උඹට ඇහිබැම ගැලෙව්වට ඔච්චර අමාරුද  ...පොයි වේන්ඩා......සරි...ඔයිට වඩා දේවල් වෙනකොට උඹගෙ මිනිහයි උඹයි මාරුවෙන් මාරුවට උස්සන් ඉන්නවනෙ....
කන්කරච්චලෙ ට කනුත් කැක්කුමයි මුරුගා.....කටවහපන්

.ඩේ....අප්පා.... යේක මූලාගෙ ගනන්.....අයි ..යයියො...ශාමි...මූලා...කෙත කොටියා.....තමා...යේක..ඩේහ් ..මානි අයියා......යෙන්නඩා අප්පා...කෙත කතා කියනවා...ලෙජ්ජ තමා හිතෙනවනේ....

අනේ....සේතූ.......ඩියෝන් බබාගෙ නත්තල් පප්පා තොප්පියත් ඕකට දාගන්න පුතේ....මං මේ ආවට හිතකින් නෙවෙ එන්නෙ පුතේ......දරු පැටව් දාලා එනකොට පපුව කැක්කුමෙ බැ....අපෙ සෙනෝන් මං නැතුව කොහොම රෑට නිදාගනීතෝ මන්තා............

ඔව්වත් මං හිතන්න එපැයිනෙ ඒයි.....අනික නිතේස් අයියට හිත කැක්කුම ගනී අප්පා.......ඒවත් කල්පනා කරන්න එපැයිනෙ..........

යේක.......මේක...

යේක මේක නෙවෙ ඒයි....ඒක මේක.....කෝ බලන්න ඔයාගෙ ඇස් දෙක........යෝ....ඔය ඉන්නෙ දරු පැටියා දිලිසි දිලිසි....ඔන්න අනේ දැන් නම් ඔයා රියල් කොලඹ කාක්කෙක්....කලින් නම් නියන් කාක්කෙක් වගේ......කෝ බලන්න

යේක....නේ...නේ...වේන්ඩා...කාක්කා නල්ලම් තමා...අපිලා කාක්කට රොම්බ කාදල්....යේක අහකට පලකො ඩා.......අඩෙ අප්පා ශාමී.....හ්....මුලා ආයම අත ගානවා.........ඩේහ්...පෝඩා....ඩේ.......

ගප්පියා  ගැන  හිත හිත උන්නත් නිදහසෙ  ඌ ගැන හිතන්න නැතිව  මුත්තුවගෙත් අනිකගෙත් කරච්චලේ ඉවසගන්න බැරිම තැන  මං දත්මිටි කාගන අහක බලාගත්තා..... ..

කතා කරගන්න ඕන මොනවද...කරන්න තියෙන්නෙ මොනවද...මේ ඔක්කොම කරපු මම දිසානයක හාමුගෙ සැලෝන් එකෙන් එලිබැහැලා  ටැක්සි එක එනකන් එහා මෙහා වෙවී ඉන්නකොට අද රෑට විතරක් එක්ක යන  අර පොල් කටු හැන්දා ඌට රෑ වෙනකොට පීනසේ එනවා කියලා නත්තල් පප්ප තොප්පියද මොකක්ද ගේන්න ආපිට උඩට දිව්වා....ඒ දිව්වෙත් නිකන් නෙවෙ එක රැයකට පාවිච්චි කරන්න කියලා මාසෙක විතර බඩු පටව ගත්ත ඒකගෙ බෑග් එක සේදුපති අතට පටවලා වෙද්දි බෑග් එක උස්සන් උන්න සේදුවගෙ ඈඩියාව ආපිට අරකා පහලට ආවම වැඩි උනා..

🔱SINGAM🔱Where stories live. Discover now