19 කොටස ♡'

Start from the beginning
                                    

" ඉතින් චූටි මොකෝ වෙන්නෙ..අද හදිස්සියෙ ආව නිසා චූටිට චොකෝ එකක්වත් ගේන්න බැරි උනානෙ.."

" හලිම නලකයි උයා.."

" හරි හරි ඉතින්...හෙට ගෙනත් දෙන්නම්..හාද...?"

" හුම්ම්ම්.."

" ඉතින් කියන්නකො..කොහොමද ස්කූල් වැඩ..? මේ දවස් ටිකේ පාඩු වෙයි නේද.."

" අවුලක් නෑ සවී අයියෙ...අපිට ඊයෙ හව්ස්මීට් පටන් ගත්තා..දැන් කොහොමත් සති දෙකක් විතර යනකල් උගන්නන්න පටන් ගන්නෙ අනී...."

" එහෙනම් කමක් නෑ....මේ චූටි..මම අරහෙට ගිහින් එන්නම්..මගෙ යාලුවො ටිකක් ඇවිත්..."


ඒම කියාගෙන සවී අයිය ගියා... සවී අයිය හරි හොදයි පෙන්ස්..අර එයැයිගෙ නංගි කියන සක්කර වට්ටම වගේ නෙවෙයි... දැන් ඉතින් සවී අයිය ගිය නිසා දිසද ආයෙ තනි උනා..විසාල පාලුවක් දැනෙනෝ දැන්..තේව් වත් හිටියනම්..එයා ඇතුලෙ..මොනා කොරනවත මන්දා....ඔන්න පෙන්ස්..මේම තනියෙන් ඉන්න වෙලාවට තමයි දිසදට අර අවතාරෙ මතක් වෙන්නෙ...හිටියනම් ඉතින් දිසදට බැන බැන හරි ඉන්නෝනෙ...නාල ආවත් හරි තාමත් එයැයිව දැක්කෙ නෑ...පාලුයි පෙන්ස්.....

" තනියෙන් මොකක්ද කරන්නෙ..?"

ඇවිල්ලාආආඅ පෙන්ස්..! දිලේක් ඇවිත්...දිසදගෙ සිත සතුටෙන් පලා ගියා..ඒ ඇයි දන්නෑ නේ ? හැබැයි මට පුදුමයි වෙනද කතා කරනව වගේ කේන්තියෙන් නැතුව එයා මගෙන් එහෙම ඇහුවෙ...මට හරි සතුටු හිතුන පෙන්ස්..මාගාවට ඇවිත් එයා මා ලගින්ම පුටුවෙ වාඩි උනා..

" මොකුත් නෑ ඉතිම්...මං පාලුවෙ හිටියෙ.."

" ම්ම්ම්.."

" අයියෙ මේ.."

" ම්ම්ම්.."

" මොකද අනේ බස්සෙක් වගේ ම්ම්..ම්ම්..ගාන්නෙ..කතා කරන්නකො.."

අහන අහන එකට ම්ම් ගාන නිසා මම එහෙම කිව්වම එයා මගෙ දිහා එකපාරට බලල ආයෙ හුස්මක් අරන් අහක බලාගත්තා ... බනින්න හැරිල ආයෙ ඉවසුව වගේ...දිසදට තේරුනේ එහෙම..හැබෝ ඒක හොදා..බනින්නෙ නැත්නම් ශෝයිනෙ පෙන්ස්..

" කියන්නකො ඉතින්.."

" මට අයිය එක්ක කතා කරන්න ඕනි...අයියගෙ විස්තර ගැන...කියනෝද දිසදට.."

MATHRA ♡' || TAEKOOK NFWhere stories live. Discover now